ආත් අම්මාගේ පාඩම 156............මේවනවිට අම්මා විනෝදනී සම්බන්ධයෙන් කල යෝජනාව අයින්කල බව ඇගේ අයියාට පනිවිඩය යවා තිබුණි. දිනක් සවස් කාලයේ සුරන්ජිත්ගේ මාමා නැන්දා සමග අම්මා හමුවීම පැමිණි බව දුටුවෙමි....මා ඔවුන්ට මුහුන නොදී කාමරයට ගොස් ඔවුන්ගේ කතාබහ අසාගෙන සිටියෙමි.....මොකද නංගියේ මේ යෝජනාවට අකමැතිවුනේ අපි කොච්චර බලාපොරොත්තුවෙන්ද හිටියෙ.....මාමා කතා කරනු ඇසුනි. මේක මගෙ ප්රශ්නයක් නෙවෙයි අයියෙ....අපේ මහත්තයනෙ කියන්නෙ මේක කරන්න දෙන්න එපා කියල....අම්මා කීවාය.....මොකක්ද අපේ තියෙන අඩුව...මොකද විනෝදනී කියන්නෙ නරක ළමයෙක්ද ...අපේ දේපොලත් ඒලමයට නේද.....නැන්දා කියන්ට විය....ඒ ගැටලුව නෙවෙයි අක්කෙ මෙතැන තියෙන්නෙ...එහෙනම් මොකක්ද.....මාමා සැරෙන් මෙන් ඇසුවේය.....අපේ මහත්තය කියන්නෙ...මගෙ අයියගෙ දුව හින්ද අකමැතිලු....මොකක්ද මගෙ අතින් එයාට උන වැරැද්ද....ඔහු සැරෙන් ඇසුවේය.....එහෙම වැරැද්දක් නෑ අයියෙ....එයාල බැන්දාම ලැබෙන දරුවන්ට හොද නෑලු....අම්මා කීවිට ඔය බොරු කතා කියන්නෙ නැතුව ඉන්න නංගියේ. ....මේ දෙන්නගෙ තියෙන්නෙ ඇවැස්ස නෑකමක් නෙ...මේවගෙ දේවල් මේ රටේ වෙන්නෙ නැද්ද....ඔහු කියන්ට විය....අනේ මන්ද අයියෙ මට ඕව තේරෙන්නෙ නෑ...අයිය අපේ එක්කෙනාම හම්බවෙලා අහගන්නකො.....අම්මා කීවාය....මේ නංගියේ.....අපිට තේරෙනව මෙතැන වෙන දෙයක් තියෙනව කියල....ඒකයි පොඩිකාලෙ ඉදන්නම එකට හිටිය අපේ දුවවත් සුරන්ජිත්ට එපා වුනේ....නැන්දා කීවාය....අපේ පුතා විනෝදනීට කැමතිවෙලා හිටියෙ.....එයාගෙ තාත්තයි කිව්වෙ ඒ අදහස අතහැරගන්න කියල....අම්මා කීවාය....හරි මම මේ ගැන මල්ලිත් එක්ක කතාකරන්නම්කො....කී මමා....අපියමු නෝන යන්න....කීවේය....ආපුගමන්.... ඉන්නකො තේටිකක් බීලයන්න....අම්මා කිවාය....අපිට තේ එපා අපි යමු කී ඔවුන් වාහනට ගොඩවී ආපසු යන්ට විය...හප්පා....මේ මොකක්ද මේ සැරේ කඩා වැටුනු ගිනිගෙඩිය....මා බියපත්ව කල්පනා කලෙමි....
