Saturday, June 16, 2018

ආත් අම්මාගේ පාඩම 151..................පුතාට වෙන කොහෙන්වත් කාවවත් හොයන්න ඕනැ නෑනෙ.....ගෙදරම වටිනා දියමන්තියක් තියාගෙන දියමන්ති හොයාගෙන කොහේවත් යන්නෙ මොකටද?....පැවසූ තාත්තා .....පොඩි පුතාට තේරෙනවද මම කිව්ව දේ....ඇසුවේය.....ඔහු කිසිවන් නොකියා බිම බලාගෙන ලැජ්ජාවෙන් සිටිනු දක්නට ලැබුණි......මොනවද මල්ලි....ඔය තාත්ත අහන්නෙ මේ චතුරිකා නංගි ගැන....අක්කා කීවාය.....ඉතින් පුතා කැමතිද කියන්න.....අම්මා ඇසුවාය.....කැමතියි.....ඔහු සතුටු සිනාව තොල් පෙතිවලින් තදකරගෙන පැවසුවේය.....ලොකු දුවේ ඔය නංගිට තේරුනාද දන්නෙ නෑ අපි මෙච්චර වෙලා කතාකරපු දේවල්.....තාත්තා අක්කාගෙන් ඇසුවේය......මේ තාත්ත අහනව අපි මෙච්චර වෙලා ඉංග්‍රීසියෙන් කතා කරපුව තේරුනාද කියල.....අක්කා මගෙන් සිංහලෙන් ඇසුවාය....මා හුඟක් දේවල් තෙරුම් ගත්තත් එතරම් නොතේරුනු ආකාරයට....ටිකක් තේරුනා.....මා කීවෙමි.....එහෙනම් නංන්ගි කියන්න බලන්න මොනවද කතාවුනේ කියල....ලොකු අයියා සිනාසෙමින් සිංහලෙන් ඇසුවේය...සුරන්ජිත් අයියට කටයුත්තක් නේ....මා කීවෙමි.....දැන් සුරන්ජිත් අයිය කාවද බඳින්න හදන්නෙ.....අක්කා ඇසුවාය.....විනෝදනී අක්කවනෙ... නොතේරුනා සේ කීමා.....විනෝදනී අක්ක දෑවැද්දට දියමන්ති දෙනව කිව්වලුනෙ.....මා එසේ කීවිට සියලු දෙනාම සිනාසෙන්ට විය.....ඔහොම හරියන්නෙ නෑ....ලොකු දුවේ මේ නංගිත් එක්ක පුලුවන් තරම් ඉංග්‍රීසියෙන් කතාකරන්න.....තාත්තා පැවසූ විට....මමනම් කතාකරනව තාත්තෙ ඒවුනාට නංගි උත්තර දෙන්නෙ සිංහලෙන්නෙ.....අක්කා කීවාය.....ආ ඒකට වැඩක් තියෙනව මම වේ වැලක් ගෙනත් දෙන්නම් සිංහලෙන් කතාකරන කොට පාරක් ගහන්න.....තාත්තා සිනාසෙමින් කීවේය....මෙහෙ එන්න මගෙ දුවේ අම්මා මාව ඇගේ උකුල මත වාඩිකර ගත්තාය.....මගේ දුව දන්නවද අපේ සුරන්ජිත් පුතා බදින්න යන්නෙ ලස්සන දියමන්තියක්....විනෝදනී අක්ක දියමන්තියක් වගේ ලස්සන තමා....මා සෙමින් කීවෙමි.....ඒ දියමන්ති ගැන නෙවෙයි කෙල්ලෙ අපි කියන්නේ.......මෙන්න මේ දියමන්තිය ගැන..මගේ කම්මුල සෙමින් මිරිකා......පැවසූ අම්මා......චතුරිකා කියන දියමන්තිය ගැන......අම්මා කීවාය....මා පුදුමයෙන් මෙන් ඔවුන් දෙස බලා.....සුරන්ජිත් අයිය මේ අනාථ කෙල්ලව බදිනව....මා ප්‍රශ්නකාරීව කීවෙමි....ඔයා අනාථ කෙල්ලෙක් නෙවෙයි මගෙ දුවේ ඔයා දැන් අපේ.....මාව තුරුලු කරගනිමින් කීවාය.
