ආත් අම්මාගේ පාඩම 149............පසුදින තාත්තා ලොකු අයියා සහ අක්කා වැඩට ගිය අතර මාත් අම්මත් සුරන්ජිත් ගෙදර සිටියෙමු. වෙනදාමෙන් වැඩිපුර එලියට නොගිය මා වැඩිපුර කාමරය තුල සිටි අතර ගවුම් රෙද්ද සමග සුරන්ජිත් මට දුන්න ලියමන කියවන්ට වුනෙමි....ඔයා තමයි මම හොයන සිහින කුමාරි....එම වැකිය කිහිප විටක් කියවූ මා .....සුරන්ජිත් කියන එක... එක අතකින් බැලුවහම ඇත්ත ...මම වෙන්න ඇති එයාගෙ සිහින කුමාරි....එයාගෙ ඇත්ත කුමාරි විනෝදනී වෙන්න ඇති.....මා කල්පන්නා කලෙමි.....මම අහල තියනව සමහරු බැන්දට පස්සෙ තමන්ගෙ බිරිඳ හිටියට තව එක්කෙනෙක් තියාගෙන ඉන්නව කියල.......මේවගෙ ලොකු මිනිස්සුන්ගෙ ගෙවල්වල වැඩිපුර එහෙමයි කියල අහල තියෙනව....සුරන්ජිත් කියන්නෙත් එහෙම එක්කෙනෙක්ද....මට බෑ එයාගෙ හොරගෑනි වෙන්න...මම ගොඩක් ආශාවෙන් ගැහැණු ජීවිතය තෝරගත්තෙ....කාගෙ හරි හොරගෑනි වෙන්නද....නෑ මම එහෙම වෙන්නෙ නෑ....මම ආත් අම්ම හිටියවගේ තනියම ජීවත්වෙනව......මට කවුරුවත් ඕනැනෑ.....කල්පනා කරමින් සිටි මා....උයන වෙලාව බැවින් කුස්සිය දෙසට ගියෙමි.....පුන්චි නෝනේ.. නැත්තුව අපි පාලුවෙන් හිටියෙ....මාව දුටු තන්ගච්චී සතුටින් කීවාය....මා කුස්සිය ඇතුලට ගොස් විපරම් කල මා අම්මා ගෙන් අවසර ලබා ගැනීම සඳහා ඇය සොයා ගියෙමි ඇය හාන්සි පුටුවේ ඇලවී ඩේලි නිවුස් පුවත් පත කියවමින් සිටිඅතර සුරන්ජිත් රූපවාහිනිය නරබමින් සිටියේය මා ඇය අසලට ගියවිට පත්තරය පහත් කර....ඇයි දුවේ.....ඇසුවාය....මම අද උයන්නද කියල අහන්න ආවෙ..මා කීවෙමි.....මේ දවස් ටිකේ තෙල් කෑම කාල කාල අද එහෙනම් රසට කන්න පුලුවන්....අම්මා සිනාසෙමින් කීවාය......අම්මලානම් නංගිගෙන් උයවගෙන රසට කයි .....මට තමයි බැරිවෙන්නෙ.....සුරන්ජිත් කියනු ඇසුනු අම්මා.....මොකක්ද පුතේ ඒකතාවෙ තේරුම...නංගි උයන ඒව පුතාටත් කන්න පුලුවන්නෙ....ඇසුවාය....නෑ මම කිව්වෙ අම්මේ...... විනෝදනී නංගිට උයන්න බෑ කියල.....දැන් විනෝදනී නංගි නෑනෙ.... දැන් උයන්නෙ චතුරිකා නංගිනෙ....ඔයා විනෝදනීව බැන්දට පස්සෙ විනෝදනී උයන්න ඉගෙන ගනියි.....ඒ නැතත් වැඩට කෙනෙක් ගන්නවනෙ.....මොකද දෙන්නටම මොනවයෙන් අඩුවක්ද...එවිටම සුරන්ජිත් රූපවාහිනී යන්ත්රය නිවාදමා මා දෙසවත් නොබලා ඉහලමාලයට නැග්ගේ අපි සමග තරහෙන්දැයි ගැටලුවක් විය.
කුස්සිය දෙසට ගියමා උයන්ට පටන් ගත්තෙමි....පුංචි බේබි නැතුව අපි හරි පාලුවෙන් හිටියෙ.....මේ ගෙදරැ පුංචි බේබි ඇරෙන්න අපිත් එක්ක ඉඩහිටවත් කතාකරන්න ඉන්නෙ මැඩම් විතරනෙ....මාගරට් සතුටින් කියන්ට වූවාය....මාත් දැන් මේගෙදර කෙනෙක් නෙවෙයි මාගරට් නැන්දේ මාත් දැන් මෙහෙ හිටියට ඔයාල වගේ පිට කෙනෙක්.....මා ඔවුන්ට නොකියා සිතින් පැවසුවෙමි. කෑම උයා අවසන්කල මා කාමරයට ගොස් නාගත්තෙමි වෙනත් ගවුමක් ඇදගත් මා ඇදේ ඇලවී සුරන්ජිත්ගේ ලිපිය නැවත කියවන්ට උනෙමි....යසෝදරා දේවිය කියන්නෙ කොච්චර හොද කෙනෙක්ද.....මමත් ආසයි ඒවගේ චරිතයක් හදාගන්න....ඒත් මට කෝ බෝධිසත්ව චරිතයක්.... මම අහල තියෙන විදියට බෝධිසත්වයෝ පොරොන්දු කඩකරන්නෙ නෑ....බොරු කියන්නෙ නෑ....ඒත් සුරන්ජිත්?.....මගේ දෑස්වල කදුලු පිරුනි.....මේවට අඩල වැඩක් නෑ.....මේක තමයි මගේ ලැබීම......හිත හදාගෙන ජීවිතයට මුහුන දෙනව....තව ටික කාලෙනෙ මම මෙහෙ ඉන්නෙ....ඊට පස්සෙ මම මෙහෙ නෑනෙ....ඒත් මට කරපු උදවුවලට මෙයාලව අතහරින්නෙ නෑ...පුලුවන් උදව්වක් කරනව....විසේශයෙන් අක්ක...අක්ක විතරයි මාව හදුන ගත්ත වෙලාවෙ ඉදන් එකවගේම හිතවත් කමින් ඉන්නෙ....තාත්තයි ලොකු අයියයි හොද ඇති ඒත් එයාල ගැන හරියටම දන්නෙ නෑ....මා ලියුම කියවමින් කල්පනාකලෙමි.
අදතමයි කාලෙකින් රසට කෑමටික කන්නෙ.....දහවල් කෑම වෙලාවේදී අම්මා කීවාය....වෙනදා මට කෑම කටක් හෝ කවන අම්මා ඒ ගැන වගක්වත් නොමැතිව කෑමගැනීම ගැටලුවක් විය. සුරන්ජිත් කිසිවක් කතා නොකර කෑම කනු දුටුවෙමි.... මොකද නංගි සුරන්ජිත් අයිය කියන්නෙ....සවස ගෙදර පැමිනි අක්කා ඇසුවාය. අනේ ම්ම දන්නෙ නෑ අක්කෙ....අයිය දැන් නිකන්වත් මා එක්ක කතාකරන්නෙ නෑ.....අම්මත් වැඩිය නෑ....කමක් නෑ අක්කෙ....අයියට හොදක් වෙනවනම් මට ඒ ඇති.....මාත් ඉතින් වැඩි දවසක් මෙහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ.....මා කීවිට අක්කා කිසිවක් නොකියා අනුකම්පාවෙන් මෙන් මා දෙස බලා සිටියාය.....අම්මා සහ සුරන්ජිත් මාසමග ගැටලු කාරී ලෙස හැසිරුනත් තාත්තා සහ ලොකු අයියා වෙනදාමෙන් හැසිරුනු අතර ඔවුන් වෙතින් කිසිම වෙනසක් නොදුටුවෙමි.....
සතිය කෙමෙන් ගිවී ගිය අතර සෙනසුරාදා දිනය උදාවිය.එදින සවස්වරුවේ සියලු දෙනාම ගෙදර සිටින දවසක් විය....මා අක්කා සමග රූප වාහිනිය නරබමින් සිටි අතර තාත්තාද අපි අසලට පැමිණි යේය.....ලොකු අයියා වෙනම පුටුවක වාඩිවී පොතක් කියවමින් සිටියේය.....සුරන්ජිත් කාමරේ ඇති බව මා කල්පනා කලෙමි.....ටික වෙලාවකින් තාත්තා අසලින් වාඩිවූ අම්මා....මම ඔයාට මේක කියන්න වෙලාවක් බල බලා හිටියෙ.....අපේ අයිය මංගල යෝජනාවක් කරල තියෙනව....අපේ සුරන්ජිත් පුතා ගැන....අම්මා පැවසූ විට....කාවද....තාත්තා එය එහරම් ගනනකට නොගෙන පැවසුවේය... විනෝදනී දුවට.....දෙන්න ඉතින් ගැලපෙනවනෙ....මහත්තය.....ඒ කෙල්ලටත් මොනවයෙන් අඩුවක්ද.....අම්මා පවසන්ට වූවාය.....ඔව් බොහෝම හොදට ගැලපෙනව..එක්සලන්ට්.. පැවසූ තාත්තා.
No comments:
Post a Comment