Wednesday, June 13, 2018

ආත් අම්මාගේ පාඩම 143...........සුරන්ජිත් පොරොන්දු වූ පරිදි ඉරුදින ප්‍රියසම්භාශනය පැවැතුනු අතර එයට නිමන්තී සමග ඇගේ දමාපියන්ද පැමිණ සිටි අතර මගේ පාසැල් යෙහෙලියන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියෝය......අපි කාබී ගීතගයමින් විනෝදවුනෙමු.....මගේ ගායනා කිහිපයක් ඇසූ යෙහෙලියන්....අපි මෙච්චරකල් දැනගෙන හිටියෙ නෑනෙ චතුරිකාට හොදට සින්දු කියන්න පුලුවන් කියල....යෙහෙලියන් මට සුබපතමින් පවසන්ට විය.....දූල දන්නෙ නෑනෙ....චතුරිකාට පුලුවන් දේවල්....එය අසා සිටි අම්මා කීවාය.....මොනවද ඇන්ටී....ඔවුන් අසන්ටවිය.....චතුරිකාට හොදට උයන්න පුලුවන් කැවුන් කොකිස් වගේ කෑම ජාති හදන්න පුලුවන් හොඳට මහන්න පුලුවන්....අම්මා කියාගෙන ගියාය....අපි මෙච්චරකල් චතුරිකාව ආස්සරේ කලා ඕව පුලුවන් කියල දන්නෙ අදනෙ....කොහේද ඉතින් දැනගන්නෙ... මෙයා මොකුත් දන්නෙ නැතිගානටනෙ හිටියෙ.....ඔවුන් පවසන්ට විය.
                 නිල්මිනි අක්කාගේ මංගල්‍යයද ලංවිය  අපි දින දෙකකට පෙර නුවර ගියෙමු.....නිවාඩු නොමැති බැවින් ලොකු අයියා මංගල්‍යය දිනයට පමනක් සහභාගී වනබව පවසා නිවසේ නතර විය. අපි ගියේ සුපුරුදු පරිදි තාත්තාගේ පැජරෝ රථයෙනි....මෙච්චර දුරක් වාහන පදවාගෙන ඒමට අම්මා අකමැති වූ බැවින් අක්කා සහ සුරන්ජිත් ඔවුන්ගේ වාහන නිවසේ නතරකර ඒමට සිදුවිය. මෙම රථයද පැදවූවේ තාත්තාගේ රියදුරු මාමාය. දහවල් දොලහ පමන වනවිට නිවසට ළඟා වුනෙමු....සුරන්ජිත් සිටින බැවින් සුරනිමල ගැන මට බියක් නොතිබුනි....පෙර පරිදි මටත් අක්කාටත් වෙනම කාමරයක් ලැබුනු අතර සුරන්ජිත් සුරනිමල ගේ කාමරයේ නතර විය.......නාන කාමරයට ගොස් නාගත් අපි ඇදුම් ඇදගෙන කෑමට ගියෙමු.....සුරන්ජිත් සුරනිමල සමඟ කතා කරමින් වෙනම ස්තානයක වාඩිවී කෑම කනු දුටුවෙමි.
                     සවස් වීගෙන එන වෙලාවට මෙම පරිසරය ඉතාමත් සිත්ගන්නා සුලු බව දන්නා මා අක්කා සමග මිදුලේ බැංකුවෙන් වාඩිවුනෙමි.....ටික වෙලාවක් ගතවිය සුරන්ජිත් අපි සිටි ස්තානයට පැමින.....ඈත කදුකරය දෙස බලා සිටිනු දුටුවෙමි.....නිල්මිනි අක්කා අපේ අක්කට අඩගැසූ බැවින් මා  අසලින් ඉවත් විය.....සුරන්ජිත් සිටින බැවින් මා එතැනම සිටියෙමි.....එකවරම මගේ දෑස් කවුදෝ වැසූ බැවින් මට කිසිවක් නොපෙනුනි....මොකක්ද අක්කෙ කරන්නෙ....මා වැසූ අත් අතගාමින් කීවෙමි....එහෙත් ඒවා අක්කාගේ සිනිදු අත් නොව තරමක් ගොරෝසු බව දැනුනු මා....කවුද ඔය මා හයියෙන් කීවෙමි.....මොනවද මල්ලි ඔය කරන්නෙ ගන්නව අත අහකට.....සුරන්ජිත් බනිනු ඇසුනි....ඔහු මගෙ ඇස් අතහැරියේය....මේ මල්ලි ඕවගෙ වැඩ කරන්න එපා හරිද.....සුරන්ජිත් බනින විට ඔහු සිනාසෙනු දුටුවෙමි.....අයියට කෙල්ලො ඇලජික් උනාට මට එහෙම එකක් නැනෙ...කී ඔහු තවදුරටත් සිනාසුනේය.... නංගි ඔයා යන්න ගේ ඇතුලට....සුරන්ජිත් කීවේය.....නිවස තුලට ගිය මා අම්මා සොයාගෙන ගොස් ඇගේ උකුල මත වාඩිවී සුරන්ජිත් මොනව කියනවාද යනුවෙන් කල්පනා කලෙමි....දැන් නංගිට සුරතල් කරන්න පොඩි බබාල නැතිවුනාට ලොකු බබෙක් ඉන්නව නේද....ලොකු අම්මා සිනාසෙමින් කීවාය......මෙයා මට පොඩි බබෙක් වගේ තමයි.....අම්මා මාව තදින් තුරුලු කරගෙන මගේ මුහුන සිපගනිමින් කීවාය. සුලු වෙලාවකින් සුරන්ජිත් මට අතින් සංඥා කර අඩගසනු දුටු මා ඔහු අසලට ගියෙමි.....නංගී මේ ගෙදර තනියම එහෙම ඉන්න එපා හැම තිස්සෙම අපේ ගෙදර කවුරුහරි ගාවින් ඉන්න....ඔහු එසේ පැවසුවේ සුරනිමලගේ ගතිගුණ ගැන දන්නා නිසායයි මට සිතුනි.
               පසුදින පාන්දර වෙනදා මෙන් අවදි වූවද එලියට යෑමට බියක් දැනුනි....සෙමින් දොර ඇරිය මා සෙමින් සෙමින් ස්තෝප්පුව දෙසට ගමන් කලෙමි.....දුව අදත් උදෙම්ම ඇහැරිලා වගේ....ලොකු අම්මා ඇසුවාය....මම ඉතින් මේවෙලාවට ඇහැරෙනවනෙ ලොකු අම්මෙ....මා කීවෙමි....සුරන්ජිත් පුතත් එලිය පැත්තට ගියා.....ලොකු අම්මා කීවාය.....සුරනිමල අයියත් එක්කද....මා එසේ ඇසුවේ ඔහු සිටිනවාදැයි දැන ගැනීම සඳහාය. ....අපෝ එයා ඇහෙරෙන්න තව වෙලා තියෙනව....ඇය පැවසූ විට මගේ බිය තරමක් දුරට පහවිය.... මා ස්තෝපුව දෙසට ගොස් මිදුල දෙස බැලුවෙමි.....කලුපැහැති ජර්සියක් ඇදගෙන සිටි සුරන්ජිත් කදුකරය දෙස බලමින් සිටිනු දුටුවෙමි.......අපේ මල්ලි මෙහෙ ආව දාටත් නංගි වගේම මේ වෙලාවට මෙතැන ඉදගෙන ඈත බලාගෙන ඉන්නව.....ගියවර අක්කා පැවසූ දේ සත්‍යයක් බව මට වැටහුනි......මා සීතලේ ගැහෙමින් සෙමින් සෙමින් ඔහු අසලට ගියෙමි.....ආ ඔයත් ආවද.....සුරන්ජිත් මාදෙස බලා ඇසුවාය.....අක්ක කිව්ව එක ඇත්ත.....මා කීවෙමි.....මොකක්ද.....ඔහු ඇසුවේය.....ඉස්සෙල්ල දවසෙ මෙහෙ ආපු දවස්වල මමත් මේවෙලාවෙ අයිය වගේම මෙතෙන්ටවෙලා අර ඈත පේන කදුකරය දිහා බලාගෙන හිටිය.....එතකොට අක්ක කිව්ව සුරන්ජිත් අයියත් මම වගේම මේ වෙලාවට මෙතෙන්ට වෙලා ඉන්නව කියල....මා කීවිට....අද සුරන්ජිත් අයිය මෙතැන ඉන්නව කියල දන්න හින්ද ඔක්කොටම හොරෙන් මෙතෙන්ට ආව.....ඔහු සිනාසෙමින් කීවේය.....මා කිසිවක් නොකියා ලැජ්ජාවෙන් ඇඹරුනෙමි....මේ වෙලාවට මෙතෙන්ට වෙලා ඉන්න කොට මුලු ලෝකෙම අමතක වෙලාවගේ හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.....ඔහු කීවේය.....මටත් එහෙමයි අයියේ.....මා කීවෙමි.....මට තියෙන ලෙඩේමනෙ නංගිටත් තියෙන්නෙ.....කී ඔහු සිනාසුනේය.....එක සිත දෙතැනක නතර වුනාම එහෙම වෙනව ඇති අයියෙ.....එකසිත දෙතැනක නතරවෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලගයි මගේලගයි.....මා ගීතය සෙමින්කීවෙමි.....මම මේ කල්පනා කලේ නංගී අපි දෙන්නත් සංසාර ගනනක ඉදන් පතාගෙන එන දෙන්නෙක්ද කියල.....මගෙ අදහස් මයි ඔයාගෙත් තියෙන්නෙ...මම ආස දේවලට තමයි ඔයත් ආස.....ඔහු කීවේය.....කොහොමද එහෙම කියන්නෙ.....මා ඇසුවෙමි......ඔයා දන්නෙ නැතිවුනාට මේ කාලෙ තුලදි ඔයාගැන ගොඩක් දේවල් මම දැනගත්ත....කන්න කැමති ඒව කියන්න කිව්වත් ඔයා කියන්නෙ මම කැමති දේවල්මයි.....එහෙනම් ඒක තමයි මෙයා මාව පන්ති ඇරිල එක්ක එනකොට කෑම කඩ ගාව නවත්වල කන්න කැමති ඒව කියන්න කිව්වෙ....මම කියල තියෙන්නෙ සුරන්ජිත් කැමති ඒවමනෙ.....මේකනම් හරිම පුදුමයි.....මා කල්පනා කලෙමි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: