ආත් අම්මාගේ පාඩම 139.............පිටත් වීමට සූදානම් වී සියලු දෙනාටම වැන්ඳ මා සුරනිමලට වැන්දේ වදින්ට උවමනාවට මිස කිසිම ගවුරවයකින් නොවේ....අපි ගෙදරට පැමිනෙනවිට අඳුරු වැටී තිබුණි...... පැමිණි විගස අපි ඉදිරියට පැමිණි සුරන්ජිත්.....රෑවෙනකොට මට හිතුනෙ අදත් එනැකක් නෑ කියල ...මම පාලුවෙන් හිටියෙ අම්මේ......එයට මද සිනාවක් පලකල අම්මා.....අයිය තාම ආවෙ නැද්ද ඇසුවාය....තාම නෑ අම්මෙ දැන් එයි...කී .ඔහු අපි පැමිනීම නිසා සතුටින් සිටිනබව දුටුවෙමි......පාලු අපි නැති එකටද නංගි දකින්න නැති එකටද.....අක්කා ඔහුට පමනක් ඇසෙනසේ ඇසුවාය....කිසිවක් නොකියා සිනාසෙනු ඔහු.....මගේ නහය මිරිකුවේය....මා කාමරය තුලට යන්ට පෙර අනිත් සැම්දෙනාම කාමර තුලට යනුදුටුවෙමි. මා කාමරයේ දොර අරිනවාත් සමගම සුරන්ජිත් මගේ අතින් අල්ල ගත්තේය...ඔයා නැතුව හරිම පාලුවෙන් හිටියෙ. එක්ස්සෑම් තිබුනෙ නැත්නම් මාත් එනව....කී ඔහු මගේ අත ආදරයෙන් සිපගත්තේය. මට ඔහුගේ පපුවට තුරුලුවී ආදරය ලබාගැනීමට සිතුනත් කවුරු හෝ දකිවී යන සැකය නිසා ඔහු දෙස ආදරයෙන් බලා කාමරය තුලට ගියෙමි....ඇදුම් මාරුකරගත් මා නාගෙන අක්කාගේ කාමරය තුලට ගියෙමි. නංගි නෑවද....මගේ තෙත්වූ කොන්ඩය දෙස බලා ඇසූ අක්කා....මේවෙලාවට නෑවම කොන්ඩෙ වේලෙනව පරක්කුයි...නංගිට හෙම්බිරිස්සාව හැදෙයි..කී ඇය.....මමනම් ඇගහෝදගත්ත....පැවසුවාය....
අපිට තව සති දෙකකින් පමන ලොකු අම්මාගේ නිවසට යෑමට තිබුනේ ඇදුම් ඇද බැලීමටය. මා ලොකු අම්මාගේ නිවසට යෑමට කැමැත්ත තිබුනත්. සුරනිමලගේ හැසිරීම නිසා එහි යෑමට අකමැති බවක් හිත තුල ඇතිවිය...අක්කෙ අපිට දැන් ඇදුම් වල පිටෝන් බලන්න යන්න තියෙනව නේද ඇසුවෙමි.....තව සතියක් විතර තියෙනවනෙ නංගි පනිවිඩයක් එවුවහම යමු....අපිට උදේ ගිහින් හවසට එන්න බැරිද අක්කෙ....මා ඇසුවේ එහි නැවතීම ගැටලුවක් වේ යයි සිතුනු නිසාය.....මොකද හදිස්සියෙ එන්නෙ දවසක් දෙකක් ඉදල එමු.....අක්කා කීවිට....කමක් නෑ මේ සැරේ ගියාම අක්ක හරි අම්ම ගාවින් හරි නිතරම ඉන්නව....මා කල්පනාකලෙමි.....මොකද කල්පනා කරන්නෙ....ගෙදර දාල යන්න බැරිද.....අක්කා සිනාසෙමින් ඇසුවාය.....එහෙම එකක් නෙවෙයි අක්කේ...නිකන් ඇහුවෙ....සුරනිමලගේ කතාව නොකියා එසේ කීවෙමි.....අපේ මල්ලිගෙ එක්සෑම් ඉවරවෙන්නෙ කවද්ද දන්නෙ නෑ....ඒ වෙනකොට ඉවර වුනොත් එයාවත් එක්කයන්න පුලුවන්. එතකොට දෙන්නටම ගැටලුවක් නෑනෙ....අක්කා කීවිට.....අනේ එහෙමනම් ලොකුද්යක්නෙ....එයා මා ගාව ඉන්නවනම් සුරනිමල නෙවෙයි සුරනිමල යෝදය ආවත් මම බය නෑ....මා කල්පනා කලෙමි.
ගැහැනිය ශාරීරික ශක්තිය අතින් ඉතා දුරවල බව ශක්තිමත් පුරුෂයෙකු ලෙස කලක් ජීවත්වී ගැහැනු ලමයෙකු බවට පත්වූ මට තේරුම් ගිය කරුනක් විය. ඒවාගෙම ඕනැම මොහොතක පිරිමියෙකු අතින් කරදරයකට පත්විය හැකිය. එවන් ගැහැනියකට විශ්වාසවන්ත පිරිමියෙකු ඇගේ ආරක්ශාවට සිටිය යුතු බව මගේ හැගීමවිය. සුරන්ජිත් යනු මට සිටින එකම ආරක්‍ෂකයා බව කල්පනාකල මා. ගැහැනු අපි නිතරම එවැනි පිරිමින්ට ගරුකිරීම ගැහැනු කමේ වැදගත් අංගයක් බව සිතන්ට වුනෙමි. ගැහැනු කම ලැබූ මා නිතරම සුරන්ජිත්ට කීකරු වියයුතුය. ඔහුගේ වචන ඉක්මවා නොයායුතුය....එහෙත් ඔහු අතින් වැරැද්ද වූ විට එය පෙන්වා දියයුතු බව....යසෝදරා චරිතය කියවීමෙන් පසු මා තේරුම් ගත් කාරනා කිහිපයක් විය.
