ආත් අම්මාගේ පඩම 167.............ඔයා මේ විදියට ඉගෙනීමේ කටයුතුටික කරගෙන යන්න....කසාදෙ රෙජිස්ටර් කලා කියල සුරන්ජිත් පුතා ඔයාව එක්ක යන එකක් නැ....ඔයාගෙ අවසන් විභාගෙ කිට්ටුකරල....වෙඩින් එක ගම්මු..කී තාත්තා......පුතා ඒ ගැන මොකද කියන්නෙ ...සුරන්ජිත්ගෙන් ඇසුවේය.....නංගිට ඉගෙනගන්න ඉඩදෙන එක හොඳයි එයාට තව වයසත් තියෙනවනෙ.....සුරන්ජිත් පැවසුවේය....මගෙ දුව තාම පොඩි කෙල්ලෙක්නෙ....තව අවුරුද්දක් දෙකක් යනකොට ටිකක් දැනුම් තේරුම් එයි.....අම්මා සිනාසෙමින් කීවාය...දැන් දුව මොකද මේගැන කියන්නෙ.....ඔයාලගෙ කැමැත්තක්....පැවසූ මා.....මටනම් ප්‍රශ්නයක් නෑ ඒත් ඔයාලගෙ නෑදෑයො මම වගේ කාත් කවුරුවත් නැති කෙනෙකුට කැමතිවෙයිද....මා තවත් ප්‍රශ්නයක් මතුකලෙමි.....ඒ ගැන අපි බලාගන්නම් ඔයා ඒකට බයවෙන්න එපා....තාත්තා දැඩි ස්වරයෙන් කීවේය. අපේ මංගල්‍යය කටයුතු තීරනය කරගත් ඔවුන් ආපසු පිටත් වූ පසු....චතුරිකාටනම් හරියන්න වගේ යන්නෙ.....නවාතැනේ ඇන්ටී මට විහිලුකරන්ට විය.....ඕව කෙරෙනකල් විස්වාස නෑ ඇන්ටි.....මා කීවෙමි....මොකද කෙරෙන්නෙ නැත්තෙ.....එයාල තීන්දු කරගෙන නේද ගියෙ.....අන්කල් පැවසුවේය.....දැන් ඉන්න අයගෙ වචන සම්පූරණයෙන් විශ්වාස කරන්න එපා අන්කල්....හෙට වෙනකොට අපි තීරනේ වෙනස් කලා කියල .....පනිවිඩේ එවයිද කවුද දන්නෙ.....මා එසේ පැවසුවේ මට මෙතෙක් කලක් අත්විදීමට සිදුවූ සිදුවීම් කල්පනා කරමිනි....සුරන්ජිත් ගැන මම හොදට දන්නව....එයා අපේ පුතාගෙ හොද යාලුවෙක්....සුරන්ජිත් නිතර මෙහෙ ආවගියා ඒ හින්දයි එයාගැන අපි හොදට දන්නෙ.....එයා උපාධීය ගත්ත ගමන්ම වගේ යූ කේ ගියා...ඒ හින්ද තමයි දුවට මෙහෙ ඉන්න පුලුවන්වුනේ...කවුරු මොනව කිව්වත් සුරන්ජිත් ඔය පොරොන්දුව කඩන්නෙ නෑ කියල මට විශ්වාසයි.....ඔහු කීවේය....එහෙම කියන්න එපා අන්කල් සුරන්ජිත් කරන්නෙ අම්ම තාත්ත කියන එක......මීට කලකට පෙර විනොදනී අක්කා ගැන අම්මා කල යෝජනාවට සුරන්ජිත් කැමති වීම නිසා එසේ පැවසුවෙමි....ඔයා බයවෙන්න එපා දුවේ....ඔයාට දැන් කරන්න තියෙන්නෙ හොදට ඉගෙන ගන්න එක....මේ වැඩේ හරිගියෙ නැතත් ඔයාට වරදින්නෙ නෑ දුව....පැවසූ ඇන්ටී....මම දුවව අපේ පුතාට කතාකරනව....කොහේද එයා එක්කෙනෙක් දැනටම ලෑස්තිකරගෙනනෙ....පැවසුවාය....මට කවදහරි සුරන්ජිත් අයියව බදින්න බැරිවුනොත් කවදාවත් බදින්නෙ නෑ ඇන්ටි.....මා කීවෙමි...ඇයි චතුරිකා එහෙම කියන්නෙ අන්කල් ඇසුවේය....මම එයාට විතරයි අන්කල් පොරොන්දුවක් දුන්නෙ....එයා ඒ පොරොන්දුව කැඩුවත් මම ඒ පොරොන්දුව කඩන්නෙ නෑ.....මම දැඩිලෙස කියා සිටියෙමි.
මා මේගැන නිමන්තී සමගද සාකච්චා කලෙමි.....දැන් චතූ කියන්නෙ එයාල කියන ඒව විශ්වාස නෑ කියලද..... ඇය ඇසුවාය.....ඒක තමයි අනේ මටත් තියෙන ගැටලුව.....මගෙයි කියල නෑදෑයෙක් නැති හින්ද මේ ඔක්කොටම පුලුවන් මාව රවට්ටන්න...කවුරු මාව ආරක්ශා කරන්නද අනේ....මා දුක්බරව පැවසුවෙමි....එහෙම කියන්න එපා චතූ....සුරන්ජිත් අයිය ඔයාව අතහරින එකක් නෑ....නිමන්ති කීවාය.....එයා මාව අත හැරියොත් මම මීට පස්සෙ කාටවත් රැවටෙන්නෙ නෑ.....මම හැමදාම තනියම ඉන්නව..ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මට කලා මැදිරියො දකිනකොටත් බය හිතෙනව අනේ ...මා පැවසුවෙමි.
සතියක් පමන ගතවූ පසු සෙනසුරාදා දිනක අක්කා ඇගේ වාහනයෙන් නවාතැනට පැමිනියාය.....මොකද දන්නෙ නෑ චතුරිකා.....ඇය දුටු ඇන්ටි ඇසුවාය...වැඩේ කෙරෙන්නෙ නෑ කියන්නද දන්නෙ නෑ.....කියාගෙන ගිය මා....ඉදිරිපස දොර විවුර්ත කලෙමි.....හරි වැඩේනෙ නංගි .....අක්කා කනගාටුවෙන් මෙන් පවසමින් මා අසලට පැමිනියාය.....වැඩේ මොකක්ද කියල මට හිතාගන්න පුලුවන්...මට දැන් කවුරු ඇතත් එකයි නැතත් එකයි....සිතූ මා ඇය දෙස බැලුවෙමි.
No comments:
Post a Comment