ඔවුන් ගියපසු මා සාලයට ගියෙමි....අම්මා පුටුව මත වාඩිවී කල්පනා කරමින් සිටිනු දුටුවෙමි. ඒ සමගම සුරන්ජිත් පහලට ආවේය....මම අහගෙන හිටියෙ....මාමට තරහ ගිහින් වගේ....අම්මා අසලට ගිය සුරන්ජිත් කීවේය...අනේ මම දන්නෙ නෑ පුතේ....අම්මා හඩන සවරයෙන් කියනු ඇසුනු මා....අඩන්න එපා අම්මෙ...එයාල තරහ කරගන්නත් එපා...අම්ම කැමති දෙයක් කරන්න....මම ගැන හිතන්න එපා...මා කීවෙමි......ඒකට තාත්ත කැමති නෑනෙ දුව තාත්ත අකමැති දේවල් මම කරන්නෙ නෑ....ඇය කීවාය.....දැන් මාමට කරන්න තියෙන්නෙ අකමැති වෙන්න හේතුව අපේ තාත්තව හම්බවෙලා අහගන්න එක....ඕකට අම්මත් එක්ක තරහවෙලා වැඩක් නෑනෙ....සුරන්ජිත් කීවේය.
මේ සිදුවීමෙන් දවස් දෙකක් පමන ගතවිය. මා අම්ම සමඟ සැටියේ වාඩිවී රූපවහිනිය නරබමින් සිටි අතර. සුරන්ජිත් කාමරයට වී සිටියේය...වාහනයක් මිදුලේ නවත්වනු අපි ජනේලය තුලින් දුටුවෙමු....විනෝදනී අක්කා තනියම කාර් එකකින් පැමින සිටිබව දුටුවෙමි. අම්මා දොර ඇර මොකද දුවේ කවදාවත් නැතුව තනියම..... ඇසුවාය....නිවස තුලට පැමිණි ඇය....කෝ පුංචි අම්මෙ....සුරන්ජිත් අයිය....ඇසුවාය....පුතේ...මේ විනෝදනී නංගි ඇවිත්....අම්මා සුරන්ජිත්ට කතා කලාය.....වාඩිවෙන්න දුව....අම්මා ඇයට කීවාය....ඕනැ නෑ අම්මෙ....කී ඇය හිටගෙනම සුරන්ජිත් පැමිනෙන තුරු සිටියාය....සුටන්ජිත් පඩිපෙල බැසගෙන ඇය අසලට ආවේය.මෙතැන් සිට ඇය කතාකලේ ඉංග්රීසියෙනි...කවුරු මට මොනව කලත් මම හිතුවෙ නෑ සුරන්ජිත් අයිය මෙහෙම කරයි කියල....ඇය එකවරම සුරන්ජිත්ට කියන්ට විය....මේ දුවේ...ඕකට සුරන්ජිත් අයියට දොස් කියල වැඩක් නෑ ඕක දුවගෙ මාම ගත්ත තීරනයක්....එතකොට සුරන්ජිත් අයිය මාව බදින්නෙ නෑ....ඇය ඇසුවාය....ඒකට හේතුව මාම ඔයාගෙ තාත්තට පැහැදිලි කරල දෙයි.....දැන් කෑ ගහන්නෙ නැතුව ඉන්නකො.....අම්මා කීවාය....මම දන්නව ....මම දන්නව ඕකට හේතුව...කොහේද නන්නත්තාරෙ යන එකියෙක්ව නැන්ද මේ ගේ ඇතුලට දාගත්තට පස්සෙ තමයි මේ ඔක්කොම....ඒකිගෙ සුදුපාට හමට රැවටිලා මේගෙදර ඔක්කොම.....මා ඇය දෙස බලාගෙන බිරන් තට්ටුවී සිටියෙමි....එවිට මා දෙස බැලූ ඇය....මේ ඉන්නෙ බලාගෙන.... කී ඇය..මා දෙස බලා සිංහලෙන් බනින්ට පටන්ගත්තාය....මේකිට ඉංග්රීසියෙන් කිව්වට තේරෙන්නෙ නෑනෙ....මම සිංහලෙන්ම කියන්නම් කී ඇය.....තෝ තමයි හැටහතර මායම් දාල මගෙ අයියව අල්ල ගත්තෙ....මම එහෙම කලේ නෑ අක්කේ.... මා කීවෙමි....මා අසලට පැමිනි ඇය තෝ එහෙම කලේ නැත්නම් කොහොමද මෙහෙම වුනේ කියපිය..... කී ඇය අත දිග හැර මගේ කම්මුලහරහා පහරක් එල්ලකලාය...මොකක්ද ඔය කරන්නෙ....කී අම්මා ඇය සලට ගියාය....පුංචි අම්ම තමා මේ ඔක්කොම කලේ....කී ඇය අම්මාව තල්ලු කර මට තව පහරක් ගැසුවාය....අම්මා විසිවී ගොස් බිම ඉන්දවෙනු දුටු මා ඇය අසලට ගොස් ඇයව අල්ලා.....අනේ අක්කේ මට ඕනැ තරම් ගහන්න අම්මට විතරක් මොකුත් කරන්න එපා.....මා අම්මා අසල වාඩිවී පවසන විට සුරන්ජිත් ඇයව අහකට කිරීමට උත්සාහ කලේය.. මගෙ පුංචි අම්ම තොගෙ අම්ම වුනේ කොහොමද බොල....කී ඇය මට පා පහරක් එල්ල කලේය.....මගේ කොන්ද හරහා වැදුනු එම පහර නිසා ඌ කියා කෙදිරිගෑවුනි....අම්මා වැටී සිටිනු දුටු ලෙච්චමී අම්මාව අල්ලාගෙන සැටියේ වාඩිකෙරුවුවාය...බැහැපිය දොට්ට පරට්ටි.....තෝ හිතුවද බොල මහෙ ඉන්න අය තොගෙ බූදලේ කියල..කිසිම දිනයක අසා නොමැති වචන ටිකක් අම්මගේ මුවින් පිටවිය......මේ... මෙතන වලිදාගන්නෙ නැතුව යනව නංගි යන්න....සුරන්ජිත්ද ඇයට සැරෙන් කතාකර ඇගේ අතින් ඇද්දාය....අත ගසා දැමූ ඇය මීටපස්සෙ මගෙ අතින්වත් අල්ලන්න එපා...වලත්තයා.....කී ඇය වේගයෙන් වාහනය දෙසට ගොස් වාහනයට ගොඩවූවාය.....කොන්දට වැදුනු පහර නිසා නැගිටීමට අපහසුවෙන් සිටි මා ලෙච්චමීගේ උදවෙවෙන් සැටියේ වාඩිවුනෙමි. ඇය ගිය පසු සුරන්ජිත් අපි අසලට ආවේය.....අම්මා දනහිස අතගානු දුටු මා රිදුම් දෙන කොන්ද අල්ලාගෙන සෙමින් ඇය අසලට ගොස්.... මොකද වුනේ අම්මෙ....ඇසුවෙමි....වැටිච්ච පාර කකුල මොකක්ද උනා දුවේ.....ඇය කීවාය.....පුංචි මහත්තයා අර යක්ශ නෝන ගහල අපේ ලොකු නෝනටයි චූටි බේබි ටයි මොකක් හරි වෙලා .....මොකද අම්මෙ උනේ.....කකුල මොකක්ද උනා පුතේ ටිකක් වෙලා යනකොට හරියයි....අම්මා කීවාය..නංගිට මොකදවුනේ....මගෙන් ඇසුවේය.....පයින් ගහපු පාරට කොන්ද ටිකක් රිදෙනව එච්චරයි...මා කීවෙමි.....ඔයාගෙ කම්මුලත් ඉදිමිලා රතුවෙලා නේද ඔහු මගේ මුහුන දෙස බලා කීවේය ....කමක් නෑ අයියෙ....අක්කනෙ ගැහුවෙ....එයාගෙ බලා පොරොත්තු නැති වුනාම එයාගෙත් හිත රිදෙන්න ඇතිනෙ....මා කීවෙමි.....
No comments:
Post a Comment