ආත් අම්මාගේ පාඩම 144................මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ නුවර හෝටලයකය.....මනමාලි සහ ඇගේ යෙහෙලියන් සැරසීමට සිදුවූවේ පාන්දර තුනේ පමන සිටය මේනිසා මටත් අක්කලා දෙදෙනාටත් පාන්දරින්ම නැගිටීමට සිදුවිය. අන්දන ඇන්ටී සහ තවත් අක්ක කෙනෙක් නිවසට පැමිනියේ තාත්තාගේ වාහනයේය.....ඇන්ටී මනමාලිය සූදානම් කිරීමට පටන්ගත් අතර අපි දෙදෙනව ඇන්දවීමට පටන්ගත්තේ ඇය සමඟ පැමිනි අක්කාය....සාරියට අදින යට සාය මාවිසින්ම ඇදගත් අතර අලුත්ම බ්‍රෙසියරයක් ඇදගත් මා හැට්ටය ඇගට දාගත්තේ හද පිරිසතුටකිනි....අක්කා මගේ හැට්ටයට කටුගසා ඇඟට සරිලනසේ සකස්කලාය.....ඉන්පසු මල් වැඩ දැමූ සාරිය ගෙන එහි කෙලවර පොට නවා මගේ කරට දැමූ ඇය එහි දිග සකස්කර රෙදි පටියක් යොදගෙන ඉනට ගැටගැසුවාය.....සාරියේ ඉතිරි කොන ඉනවටා ඔතා උඩින් රැලිගන්වා පටිය තුලින් ගෙන නෙරියේ රැලි සකස්කරන්ටවූවාය.....මා දැන් ඔසරියකින් සැරසුනු යුවතියෙකි.. මා ආශාවෙන් බලා සිටි මගේ තවත් පැතුමක් ඉතුවිය. ඉන් පසු ඇය මගේ කොන්ඩය සකස්කරන්ට වූවාය. කොන්ඩා කටුගසමින් එය සකස් කරන්ට වූවේ මා මෙතෙක් කල් නොකල කොන්ඩා මෝස්තරයක් ලෙසටය. එයට මල් ගසා සකස් කල ඇය....මීලගට මගේ මුහුන රූප ලාවන්ය ආලේප ගල්වමින් ඇස් බැමි තොල් පෙති හැඩකරන්ට වූවාය.....කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලන්ට හැඩවෙන්න කොච්චර දේවල් තියෙනවද.....අක්කා මාව හැඩකරන අතරතුර කල්පනා කලෙමි. නංගිගෙ මුහුන පාට හින්ද වැඩිය අමාරුනෑ ...හැඩකරන අක්කා කීවාය.....මගේ කන් පෙතිවලට සාරියට ගැලපෙන ලෙස එල්ලෙන කරාබු පැලැන්දූ ඇය අත්වලට වලලු කිහිපයක් දැමුවාය....මාව අන්දවා අව්සන් කල පසු......ශා නංගි දැන් හරිම හැඩයිනේ.....මගේ අක්කා කීවාය....කෝබලන්න නංගි මෙහට එන්න ...මනාලිය ලෙස හැඩගන්වමින් සිටි නිල්මිනි අක්කා මට අඩගැසුවාය.....මා ඇය ඉදිරියට ගියවිට......හරිම හැඩයිනෙ... පවසා ඔයා මන මාලිටත් වඩා ලස්සන වෙයිද මන්දා....කීවාය....කැඩපත අසලට ගිය මා හැඩ බලන්න වූවෙමි....මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකිවිය.....මා දැක තිබුනු රූමත්ම තරුනිය කැඩපත තුලින් දිස්වන බව දුටුවෙමි.....මගේ මුහුන පාට ගල්වා හැඩකර ඇතිබැවින් මගේ රූමත් බව තවත් වැඩිවී ඇතිබව සිතුනි......මා එහෙට මෙහෙට හැරෙමින් හැඩ බලන විට.....මොකද දුවේ ඔච්චර හැඩ බලන්නෙ.....අන්දන ඇන්ටී ඇසුවාය....නංගි ඔසරියක් ඇන්ද පලවෙනි දවස අදනෙ ඇන්ටී....ආශාවට වෙන්න ඇති....නිල්මිනි අක්කා කීවාය.....දුව ඔසරිය ඇන්දම තවත් ලස්සන වෙලා...ඇය සිනාසෙමින් කීවාය....මේ අතර අම්මා කාමරය තුලට ආවාය.....මා දෙස බැලූ ඇය...ශා මගෙ පොඩි දුවගෙ ලස්සන දැක්කෙ අදනෙ....කීවාය.....ඇයි අම්මේ.....මෙච්චර කල් නංගිගේ ලස්සන දැක්කෙ නැද්ද.... අක්කා ඇසුවාය. දැක්ක දැක්ක.....මෙච්ච්ර ලස්සනට දැක්කෙ අදනෙ.....ඇය කීවාය.
අපිව අන්දවා අවසන්වනවිට උදෑසන හය පමන විය.....නිල්මිනි අක්කාව ලස්සනට උඩරට මනාලියක් ලෙස අන්දවා ඇතිබව දුටු මා ඇය දෙස ආශාවෙන් බලා සිටියෙමි. මගේ අක්කද ඔසරියට තවත් හැඩවී සිටිනු දක්නට ලැබුනි....ඔවුන්..මල් කුමාරියන් ලෙස කුඩා නංගිලා දෙදෙනෙක්ද හැඩගැන්වීය.
නැකතට ගෙදරින් පිටත්වූ අපි චායා රූප ගැනීම සඳහා චායාරූප ශලාවට වෙත ගියෙමු. ඔව්න් අපිව නොයෙක් ආකාරට චායා රූපගතකල පසු අපි කෙලින්ම පිටත්වූවේ උත්සවය තිබෙන හෝටලය දෙසටය. අපි එහිගොස් ටික වෙලාවකින් සුරන්ජිත් ඇතුලු අනිකුත් අය පැමින සිටි අතර ලොකු අයියාද පැමින සිටි බව දක්නට ලැබුනි....මා අසලට පැමිණි සුරන්ජිත්....නංගි ගොඩක් ලස්සන වෙලානෙ....මම හරිම ආසයි නංගි ඔසරිය ඇදගෙන ඉන්නව දකින්න......ඔහු පැවසුවේය....මාත් හරිම ආශ ඇදුමක්නෙ අයියේ...මා ඔහු දෙස බලා සිනාසී පැවසුවෙමි.
ටික වේලාවක් ගතවිය ටිකෙන්ටික නෑදෑයන් ශහ හිතවතුන් සාලාව තුලට පැමිනෙන්ට විය.....මේ අතර අත් කොට හැට්ටයක් සමඟ පැකනිය සහ කුස පෙදෙස වැඩිපුර පෙනෙන ලෙස අමුතු තාලයට සාරියක් ඇදගත් තරුනියක්.....සුරන්ජිත් අසලට ගොස් ඔහුගේ මුහුන කිහිපවරක් සිපගනු දුටු මා පුදුමට පත්වුනෙමි...ඇය මට වඩා තර්මක් උස තැනැත්තියක් වූ අතර මටත් අක්කටත් වඩා මහත බව දුටුවෙමි.....ඇය අපිට වඩා තරමක් පාට අඩුවුවද රූමත් තරුනියක් බව දුටුවෙමි.....පෙනුමෙන් මටවඩා වැඩිමහලු විය....කවුද අක්කෙ අර අක්ක.....අක්කා ඔව්න්සමග කතාකර මා අසලට පැමිනි විට ඇසුවෙමි....ඒ අපේ මාමගෙ දුව විනෝදනී....අපේ සුරන්ජිත් මල්ලිට පොඩිකාලෙ ඉදන් කෙල්ලො පෙන්නන්න බැරිවුනාට ඔය අක්කත් එක්ක එකතුයි.....අපේ අම්මල කොලොප්පන් කරනව .....මාමගෙ දුව හින්ද වෙන්න ඇති කියල.....කී ඇය... එයා ඉන්ට නැශනල් ස්කූල් එකක ඉංග්ලිෂ් ටීච කෙනෙක්....තාම බැදල නෑ....ඇය මාමාගේ දුව ගැන විස්තර කියන්ට වූවාය.....මා සුරන්ජිත් දෙස බැලූ විට ඔහු මාමාගේ දුව අසලින් වාඩිවී ඇය සමග කතා කරමින් සිටින අයුරු දුටුවෙමි.
ටික වේලවකින් මනාලය පැමිනියේය.....උඩරට වෙස් නැටුමෙන් පිලිගත් ඔවුන්ව උත්සව ශාලාව දෙසට කැදවාගෙන යන අයුරු දුටුවෙමි.....කුඩා මල් කලබ අතට ගත් මාත් අක්කාත් මන මාලිය සමග පෝරුව තිබෙන ස්ථානයට වෙත ගමන් කලෙමු....පෝරුවේ චාරිත්‍ර යෙන් පසු අපි වාඩිවුනෙමු.....දුවට සාරි ඇදගෙන ඉදල පුරුදු නෑ නෙ....අමාරු ඇති නේද....අම්මා මගෙන් ඇසුවාය.....අනේ නෑ අම්මේ මම හරිම ආශයි මේ ඇදුමට....මා කීවෙමි....ගෑනු අයට ඉතින් හොදම ඇදුම තමයි ඕක....අම්මා සිනාසෙමින්කීවාය....මා සුරන්ජිත් දෙස නැවත බැලුවේ ඔහු අසලට ගොස් කතාකිරීම සදහාය එහෙත් ඔහු විනෝදනී අක්කා සමගම සිටින බැවින් කතාකිරීමට යෑම නොසුදුසු බව කල්පනා කලෙමි....දෙන්නගෙ කතාව කොයි වෙලාවෙ නවත්තයිද මන්ද....සුරන්ජිත් එක්ක එක වචන දෙකවත් කතාකරන්න.....මා කනගාටුවෙන් යුතුව කල්පනා කලෙමි....
අක්කා සහ අම්මා ඔව්න්ගේ නෑදෑයන් සමග කතාකිරීමට ගිය විට මා පමනක් මේසයේ තනිවිය.....නංගිත් එක්ක කතකරන්නවත් කෙනෙක් නෑ නේද ඇසූ සුරනිමල මා අසලින් වාඩිවිය.....ආපෝ මේ වසවර්තිය මෙතෙන්ට ආවනෙ....මා ඔහු දෙස බියෙන් මෙන් බලා කල්පනා කලෙමි.
No comments:
Post a Comment