ආත් අම්මාගේ පාඩම 127........ඔහු කිසිවක් ගනනකට නොගෙන පරිඝණකය සකස් කරන්ටවිය......නංගිගෙ කාමරේ හරි ලස්සනට තියාගෙන ඉන්නවනෙ.....මගෙ කාමරේ හැටි දැක්කම මට ලැජ්ජ හිතෙනව......ඔහු වැඩකරන අතර තුර කීවෙය.....මට අස්කරල දෙන්න පුලුවන් ඒත් තනියම එන එක හරි නෑනෙ...මා කීවෙමි..අද ආවවගේ...අක්ක එක්ක එන්න....මගෙ ඇදුම් ටික ලස්සනට හදල තිබුන....තෑන්ක්ස් නංගී.... ඔහු සතුටින් කීවේය.....නංගි යසෝදරා වත කියවනවද.....මෙසෙඋඩ පොත තියෙනව දැක්ක.....ලියුමෙ යසෝදරා ගැන ලියල තිබුන හින්ද කියවන්න හිතුන..මා කීවිට..මම ආසම චරිතයක් තමයි... ඔහු කීවේය ....කියවන කොට මටත් ආස හිතුන ...මා පැවසුවෙමි.... යසෝදරා දේවියටද එහෙම ඇත්නම්....ඒවගේ චරිතය හදාගන්නද.....ඔහු ඇසුවෙය.....දෙකටම...මා කීවෙමි.....අපිට ඒවගෙ කෙනෙක් හම්බවෙන්න පින්කරල නෑ නංගි ....ඒ උනත් ඊට යන්තම් හරි කිට්ටු වෙන්න පුලුවන් කෙනෙක් හම්බවෙයි කියල තමයි මම මෙච්චර කල් බල බලා හිටියෙ.....ඔහු වයර් සම්භන්ද කරමින් පැවසුවේය.....ඉතින් හම්බවුනාද....මා ඇසුවෙමි.....හම්බවුනා කියල හිතනව.....ඔහු මගේ මුහුනදෙස ආදරනීය බැල්මක් හෙලා කීවේය....සුරන්ජිත් මා ගැන නේද මේකියන්නෙ....මම එහෙම වෙන්නෙ කොහමද....ඒයා කොයිතරම් හොද කෙනෙක්ද.......මම මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල නිමල් කියන නරක වැඩකරපු කොල්ලෙක්නෙ.....ඊට පස්සෙ කෙල්ලෙක් උනාට පස්සෙනෙ මේ තරම්වත් හොද කෙනෙක් උනේ.....මේ සුරන්ජිත්ට වැරදිලා මට ඒ උත්තමාවියට කිට්ටු කරන්නවත් පුලුවන්ද.....මා කල්පනා කරන්ටවුනෙමි.....මොනවද කල්පනා කරන්නෙ.....මම කිව්ව එක වැරදිද....ඔහු ඇසුවේය.....මම කොහොමද කියන්නෙ මම නිමල් වෙලා ඉන්නකොට වැරදි වැඩ කලා කියල......ඒවුනාට අයියෙ මම ගිය ආත්මවල ගොඩාක් වැරදි කරන්න ඇති.....මා නිමල් ගේ ආත්මය ගිය ආත්මය ලෙස හගවා කීවෙමි.....නංගී.... ඕනැ කෙනෙකුට පරන වැරදි ඕනැ තරම් තියෙන්න පුලුවන්....ඒවැ විපාක යථාකලයේ දී හම්බවෙයි....... කල වැරදි අමතක කරල හොද කෙනෙක් වෙන එකයි ශ්රේෂ්ඨකම....අංගුලිමාල මිනී මැරුව ඒත් රහත්වුනා......ඒවුනාට නංගි ඒවගේ නරක වැඩ කරල නෑ....අනිත් කෙල්ලො වගේ නෙවෙයි ඔයාගාව ගොඩාක් හොඳ ගතිගුන තියෙනව....ඒ මම කෙල්ලෙකුගෙන් බලා පොරොත්තුවුන ගතිගුන.....ඔහු පැවසුවේය.
මේක මේ ප්ලග් වල ගහන්න බෑ පොඩ්ඩක් ඉන්න මම මල්ටි පලග් එකක් අරන් එනකල්.....කී ඔහු කාමරයෙන් ගියේය.....ඔක්කොමල කියනව මම හොද කෙනෙක් කියල.....මාව කෙල්ලෙක් උනාට පස්සෙ මේතරම් හොදවුනේ කොහොමද..... මා කල්පනා කලෙමි. සුරන්ජිත් ආපසු පැමින පරිඝණකයට විදුලු බලය ලබා දී එය පනගැන්නුවෙය....ඔන්න නංගි මගේ වැඩේ නම් හරී.....එහි තිරය දෙස බලා කීවෙය. ....මට ඕක වැඩකරන්නනම් තේරෙන්නෙ නෑ....මා කීවෙමි.....ඒව අක්කගෙන් අහගන්න....කී ඔහු.....කාමරයෙන් යන්න ලෑස්තිවූවේය.....ස්තූතියි ...අයියේ මා කීවෙමි.....බලන්න නංගි මේ අක්කගෙ වැඩ.... ඔයයි මායි මේ කාමරේ තනියම ඉන්නෙ කියල හොදටම දන්නවනෙ...නිකමටවත් ඇවිත් බැලුවද....මම කොල්ලෙක් ....ඒත් ගැහැනු ලමයෙකුගෙ චරිතය වටිනව නේද....තරහෙන් මෙන් පැවසූ ඔහු කාමරයෙන් පිටවිය.....සුරන්ජිත් කියන්නෙ මහ පුදුම මනුස්සයෙක් . මෙච්චර අවස්ථාව ලැබිලත් නිකමටවත් මගේ අතින් ඇල්ලුවෙ නෑ. ඒත් එයා මට තියෙන ආදරේ අඩුවෙලත් නෑ....මා කල්පනා කරන්ට වූවෙමි.....මා අක්කගේ කාමරයට ගොස් වැඩ අවසන් බව දැන්වුවෙමි......ඇයි අක්කෙ නිකමටවත් බලන්න නාවෙ....මා ඇසුවෙමි......මගෙ මෝඩිට තේරෙන්නෙ නැද්ද......මට ඔනැවුනේ ඔයදෙන්නව කාමරේ තනිකරන්න.....ඇය සිනහසෙමින් කීවෙමි.....අම්මෝ අයිය හොද කෙනෙක් හින්ද හොදයි....මා කීවෙමි......මම දන්නවනෙ මගෙ මල්ලි අතින් නංගිට කරදරයක් වෙන්නෙ නෑ කියල.....ඒත් ඉතින් ලව් එකට භාදාවක් නෑනෙ....ඇය ඇසුවාය.....මේ ඇත්තමයි කියන්නෙ අක්කෙ අයිය මගේ අතකින්වත් ඇලුවේ නෑ...මා කීවිට....ඔය ඇත්තමද ..පුදුමයෙන් මෙන් ඇසූ ඇය...මූ පුදුම හරකෙක්නේ....කීවාය.
මා අක්කා කැම්පස් ඇරී එනවිට ඇගේ බෑගය අතට ගෙන කාමරයට ගෙන දීම පුරුද්දක් වසයෙන් සිදුකල ක්රියාවකි. මා පලමු වරට සුරන්ජිත් පැමිණි වාහනය දෙසට දිවගියේ ඔහුගේ බෑගය ගැනීමටය.....ඔහු බැගය වාහනයෙන් ගෙන කරේ දාගැනීමට සැරසෙන විට පටියෙන් අල්ලා ගත්තෙමි....මේ මොකද ඔහු පුදුමයෙන් ඇසුවේය....මම ගිහින්දෙන්නම්.....මා කීවෙමි....ඔහු එය මා අතට දී....වෙනදට ගෙනියන්නෙ නෑනෙ....කීවේය....අක්කගෙනම් අරන් යනව....... අයියගෙ ගෙනියන්නෙ අදයි.....මා බෑගය අතට ගෙන කීවෙමි.....හොදයි හොදයි කී ඔහු මගේ කම්මුලින් අල්ලා සෙමින් මිරිකුවේය......
No comments:
Post a Comment