එන පොට හරියන්නේ නැත. යන සිතුවිල්ල මා තුල ජනිතවිය.....මේ අයියේ ....ගෙදර යනකන් ඉන්න ඕනැ නෑ ..කවුරුවත් නැති තැනක්.... මෙහෙ කොහේ හරි ඇති .. අයිය ගිහින් තැනක් හොයාගෙන එන්නකෝ.......මම එන්නම්..... .මා ආදරයක් පෙන්වමින් කීවෙමි....ඕකනෙ කියන්නේ.... අඬන්න ඕනැලු කිරි එරෙන්න.....ඔහු සතුටින් මා අසලින් ඉවත්විය. සුලු වේලාවකි ඔහු මට කතා කලේය. අතේ තිබුනු මල් කළඹ මේසය මත තැබූ මා ඔහු අසලට ගියෙමි....නංගි ගිහින් අතන ඉන්න මම එන්නම්.....ඔහු ස්ථානයක් පෙන්වා කීවේය....මා බයෙන් මෙන් එතැනට ගියෙමි....එය දොර රෙදිවලින් සහ බිත්තිවලින් ආවරනය වූ ස්ථානයක් බව දුටුවෙමි. සුලු වෙලා වකින් ඔහු මා අසලට ආවේය.....දැන් කිසිවෙකු නොපෙනෙන බව වටපිට බැලීමෙන් තේරිම් ගත්තෙමි....ඔහු මාව සිප ගැනීමට මෙන් අසලට එනවාත් සමගම කන හරහා දැඩි පහරක් එල්ල කලෙමි....ඔහු මගේ අත ඇලීමට පනිනවාත් සමගම ඉවත්වූ මා තවත් පහරක් එල්ල කලෙමි....මා නිමල් වී සිටි කල කොල්ලන්ට එල්ල කල පහරවල් මතක් විය....මම දැන් කෙල්ලෙක් වෙලා හින්ද නිමල්ට වගේ ශක්තිය නෑ.... තිබුනනම් දත් ටික බඩට යන්න ගහන්නෙ....අම්මගෙන් බීපුකිරි ටික මතක් වෙන්නත් එක්ක......මා ඔහු දෙස බලා සිතුවෙමි.....පුදුමයටත් භීතියටත් පත්වූ ඔහු පහර වැදුනු කම්මුල අතගානවිට මා එතැනින් ඉවත් වී කිසිදෙයක් සිදු නොවුනාක් මෙන් මා සිටි පුටුවේ වාඩිවුනෙමි....මේ සිදුවීම කිසිවෙකුට නොපෙනුනි....ඔහුටද මගෙන් පහර කෑබව කිසිවෙකුට පැවසීමට නොහැකි බව දන්නේ මා නිමල් ලෙස ජීවත්වූ කල කෙලන්ගෙන් මෙවැනි දේවල් විද ඇති බැවිනි....
මින් පසු ඔහු මා අසලට නොපැමිනි අතර මා තනියම සිටියෙමි.....ඇන්ටි කෙනෙක් සහ අක්කා කෙනෙක් මා අසලට පැමිණ ඔයා මන මාලිගෙ යාලුවෙක්ද ඇසුවාය....මගෙ අක්ක කෙනෙක් වෙනව....මා කීවෙමි....අපේ පුතානෙ අක්කව බදින්නෙ මම එයාගෙ පුන්චි අම්ම....ඇය කීවාය.....මම හිතන්නෙ ඔය දුව මනමාලිගෙ පුන්චි අම්මගෙ දුව වෙන්න ඇති....මා...ඔව් ඇන්ටි කීවෙමි....පුංචි අම්මට ලස්සන දුවෙකුත් ඉන්නව එහෙනම්....කී ඇය තවදුරටත් මගේ විස්තර ඇසුවාය... මුල් විස්තර නොකී මා අම්මාගේ දුවෙක් ලෙස විස්තර කීවෙමි..... ඔව්න් මා සමග කතා කලේ මාගේ රූමත් බව නිසා බව තේරුනි.....මේ අතර සන්ගීත කන්ඩායමේ ගායකයෙකු ගීත කිහිපයක් ගායනා කරමින් සිටි බව දුටුවෙමි....මේ දැන් මට මනාලියගේ පාර්සවයෙන් පනිවිඩයක් ලැබුණා. වැඩි දෙනෙක් නොදන්නා ගයිකාවක් ඔවුන් අතර සිටිනබව.....සංගීත කන්ඩායමේ නිවේදක මහතා කියන්ටවිය.....මම හිතන්නේ ඔබ සැවෝම ඇයව දැනටමත් දැක තිබුනත් ගායන හැකියාවක් තිබෙන තැනැතියක් ලෙස නොදන්නවා ඇති......මා වැඩි පුර ඇයව හැදුවා දිමට අවශ්‍යය නෑ....ඇගේ ගායනය අසා ඔබම ඇයව හදුනාගන්න.....මේ කවුරු ගැනද කියන්නෙ....මා පුදුමයෙන් යුතුව අසාගෙන සිටියෙමි......මම ආරාදනා කරනවා මනාලියගේ නැගනියක් වන චතුරිකා සදමාලිට.....මේ වේදිකාවට පැමින ගීත කීපයක් ගායනා කරන ලෙස...මම දන්නෙත් නෑනේ..අම්ම හරි අක්ක හරි තමයි...මේ වැඩේ කරන්න ඇත්තේ.....සිතමින් මා තුස්නිම් බූතව බලා සිටියෙමි.....චතුරිකා දුවේ එන්න....අම්මා අඩගසනු දුටුවෙමි.....එන්න නංගී අක්කාද අඩගසනු දුටුවෙමි....කර කියාගත දෙයක් නොමැති මා ලැජ්ජාවෙන් යුතුව කුඩා වේදිකාවට ගොඩවී මයික් එක අතට ගත්තෙමි.....මට ගීත කිහිපයක් ගායනා කිරීමට සිදූවේ ඔවුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.....
No comments:
Post a Comment