අපේ ඇදුම් මසන්ට දී දැනට සති තුනක් පමන විය....ඇයි අක්කෙ තාම අපේ පිටෝන් බලන්න අඩගැහුවෙ නැත්තෙ.....අයියෝ නංගි මට තව පොඩ්ඩෙන් අමතක වෙනව....මතක් කරපු එක ලොකු දෙයක්....එන ඉරිද එන්න කිව්වනෙ.....තෑන්ක්ස් ...නංගී .....කී ඇය දැම්ම අම්මට කියන්න ඕනැ....පවසා ඉක්මනින් අම්මා අසලට ගියාය.....අම්මෙ ලබන ඉරිද අපිට නුවර යන්න වෙනව පිටෝන් බලන්න තියෙන්නෙ එදාට.....අම්මාට කීවාය....මේ නංගි මතක් කලේ නැත්නම් මට අමතක වෙනව...ඇය මාව පෙන්වා කීවාය. ඉතින් දුවෙ යන්න ඔනැනෙ එදාවගේ සෙනසුරාදා යමු....අම්මා කීවාය. නුවර ගමන සදහා සුරන්ජිත් එක්කරගෙන යා හැකිදැයි දැනගැනීම සඳහා මා ඔහුව මුනගැසුනෙමි. ....අයියෙ අයියගෙ එක්සෑම් එකට තව කල් තියෙනවද....මා සුරන්ජිත්ගෙන් ඇසුවෙමි.....ලබන සතියෙ පටන්ගන්නෙ....කී ඔහු ඇයි මොකටද.....ඇසුවේය.....එහෙනම් අයියට මේසැරෙත් නුවර යන්න බැරිවෙනව....මා දුක්බරව කීවෙමි. .....ඇයි ආයෙමත් නුවර යන්නෙ..... ඔහු ඇසුවේය......අපි දුන්න ඇදුන් වල පිටෝන් බලන්න ඕනැනෙ අයියෙ....මා කීවිට.....මට එන්න බැරිවුනාට කමක් නෑ ඔයාල ගිහින් එන්න....කීවේය.
ගියවර මෙන් මෙම සෙනසුරාදා දිනයේ අපි නුවර ගියෙමු...ලොකු අම්මාගේ නිවසේ හිටියත් මා නිතරම අක්කා හෝ අම්මා සමග සිටි නිසාත් මා ඔහුව ගනන් නොගැනීමත් නිසාත් සුරනින්මලට මා සමග වචනයක් වත් කතකිරීමට නොලැබුනි. ඉරිදා උදේ අපි ඇදුන් මහන ස්ථානයට ගිය අතර මා පලමු වරට හැට්ටයක් ඇද බැලුවේ එදිනය....ගවුම් සහ ස්ක්ර්ට් මෙන් නොව එය ඇඟට තරමක් තද බව තේරුනත් එම ඇදුමට මා බෙහෙවින් ඇලුම් කලෙමි. උදේ වරුවේ එම කටයුත්ත අවසන් කල අපි සවස ගෙදර පැමිනියෙමු.
නිල්මිනි අක්කාගේ මංගල්‍යයට සති දෙකක් පමන තිබියදී අපේ උසස් පෙල ප්‍රතිඵල නිකිත් වී ඇතිබව ආරංචි විය....මේ වනවිට සුරන්ජිත් අයියාද අවසන් විභාගයෙන් පසු සිටියේ ගෙදරය...නංගි හෙට නේද ප්‍රතිඵල නිකුත්වෙන්නෙ.....ඉස්කෝලෙට ගිහින් බලන්න ඕනැනේද....සුරන්ජිත් අයියා මගෙන් ඇසුවේය....ඔව් අයියෙ යන්න ඕනැ....හෙට අක්කත් එක්ක යන්න පුලුවන්නෙ....මා කීවෙමි......ඇයි අක්ක එක්ක යන්නෙ ....මාත් එක්ක යන්න බයද.....ඔහු ඇසුවේය....අනේ නෑ අයියේ....අයියට කරදරක්ද දන්නෙ නැති හින්ද කිව්වෙ....මා පැවසුවෙමි.....මොන කරදරයක්ද නංගී මාත් ගෙදර ඉන්න එකේ යමු..... ඔහු කීවේය.....එහෙත් අයියා පිරිමියෙකි අම්මා ගේ අවසරය නොමැතිව එසේ යෑම නොසුදුසු බව කල්පනා කල මා මේ බව අම්මාට කීවෙමි.....යන්න දුව අයියත් එක්ක ගිහින් බලාගෙන එන්න.....අයියත් නිකන් ඉන්න එකනෙ....ඇගේ අවසරය ලැබුනි.....
No comments:
Post a Comment