ආත් අම්මාගේ පාඩම 124................කෑමගෙන අවසන් වූ මා අක්කා සමඟ අක්කාගේ කාමරයට ගියෙමි. සුලු වේලාවක් අක්කා සමග ඇඳේ ඇලවී කතාකරමින් සිටි මා.......අක්කේ....අක්ක ගාව යසෝදරා දේවියගේ චරිත කතාව එහෙම තියෙනවද....ඇසුවෙමි.....යසෝදරාවත කියන පොත ඇති.....තවත් පොත් ඇති.....ඇයි නංගිට ඒක ඔනැ වුනේ.....අක්කා ඇසුවාය.....නිකන් කියවන්න හිතුන....මා කීවෙමි......මොකටද ඒ පොතම කියවන්න හිතුනෙ....නංගි ඒ පොත කියවන්න ඔනෙ......නෑ.....ඔන්නම් විශාකා සිටු දියනිය ගැන ලියපු පොතක් ඇති ඒක දෙන්නම්....ඒක නෙවෙයි අක්කෙ මට අර පොතම කියවන්න ඕනැ....මා හැඩුම් ස්වරයෙන් කීවෙමි....ඒක නංගිට කියවන්න සුදුසු පොතක් නෙවෙයි.....අක්කා නැවත කීවාය.....ඇයි අක්කේ ඒක නරක පොතක්ද...යසෝදරා කියන්නෙ නරක කෙනෙක්ද....මා ඇසුවෙමි.....ඇයි නංගි අහල නැද්ද යසෝදරා දේවිය ගැන.....සිද්ධාර්ථ කුමාරයගෙ බිරිඳ කියල අහල තියෙනව ඊට වඩා දෙයක් අහල නෑ....මා කීවෙමි.....පුදුමයිනේ....ඔයා දහම් පාසැල් ගියේ නැද්ද....ඇසුවාය.....මගෙ අම්මයි තාත්තයි ඉන්න කාලෙනම් ගියා එතකොට මම ගොඩක් පොඩියි. ඊට පස්සෙ ගියෙ නෑ.....මා කීවෙමි.....හරිම අපරාදයක්නේ....දුකෙන් මෙන් කී අක්කා....අපි තුන්දෙනාම දිගටම දහම් පාසැල් ගියා. මායි මල්ලියි ධර්මාචාර්ය විභාගෙත් පාස්.....අයිය අවසානය කලා ඊටපස්සෙ විභාගෙ වැඩත් එක්ක බෑ කියල නැවතුනා.....මායි මල්ලියි කැම්පස් යන කම්ම දහම් පාසැලේ ඉගැන්නුවත් එක්ක....ඔය සුරන්ජිත් මල්ලි මටත් වඩා ධර්මය ගැන දන්නව....මොකද එයා ගොඩක් දහම් පොත් කියවනව. එයා අභිධර්මයත් දන්නව....මමනම් ඒගැන වැඩිය දන්නෙ නෑ.....ඒක හරි අමාරුයි....නංගියේ.....කී ඇය....සමහර දාට එක එක ධර්ම කරුනු ගැන අපිදෙන්න වාද කරනව.....ඔය සුරන්ජිත් මල්ලිට කෙල්ලො පෙන්වන්න බැරි වුනාට හොද දහම් දැනුමක් තියෙන කෙනෙක්.....අක්කා දිටම විස්තර කරන්න්ට වූවාය.....එහෙනම් ඉතින් ඇත්තටම සුරන්ජිත්ට මාව ගැලපෙන්නෙ නෑ....මම විභාගෙ ඕනැ හින්ද ධර්මය පාඩම් කලා විතරනෙ.....මම ඊට ව්ඩා දන්න ඇති ඉටිගෙඩියක් නෑ....මා දුක් බරව කල්පනා කලෙමි.....එහෙත් යසෝදරා කුමන වර්ගයේ චරිතයක් යන්න සෙවීම මගේ අරමුන විය.....අක්කේ මට අර පොත හොයල දෙන්න පුලුවන්ද... නැවත ඇසූ මා....... යසෝදරා කියන්නෙ නරක ගැහැනියක්නම් එපා.......මා කීවෙමි......අයියෝ නංගී එහෙම කියන්න එපා.....එයා තමයි බුදු හාමුදුරුවන්ගේ කාලෙ හිටිය උතුම්ම කාන්තාව......නරක කෙනෙක් කියල හිතන එකත් අපිට පවු....අක්කා දුකෙන් මෙන් කීවාය....එහෙනම් එයා ගැන කියවන එක හොදයිනේ....මා කීවෙමි....හොදයි නම් තමා....ඒත් නංගිට නරකක් වෙයිද මන්ද.....ඇය සුසුමක් හෙලා කීවාය.....මට මොකුත් වෙන්නෙ නෑ....මා කීවෙමි.....නංගී......නංගි හරීම අහිංසකයි ...නංගි ඕනැ කෙනෙකුට ඕනැ එකක් කියන්න දීල....මගෙ අතෙයි වැරැද්ද කිය කියා ඔහේ කරබාගෙන ඉන්නව....නංගි කවදාවත් කිසිම කෙනෙකුට හිත රිදෙන්න කතා කරනව මම අහල නෑ......ඔය විදියට අද සමාජෙ ජීවත් වෙන්න බෑ නංගි....ටිකක් සැරට ඉන්න ඕනැ....නංගි ඉන්න විදියට ඉන්න ගියොත් කොල්ලො ඔලුවට අත හෝදයි.....නංගිට දැනටම්ත් වෙලා තියෙන්නෙ ඒකයි....ඔයා යසෝදරා චරිතය කියෙවුවොත්...ඔයාගෙ..ඔලුවට අතහෝදනව නෙවෙයි. ඔලුව උඩට නැගල කකුල් හෝදයි...ඇය කියන්ට වූවාය ..ඒ චරිත කතාවෙ හැටියට යසෝදරා දේවී කියන්නෙ ඒතරම් හොද කෙනෙක්ද.....මා ඇසුවෙමි.....හොදයි කියන්නේ හොදේ උපරිමය....අනේ අක්කේ... මට පොත හොයල දෙන්නකෝ....මා අශාවෙන් යුතුව කීවෙමි......මගේ බලකිරීම මත යසෝදරා වත සහ තවත් පොතක් සොයා දුන්නාය....මා ඇගේ මුහුන තදින් අල්ලා සිපගෙන සිපගෙන ගියේ මා සිතේ ඇතිවුනු දැඩි සතුට නිසාය.
කාමරයට ගිය මා පොතේ ටිකක් කියවා රෑ බෝවූ බැවින් නින්දට ගියෙමි. පසුදා පිබිබිදුනේ වෙනදාටත් වඩා සතුටිනි....මුහුන සෝදාගෙන පාසැල් නිල ඇදුම ඇද....කොන්ඩ කැරල්ල ගොතමින් සාලයට ගියෙමි.....අද මගේ චූටි දුව උදෙන්ම නැගිටලා ඇදගෙන මොකෝ මේ....මාව දුටු අම්මා ඇසුවාය....මා ඇය සලට ගොස් ඇයට තුරුලු වුනෙමි.....මොකෝ මෙයෙ පැටියෝ මගෙන් ඇසුවාය.....අම්මලා හරි හොදයි අම්මේ මම මෙහෙ ඉන්න ඔකෝටම ගොඩක් ආදරෙයි.....මගේ සිත තුල ඇතිවුනු අවංක අදරනීය හැගීම ඇය තුරුලේ පිට කලෙමි.....ඒක අපිදන්නව පැටියෝ කීඇය මගේ මුහුන කිහිපවරක් සිප මා බාගෙට ගොතමින් සිටි කොන්ඩය ගොතන්ට වූවාය....පහලට බසිමින් සිටි සුරන්ජිත් මාව දැක පොඩ්ඩක් ඉන්න නංගී පවසා නැවත උඩට ගියේය.....පහලට පැමිනියේ පොතක්ද රැගෙනය.....මේ පොත බලන්න...අම්මා ලග සිටියදීම මගේ අතට පොත දුන් ඔහු.....තව පොත් ඇති මම හොයල දෙන්නම්......කීවේය.....තෑන්ක් යූ අයියේ....කී මා සතුටින් යුතුව එය අතටගෙන පපුවට තුරුලුකර ගත්තෙමි... මට හරි සතුටුයි දුවේ.... ඔයදෙන්න සමගියෙන් ඉන්නව දකින කොට.....මගේ කොන්ඩ කැරැල්ලේ රිබන් පටිය ගැට ගසමින් කීවාය. පසුදින පන්ති තිබුනු බැවින් මා පැමිනෙන විට වෙනදා මෙන් රෑවී තිබුනි.....මා සමග පැමිණි තන්ගච්චී ඉක්මනින් ගෙට ගිය අතර මා සෙමින් කමරය දෙසට ගමන් කලෙමි.....අම්මා සහ තාත්තා වෙනදාමෙන් රූප වාහිනීය නරබමින් සිටියේය......අක්කා සහ අයියා ඔව්න්ගේ කාමර වල ඇති බව සිතුවෙමි....එකවරම පිටු පසින් කවුදෝ මගේ අතින් අදිනු දැනුනු මා බියවී පිටුපස බැලුවෙමි.
No comments:
Post a Comment