ආත් අම්මාගේ පඩම 168............අපේ විනෝදනී නංගි ඇක්සිඩන්ට් වෙලානෙ නංගි .....ඇය එසේ පැවසූ විට කලබලයටත් දුකටත් පත්වූ මා.....මොකක්ද වුනේ හුඟක් අමාරුද.... ඇසුවෙමි...ඊයෙ හවස වෙලා තියෙන්නෙ දැන් අයි සී යූ එකේ ඉන්නෙ....එයාට ලේ දෙන්න වෙලා තියෙනව....ඒ ලේ වර්ගය හොයාගන්න අමාරුලු.....මට ඇහුන අපේ තාත්ත කියනව ඔයාට තියෙන ලේ දෙන්න පුලුවන් කියල......ඒත් ඔයා විනෝදනී නංගි එක්ක හිත හොද නැති හින්ද...මම ඔයාට කියන්න අදිමදි කලා....ඒත් නිකමට හිතුන අහල බලන්න ඕනැ කියල....ඇය පවසන්ට වූවාය...ඒ වෙලාවෙ විනොදනී අක්කට තිබුනු හිතේ වේදනාවටනෙ එහෙම කලේ....මගේ හිතේ එයා එක්ක තරහක් නෑ....කී මා...යමු මම ටක් ගාල ඇදගෙන එන්නම්.....පැවසූ මා ඉක්මනින් කාමරය තුලට යනවිට....මොකක්ද චතුරිකා වෙලා තියෙන්නෙ....බෝඩිමේ ඇන්ටි ඇසුවාය.....අක්ක කෙනෙක් ඇක්සිඩන්ට් වෙලාලු ඇන්ටි මම ඉක්මනට ගිහින් බලල එන්නම්....යනුවෙන් පැවසුවත් ලේ දෙන කාරනය පැවසුවේ නැත. ඉක්මනින් ගවුමක් ඇදගත්මා කොන්ඩය පීරාගෙන සූදානම්වී අක්කා සමග රොහලකරා ගියවිට මාමා සහ නැන්දා රෝහලේ සිටිනුබව දුටුවෙමි. මගේ සිතතුල ඔවුන්ට තිබුනු බිය නිසා ඔවුන් සමග කිසිවක් කතානොකර අක්කා සමග රෝහල ඇතුලට ගියෙමි. අක්කා මාව රැගෙන තාත්තා අසලට ගියවිට.....ඇයි දුවේ මේ ලමයට කරදර කලේ.....තාත්තා ඇසුවේය....ඇයි තාත්තනෙ කිව්වෙ නිංගිට තියෙන්නෙ විනෝදනී නංගිට ගැලපෙන ලේ වර්ගයකියල. ඉතින් මම නංගිට කිව්වම නංගි හා කියල ඉක්මනට මා එක්ක ආව....එවිටම සුරන්ජිත් අපි අසලට එනුදුටුවෙමි.....ආ චතුරිකා නංගිත් ඇවිල්ලනෙ.....ඔහු ඇසුවේය...අක්ක මේ නංගිව ලේ දෙන්න එක්ක ඇවිල්ලනෙ....චතුරිකාගෙ ලේවර්ගය හරි කිව්වට ලේදෙන්න එක්ක එන්න කිව්වෙ නෑනෙ....අක්ක එයාවත් එක්ක ඇවිල්ල....තාත්තා කීවිට.....ආ ඒවැඩේ හරි අක්කෙ....අපේ අයිය දන්න එක්කෙනෙක්ව ඒ වැඩේට සම්බන්ධ කරල දුන්න....සුරන්ජිත් පැවසුවේය....ඇයි මගෙන් ලේ එපාද......ඇයි මාව අයින් කලේ.....මා දුක්බරව ඇසුවෙමි.....අපි ඔයාව අයින් කලේ නෑ දුව දුවගෙ අත තාම සනීප නෑනෙ.....ඒ හින්ද දුවගෙන් ලේගන්න එක එච්චර හොදනෑ....ඔහු පැවසුවේය....අපරාදෙනෙ...විනෝදනී අක්ක වෙනුවෙන් මට ලේටිකක් දෙන්න බැරිවුන එක....මා අක්කාට පැවසුවෙමි......ඔයාට මෙච්චර හතුරු කම් කරලත් ඔයා ඇයි විනෝදනී අක්කට ලේටිකක් දෙන්න බැරිවුන එකට ඔච්චර දුක් වෙන්නෙ.....සුරන්ජිත් ඇසුවේය.....මල්ලි....මේ චතුරිකා නංගි ගැන මම මල්ලිට වඩා හොදට දන්නව....මෙයා ඔය හතුරුකම් හිතේ තියාගෙන ඉන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි.....අක්කා කීවිට.....දුව ආව එක ගැන මම ගොඩක් ස්තූතිවන්තවෙනව..ඔයා දුක් වෙන්න එපා ඔයා හිතාගන්න ඔයත් අක්කට ලේදුන්න කියල.....තාත්තා මගේ හිස අතගාමින් පැවසුවේය. සුරන්ජිත් අසලට පැමිනි මාමා....දැන් හරිද පුතේ.....ඇසුවේය....මාම බයවෙන්න එපා දැන් ලේ වැඩේ හරි....එක්කෙනෙක් දෙනව....මේ නංගි ඇවිත් තියෙන්නෙත් ලේ දෙන්න තමයි.....මාව පෙන්වා පැවසුවේය......මේ දුව.....මාමා මාදෙස පුදුමයෙන් මෙන් බලා ඇසුවේය....මාමේ මාමල කොහොම හිතාගෙන හිටියත් මේ චතුරිකා කියන්නෙ ඔය තරහ හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.....අක්කා එසේ කීවිට....ඒක ඇත්ත දුවේ....අපේ විනෝදනී ඔයාලට එදා කරපු වැඩේට ඔයාල කවුරුවත් එයාට බලන්නෙ නෑ.....නැන්දා දුක්බරව පවසනු දුටුවෙමි.
මාව නැවත නවාතැන වෙත ගෙනත් ඇරලූ අක්කා ආපසු ගියාය. කොහොමද දුවේ ලෙඩාට....ඇන්ටි ඇසුවාය.....ටිකක් අමාරියිලු ඇන්ටි....එයාට ලේදෙන්න ඕනැ වෙලා කියල තමයි මාව එක්ක ගියෙ....ඒත් ඕනැවුන්නෙ නෑ......මා පැවසුවෙමි....ඔයාගෙන් ලේ ගන්න.....පුදුමයෙන් මෙන් ඇසූ ඇය....ඇයි එයාලට වෙන කවුරුරුත් නැද්ද..... අසා....එයාලට ඕනැ තරම් නෑදෑයො ඉන්නව ඔයාට තමයි කවුරුවත් නැත්තෙ....ඕවට ගිහින් ඔයාට කරදරයක් වුනොත් ඔයාව බලාගන්න ඉන්නෙ කවුද.....ඇය ඇසුවාය....මට ඉතින් කවුරුවත් නැති හින්ද මම මැරුනත් අඩන්න කෙනෙක් නෑනෙ ඇන්ටි ඒහින්ද ගැටලුවක් නෑ....මා සිනාසෙමින් කීවිට....මොනවද ඔය කියන්නෙ....ඔය නරක කතා කියන්න එපා.....ඇය මට සැරෙන් මෙන් කීවාය.
දින කිහිපයකින් විනෝදනී අක්කා සුව අතට හරුනු බව නවාතැනට පැමිනි සුරන්ජිත් ගෙන් දැනගැනීමට ලැබුනි. මා ඇයව බැලීමට නොගියේ මාව දැකීමෙන් ඇයට තරයයි යන සැකයෙනි. එසේ වුවහොත් ඇයගෙ අසනීප තත්වය තවත් වැඩිවියහැක .............. නංගිට මට තව දුක්බර දෙයකුත් කියන්න තියෙනව.....මේකට ඔයා හිත කලබල කරගන්න එපා...... එදින සුරන්ජිත් කීවේය ...ඒ මොකක් ගැනද....මා ඇසුවෙමි.....අපේ කසාදෙ ගැන..... දුකෙන් මෙන් කී ඔහු.....ඒකට අපේ ලොකු අම්ම මැද්දට පැනලනෙ.....එයාලගෙන් වැඩක් නෑනෙ.....එදා තාත්ත කිව්වනෙ ඉක්මනට කසාදෙ කරමු කියල.....මා කීවෙමි.....එයත් දැන් ලොකු අම්ම කියන එක හරි කියල පිලිඅරගෙන.....ඔහු කීවේය.
No comments:
Post a Comment