ආත් අම්මාගේ පඩම 163..............කර කියාගැනීමට කිසිම දෙයක් නැති බව තේරුම්ගත්තෙමි...මා නිමල් ලෙස සිටියාමම් මුන්දෙදෙනාට ගහන එක එතරම් දෙයක් නොව. එහෙත් මා දැන් දුර්වල කෙල්ලෙකු බවට පත්වී ඇති නිසා දැන් මෙවැනි ශක්තිමත් පිරිමින් සමග පොර බැදිය නොහැක......මම මැරුනත් මුන්ට මගේ ඇඟට අත තියන්න ඉඩදෙන්නෙ නෑ.....සිතාගත් මා මේසය මත තිබුනු බීම බෝතලය අතට ගෙන එහි උඩින් අල්ලා පොලොවේ ගසා කැඩුවෙමි.....අතේ ඉතුරුවුනු කැබැල්ල උලට කැඩුනු බව දුටු එය මගේ කුස වෙත එල්ල කර ......තොපි එකෙක්වත් මගෙ ඇගට අත තිබ්බොත් මේකෙන් ඇනගෙන මැරෙන එක මැරෙනවමයි.....ඒයි මොකද කරන්නෙ අයින්කරනව ඕක....සංජීව මා අසලට පැමිනීම නවත්වා ...පැවසූ ඔහු....මචන් මේ වැඩේ හරියන්නෙ නෑ බන්.... මේකි මෙතැන මැරුනොත් රටේ නමක් තියාගෙන ඉන්න මගෙ තාත්තටත් හොදනෑ....මටත් හොදනෑ......බලෙන් කසාද බැදල වැඩකුත් නෑ මචන්...ඔහු සමග පැමිණි අනිත් තැනැත්තාට කී සංජීව...මේ කෙල්ලව ආපහු ගිහින් බස්සවපන් බන්...පැවසුවේය......ඔවුන් ආපසු කාමරයෙන් පිටවූපසු කාමරය තුලට පැමිණි කාන්තාවන් දෙදෙනා කැඩුනු බෝතල් කටු ඉවත්කරන්ට විය......අපරාදෙනෙ නංගියේ ඇයි ඔයා සංජීව බේබිට අකමැති වුනේ....ඔයාට රැජිනක් වගේ ඉන්න තිබුන චාන්ස් එකනෙ නැතිකර ගත්තෙ.... එක් අයෙක් කීවේය....මට ඔය වගේ රූපයක් තිබුනනම් මම දන්නව රූපෙන් වැඩගන්න හැටි....අනිත් තැනත්තිය කීවාය...ඔවුන් අයාලේ යන කාන්තාවන් දෙදෙනෙක් බව ඔවුන්ගේ කතාවෙන් සැක සිතුනි. වීදුරු කටු ඉවත් කර කාමරය පිරිසිදුකල පසු ආපසු පැමිණි එක් තැනැත්තියක්...නංගි දැන් රෑවෙලා හින්ද ගෙදර යන එක ගැටලුවක් වෙන්න පුලුවන් හෙට උදේට යන්න.....ඔයා කාගෙවත් වාහන වල යන්න එපා බස් එකේ යන්න ඕනැ කියන්න....මුන් එකෙක් වත් විස්වාස ගන්න එපා..මම හිතුවෙ නංගි කැමැත්තෙන් ආවෙ කියල පස්සෙ තමයි දැනගත්තෙ බලෙන් ගෙනත් තියෙන්නෙ කියල...මමනම් හිතුවෙ නෑ අපේ පොඩි බේබි මේවගෙ ජැරා වැඩක් කරයි කියල.....නංගි බය නැතුව නිදාගන්න මම හෙට උදෙන්ම ඔයාව බස් එකට ගිහින් ඇරලන්නම්.....පැවසූ ඇය නිදාගැනීම සදහා ඇද සකස් කරදී කාමරයෙන් පිටවූවාය....ඇය පිටවූ පසු දොර ඇතුලතින් අගුලු දාගත් මා....ඇදේ ඇලවුනෙමි.....බියත් ශෝකයත් නිසා රාත්‍රිය පුරා නිදා නොගත් මට පාන්දර කිට්ටුව නින්ද ගොස් තිබුනු බව දොරට තට්ටුකරන ශබ්දය නිසා ඇහැරුනු මට තේරුනි....මා ඇතුලත අගුල ඇර බියපත්ව සිටියෙමි.....නංගි දැන් අපි යමු....ඊයේ රාත්‍රියේ මාසමග කතාකල තැනැත්තිය මාව එක්ක යෑමට සූදානම්ව පැමිනි බව දුටුවෙමි....මුහුන සෝදාගෙන අවුල්වූ කොන්ඩය මගේ බැගය තුල තිබුනු පනාව ගෙන පීරාගත් මා ඇදසිටි ගවුම සකස්කරගෙන ගමනට සුදානම් වී ඇය සමග එලියට බැස්සෙමි. බස් නැවතුම් පලට ගිය අපි....නංගි මම දැන් එන්නෙ නෑ. මෙතැනින් පිලියන්දල බස් එක එයි ඒකෙ නැගල පිලියන්දලින් බහින්න ඊට පස්සෙ යන්න පුලුවන්නේ....පැවසූ ඇය බස් එකේ යන්න සල්ලි තියෙනවද ඇසුවාය....තියෙනව.....මම කීවෙමි.......බසය පැමිනි පසු එයට ගොඩවූ මා පිලියන්දලින් බැස්සෙමි.... මින් පසු නිවස බලා යෑමට දන්නා නිසා මා බස්වලින් නිවසට ලගා වුනෙමි.....මා නිවසට ළඟා වන විට ඉස්සරහ දොර ඇර තිබුනු අතර තන්ගච්චි.....ගේ අතුගාමින් සිටින බව දුටුවෙමි....මා ව දුටු චන්ගච්චි...අප්පේ පුල්ලෙයාර් ශාමිනේ....අපේ චූටි බේබි...ඇයිල්ලා....සතුටින් කී ඇය....ලොකු නෝනා අපේ චූටි බේබි ඇවිල්ලා....අම්මාට ඇසෙනසේ කීවාය....තවමත් දනිස් අමාරුව හොදවී නැති ඇය තරමක කොරයකින් යුක්තව මාදෙසට පැමිනෙනු දුටුවෙමි.....ආ කුමාරිහාමි ආවද...අපි හිතුව දිගටම දීග කන්න ගියා කියල....මට දොස් කියමින් මා දෙස බලා සිටිනු දුටු මා ඇයගේ පාමුල වැදවැටෙමින්....අර යක්කු මාව පැහැරගෙන ගියා අම්මේ.....හඩමින් කීවෙමි....එවිටම සුරන්ජිත් පැමිනෙනු දුටුවෙමි.....සංජීව මෙයාව පැහැරගෙන ගියෙ නෑ අම්මෙ....මට ආරංචි උනානෙ මෙයා ඌත් එක්ක ගියා කියල.....මෙයා සංජීවත් එක්ක යාලුයි අම්මෙ මොකද උන් අපිට වඩා ලොකු මිනිස්සුනෙ.....ඔහු තවදුරටත් කියන්ට විය.....අනේ අම්මේ එහෙම දෙයක් නෑ අම්මේ....සංජීව මාව පැහැරගෙන ගියාට මට කිසිදෙයක් උනේ නෑ අම්මේ....මම තාම ඉස්සර විදියමයි....මා කීයමින් අඩන්ට වුනෙමි.....මට මීට පස්සෙ අම්ම කියන්න එපා....උඹ අපේ නම්බුව කෑව....ඇය මා අසලින් ඉවත්වූවාය.....එවිටම අක්කාද මා අසලට ආවාය....අපි නංගිව ගොඩක් විස්වාස කලා ඒත් ඔයා ඒ විශ්වාසෙ කඩ කලා....ඇයි නංගි ඔයා එහෙම කලේ....අක්කා හිතේ අමාරුවෙන් කතාකරන බව තේරුනි......ඇය අසලට ගිය මා ඇගේ පාමුල වැදවැටෙමින් අනේ අක්කේ මගේ අතින් එහෙම වැරැද්දක් උනේ නෑ..කීවෙමි..මම මීට පස්සෙ ඔයාගෙ අක්ක නෙවෙයි....යනව යන්න....ඇයද මාව ප්‍රතික්ෂේප කරමින් කතාකලාය....මට දැන් කිසිවෙකු නැතිවෙන බව දැනගත් මා සුරන්ජිත් අසලට ගොස් අනේ අයියේ මම සංජීව එක්ක කිසිම සම්බන්දයක් නෑ එයයි මට කරදර කලේ මම කැමති නෑ කිව්වම මාව බලෙන් අරන්ගියා.....ඒත් මම කැමති වුනේ නෑ...ඒසැරේ මට එන්න දුන්න.....රෑ එලිවෙනකන් නිකන් තියාගන්න ඇති නේද....ඇසූ ඔහු නිකන් බොරු කියන්නෙ නැතුව යනව මෙතැනින් යන්න....ඔහු මට සැරකලේය.....
No comments:
Post a Comment