Sunday, June 3, 2018

ආත් අම්මාගේ පාඩම 116.............මා කුස්සිය දෙසට ගියෙමි. .....ආනේ..... පුංචි බේබී කොහේද අප්පේ ගියේ.....මාවදුටු මාගරට් සතුටින් ඇසුවාය.....පුල්ලෙයාර් ශාමී අපේ මූන බැලුවා....මාව දැක සතුටට පත්වූ....තන්ගච්චී.....අහස දෙසට අත් දෙක දිගු කරමින් පැවසුවාය......පුංචි බේබි හොයාදෙන්න කියල මම පුල්ලෙයාර් ශාමිට කිව්ව...හොයල දුන්නොත්....මම කන්දෙක අල්ලගෙන ඉසිපාරක් උඩ පනිනා කියල කිව්වා......දැන් ඒක කොරන්න ඕනෑ....ඇය සතුටින් යුතුව ඇගේ දේව පිලිමය දෙසට දිව යන්ට වූවාය.....ඇය කන් අල්ලාගෙන උඩපනිනා ආකාරය මැවී පෙනුනු මට ඇතිවූ සිනහව නවතාගත්තේ ඉතා අපහසුවෙනි.
                                 මේ ගෙදර ඉන්න හැමෝම මට කොයිතරම් ආදරේද.....මම ඉක්මන් තීරන අරගෙන නිමල් වෙලා ගෙදර නතරවුනානම්.....මොනවගේ දෙයක් වෙයිද....ඒ අකමැති පිරිමි ජිවිතයට ආයෙත් ගිහින් ජිවිත කාලෙම විදවන්න වෙනව නේද....මා කල්පනාකරමින් මාගරට් දිවා ආහාරය පිලියෙල කරන ස්ථානයට ගියෙමි.....මොනවද මාගරට් අද දවල්ට උයන්නේ.....මම ඇසුවෙමි....තලපත් මාලු තියෙනව මයියොක්ක තියෙනව.....එහෙනම් මයියොක්ක මාලුව හදමු....මම හදන්නම්....මා යෝජනා කලෙමි..උයන ඒව..ඔක්කොම පිලියෙල කරල දෙන්න මම පහේ දාල උයන්නම්.....මා කීවෙමි.... මම මේ දුවව හොයනව...දුව මෙහෙනෙ....කියමින් අම්මා මා අසලට පැමිණ ......අද දුවද උයන්නේ...ඇසුවාය.....ඔව් අම්මේ මා පැවසූවිට....ඇගේ මුහුනට සිහින් සිනා රැල්ලක් පැන නැගුනේ අදනම් රසට කෑම ටිකක් කන්න පුලුවන්වෙයි යන සිතුවිල්ල නිසාදැයි සිතුනි.
                                   අද සෙනසුරාදා දිනයක් බැවින් තාත්තා සහ ලොකු අයියා දිවා ආහරය වනවිට ගෙදර පැමිනියෝය......මා අක්කා සමග කෑම මේසය කරා යනවිට ඔව්න් කෑමට සූදානම් වී සිටි අයුරු දක්නට ලැබුනි. ආ... මේ ඇවිල්ල ඉන්නෙ....මා දෙස බැලූ තාත්තා අම්මාට කීවේය....මේ අපේ ලොකු දුවගෙ වැඩනෙ මහත්තය.....එයා මගෙ පොඩි දුවව කොහේද එක්ක ගිහින් හංගලානෙ....ඇය අක්කට දොස් කියන්ට වූවාය....ලොකු දුවට දොස් කියන්න එපා වත්සලා....මමයි ලොකු දුවට කිව්වෙ.... මේ දුව හින්ද ගැටලුවක් නම් ටික දවසකට කොහේ හරි නවත්වන්න කියල....මට ලොකුදුව ඔක්කොම විස්තරේ කියල තියෙන්නෙ....ඔයාලගෙ ඉක්මන් තීරන හින්ද තමයි මේ ඔක්කොටම මුල ....තාත්තා අවවාද ස්වරූපයෙන් පැවසුවේය......අම්ම නෙවෙයි තාත්තෙ ...මේ අපේ පොල්බූරු මල්ලි හින්ද තමයි මේ ඔක්කොම උනේ.....අක්කා සුරන්ජිත් දෙසට අත දිගුකර සැරෙන් කීවාය......හරී අක්කේ....මගෙ අතින් වැරැද්ද උනා තමයි.....මම ඒකට නංගිගෙන් සමාව ඉල්ලුවනෙ....සුරන්ජිත් කීවේය......හරී දැන් ඔයගොල්ලො මෙතැන රන්ඩුවෙන්න එපා.....දැන් මල්ලි සමාව ගත්තා....නංගි සමාව දුන්නා.....මීට පස්සෙ මේවගෙ දේවල් මේ ගෙදර සිද්දවෙන්නෙ දෙන්නෙ නැතුව .....ඕව ඔක්කොම අමතක කරල .....කෑම කමු....පැවසූ තාත්තා පිගානට කෑම බෙදාගන්ට වූවේය......මහත්තය දන්නවද අද කැම ඉව්වෙ කවුද කියල.....අම්මා මෙසේ කියනවිට....අම්මා දෙස බැලූ අක්කා සෙමින්... ශූ.....කියමින් තොල් දෙක අතරට දබර ඇගිල්ල තබා සුරන්ජිත්ව පෙන්නුවේ සුරන්ජිත් අදත් කෑම නොකා  යයි යන සැකයෙනි.....මට රසෙන් කියන්න පුලුවන් වත්සලා....තාත්තා මා දෙස බලා සිනාසී කීවේය.....ඒක තමයි මාත් මේ බැලුවෙ අද කෑම රසවුනේ කොහොමද කියල.....ලොකු අයියාද කීවේය.....ඔය ඔක්කොටම අද කෑම කෑම රස උනාට එක්කෙනෙකුටටනම් රස නෑ අයියේ.....අක්කා සුරන්ජිත් දෙස බලා කීවාය.....සුරන්ජිත් හැරුනු විට අනිත් සියලුම දෙනා එයට සිනහසෙන්ට විය.....මම අද කෑම ටික රස නෑ කිව්වෙ නෑනෙ....ලැජ්ජාවට පත්වූ සුරන්ජිත් අමනාපයෙන් මෙන් කීවේය.....නංගී....අම්ම මේ දවස් ටිකේ හරියට කෑම කෑවෙත් නෑ....අද නංගි අම්මට බඩ පිරෙන්න කවන්න ඕනෑ.....අක්කා මාදෙස බලා කීවාය....වෙනද අම්ම නංගිටනෙ කවන්නෙ....ලොකු අයියා කීවේය.....අද ඊට වෙනස්....අක්කා කීවාය.....අක්කා පැවසූ පරිදි මා අම්මාට කවන්ට වූවෙමි. ....තව එක්කෙනෙක් මේ දවස් දෙකේ හරියකට කෑවෙනෑ....පුලුවන්නම් එයාටත් බත් කටක් කවන්න.....අක්කා මගේ කනට කර සිනාසෙමින් කීවාය........ .හැමදාම මේ ගෙදර අය මේවගේ සමගියෙන් ඉන්න ඕනැ............අවසානයේ තාත්තා  පැවසුවේය. කාමරයට ගිය මා බෑගයේ තිබුනු පොත් පත් ටික සහ ඇදුම් ටික පෙර තිබුනු ලෙස ඇසුරුවෙමි.
                            මෙම සිද්දියෙන් පසුව සුරන්ජිත් මා සමග කතා නොකෙරුවද පෙර මෙන් තරහෙන් බලන බවක් නොපෙනුනි. සමහර වෙලාවට ඔහු මාදෙස බලන්නේ. මා ගැන අනුකම්පාවෙන්ද එසේ නැතහොත් ආදරයෙන් දැයි තේරුම් ගැනීමට නොහැකිවිය. ඔහු කෙබඳු පුද්ගලයෙක් දැයි තෙරුම් ගැනීමට නොහැකි මා නැවත පෙර මෙන් ගැටලුවකට මුහුන දීමට වේ යයි බියපත්ව ඔහුට මුහුන දීමෙන් වැලකී සිටියෙමි. මේ නිසා මාව ඔහුට මුන ගැසීමට සිදුවූවේ කෑම වේලාවේදී හෝ තේවේලාවේදී පමනි.   මට තනියම අහම්බෙන් හෝ ඔහු ඉදිරියට මුන ගැසේවි යයි සැක හිතුනහොත් ඔහුගෙන් සැඟවී එම  ස්ථානයෙන් ඉවත්වීම  පුරුද්දක් කර ගත්තෙමි. එහෙත් එක් දිනක් අහම්බෙන් මෙන් ඔහුව ඉදිරියට හමුවිය. මට කර කියා ගැනීමට දෙයක් නැතිවිය. බිම බලාගත් මා බියපත්ව ඔහුගෙන් මග හැරීමට උත්සාහ කලෙමි. .......නංගි තාම මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ....ඔහු එකවරම ඇසුවේය.....නැ...නෑ..නැ....අයියෙ...බියෙන් වෙවුලන දෙතොලෙන් යුතුව  පැවසූ මා එතැනින් ඉක්මනින් ඉවත් වී දිවයන විට මා කාගේදෝ ඇගේ හැපුනි. මොකෝ නංගි අවතාරයක් දැකල වගේ බයවෙලා දුවන්නේ.....අක්කා මාව අල්ලාගෙන ඇසුවාය....මොකුත් නෑ...මා කීවෙමි....මොකුත් නැතිවෙන්න බෑ....අපේ මල්ලි අදත් ඔයා එක්ක වලියක් ඇල්ලුවද.....සුරන්ජිත් දෙස බැලූ ඇය ඇසුවාය.....අනේ නෑ අක්කෙ.....එයා මට බනියි කියල බය හිතුන....ඔයාට මොකද බනින්නෙ ඔයා මොකුත් වැරැද්ද කලේ නෑනෙ.....අක්කා මගේ හිස අතගාමින් කීවාය.......මොකද උනේ මල්ලි.....අනතුරුව සුරන්ජිත්ගෙන් ඇසුවාය....මොකුත් නෑ අක්කෙ.....මම නංගිගෙන් ඇහුව තාම මා එක්ක තරහද කියල.....ඒකට බයවෙලාද කොහේද දිව්වෙ.....ඔහු කීවේය. නංගි යන්න කාමරේට....කී ඇය....මට මල්ලිත් එක්ක ටිකක් කතාකරන්න ඕනැ.....සුරන්ජිත්ට කීවාය.....මා කාමරය තුලට ගියෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: