මෙලෙස අවුරුද්දක පමන කාලයක් ගතවිය. එදින ඉරිඳා දිනයක් විය.....සවස තුනට පමන තාත්තාගේ පැජරෝ රථය නවා තැන ඉදිරිපස නවතනු දුටු මා...ඔවුන් ඉදිරියට ගියේ හිතතුල බියකින් සහ සැකයකින් යුතුවය....අම්මා අක්කා සහ සුරන්ජිත් තාත්තා සමග පැමිනෙනු දුටු මා ඔවුන් දෙස සැක මුසු මුහුනින් බැලුවෙමි....මොකද දුවේ බයවෙලා වගේ අපේ දිහා බලන්නෙ....අම්මා මාදෙස බලා ඇසුවාය....සුරන්ජිත් නවාතැන අයිති අන්කල් සමග සිනාසී....මේ අපේ ගෙදර අය.....පැවසූ ඔහු....අම්මා තාත්තා සහ අක්කා හදුන්වා දෙන්ට විය....එන්න ඇවිත් වාඩිවෙන්න....ඔහු සැමට ආරාධනා කලේය.....මොකද මේ කට්ටියම....චතුරිකා බලන්න ආවෙ.....නවාතැනේ ඇන්ටී.....සිනාසෙමින් ඇසුවාය......චතුරිකා දුව කාලෙකින් ගෙදර ආවෙ නෑනෙ.....බලල යන්න හිතුන......තාත්තා කීවේය....චතුරිකා දුව ගැනනම් බයවෙන්න දෙයක් නෑ....එයා කිසිම වැරදි වැඩක් කරන කෙනෙක් නෙවෙයි....ඇන්ටී මගේ හොඳ පවසන්ට වූවාය.....දැන් කොහොමද දුවේ අත....තාත්තා ඇසුවාය....තවම ඇගිලි දෙකක් විතර වැඩකරන්නෙ නෑ.....මා කීවෙමි.....ඕක ටික ටික හොදවෙයි....ඔහු කීවිට...අනේ මන්දන්නෙ නෑ... දුකෙන් මෙන් කී මම මේක ඉතින් මමම කරගත්ත දෙයක්නෙ.....කීවෙමි.....ගිය දේ ගියා දුවේ ඕව ගැන හිතල හිත නරක් කරගන්න ඕනැ නෑ....අම්මා කීවාය......අපි කතා කරමින් සිටින විට නවාතැනේ ඇන්ටී තේ ගෙනත් දුන් නිසා තේ පානය කරමින් කතා කලෙමු.
දුවේ අපි මේ ආවේ දුවත් එක්ක වැදගත් දෙයක් ගැන කතා කරගන්න.....අම්මා කීවාය.....ඒ මොකක්ද මැඩම්.....මා ඇසුවෙමි......අපිට මේව ගැන කතාකරගන්න දුවටකියල නෑදෑ කෙනෙක් වත් නෑනෙ.....ඒ හින්දයි ඔයත් එක්ක කතාකරන්න ආවෙ.....තාත්තා පැවසුවේය.....මා ඔවුන් දෙස ප්‍රශ්නාර්තව බලා සිටියෙමි....අපි කතා වුනේ දුවේ අපේ සුරන්ජිත් පුතාගෙයි ඔයාගෙයි කසාදෙ ඉක්මන් කරන්න....අම්මා කීවිට.....මා පුදුමයෙන් ඇය දෙස බලා මගේ අතේ වැඩ නොකරන ඇගිලි දෙස බැලුවෙමි...අනේ මැඩම් සුරන්ජිත් මහත්තයට මට වඩා හොද කෙනෙක් බදින්න පුලුවන් නේද,,,,,, ඇසුවෙමි...අපි දන්න තරමින්..ඔයාට වඩා හොද කෙනෙක් නෑ දුවේ....තාත්තා කීවේය.......ඇයි නංගි සුරන්ජිත් අයියට කැමැත්තෙන් නේද හිටියෙ.....අක්කා කීවාය....ඒ දවස්වල මගෙ අඩුපාඩුවක් තිබුනෙ නෑනෙ මිස්....දැන් මගෙ අතක ඇඟිලි වැඩකරන්නෙ නෑ....ඉතින් කොහොමද මම මේකට කැමති වෙන්නෙ..මා අත පෙන්වා කීවෙමි......ඕක ඔය ස්නායු වල ගැටලුවක් තියෙන්නෙ....ඕක ටිකෙන්ටික හරියයි.....ඔයා බයවෙන්න එපා.....තාත්තා කීවේය.....හොද වුනොත් ගැටලුවක් නෑ එහෙම නැතිවුනොත් .....මා ඇසුවෙමි.....මම කවද හරි නංගිට කියල තියෙනවද ඔයාගෙ අතේ ඇඟිලි වැඩකරන්නෙ නැති හින්ද කැමති නෑ කියල......සුරන්ජිත් ඇසූ විට මා කිසිවක් නොකීවෙමි......දැන් සුරන්ජිත් අයිය කැමතියි කිව්වනෙ....ඔයා මොකද කියන්නෙ.....අම්මා ඇසුවාය.....ඔවුන් දෙස බලා කල්පනාකල මා.....මට ඔයාල ගොඩක් උදවු කරල තියෙනව.....මට ඒ උදවු අමතක කරන්න බෑ....ඔයාල මෙතැන වහ බෝතලයක් ගෙනත් තියල බොන්න කිව්වත් මම බොනව....මා කදුලු පිරි දෑසින් ඔවුන් දෙස බලා පැවසුවෙමි......ඒ කියන්නෙ දුව මේකට කැමතියි කියන එකද......තාත්තා ඇසුවේය....මා ඔව් යනුවෙන් හිසෙන් කීවෙමි.....අපිට දුවගෙ කැමැත්ත විතරයි දැනගන්න ඕනැවුනේ.....අපි ඉක්මනටම මේ වැඩේ කරල දාමු.....තාත්තා කීවේය.....මම තාම ඉගෙනගන්නවනෙ....මා කීවෙමි.....
No comments:
Post a Comment