ආත් අම්මාගේ පාඩම 140............පසුදින මා පාසැල් නිල ඇඳුම ඇඳගෙන ලැහැස්තිවී අම්මා අසලට අසලට ගියෙමි. මේවනවිට් තාත්තා අයියා සහ අක්කා වැඩට ගොස් සිටියෝය...... මගේ දුව පාස්වෙලා ඇති........අම්මා මාව තුරුලුකරගෙන කීවාය.....යමුනේද නංගී ...සුරන්ජිත් ලෑතිවී පැමිණ අඩගැසුවේය. සුරන්ජිත් වාහනයට ගොඩවූ පසු මා ඔහු අසලින් වාඩිවුනෙමි...... නමන්ති දන්නවද දන්නෙ නෑ....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි...... මම අජිත්ට කිව්ව පනිවිඩේ කියන්න කියල....එයත් එයි....සුරන්ජිත් වාහනය පනගන්වමින් කීවේය.
අපි පාසැල වෙත ළඟාවනවිට පාසැල ආරම්භවී තිබුනි. ප්‍රතිඵල බැලීම සඳහා පැමිණෙන සිසුවියන් අතර මගේ යෙහෙලියන්ද සිටිනබව දුටු මා ඔවුන් අතරට ගියෙමි.....බයේ බෑ අනේ මොනව වෙලාද දන්නෙ නැ..සමහරු කියන්ටවිය....එහෙත් මගේ සිත තුල එවැනි චකිතයක් නොතිබුනි....මාව සාමානය වසයෙන් හෝ සමත්වී ඇතැයි යන්න මගේ සිත තුල දැඩි විස්වාසයක් තිබුනි......අපි ප්‍රථිපල ලේකනය තිබුනු සතානයට ලගාවුනමි.....ආ මේ චතුරිකත් ඇවිත් ඉන්නෙ.....මාව දුටු පන්ති භාර ගුරුතුමිය...සිනාසෙමින් මා දෙසට පැමින....මට ආරංචි වුනා ඔයයි තව ලමයි තුන්දෙකුටයි හොඳම ප්‍රතිඵල.....අපේ පන්තියේ නිමන්තිත් හොදට පාස්වෙලාලු....ගිහින් බලන්නකෝ....ඇය කීවාය. ගැහැණු ළමුන් රොක්වෙමින් ප්‍රතිඵල ලේඛණය පරීක්‍ෂා කරන බැවින් ටික වෙලාවක් සිටින්ට විය. ......ආ චතූ....මම ඔයාව හෙවුවේ ....නිමන්තී මගේ පිටෙන් අල්ලා කීවාය....මාත් ඔයාව බැලුව....කොයි වෙලාවෙද ආවෙ....මා ඇසුවෙමි....දැන් අනේ ආවෙ කොහොමද දන්නෙ නෑ....අපි දෙන්න හොදට පාස් කියල අපේ ටීචනම් කිව්ව.....අපේ ස්කෝලෙ හතර දෙනෙක් හොදටම පාස්වෙලා කියල තමයි කිව්වෙ....ටීචත් හරියට දන්නෙ නෑ ආරංචි උනා කියල තමයි කිව්වෙ....මා පැවසුවෙමි.
අපි කෙමෙන් කෙමෙන් ප්‍රතිඵල ලේඛණය දෙසට ලඟාවුනෙමු. මගේ ඇස් අදහාගත නොහැකිවිය . එක් විශයකට පමනක් බී සාමාර්ථයක් ලැබී අනිකුත් විෂයන් වලට ඒ සාමාර්ථ ලැබී තිබුනි. නිමන්තිගේ ප්‍රතිඵලයද මට සමාන වී තිබුනි....සතුටට පත්වූ අපි දෙදෙනා එතැනින් ඉවත්වුනෙමි.....මට දැන් මේක අපේ අම්මටයි තාත්තටයි කියනකල් ඉවසිල්ලක් නෑ අනේ.....නිමන්තී සතුටින් කීවාය......ඔක්කොටම ඉසෙල්ල අපිට උගන්නපු ටීචර් ලට කියල යමු.....අපිට විෂයන් ඉගෙන්වූ ගුරුවරියන් හමුවූ අපි ඔව්න්ට ස්තූතිය පල කර ඔවුන්ගේ දෙපා නැමද පාසැලෙන් පිටවුනෙමු......ඔයා කොහොමද අවෙ අනේ....මා ඇසුවෙමි..තාත්ත වැඩට ගිහින්නෙ ඒ හින්ද බස් එකේ ආවෙ.....නිමන්තී කීවාය.....මම නම් සුරන්ජිත් අයියගෙ වාහනේ ආවෙ....ඒකෙ යමු.....ඒක නෙවෙයි චතූ පන්තියෙ යාලුවො ටිකටත් කියල යමු.....අයෙ අපිට කවද එයාලව හම්බවෙයිද දන්නෙ නෑ නෙ.....නිමන්තී කීවාය.....එහෙනම් අපි පාස් කියල සුරන්ජිත් අයියට කියල ආපහු එමු.....කී මා නිමන්තී සමග සුරන්ජිත් අසලට ගියෙමු..අපි යනවිට....ඔහු වාහනයේ ආසනයේ වාඩිවී සිටිනබව දුටු මා....ඔහු අසලට ගියෙමි. වීදුරුව පහත දැමූ ඔහු ....කොහොමද ඇසුවේය....අපි පාස් අයියේ... මගේ ප්‍රතිඵල කියමින් මා නොදැනුවත්ව මෙන් ඔහුගේ මුහුන තදින් සිප ගැනුනේ සිතේ තිබුනු දැඩි සතුට නිසාය.....නිමන්තිත් මම වගේම පාස්....මා කීවෙමි.....කෝ අජිත් ආවෙ නැද්ද....පනිවිඩේනම් කිව්ව ඒත් ආවෙ නෑ.....අයියෝ අයි ඒ මේදවස්වල නිකන්නෙ ඉන්නෙ මම හිතුව ඇවිත් එක්ක එන්න ඇති කියල....එයානම් කැමතියි අයියෙ....එයත් එක්ක තනියම වාහනේ යනවට අපේ ගෙදර අය ඒතරම් කැමති නෑ නෙ....ඇය දුකින් මෙන් කීවාය.....අපි යනව කියල යාලුවන්ට කියල එමු නේද....මා නිමන්තිට කියනු ඇසුනු සුරන්ජිත්.....දැන් ආයෙත් ඔයාලගෙ යාලුවො සෙට් එක නිතර හම්බවෙන්න බැරි වෙනව නේද...ඇසූ ඔහු....අපි එයාලට එන්න කියල පාටියක් දාමු.....වියදම මගේ ගානෙ....සුරන්ජිත් කීවේය....ඔයාල අදම කියන්න....ඔහු තවදුරටත් කීවේය.....දිනයක් කියන්න ඕනැ නේද ....මා කීවෙමි....එන ඉරිදට එන්න කියන්නකො එදාට අපි ඔක්කොම ඉන්නවනෙ....ඔහු කීවේය......අම්මල කැමති වෙයිද අයියෙ....මා සැකමුසුව ප්‍රශ්නකලෙමි.....ඒක ගැටලුවක් නෑ....නංගි බය නැතුව කියන්න.....ඔහු පැවසුවේය. අපේ යෙහෙලියන් මුනගසුනු අපි අපේ නිවසේ පැවැත්වෙන ප්‍රියසම්භාසනයට සහභාගී වනලෙස සියල්ලටම ආරාධනා කලෙමි.
