Tuesday, June 12, 2018

ආත් අම්මාගේ පාඩම 142............සෑහෙන වේලාවක් මා එලියට නොගොස් ඇද මතටම වි සිටියේ ඇතිවූ දුක නිසාය.....නංගී.....සුරන්ජිත් දොරට තට්ටුකරමින් කතාකරනු ඇසුණි....මොකද දන්නෙ නෑ.....සිතූ මා මුහුණ පිසදමමින් බයෙන් මෙන් දොර ඇරියෙමි......මා ඔහු දෙස බියපත්ව බැලුවෙමි.....මොකද නංගි.... නංගිගෙ මුහුණ අමුතු කරගෙන.....ඇසූ ඔහු.....මගේ මුහුණ දෙසබලා නංගි අඬල තියෙනව.....කීවේය.....නෑ අයියෙ....මා ඇස් පිසදමමින් කීවෙමි...... මට බොරු කියන්න එපා ඇත්ත කියන්න..... ඇඩුව නේද.....ඔහු නැවත ඇසුවේය....මම ඒ වෙලාවෙ මගෙ මෝඩකමට වැරදි වැඩක්නෙ කලේ අයියේ.... මට සමාවෙන්න.....මා කීවෙමි......අයියෝ....ඒකටද නංගි ඇඩුවෙ..සිනාසෙමින් කී ඔහු......මම එහෙම කිව්වෙ අම්ම මොකද කියන්නෙ කියල බලන්න....අම්ම අපි දෙන්නට සපෝට් නැත්නම් ඒ වෙලවෙ ඔයාට බනිනව. ඒත් එයා කිව්වෙ ඔයා බොන එකෙන් දෙන්න කියලනෙ....මට තේරුන මාගාවින් යන කොට අවුලක් ඇති කියල....ඒත් මම හිතුවෙ නෑ මේවගෙ අඬයි කියල.....කී ඔහු....මගේ කනෙන් අල්ලා.....මීට පස්සෙ මේවගෙ පොඩි දේකට ඇඩුවොත් කන මිරිකනව ඇත්තටම අඬන්න....මගේ කන සෙමින් කරකවා කීවේය....මා කන තවත් කරකවයි යන සැකයෙන් ඔහුගේ අත අල්ලා ගත්තෙමි.....මගේ කන අත හැරිය ඔහු....අම්ම කිව්ව අපි දෙන්නට කෑම කන්න කියල....අම්ම ඇන්ටි කෙනෙක් ඇවිත් අරහෙ කතා කරකර ඉන්නව එයා කනකොට පරක්කු වෙයි කියල.. මට කිව්ව නංගිත් එක්ක ගිහින් කෑම කන්න කියල.....කීවේය....පරක්කු උනාට කමක් නෑ අයියේ අම්මත් එක්කම කමු ....මා කීවිට.....අම්ම කිව්ව එකනෙ.... නොකලොත් අම්මගෙ හිත නරක් වෙයි.....ඔහු කීවේය....යන්න අයියේ මම මූන ටිකක් හෝදගෙන එන්නම්.....මුහුනේ කදුලු තවමත් තිබේදැයි සැකයෙන් කී මා නාන කාමරයට ගොස් මුහුන සෝදාගෙන....කාමරයෙන් එලියට ගියෙමි. සුරන්ජිත් මා පැමිනෙන තිරු බලා සිටින බව දුටු මා....අයිය තාම ගියෙ නැද්ද.....ඇසුවෙමි.....නංගි එනකන් හිටියෙ.... කී ඔහු මා ඔහු අසලට ගිය විට මගේ පිට හරහා ඔහුගේ දකුනු අතයවා මගේ දකුනු අතේ උරහිස අසලින් අල්ගලාත්තේය.....මා ඔහුට තුරුලුවෙමින් කෑම කාමරය දෙසට ගියෙමි. සුරන්ජිත්ගේ පිගාන ගත් මා ඔහුට කැම බෙදා දී මටද බෙදාගෙන කෑමට වාඩිවුනෙමි....සුරන්ජිත් කැම කටක් මට කවන්ට වූවේ කෑම කාමරයේ වෙන කිසිවෙකු නොසිටි  බැවිනි.....මාද වටපිට බලමින් ඔහුට කැවුවෙමි......අපි කෑම කටවක් කිහිපයක් කවාගන්නා විට....අම්මා පැමිනෙනු හඩ ඇසුනු බැවින් අපි අපේ පිගන්වලින්ම කෑමට පටන් ගත්තෙමු.....ආ ඔයාල කනවද....අපිදෙස බලා ඇසූ ඇය.....මම හිතුවෙ තව ගොඩක් වෙලා මිසිස් දෙවිකා ඉදියි කියල.....පැවසුවාය....මට අද දුවට බත් කටක් වත් කවන්න බැරිවුනානෙ කී අම්මා අත සෝදාගෙන මගේ බත් පිගාන අතට ගත්තේය.....අම්ම හැමදාම නංගිට විතරයි කවන්නෙ.....ඇයි අපි අම්මගෙ නෙවෙයිද....අයියා ඇසුවේය....අනේ මම එහෙම හිතන්නෙ නෑ පුතේ....ඔයාල ඔක්කොමල්ල මගේ....පවුනෙ පුතේ නංගි..... එයාට ඉතින් පොඩි කාලෙ ඉදම්ම අම්ම තාත්ත ඉදල නෑනෙ.....ඒකයි මම එයාට වැඩිපුර ආදරේ කලේ....කී ඇය පුතාටත් ඔන්නම් කවන්නම් පවසා ...මගේ බත් පිගානෙන් බත් පිඩක් අනා ඔහුගේ මුව අසලට ලංකර....මේක නංගිගෙ බත් පිගාන... පුතා මේකෙන් කන්න කැමතිද මන්ද කීවේය.....ඒකට කමක් නෑ අම්මේ කී ඔහු.....බත් කට මුව තුලට ගත්තේය....අම්මා අපි දෙදෙනාටම මගේ පිගානෙම කවන්ට වූවාය. ....ඇයි පුතේ මේ නංගි ඔයාගෙ තේ කෝපෙන් බිවුවම තරහ ගියේ.....අම්මා අපිට කෑම කවන අතරතුර ඇසුවාය.....ඒ බොරුවට අම්මේ.....නංගිට තරහ යයිද කියල බලන්න....ඔහු සිනාසෙමින් කීවිට.....ඒකට නංගිට ගොඩක් දුක හිතුන කියල මට තේරුනා.....මේ නංගිට පොඩ්ඩක්වත් දුක් දෙන්න එපා පුතේ පවුනේ......ඇය කීවාය.
              කෑම ගත් පසු අපි තිදෙනා සාලයේ වාඩිවී රූපවාහිනිය ක්‍රියාත්මක කර එය දෙස බලමින් කතා කරමින් සිටි අතරතුර අම්මා .....ඔයාල දන්නවද මිසිස් දේවිකා ආවෙ යි කියල...පවසා....එයාලගෙ දානයක් තියෙනවලු කලුගල ආරඤ්ඤයට අපිටත් එන්න පුලුවන්ද කියල අහන්න ඇවිත් තියෙන්නෙ.....මට එක පාරටම හා කියන්න බෑනෙ පුතේ....තාත්තගෙන් අහල කියන්නම් කිව්ව......අද හවසට තත්ත ආවහම අහන්න ඕනැ..පැවසුවාය......හරී ශෝක්නේ අම්මේ....තාත්ත කැමතිවුනොත් යමු නේද.....ඇසූ මා.....මම ඕවගෙ තැන් වලට ගිහිල්ල නෑ....කීවෙමි....මමනම් ගිහින් තියෙනව .....ටිකක් දුර පයිනුත් යන්න තියෙනව නංගි .....සුරන්ජිත් කීවේය....අර ලෝකාන්තය ගියා වගේද මා ඇසුවෙමි....අපෝ එච්චර දුර නෑ...කී ඔහු කවද්ද අම්මෙ යන්නෙ....ඇසුවේය.....ලබන මාසෙ...එතකොට නිල්මිනි අක්කගෙ වෙඩින් එකත් ඉවරයිනෙ.....පැවසූ අම්මා...... බලන්න පුතේ දවසකට කීදෙනෙක් මේ යුද්දෙ හින්ද මැරෙනවද කියල. එහෙන් බෝම්බ පුපුරනව...වැඩට ගිය අය ඉකොලවලවල ලමයි ගෙදර එනකන් විස්වාසත් නෑ....ඒ අතරෙ මෙවගෙ පිනක් වත් කරගන්න තියනවනම් හදිස්සියෙ මලත් බයක් නෑ....අම්මා කියන්ට වූවාය.
               මා අක්කා අයියා සහ තාත්තා ගෙදර එනතුරු නොඉවසිල්ලෙන් සිටියේ මගේ විභාග ප්‍රතිඵල ඔවුන්ට පැවසීමටය....සවස පහ වනවිට අක්කා පැමිනි බව දුටු මා ඇය අසලට දිවගොස් ඇගේ පාමුල පහත් වී වැන්දෙමි.....මොකද නංගි මේ....අක්කා පුදුමයෙන් මෙන් ඇසුවාය.....මම පාස් අක්කේ....බී එකයි අනිත් ඒව ඒ.....නිමන්තිත් මම වගේම පාස් අක්කේ මා කීවෙමි.....ඇත්තද....කී ඇය.....මාව තුරුරුලට ගෙන....මගේ සුදු නංගි පාස්වෙනව කියල මම දන්නව.....මගේ මුහුන සිප ගනිමින් කීවාය.
                තත්තා සහ අයියා ගෙදර පැමිනෙන විට රාත්‍රි අට පමන විය. ඔවුන් පනිමිනෙන තුරු බලා සිටි මා ඔවුන්ගේද දෙපා නැමැද මගේ ප්‍රතිඵල පැවසුවෙමි....මා ඔවුන් මගේම තාත්තා සහ අයියා ලෙස සලකාගෙන ඔවුන්ගේද මුහුනු සිපගෙන ම්ගේ සතුට ප්‍රකාශකලෙමි. තාත්ත මාව තුරුලට ගෙන මගෙ හිස අතගාන්ට වූවේ ඔහුගේම දියනියක් ලෙසා සලකාගෙන බව මට තේරුනි.....ලබන ඉරිදට අපේ පොඩි පුතා ගානෙ...නංගි පාස්වුන සතුටට පාටියක් දාන්න හදනව.....අම්මා කීවාය. .....බොහෝම හොදයි...කී තාත්තා ඇදුම් මාරු කිරීමට කාමරය තුලට ගියේය.
                 රාත්‍රී කෑම වෙලාව තුල කලුගල දානය ගැන තාත්තාට කීවාය....අපිටනම් එන්න බැරි වෙයි වත්සලා.....පොඩි පුතයි දූල දෙන්නයි ඉන්නවනෙ....තාත්තා කීවේය.....අක්කත් එනව නේද.... මා ඇසුවෙමි....පොඩ්ඩක් බලන්න ඕනැ නංගි වෙඩින් එකටත් සතියක් විතර නිවාඩු ගන්න ඕනැනෙ.....අක්කා දෙගිඩියාවෙන් යිතුව කීවාය.
                  Transgender body swap ගේ ඡායාරූපය

No comments: