ආත් අම්මාගේ පාඩම 161..............ඔහු මාව අනිකුත් අයට හදුනාදුන්නේ ඔහුගේ නැගනියක් ලෙස බැවින් කිසිවෙක් මට නරක ආකාරයේ නවකවදයක් දීමට ඉදිරිපත් නොවීම සතුටක් විය. එහෙත් ඔහු මට මෙසේ උදවු කිරීමට ඉදිරිපත් වීම ගැටලුවක් විය....චතූ.... ඒ කොල්ල ඔයාගැන බලාපොරොත්තුවක් තියෙනවද දන්නෙ නෑ....නිමන්ති ඇසුවාය...මටනම් එහෙම දෙයක් පෙන්න නෑ අනේ....ඔහු ඇත්තටම මගෙන් කිසිවක් නොඇසීම නිසා මා කීවෙමි...ඇයි අයියෙ ඔයා මේ චතුරිකාට ඔය තරම් උදවු කර්න්නෙ....දිනක් නිමන්තී ඔහුගෙන් ඇසුවේය...ඒකට හේතුවක් තියෙනව....කී ඔහු....මේ චතුරිකා තමයි මේ බැජ් එකේ ලස්සනම කෙල්ල ඒ හින්ද කොල්ලො මෙයා ගැන ඇහැගහගෙන ඉන්නෙ....මේ රැග් සීසන් කාලෙ හින්ද කොල්ලන්ට පුලුවන් මෙයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න. මම හදන්නෙ ඒකෙන් මෙයාව බේරගන්න....ඔහු විස්තර කලේය...ඒ කොල්ල කියන එකත් ඇත්ත චතූ.....ඔයා ටිකක් පරිස්සම් වෙන්න ඕනැ....නිමන්තී පැවසුවාය.
ඔයාගෙ නම චතුරිකා නේද ඇසූ ජේ්‍යෂ්ඨ සිසුවෙක්......ඔයා දන්නවද ඔයාල අර වැඩිපුර කතාකරන කොල්ල කවුද කියල.....අපි ඔහුව ඇසුරු කලත් ඔහුගැන නොදන්නා පැවින්.....දන්නෙ නෑ කීවෙමු.....ඒ තමයි දිසාසේකර ඇමති තුමාගෙ පුතා....සාමාන්‍යයෙන් ඇමති පුත්තු ගැන කතාකරන්න දෙයක් නෑනෙ...හුගක් එවුන් එපාකරපු එවුන් කියල ඔයාල දන්නවනෙ ඒත් මේ සන්ජීව කියන්නෙ ඒ ජාතියෙ එක්කෙනෙක් නෙවෙයි....නැත්නම් එයා මෙහෙට එන්නෙ නෑනෙ.....දිසාසේකර ඇමති තුමත් ජරාවැඩ නොකර නමක් තියාගෙන ඉන්න කෙනෙක්නෙ...මම හිතන්නෙ තාත්ත වගේ පුතත් ඇති.....ඔහු සන්ජීව ගැන විස්තර කරන්ටවිය.
නවක වද කාලසීමාව අවසන් විය. අපිට සාමාන්‍යය පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට හැකිවිය.....දිනක් මා හමුවූ සන්ජීව....චතුරිකා මම ඔයාගෙන් පොඩි දෙයක් අහන්න හිටියෙ....කී ඔහු ඉස්සෙල්ල මම ගැන හදුන්වල දෙන්නම්කො කී ඔහු....මම තමයි දිසාසෙකර ඇමති තුමාගෙ පොඩි පුතා මගෙ අයිය පලාත් සභා ඇමති කෙනෙක්...ඔයාල අහල තියෙනවද දන්නෙ නෑ....ප්‍රභාත් දිසාසේකර...ඒ මගෙ අයිය.....ඔහුගේ පවුලේ විස්තර කී ඔහු....මම දැන් අහන්න ආව කාරනාවට බහින්නම්කෝ...පවසා....මට ඔයාව දැක්ක දවසෙ ඉදන් ලොකු ආදරයක් හිතුන...මට ඕනැ ඔයා මට කැමතිද කියල අහගන්න....ඔහු එසේ ඇසූවිට මට අමුතු බියක් ඇතිවිය...මගෙ සුරන්ජිත්ව අමතක කරල මම කොහොමද මෙයාට කැමතියි කියන්නෙ.....සිතූ මා.....සොරි...අයියෙ දැනටමත් මම කෙනෙකුට ආදරේ කරනව....මම එයාට බදිනව කියල පොරොන්දුවෙලා තියෙන්න....මා කීවෙමි....ශික් මම පරක්කු වුනානෙ කී ඔහු....මට ඉක්මනින් පිලිතුරක් ඕනැ නෑ මේ ගැන ටිකක් කල්පනා කරල බලල උත්තරයක් දෙන්නකො.....කීවේය.
ඔයා හිතපු එක හරි නිමන්ති.....නිමන්තිව හමුවූ විට කීවෙමි.....මොකක්ද....ඇය ඇසුවාය.....අර සන්ජීව මට උදවු කරල තියෙන්නෙ නිකම්ම නෙවෙයි....අද තමයි ඒක දැනගත්තෙ.....මා කීවෙමි...මොකක්ද වුනේ...ආදරෙයි කිව්වද.....ඇය ඇසුවාය....එහෙම එකක් තමයි....මා කිවෙමි....ඉතින් ඔයා කැමතියි කිව්වද... ඇය සිනාසෙමින් ඇසුවාය....පිස්සුද අනේ....සුරන්ජිත් ඉන්දැදි මම කොහොමද එහෙම කියන්නෙ....මා කීවෙමි.....එයා කියනව මට කල්පනා කරල බලල උත්තරයක් දෙන්න කියල...මම කොහොමද එහෙම කරන්නෙ.....මා තවදුරටත් පැවසුවෙමි.
ඔයා මම කිව්ව එක ගැන කල්පනා කලාද....දින දෙකකට පමන පසු සන්ජීව ඇසුවේය....මට එයාව අමතක කරන්න බෑ....මම පොරොන්දුවෙලා තියෙන්නෙ.....මා එසේ කීවිට....එයට සිනාසුනු....ඔහු.....ආපෝ පොරොන්දුද....අපේ තාත්තයි අයියයි කොයිතරම් මිනිස්සුන්ට පොරොන්දු දෙනවද.....පොරොන්දු කියන්නෙ එවෙලෙට කියන වචනයක් විතරයි..එය ගනනකට නොගෙන..කී ඔහු....ඔයා කවද හරි මාව බැන්දොත් ඔයත් මේ රටේ ජනප්‍රිය කෙනෙක් වෙයි....ඔහු පැවසුවේය.
මා ඔහුට කෙසේ පැවසුවත් ඔහු මා පස්සෙන්ම පැමින මට කරදර කරන්ටවිය....බලන්නකො නිමන්ති මේක හරිම ඇනයක් වුනානෙ....මා නිමන්තිතී සමග පැවසුවෙමි....සමහර දිනවල සවස දේසන අවසන් වූවිට මාව රැගෙන යාම සදහා සුරන්ජිත් පැමිනියේය...එදින මා ඔහු පැමිනෙන තෙක් පාර අද්දර සිටියෙමි...සන්ජීව මා අසලට පැමින....ඔය සුරන්ජිත් එනකන් ඉන්න ඕනැ නෑ මාත් එක්ක යමු.....මම ගිහින් බස්සන්නම්.....කීවේය. අනේ සන්ජීව අයියේ මට කරදර කරන්න එපා....එයා දැන් එයි....මා කීවෙමි.එවිටම සුරන්ජිත්ගේ වාහනය මා අසල නැවැත්වීය....මචන් සන්ජීව බොහොම කාලෙකින්නෙ දැක්කෙ.....සුරන්ජිත් ඔහුව හොදින් ඇසුරු කරන කෙනෙක් බව දුටුවේ එම අවස්ථාවේදීය....ඔයා සන්ජීව අදුනනවද.....මා වාහනයට ගොඩවූ පසු සුරන්ජිත් ඇසුවේය....ඔපිට සීනිය අයිය කෙනෙක්නෙ...දැකාම කතා කරනව....මා කීවෙමි....ඔයා දන්නවද ඒ කවුද කියල....ඇසූ සුරන්ජිත් ඔහුව හදුන්වා දෙන්ට විය....එහෙත් මා ඔහු ගැන එතරම් දන්නා බවක් හැගෙවුවේ නැත......පසු දිනක සුරන්ජිත් පැමිනෙන විට සන්ජීව මා සමග කතාරමින් සිටියේය....මා වාහනයට ගොඩවූ පසු ....ඔයා නිතරම සන්ජීව එක්ක කතා කරනවද.....සුරන්ජිත් ඇසුවේය...නෑ අයියෙ මේ වෙලාවට එයත් මෙතෙන්ට එනව.....මා කීවෙමි...ඔයා ටිකක් පරිස්සම් වෙන්න නංගි වැඩිය කතාවට යන්න එපා.....සන්ජීව එහෙම නරක පුද්ගලයෙක් නෙවෙයි වගේ පේන්නෙ...ඒත් නංගී ඔය ඇමතිවරුන්ගෙ පුත්තු ගැන විශ්වාස නෑ....උන්ට සල්ලි තියෙනව බලය තියෙනව....සුරන්ජිත් පැවසුවේය.
No comments:
Post a Comment