ආපසු එනවිට නිමන්තීද ආවේ සුරන්ජිත්ගේ වාහනයේය.....ඔය දෙන්නවම ෂුවර් එකටම කටුබැද්ද ඉන්ජිනේරින් වලට තේරෙනව....සුරන්ජිත් වාහනය පදවන අතරතුර කීවේය.....අපිනම් දන්නව අපිව පාස්වෙයි කියල ඒත් මෙච්චර ඉහලින් පාස්වෙයි කියල හිතුවෙ නෑ....මා කීවෙමි....ඒවුනාට මටනම් හිතුන....සුරන්ජිත් සිනාසෙමින් කීවේය......අපි නිමන්තිගේ නිවසට ලගාවනවිට නිමන්තිගේ අම්මා නිමන්තී පැමිනෙන තුරු මගබලාගෙන සිටිබව පෙනෙන්ට තිබුනි.....වාහනයෙන් බිමට බැස්ස නිමන්තී ඇය අසලට දිව ගොස් ඇගේ මුහුන බදාගෙන සිපගෙන සිපගෙන යන අයුරු දුටුවෙමි.....ඉතින් ඉම්බ මදෑ දුව...... කියන්නකො කොමද පාස්කියල....අපි දෙන්නට බී එකයි තියෙන්නෙ අනිත් ඒවට ඒ..මා කීවෙමි..එහෙනම් ඕලෙවෙල් එකේ වගේනෙ.....ඒකෙත් එකකට විතරනෙ බී තුබුනේ......නිමන්තිගේ අම්මා සතුටින් කීවාය.....එන්න පුතාල තේ එකක් එහෙම බීල යමු ඇය අපිට ගෙට කතාකලාය......ගෙට ගිය අපි සැටියේ වාඩිවුනෙමු.......මේ දෙන්නවම එකම කැම්පස් එකටම තේරුනොත් හොදයි....පනවගේ ඉන්න යාලුවො දෙන්නනෙ....අපි තේබොන අතරතුර නිමන්තිගේ අම්මා කීවාය.....බයවෙන්න එපා ඇන්ටි මේ දෙන්නවම කටුබැදද ඉංජිනේරින් තේරෙනව.......සුරන්ජිත් කීවිට....එහෙම උනොත්නම් ලොකු දෙයක්.....නිමන්තිගේ අම්මා කීවාය.
ඔවුන්ගෙන් සමුගත් අපි නිවස බලා පිටත් වුනෙමු........ගෙට ගොඩවූ මා අම්මා සොයාගෙන ගොස් ඇගේ දෙපාමුල වැද වැටුනෙමි.....මොකද උනේ මෙගෙ දුවේ....මගේ උරහිස්වලින් අල්ලා නැගිට්ටවා ඇසුවාය. සතුට දරා ගැනීමට නොහැකිව ඇස්වල පිරිනු කදුලු අතරින් ඇගේ මුහුන දෙස බැලුවෙමි.....මම හොදටම පාස් අම්මේ.....මා ඇගේ මුහුන සිපගනිමින් කීවෙමි.....ඔයා වගේ රත්තරන් දරුවන්ට වැඩිවැඩියෙන් හරියන්න ඕනැ මගේ දුවේ....ඇය මාව තුරුලු කරගනිමින් කීවාය.....මේ ඔකොම මට හම්බවුනේ මේ ගෙදර අය හින්ද..මගෙ අම්ම මගෙ තාත්ත මගෙ ලොකු අයිය මගෙ අක්ක මගෙ සුරන්ජිත් අයිය...මේ ඔක්කෝම ..මා කදුලු වගුරුවමින් කීවෙමි.....අයියා තවමත් අපිදෙස බලා සිටිනු දුටු මා ඔහුගේ දෙපා වැදීමට පහත්වුනෙමි.....වදින්න ඕනැ නෑ නංගී...... කී ඔහු මගේ උරහිසින් අල්ලා නවත්වා.....මගේ හිස අතගාන්ට විය......ඔහුගේ පපුවටතුරුලුව ඉකිබිදි මා .....අයිය මට ගොඩාක් උදවු කලා..පවසා.....ඔහුගේ මුහුන සිපගන්නාවිට අම්මා සිටින බවද අමතක විය.
No comments:
Post a Comment