Friday, June 15, 2018

ආත් අම්මාගේ පාඩම 148.............අක්කේ ඔන්න අදනම් මට සිංදු එහෙම කියන්න කියන්න එපා....දැන් මගෙ හිත හොදටම අවුල් වෙලා තියෙන්නෙ.....ඔයාලත් එක්ක යන්න ඔනැහින්ද මේකට යනව...ගෙදර කවුරු හරි හිටියනම් මම ගෙදර නවතිනව.....මා අක්කාට කීවෙමි....මම කිව්වනෙ ඕව එච්චර ගනන් ගන්න එපා කියල....අක්කා කීවාය.....බලන්න අක්කෙ ...මම මේ උත්සවේට ගියා කියල වැඩක් තියනවද කියල....මම කවුරුවත් දන්නෙ නෑ...මේ කවුරුවත් මගේ නෑදෑයොත් නෙවෙයි.....සුරනිමල අයිය කියනව වගේ මම මෙයාලට අනාථයෙක්.....මා පවසනවිට....ඔන්න ඔන්න ඉතින් ආයෙත් නංගි නහයෙන් අඩන්න ගත්ත....ඔන්න අඬන්න එහෙම නෑ....මූනෙ තියෙන මේකප්ටික යයි.....කී අක්කා.....පොඩ්ඩක් ඉවසගෙන ඉමුකෝ නංගි මොකද වෙන්නෙ කියල බලන්න.....පැවසුවාය. මා අසලට පැමිනි සුරන්ජිත් මාදෙස හොදින් බලා.....අදත් ඔසරිය නේද ඇන්දෙ.....ඇසුවේය.ඒ ගැන කිසිවක් නොකී මා.....තාම විනෝදනී අක්ක ඇවිත් නෑ නේද.....අයියේ....තව පොඩ්ඩකින් එයා එයි....කී මා ඉක්මනින් අම්මාසිටින දෙසට ගියෙමි.....ඔහු මා දෙස බලා සිටින අයුරු ආපසු බැලූ මට දැක ගැනීමට ලැබුනි.
               ටික වේලාවකින් මාමලාගේ වාහනය පැමිනි බව දුටුවෙමි. සියලු දෙනාම ඔවුන්ව පිලිගෙන කතාකරන අතරතුර..ගියවර මෙන් සිරුර වැඩිපුර අනාවරනය වනසේ සාරියකින් සැරසී සිටි..විනෝදනී අක්කා සුරන්ජිත්ගේ අතේ එල්ලී සතුටින් කතාකරනු දුටුවෙමි......මාත් එක්ක සංවරකම ගැන කතා කලාට එයා බදින්න ඉන්න විනෝදනී අක්ක ගැන පේන්නෙ නැද්ද දන්නෙ නෑ....මා කල්පනා කලෙමි. කටුගස්තොට උත්සව ශාලවක දෙවෙනි ගමන උත්සවය සූදානම් කර ඇතිබව දැනගැනීමට ලැබුනි....මනාල ජෝඩුව උදෑසන දහය පමන වන විට උත්සව ශාලාව වෙත පැමිනෙන බැවින් ඔව්න් සමග එකතුවිම සදහා කටුගස්තොට නගරය අසලට යායුතුව තිබුනු බවින් අපි තාත්තගේ වාහනයට නැග්ගෙමි....සුරන්ජිත් පුතේ ඔයා නගින්න මාමගෙ වාහනේට ඒකෙ හොදට ඉඩතියෙනව....අම්මා සුරන්ජිත්ට කියනු ඇසුනි....ඒ සමගම විනෝදනී අක්කා අපේ වාහනය අසලට පැමින....එන්න සුරන්ජිත් අයියෙ...අපේ වාහනේ හොදට ඉඩතියෙනව.....ඔහුගේ අතින් අදිමින් කතාකරනු දුටුවෙමි. ඔහු එම වාහනයට ගොඩවූ පසු අපි ගමන පිටත්වුනෙමු....අපි කටුගස්තොටට පැමිනි විට ලොකු අයියා ඔහුගේ වාහනයෙන් කටුගස්තොටට පැමින සිටිබව දැක ගනීමට ලැබුනි....අම්මලා සමග කතා කල ලොකු අයියා මාදෙස බලා...චතුරිකා නංගි  අදත් ලස්සනට හැඩවෙලා...සිනසෙමින් පැවසුවේය....මා ස්තූත්යි අයියේ...කී විට වටපිට බැලූ අයියා....කෝ අම්මෙ සුරන්ජිත් මල්ලි....ඇසුවේය.....එයාල මාමලගෙ වාහනේ ආවෙ......අම්මා කීවේය......ඔව්න්ගේ මමලගේ වාහනය අපි අසල නතරකල පසු විනෝදනී අක්කා සුරන්ජිත්ගේ අතින් අල්ලාගෙන අපිදෙසට පැනෙනු දුටු අයියා මා දෙස අමුතු ලෙස බලා ඔවුන් දෙසද බැලුවේය.....ආ අයියේ දැන්ද ආවේ....විනෝදනී අක්කා ඇසුවේ ඉංග්‍රීසි භාෂාවෙනි.....ඉන්පසු ඔව්න් ඉංග්‍රිසි භාෂාවෙන්ම කතා කල අතර ඉස්සර මෙන් නොව...මට චතුර ලෙස කතාකිරීමට නොහැකිවූවද  යම් තරමකට ඔවුන් කියන දේ තේරුම් ගැනීමට හැකිවිය. ....මා දෙස බැලූ විනෝදනී අක්කා මෙයා අදත් ඇවිල්ලනෙ....ඉංග්‍රිසෙන්ම කී ඇය....අදත් සිංදු කියන්නද ආවෙ...මාව එතරම් මායිම් නොකර ඉංග්‍රිසියෙන් ඇසුවේය..ඇය ඇසූ දෙයට හිතරිදුන මා...අද මට සනීප මදි..සිංහලෙන් පවසා අසල ගලා බසිමින් තිබුනු ගඟ අසලට ගොස් ඒ දෙස බලා සිටියෙමි.....අදත් තනිවෙලා නේද....ඕකනෙ කියන්නෙ මාත් එක්ක යාලුවුනානම් ඔය මොකුත් නෑනෙ....මා අසලට පැමිනි සුරනිමල....කීවේය....අනාථයන්ට කවුරුවත් නෑ.....නම්බුකාර මහත්වරු අපි වගේ අන්නාථයොත් එක්ක කතාවට එන්න ඕනැත් නෑ....කී මා අක්කා සිටින තැනට දිවගියෙමි...සිරනිමල මා ගැන ඇසගසාගෙන සිට්නබවත් මා තනිවුනු හැමවාරයකම ඔහු මා අසලට පැමිණන බවත් මෙම සිද්දි කිහිපයෙන් තේරුම් ගත්තෙමි. සිත හොඳටම පෑරුනු මා නැවත වාහනයට ගොඩවූවේ උත්සව ශාලාවට නොයා බැරිකමටය.
             එදාමෙන් උඩරට සම්ප්‍රදාය අනුව වෙස්නැටුම්  වලින් පිලිගත් ඔවුන් අපිව උතසවය ශාලාවට කැදවන්ටවිය....තාත්තා අම්මා සමග මේසයක් තෝරාගෙන වාඩිවූ අතර මා අක්කා සමඟ ඔවුන් අසල වාඩිවුනෙමි.....ලොකු අයියාද අපි අසලම වාඩිවුනේය....අදත් අපිට ලස්සන සිංදු ටිකක් කියන්න ඕනැ....මා දෙස බැලූ ලොකු අයියා කීවේය....අද බැරිලු අයියෙ ...නංගිට සනීප නැහැල්ලු....ඕක මොකද නංගි ඕක ඉතින් ගෑණු අයට හැදෙන සාමාන්‍ය දෙයක් නේ.....අයියා කීවිට...ඔහු වරදවා තේරුම් ගත් බව දැනුනු අක්කා....එහෙම එකක් නෙවෙයි අයියෙ නංගිගෙ ඔලුව රිදෙනව කියල උදේ ඉදන් කියනව.....අක්කා කීවේය.....ඒක තමා අද උදේ ඉදන්ම පොඩි දුවගෙ මුහුනත් හරිනෑ...කී තාත්තා....මෙහෙට එන්න පොඩ්ඩක්.....මාව ඔහු අසලට කතාකලේය....මගේ ඇගට අත තැබූ ඔහු මගේ නාඩි අල්ලා බැලුවේ ඔහු වෛද්‍යවරයෙක් බැවිනි....මටනම් පේන්න මොකුත් ලොකු දෙයක් නෑ....මෙහෙ දේශගුනයට හුරු නැති හින්ද වෙන්න ඇති....පැවසූ ඔහු....පැරසිට මෝල් පෙති දෙකක් බොන්න එතකොට හරි....වැඩිය එහෙමෙහෙ ඇවිදින්නෙ නැතුව එක තැනකට වෙලා රෙස්ට් එකක් ගන්න....කීවේය.....කෝ මේ සුරන්ජිත් මල්ලි...මල්ලිට කිව්වනම් පැරසිටමොල් පෙති ටිකක් ගෙන්න ගන්න තිබුන.....මල්ලි දැන් ඉන්නෙ මාමලත් එක්කනෙ අයියෙ....අක්කා සුරන්ජිත් ගැන නොකිය කීවේය....මේ වගෙ වෙලාවට විතරනෙ ඉතින් කතාකරන්නවත් හම්බවෙන්නෙ ඒක හින්ද වෙන්න ඇති.....අයියා එසේ කීවත් ඔහු මා දෙස ගැටලු කාරීව බලන අයුරු දුටුවෙමි.
            උත්සව හාලාවේ සංගීත කන්ඩායමක් සිටියද එදා මෙන් මට ගීත ගායනා කිරීමට ආරාධනා නොකිරීම හිතට විශාල සහනයක් විය....මේ අතර මා අක්කා හෝ අම්මා අසලින් තනි නොවීමට උතසාහ ගත් අතර....සුරන්ජිත්ගෙන් මග හැර සිටීමටද උත්සාහ ගත්තෙමි....උත්සවය අවසානයේ අපි නැවත ගෙදරට පැමිනි පසු.....රාත්‍රියේම නැවත ගෙදර යා යුතුයයි තාත්තා පැවසූ නිසා අපි නැවත කොළඹ බලා පිටත්වීමට සූදානම් වුනෙමු....අපි නිවසට පැමිනෙන විට රාත්‍රී එකොලහ පමන විය....මගදී හෝටලයකින් කෑම ගත් බැවින් ඇදුම් මාරු කර නින්දට ගියෙමු.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: