Thursday, June 7, 2018

ආත් අම්මාගේ පාඩම 128........නංගි උඩට යන්න ඕනැ නෑ ඔයා ගැහැනු ලමයෙක් හින්ද ගෞරවය ආරක්ෂා කරගන්න  ඕනැ....පැවසූ ඔහු මා අතින් බැගය ගෙන උඩට ගියේය......අද මෙහෙදි මගෙ කම්මුල මිරිකුව දවසක් නහයෙන් අල්ලල හෙල්ලුව  මාව තුරුලුකරගෙන ඉඹගත්ත....මේව මේ දවස් කිහිපය තුල සිදුවුවත් ඊයේ කාමරේදී මගෙ අතින්වත් ඇල්ලුවෙ නැත්තෙ ඇයි. මා පුදුමයෙන් යුතුව කල්පනා කලෙමි. මා පසුදිනද මෙලෙසම සුරන්ජිත් ගේ බැගය ගැනීමට ගියෙමි.මා අතට බෑගයට දුන් ඔහු මගේ මුහුණ ආදරෙන් අතගෑවේය. මා මෙලෙස කරන සැම විටම ඔහු මාකෙරෙහි ඇති ආදරයට කුමක් හෝ දෙයක් කිරීම පුරුද්දක් විය. දිනෙන් දින මා ඔහු කෙරෙහි ඇති ආදරයද වැඩිවන්ටවිය.
                 සුරන්ජිත් අයියගෙ කාමරේ අස්කරල දෙන්න කිව්වනෙ  අක්කෙ අද ඉරිද හින්ද පුලුවන් නේද.....මා අක්කාගෙන් ඇසුවෙමි.....හොදයිනෙ නංගි ගිහින් අස්කරල දෙන්න.....කීවාය......මට තනියම යන්න බෑනෙ අක්කෙ ....අක්කත් එන්නකො.....මා කීවෙමි....අපේ මල්ලි ගැන බයවෙන්න එපා නංගි.....ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.....කීවාය....ඒ වුනාට අයිය මම තනියම යනවට කැමති නෑ.....අක්කත් එක්ක එන්න කිව්වෙ....මා කීවෙමි.....එහෙනන් යමුකෝ පැවසූ ඇය මා සමඟ සුරන්ජිත්ගේ කාමරයට ගියාය....අයියගෙ කාමරේ අස්කරල දෙන්න ඕනැ කියල නංගිගෙන් බේරෙන්නබෑ ඒකයි ආවෙ.....අක්කා කීවාය......එන්න නංගි කී ඔහු මට අසකිරීමට ඉඩදුන්නේය....ඔහුගේ පොත් මේසය සකසනවිට....නංගී ඕක අස්කරල එන්නකෝ මම පොඩ්ඩක් ගිහින එන්නම් කී ඇය කාමරයෙන් යන්ට සූදානම් විය.....අනේ අක්කෙ යන්න එපා...මා කිවිටත් ඇය ගියාය....අපි දෙන්න තනියම ඉන්න එක නංගිට හරි නෑනෙ....කාමරේ කිසිදෙයක් අහක විසිකරන්න එපා ඔය සුන්බුන් තියෙන ඒව මේ පෙට්ටියට දාන්න...පැවසූ ඔහු හිස් පෙට්ටියක් දී....කාමරයෙන් පිට වුනේය. මා ඔහුගේ කාමරයේ තනිවුනෙමි....මේසය අස්කල මා ....ඔහු ගේ ඇදුම් අතට ගෙන ඒවා තුරුලටගෙන සිපගන්මින් නවන්ට වුනෙමි....මාත් ඉස්සර ඇන්දෙ මේ වගේ පිරිමි ඇදුම්නෙ....මාව කෙල්ලෙක් උනාට පස්සෙ පිරිමි ඇදුම් අදින එක එපාම උනා....ඒත් සුරන්ජිත්ගෙ ඇදුම් වලටනම් හරිම ආශයි....ඒව අදින්නනම් නෙවෙයි.....තුරුලු කරගෙන ඉඹ ඉඹ .ඉන්න....අනේ මට සුරන්ජිත්ගේ තුරුල්ලටම වෙලා ඉන්න ඇත්නම්....මේ අතර මා කල්පනා කලෙමි.  මම පොඩි දුවව හොයනව.....පොඩි අයිය කිව්වෙ එයාගෙ කාමරේ ඇතුලෙ වැඩක් කියල....මම මේ ආවෙ මොකක්ද කරන්නෙ කියල බලන්න........අම්මා කාමරය තුලට පැමින ඇතිබව දුටුවේ ඇගේ කටහඬ ඇසීමෙනි.......අයියගෙ කාමරේ ටිකක් අස්කරල දෙන්න කිව්ව අම්මෙ..මා එසේ පැවසුවේ අම්ම මට බනියිද දන්නේ නෑ යන සිතුවිල්ල සමග හිතට ඇතිවූ චකිතයක් ඇතිවිය. ...එයාගෙ හැටි ඔහොම තමයි දුවේ.....අස්කරගෙන ඉන්න ඕනැකමක් නෑ නෙ...මම තමයි ඉදල හිටල හරි අස්පස්කරල දෙන්නෙ....අම්මා පවසන විට මගේ සිතේ තුබුනු බිය ස්වභාවය අඩුවිය......ඔයා කාමරේ ඉන්න හින්දද මන්ද පුතා පල්ලෙහාට වෙලා ඉන්නෙ......එයා ඉතින් කවදත් ගැනු ලමයි ලඟ ඉන්න කැමති  නෑ නෙ....කිසිම බයක් සැකයක් නැතුව ගෑනු ලමයෙක් එයාලග තියෙල යන්න පුලුවන්...එයා ඈතට වෙලා ඉදියි.......ඇය සිනහසෙමින් කියන්ට වූවාය. එක අතකින් දැන් මගෙ  හිතට සැනසීමක්....දුවේ...... ඔයදෙන්න සමගියෙන් ඉන්නව දැක්කම....මට හිතෙන්නෙ අපේ පුතා ඔයා ගැන මොකක් හරි තරහක් තිබිල තියෙනව....නැත්නම් ඔයතරම් ගෑනු ලමයි එක්ක තරහ ගන්නෙ නෑ......දැන් ඒ තරහ නිවිල ඇති....ඇය සැනසුම් සුසුමක් පිටකරමින්.....කීවාය. ......ඇයි දුවේ දූවිලි ගසන්නෙ....ඒ සී තියෙන හින්ද දූවිලි එන්න විදියක් නෑනෙ....මා මේසපුටු වල බැදී තිබුනු දුහුවිලි පිස දමන විට ඇසුවාය.....අයිය වැඩිය ඒ සී දාන්නෙ නැතුව ඇති අම්මෙ.....ජැනෙල් ඇරගෙන ඉන්න කොට දූවිලි එනවනෙ.....දැනුත් ඒ සී ඕෆ් කරලනෙ තියෙන්නෙ....මා කීවෙමි....එයා එහෙම තමයි සැප විදින්න පුලුවන් වුනාට වැඩිය සැප විදින්නෙ නෑ....හැම තිස්සෙම සරල විදියට ඉන්න තමයි උත්සාහ ගන්නෙ... පැවසුවාය....මගෙ කාමරේටත් ඒ සී ඕනෙ නෑ අම්මෙ....ඒත් ඕෆ් කලාම අක්ක බනිනවනෙ....මා කීවෙමි.....මා දෙස බලා සිනාසුනු ඇය.....අයියටම ගැලපෙන නංගි....... මගේ හිස අතගාමින්....කීවාය.....
                                    මා ඉගෙන ගන්නා අතර තුර අක්කා නිදහසේ සිටින අවස්ථාවලදී  මට පරිගනකය ක්‍රියාත්මක කරන ආකාරය කියාදෙන්ට වූවාය....මට වඩා ගොඩක් දේවල් සුරන්ජිත් අයිය දන්නව නංගි....එයා ගෙන් අහගන්න....ඇය නිතරම පවසන්ට වූවාය. එක් දිනක් මට ගනන් කිහිපයක් හැදීමේ ගැටලුවක් ඇතිවිය....මා ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු පාඩම් කරන දේවල් හොදින් මතක හිටියත් ගනන් හැදීමේ දී ගැඹුරින් කල්පනා කිරීමේ ශක්තිය අඩුවී ඇතිබව බව වැටහුනි....නිමල් වී සිටිකල හොදින් වැටහුනු ගැඹුරු කාරනා දැන් වැටෙහෙන්නේ නැත්තේ ඇයි දැයි මටම නොතේරුනි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: