නිමල් මියගියා.....ඔහුගේ මලගම අද දින උදෑසන පැවැත්වීය. ආදහනය කලේ ඔහු ජීවත් වූ නිවසේ මුලුතැන් ගෙය තුලදීය....මලගමට සහභාගී වූවේ චතුරිකා නැමැති ඔහුගේම නිවුන් සොහොයුරිය පමනි. මෙය චතුරිකා පමනක් දන්නා අභිරහස් මරනයකි. එය කිසිම කලක කිසිවෙකුටවත් හෙලිනොවන අභිරහස් මරනයක් බව දන්නෙ ඔහුගේ නිවුන් සොහොයුරිය පමනි..සිතමින්.. ගලායන සිසිල් ජල ධාරාවෙන් දිය දෝතක් ගෙන මුහුන සෝදාගත්තෙමි....මම දැන් බය නෑ මාව දැන් කවදාවත් නිමල් වෙන්නෙ නෑ.....නිමල් වෙන්න හිතුවත් එහෙම කරගන්නත් බෑ....මාත් දැන් අනිත් කෙල්ලොවගේමයි.....මා අතින් දියගෙන ඈතට විසිකරමින් සතුටින් සිනාසුනිමි.
මට දැන් සැගවීමට දෙයක් නැත. මේ නිසා මා ආපසු යනවිට භාවිතා කලේ නියම අඩිපාරය....මා ටිකදුරක් යනවිට පිටුපසින් කිසිවකු කතාකරනු හඬ ඇසුනි.....මා පිටුපස බැලුවෙමි.....මේ අපේ පුංචි නෝනනෙ....මම මේ කවුද කියල බැලුව ඇය මාදෙසට ඉක්මන්ගමනින් ලගාවෙමින් කීවාය. ඇය කිරි කපමින් සිට ඇතිබව ඇය ඇදසිටි චීත්තයෙන් දුටුවෙමි....ඔට්ටුපාලු එකතු කරන මල්ල ඉනේ රදවාගෙන සිටියාය......මම මේ පැතෙ පොඩ්ඩක් බලල යන්න ආව නැන්දෙ මා කීවෙමි.....තව කවුද ආවෙ.... ඇය ඇසුවාය....මම තනියම ආවෙ....මාකීවිට....පුදුමයෙන් මෙන් ඇස්ලොකුකර බැලූ ඇය.....අනේ පුංචි නෝනෙ ඇයි තනියම ආවෙ.....කවුරු හරි එක්කගෙන එන්න එපායෑ....ඇය කීවාය.....ඕනැ නෑ නැන්දෙ...මෙහෙ මගේ පුරුදු ගෙදරනෙ........අනික මම මේදවස්වල ඉන්නෙ නිමන්තිලගෙ ගෙදර ඒකයි එන්න හිතුනෙ......මා කීවෙමි.....ඒවුනාට දැන් මෙහෙ පාලුනේ පුංචි නෝනේ ....තනියම එන්න ඕනැ තැනක් නෙවෙයිනේ....ඇය කීවාය.
ඇය මාව ඇගේ නිවසට කැදවා තේ සාදා දුන්නාය....නැන්දෙ එක එක්කෙනගෙ ගෙවල් වල ඉන්නවට වඩා මට හිතුන මෙහෙ ඇවිත් නවතින්න.....මා තේ පානය කරන අතර තුර කීවෙමි......අනේ පුංචි නෝන පුංචි නෝනට මෙහෙ තනියම ඉන්න බෑනෙ.....ඇය කීවාය......නැන්දත් එන්නකෝ...එතකොට හරිනෙ.....මා කීවෙමි....ලොකු නෝන ඉන්න කාලෙ වගේ නෙවෙයි පුංචි නෝන දැන්.....ඒ කාලෙ ලොකු නෝනගෙ හයිය මෙහෙ තිබුන... ඒ හින්ද මෙහාට එන්න කවුරුත් බයවුනා....ඒත් දැන් එහෙම නෑනෙ පුංචි නෝන.....ඇහැට කනට පේන ගැහැනු ලමයෙක් මේවගෙ තැනක තනියම ඉන්නව කියන එක ප්‍රශ්නයක්නේ.....මා මෙහෙ පැමිනීම අවදානම් බව ඇගේ කතාවෙන් තේරුම්ගත්තෙමි. මම යන්නම් නැන්දේ....කියමින් මා මිදුලට බැස්සෙමි....එහෙනම් පුන්චි නෝන පරිස්සමින් යන්න තව ගස්ටිකක් තියෙනව ඒටික කපල එනව.....ඇයද ගෙදර දොර වසා පිටත්වූවාය.....මා නැවත නිවසතුලට ගියේ තවත් කලයුතු කාර්යක් සිහිවීම නිසාය.....මා නිමල් කල ඇන්ද සියලුම පිරිමි ඇදුම් එකතුකරගත්තෙමි......මට දැන් කිසිම දිනක මේවා පාවිච්චිකිරීමට නොහැකිබව දන්නා මා ඒටික කුස්සිය පැත්තේ තිබුනු කුනු ගොඩට ගොඩගසා ගිනි තැබුවේ මරා දැමූ නිමල්ගේ අවසාන සාක්කි කිහිපයද විනාස කිරීමේ අරමුනෙනි.....ගිනි ගොඩ ඇවිලී අවසන්වීගෙන එනවිට දොරවල් වසා දැමූ මා හෑන්ඩ් බෑගය කරේ එල්ලාගෙන නිමන්තිලාගේ නිවස දෙසට ගමන් කලේ චතුරිකාගේ ජීවිතය ස්ථීර කරගනිමිනි.
No comments:
Post a Comment