ආත් අම්මාගේ පාඩම 155...............මගේ හිස ඔහුගේ පපුව මතට ගෙන ඔහුගේ ග්රහණය අඩුකර උරහිස් දෙකෙන් අල්ලා මාව ඔහුගෙන් ඈත් කලේය.....මා ඇස්දෙක ඇර ඔහුගේ මුහුන දෙස බැලුවෙමි. ලස්සන මල් තලල පොඩිකරන්න මම කැමතිනෑ නංගියෙ.... ඒවයෙ සුවද බැලුවම ඇති..... හැගීම් බරව පැවසූ ඔහු අපි දැන් යමුනේද.....ඇසුවේය.....හැගීම් වලට වහල්වෙලා මේ ලස්සන ජීවිතය විනාශ කරගන්නෙ ඇයි.....ඔහුගේ මුහුන බලා සිතූ මා ඔහුගෙන් ඈත්වුනෙමි....පොඩ්ඩක් ඉන්න අයියෙ පැවසූ මා කුස්සිය දෙසට ගියෙමි......නිමල් බවට පත්වීමට මට තිබුනු පිරිමි ඉටිරූපය පුලුස්සා දැමූ අඟුරු ලිප තුල එසේම තිබුණි. දැන් මගේ පිරිමි ජීවිතයත් මේවගේ දැවිල අගුරුවෙලාම ගිහින් ඇති..... සතුටින් කල්පනා කරමින් ඒවා ලිපෙන් ඉවත් කර කුනු ගොඩට විසිකලෙමි. අත්දෙක සෝදාගත් මා සුරන්ජිත් සමඟ එලියට ගොස් දොර වෑසුවෙමි....අපි වෙලාවක කවුරු හරි දම්මල මේගේ පිරිසිදු කරවමු.....මගේ අතින් අල්ලාගෙන වාහනය දෙසට ගමන් කරන සුරන්ජිත් පැවසුවේය....
අපි මීලගට ගියේ නිමන්තිගේ නිවසටය එහි යනවිට දහවල් දොලහ පමන විය....මාව දුටු නිමන්තී සතුටින් ඉපිල ගොස් මා අසලට දුවගෙන විත් මගේ අත්දෙකෙන් අල්ලා ගත්තාය.....කොහේද මේ දෙන්න ගියේ...නිමන්තිගේ අම්මා ඇසුවාය.....අපි මේ චතුරිකාගෙ ගෙවල් පැත්තෙ ගියා ඇන්ටී....සුරන්ජිත් කීවේය.......ආ මේ ළමයිනේ ....අපිව දුටු නිමන්තිගේ තාත්තා කීවේය....අද ඉරිදා බැවින් ඔහු ගෙදර සිටින බව මට සිතුනි....එන්න පුතාල....තාත්තල එහෙම හොදින්ද පුතේ....නිමන්තිගේ තාත්තා ඇසුවේය....හොදින් ඉන්නව අන්කල්.....කී ඔහු පහුගිය ටිකේ අපි හිටියෙ නුවර.....අපේ ලොකු අම්මගෙ දුව බැන්දනෙ.....අපේ දුව කිව්ව තමයි...චතුරිකා දුව දෙවෙනි මනමාලිට යනව කියල.....ඔව් ඇන්ටි අපේ අක්කත් හිටියනෙ.....සුරන්ජිත් කීවේය....අපි ටික වේලාවක් සිටිනවිට....නිමන්තිගේ අම්මා අපිට කෑමට ආරාධනා කලාය......එහෙත් අපිට පරක්කු වන බැවින් වෙන දිනයක එනබවට පොරොන්දුවී ආපසු නිවස බලා පිටත්වුනෙමු.....
මේ නංගියේ මම ඔයාගෙන් මේක අහන්න හිටියෙ.....ඔහු වාහනය පදවන අතරතුර කීවේය.....මොකක්ද.....මා ඇසුවෙමි.....අර පීතර මාමගෙ පවුල කිව්ව නේද ඔයා දවසක් තනියම එහෙ ගියා කියල.....ඒ කවද්ද.....ඔහු ඇසුවේය....අනේ අයියේ ඒව ආයෙත් මතක් කරන්න එපා....මා දුකෙන් මෙන් කීවෙමි....ඇයි ඒ මොකක් ගැනද....ඔහු ප්රශ්න කරන්ට විය.....එම සිද්දිය මා සගවාගෙන සිටියත් ඔහුට කීමට සිදුවූ නිසා......අයිය මට දවසක් අනාථ කෙල්ල කියල බැන්නෙ..එදා ඉදන් මාව අම්මත් මා එක්ක කතාකලේ නෑනෙ...ඒ හින්ද මෙගෙ හිත කොයිතරම් පැරුනාද කියනවනම් මම අක්කට කිව්ව කොහේ හරි අනාථ නිවාසයකට මාව ගෙනිහින් දාන්න කියල. ඒ සැරේ අක්ක කිව්ව කොහේවත් යන්න ඕනැනෑ මාව නිමන්තිගෙ ගෙදර නවත්තන්නම් කියල.....ඒ දවස් ටිකේ මම හිටියෙ නිමන්තිගෙ ගෙදර....ඒ බව තාත්තත් දැන ගෙන හිටිය ඒත් ඔයාලට කිව්වෙ නෑ.....මම එහෙ ඉන්න ගමන් කල්පනා කලා කාගෙවත් ගෙවල් වල ඉන්නෙ නැතුව....මගේම ගෙදරට යනව කියල.....මා මෙසේ පවසන විට....සුරන්ජිත් වාහනය අයින් කර නැවැත්වීය....ඇයි අයියේ මා අසුවෙමි.....දැන් නංගිගෙ කතාව කියන්නකො....ඔහු කීවේය....නිමන්ති නැති වෙලාවක් බලල මම නිමන්තිගෙ අම්මට කියල ගෙදරට ගියා.....මට මැගිලින් නැන්දව හම්බවුනා....මම එයාට කිව්ව මෙහෙ නවතින්න එනව...මැගිලින් නැන්දට මාත් එක්ක නවතින්න කිව්ව....මැගිලින් නැන්ද මම එහෙ නවතිනවට කැමති වුනේ නෑ....ඒ සැරේ ආපහු නිමන්තිගෙ ගෙදර ගියා....අනේ සොරී...නංගියේ...මම ඔයාට එහෙම දොස් කියන්න හේතුව දන්නවනෙ.....හැබැයි මම හිතුවෙ නෑ ඒවගෙ වචනයක් මගේ කටින් පිටවෙයි කියල....ඒකට මම ආයෙත් ඔයාගෙන් සමාව ඉල්ලනව. කී ඔහු මගේ මුහුන සිපගත්තේය.....හරි හරී මම සමාව දුන්නනේ....මා ඔහුගේ මුහුන අතගාමින් කීවෙමි....
මීලඟ ඉරුදින පීතර මාමා ඔහුගේ භාර්යාවද සමග තාත්තා හමුවීම සඳහා පැමිනි අතර අපේ වතුවල වැඩපිලිවෙල සම්භන්දව කතාකරන්ටවිය......නංගි කැමතිනම් මම යෝජනාවක් කරන්නම්......සුරන්ජිත් කීවේය.....දැන් මේ පීතර මාම වත්තෙ වඩකරන එක නවත්තල වත්තෙ පාලනය භාරදෙමු. පීතර මාමට තියෙන්නෙ...සේවකයො ලවා වැඩටික කරවගෙන හරියට ඒ ටික බලාගෙන ඉන්න....මමත් ඒකට කැමතියි මා කීවෙමි....වත්තෙ ආදායම බලල පීතර මාමට හොද පඩියක් ගෙවමු....ඔහු කීවේය.....මැගිලින් නැන්දත් දැන් කිරි කැපුව ඇති....මැගිලින් නැන්දට රබර් වත්ත බලාගන්න දෙමු....නැන්දටත් හොඳ පඩියක් ගෙවන්න පුලුවන්නෙ....මා කීවෙමි....වත්තෙ ආදයම වැඩිවෙන කොට බෝනස් එකකුත් ගෙවන්න පුලුවන්නෙ....තාත්තා යෝජනා කලේඑය. අපේ කැමත්ත අනුව ඔව්න්ට වත්ත බලාගැනීමට දුන් අතර ඔවුන් පෙරට වඩා කැමත්තෙන් සහ වුද්යෝගයෙන් එම කටයුතු කරන බව දුටුවෙමු....සියලුම දේපලැඅල අයිතිය මානමට පවරන ලෙස නඩුතීන්දුවද ලැබුනි. මේ වනවිට මගේ වයස දහ අට පැනීම නිසා බැන්කුවල් ගනුදෙනුද කිරීමට නීතියෙන් අවසර තිබුනි....මා මේවා ගැන නොදන්නා බැවින් සුරන්ජිත් මට සහයෝග දෙන්ට විය. ආත් අම්මාගේ බැංකු ගිනුම්වල විශාල මුදල් ප්රමානයක් තිබුනු බව දුටු මා පුදුමයට පත්වුනෙමි....මම නිමල්වෙලා ඉදගෙන මේවගෙ මුඩල් කන්දරාවක් ලැබුනනම් මොනවගේ පිසුවක් නටයිද.....කල්පනා කල මා.....මගේ පෙර පිනක් තිබිලද කොහේද මාව මේවගෙ කෙල්ලෙක් වුනේ....මගේ සිතට සතුටක් ඇතිවිය.
No comments:
Post a Comment