             දැන් අනම් මනම් කියව කියව හිටිය මිසක් දුව කැමතිද කිව්වෙ නෑනෙ..තාත්තා ඇසුවේය....මේ ගෙදර හැමෝම කැමතිනම් විතරක් මම කැමතියි....මා කීවෙමි....අපේ කාගෙවත් අකමැත්තක් නෑ නංගියේ ....ලොකු අයියා කීවේය....මා සිනාසී බිමබලා ගත්තෙමි......දැන් දෙන්න කැමතිනෙ.....කී තත්තා.....දැන් වත්සලාට තියෙන්නෙ අයියලාට කරුණු පැහැදිලි කරල දීල.....ඒ අදහස අතහැරගන්න කියන එක. මොකක්හරි ගැටලුවක් වුනොත් මම උත්තර දෙන්නම්....තාත්තා පැවසුවේය.  නංගී පොඩ්ඩක් මෙහාට එන්නකෝ ....කී අක්කා මා සමඟ කාමරය තුලට ගියාය......ඔන්න නංගී ඔක්කොම හරී.....දැන් ඔයා මගේම නංගි නංගියේ..... මාව සතුටින් බදාගත් ඇය මාසමගම ඇදේ පෙරලුනාය......ඇය මගේ මුහුන සිපගනිමින් ඇගේ සතුට පලකරන්ට වූවාය.
                මා කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවුනු මේ සිදුවීම සිහිනයක් මෙන්විය. දැන් මාව අයිති සුරන්ජිත්ටය. මා චතුරිකාබවට පත්වීමෙන් බලාපොරොත්තුවුවේ ඔහු පමනි. ග්ර්දර සැමගේ කැමැත්ත පරිදි අපිදෙදෙනා එකතුවීමට නියමිතය. මෙතෙක් පැවති කරදර භාධා වලට මුහුන දීම සඳහා අක්කා මගේම එක කුසේ උපන් සහෝදරියකටත් වඩා හොදින් මා අසලම සිටිබව සිහිපත් වනවිට ඇයට තිබෙන ගවුරවය සහ ආදරය තවත් වැඩිවන්ට විය. ටික වෙලාවකින් අම්මා කාමරය තුලට පැමිනියාය.....මම මේ බැලුවෙ මේදෙන්න මොකද කරන්නෙ කියල....අම්මා අපි දෙස බලා පැවසුවාය.....කොහොම කොහොම හරි නංගිව අපේම කරගත්ත නේද අම්මෙ.....අක්කා කීවාය....මගෙ දුවට වරදින්නෙ නෑ දුවේ ඔයාදැන් මගේම දුව......දැන් අම්මගෙ ලේලි නේද....අක්කා සිනසෙමින් ඇසුවාය.....මෙය මගෙ ලේලි නෙවෙයි මගේ දුව.....අම්මා මගේ මුහුන සිපගනිමින් කීවාය.....
                ඔන්න නංගි ඔයාලට දැන් හොරෙන් හොරෙන් ලවු කරන්න ඕනැ නැ....එලිපිටම ලවු කරන්න පුලුවන්...රාත්‍රී කෑමට යන විට අක්කා කීවාය....අපියනවිට සියලු දෙනාම ආහාර ගැනීමට සූදානම් වී සිටින බව දුටුවෙමු.....මා සුරන්ජිත්ගේ මුහුන දෙස බැලුවෙමි....මේ දින කිහිපය තුල ඔහුගේ මුහුන තුල තිබුනු අඳුරු ස්වභාවය පහවගොස් සතුටින් සිටිනබව දැක ගැනීමට ලැබුනි....ඔහු මාදෙස බලා සිනාසුනේය....ඔහු අසලට ගිය මා ඔහුගේ පිගානට බත් හැන්දක් බෙදුවෙමි....සියලු දෙනා අපි දෙස සතුටින් බලා සිටිනබව දුටුවේ මේ ඔවුන් දෙස බලන විටදීය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: