Monday, June 25, 2018

ආත් අම්මාගේ පඩම 165.............මා නැවත ඇස් අරිනවිට ඇඳක් මත නිදාසිටින අයුරු දැනෙන්ටවිය. දෑස් විවරකර බලුවත් කොහේ සිටීදැයි කල්පනාවක් නොමැත. බෙල්ල තරමක් ඇලකර බැලුවෙමි. අතට සේලයින් බටයක් සවිකර තිබුනු අතර කපාගත් අත වෙලා තිබුණි. මා අසල්ට පැමිණි සාත්තු සේවිකාවක් මගේ කම්මුලට තට්ටු කලාය මා දෑස් හොඳින් විවුර්තකර ඇය දෙස බැලුවෙමි....මොකක්ද නංගි මේ කරගත්ත මෝඩවැඩේ...ඇය ඇසුවාය.....මම මේ කොහේද ඉන්නෙ...ඇයි අක්කෙ මට මැරෙන්න දුන්නෙ නැත්තෙ.....මා සෙමින් ඇසුවෙමි. ඉන්න ඔයාගෙ ගෙදර අය ඇවිත් ඉන්නව මම කතාකරන්නම්....ගෙදර අය?.....ප්‍රශ්නාර්තව ඇසූ මා.....මට කවුරුවත් නෑ අක්කෙ... කීවෙමි. මා දෙස බලා සිනාසුනු ඇය.....කාමරයෙන් පිටව ගියාය. සුලු මොහොතකින් අම්මා සහ අක්කා සමග සුරන්ජිත් මා අසලට පැමිනෙනු දුටුවෙමි. ඔහු අසල සංජීව සිටිනු දුටු මට පුදුමයක් සහ බියක් ඇතිවිය.ඒ සමගම තාත්තා තවත් වෛද්‍යවරයෙකු සමග පැමිනි නිසා ඔවුන් පිටුපසට වෙනු දක්නට ලැබුනි. අම්මා වරින් වර ඇගේ ඇස්වලට උනන කදුලු ඇය ඇදගෙන සිටින සාරි පොටෙන් පිසදමන අයුරු දුටුවෙමි.....කොහොමද දුවේ.....තාත්තා ඇසුවේය....අත ටිකක් රිදෙනව ඩොක්ට.....ඇඟිලි හොල්ලන්මවත් බෑ වගේ....මා කීවෙමි....අනිත් වෛද්‍යවරයා මගේ ඇගිලි අල්ලා පරීක්ෂා  කරන්ටවිය.තාත්තාද ඒවා අල්ලා ඔවුන් දෙදෙනා ඉංග්‍රීසියෙන් කතා කලත් අමුතු වචන නිසා මට ඒවා තේරුම් ගැනීමට නොහැකිවිය.....බයවෙන්න දෙයක් නෑ දුවේ ඒක හොදවෙයි....තාත්තා කීවාය....ඔවුන් තරමක් ඈත්වනවිට මා අසලට පැමිනි අම්මා ......මොකක්ද මගෙ දුවේ මේ කරගත්තෙ.... අඩන්ට වූවාය....ඇයි මැඩම් මාව බේරගත්තෙ....මා පලමුවරට ඇයට මැඩම් යනුවෙන් අමතා ඇසුවෙමි....මමනම් හිතුවෙ නෑ නංගි මේවගෙ දෙයක් කරගනී කියල....අක්කාද අඩන්ට වූවාය.....ඔයාල අඩන්න එපා මිස් මම ඔයාලගෙ කවුරුවත් නෙවෙයි.....මා කීවෙමි.....අපි ඔයාව නිකරුනේ සැකකලා චතුරිකා.....සුරන්ජිත් මගේ නලලට අතගාමින් පැවසුවේය....මචං සුරන්ජිත්.... මේ චතුරිකා කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි....උඹට මේවගෙ එක්කෙනෙක් ආයෙ හම්බවෙන්නෙ නෑ....සංජීව පවසනු අසා සිටි මා.....ඒකද සංජීව මම කැමති නෑ කියද්දි මට කරදර කර කර මගේ පස්සෙන් ඇවිත් අන්තිමේදි මාව පැහැරගෙන ගියේ....උඹ මගෙ ඇගට නිකන් හරි අත තිබ්බනම් මම මේව කියන්න මෙතැන ඉන්නෙ නෑ මෙලහකට මැරිල...මා හඬමින් පැවසුවෙමි....ඒකට මට සමාවෙන්න නංගි මම මීට පස්සෙ ඔයාට කරදරයක් වෙන්න ඉඩතියන්නෙ නෑ....මචන් මම දුරදිග හිතන්නෙ නැතුව කල මේ වැඩේට සමාවෙයන්.....ඔහු සුරන්ජිත්ගෙන්ද සමාව ඉල්ලනු දුටුවෙමි.....ලස්සනට හිටපු අපිව බේදකරල සමාවගත්තට වැඩක් නෑ ...ඔයාලගෙ ධනය බලය තිබුනට ආදරය කියන එක එහෙම ගන්න බෑ සංජීව .......මා කීවෙමි. දැන් ඕව අමතක කරල දාන්න දුවේ...... ඒ ලමය ඔයාගෙන් සමාව ගත්තනෙ.....අපි අතිනුත් වැරදි වචන කියවුනා....ඒවටත් සමාවෙන්න මගෙ දුවේ.....අම්මා මගේ හිස අතගාමින් පැවසුවාය....
                       මට දින පහක් පමන කාලයක් රෝහලේ ගතකිරීමට සිදුවිය...මෙය පුද්ගලික රෝහලක් බැවින් විශාල මුදලක් ගෙවීමට සිදුවූ අතර එම මුදල සුරන්ජිත් ගෙවූ බව දැනගැනීමට ලැබුනි...මා බැංකුවට ගොස් එම මුදල රැගෙන සුරන්ජිත්ට දුන්නෙමි.....ඔහු එය ප්‍රතික්ෂේප කලත් මගේ බලකිරීම මත ඔහුට එය ගැනීමට සිදුවිය...නැවත නිවසට පැමිනි මා....අක්කා අසලට ගොස්.....ඔයාල මට ගොඩාක් සැලකුව මිස්.....මට මේ තත්වෙට එන්න පුලුවන් වුනේ මිස්ල හින්ද....මට මේ කල උදවු උපකාර කවදාවත් අමතක කරන්නෙ නෑ.....මම මෙහෙ හිටියොත් මම හින්ද මිස්ලට තව මොන මොන කරදර වලට මැදිහත් වෙන්න සිද්දවෙයිද දන්නෙ නෑ....ඒ හින්ද මම මෙහෙන් යනව මිස්...මා පැවසුවෙමි.....ඔයා කොහේ යන්නද නංගි පිස්සු නැතුව හිටිය වගේ ඉන්න ....ඇය කීවාය... මිස් ලටයි මිස්ගෙ නෑදෑයන්ටයි මාව පිට කෙනෙක්....මාව මේ පවුලෙ කෙනෙක් වෙන්නනම්...ඉතිරි ටික නොකියා කල්පනා කල මා.....මම දන්නෙ නෑ මිස්..... මිස්ට සුරන්ජිත් මාව කසාද බදියිද නැද්ද කියල....එයා කවද හරි මාව කසාද බැන්ද දාට මම මෙහාට... මේ පවුලෙ කෙනෙක් හැටියට එන්නම්.....නැත්නම් මම ජීවිත කාලෙටම තනියම ඉන්නව.....පැවසුවෙමි....ඔය විකාර කතා නොකිය ඉන්න නංගි ....ඇය නැවත කීවාය....ටික වේලාවකින් අම්මා අපි අසලට පැමිනියාය....බලන්නකො අම්මෙ....මේ නංගි කියනව මෙහෙන් යන්න ඕනැ කියල....විකාර නැතුව ඉන්න දුවේ....මීට පස්සෙ අපේ අතින් දුවට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...අම්මා කීවාය....ඒ වුනාට ...මම පිට කෙනෙක්නෙ....මැඩම්...මම මේ ගෙදර ඉදගෙන ඔයාලට නෑදෑකම් කියල කතාකරන එකත් හරිනෑ කියල දැන් මට තේරෙනව. .....මා කීවෙමි. තාත්තාද මට නිවසින් නොයන ලෙස පැවසුවද ඔහුට කරුනු පැහැදිලි කිරීමෙන් අනතුරුව මගේ කැමැත්තක් කර ගන්නා ලෙස පැවසුවේය.
                   මා මෙම නිවසින් පිටව යෑමට අදහස් කලේ ගෙදර අය සමග හිත් අමනාපයකින් නොවන බව පැවසූ මා....මා මෙම නිවසේ තවදුරටත් වාසයකලහොත් ගෙදර අයට ගැටලුවක් වනබවද පැහැදිලි කර දුන්නෙමි....මට හොද නිවසක් සොයාදීමට සුරන්ජිත් ඉදිරිපත් විය..මා නිවසින් යන විට අම්මා සහ අක්කා හැඩුවත් මගේ තීරනය වෙනස් නොකලෙමි...මා සිත දැඩිකරගෙන නිවසින් පිටත්වුනෙමි. එම නිවස පිහිටා තිබුනේ කටුබැද්ද කිට්ටුවම බැවින්නුත් මගේ සියලු ආහාර එම නිවසින් ලැබීම නිසාත් ඉගෙනීමේ කටයුතුවලට පහසුවක් විය...........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: