Sunday, June 17, 2018

ආත් අම්මාගේ පාඩම 153................විනෝදනී අක්ක අයියගෙ තීරණේ දැනගත්තොත් ගැටලුවක් වෙයිනෙ......මා ඇසුවෙමි.....තීරනේ වෙනස් කරන්න හේතුව තාත්ත පැහැදිලිකරල දෙයිනෙ.....ඉතින් එයාට මොලයක් තියෙනවනම් ගැටලුවක්වෙන එකක් නෑ....මොකද විනෝදනී කියන්නෙ මෝඩ කෙල්ලෙක් නෙවෙයිනෙ.....ඔහු පැවසුවේය.
                අපි කතාකරමින් නිවස අසලට පැමිනියෙමු. වසා දමා තිබුනු ගේට්ටුව විවුර්ත කල මා නිවස දෙසට ගියෙමි. සුරන්ජිත් වාහනය නිවස මිදුලේ නැවැත්වීය. කනපිට හැරීතිබුනු මගේ ජීවිතය සම්පූරනයෙන්ම හොද පිට හැරවූ මගේ පැරණි නිවස තවමත් වසා දමා තිබුණි......මොකද ආතම්ම මතක්වුනාද.... වාහනයෙන් බැස්ස සුරන්ජිත් මා අසලට පැමින ඇසුවේය.....ආත් අම්මට පින්සිද්ද වෙන්න තමයි ඔයාට මාව ලැබුනේ ආත් අම්ම මාව කෙල්ලෙක් බවට පත්කලේ නැත්නම් ඔයාට මාව හම්බවෙන්නෙත් නෑ...මට මේවගෙ ලස්සන ජීවිතයක් ගතකරන්න වෙන්නෙත් නෑ....මා නිවස දෙස බලමින් සිතින් කීවෙමි......පීතර මාම ඉන්නවද දන්නෙ නෑ..කී මා සුරන්ජිත් සමඟ  නිවස පිටුපස තිබුනු ඔහුගේ නිවස දෙසට ගියෙමි....ඔහුගේ නිවසේ දොර විවුර්තකර ඇතිබව දුටු අපි ඒ දෙසට ගියෙමු.   පීතර මාමා තේ කෝප්පයක් අතේ තබාගෙන අපි අසලට ආවේය...ආ මේ අපේ නෝනනෙ....තේකෝප්පය මේස උඩින් ඔහු අපිට වාඩිවීම සඳහා පුටු දෙකක් තැබුවේය......කොහොමද මාමෙ මෙහෙ වැඩ ටික.....මා ඇසුවෙමි.....මේ පෑවිල්ල හින්ද පොල් ඵලදාව ටිකක් අඩුවෙලා තිබුන....රබර් වත්තෙ වැඩටිකනම් කරගෙන යනව....ගොයන් පැහිල හින්ද ලගදිම කපයි....ඒව අද ගොවියනෙ කරන්නෙ නෝන ......අපිට තියෙන්නෙ අපේ කොටස හරියට ලැබෙනවද කියල බලන්න.....පීතර මාමා වත්තේ වැඩගැන කියන්ට විය.....මම ඉතින් වැඩිය ඕව ගැන දන්නෙ නෑ පීතර මාමෙ.....මේ මහත්තය තමයි මම දැන් බඳින්න ඉන්නෙ.....මේ සුරන්ජිත් මහත්තය මේව බලාගනියි....පීතර මාම මේ සුරන්ජිත් මහත්තයත් එක්ක කතාකර ගන්නකො.....අනේ බොහොම හොදයි අපේ නෝනට මේවගෙ පින්වන්ත මහත්තයෙක් හම්බවුන එක.....ඔහු සතුටින් කියන්ටවිය.
            අපිට පොඩ්ඩක් වත්ත පැත්තෙ ගිහින් බලන්න පුලුවන්ද.....සුරන්ජිත් ඇසුවේය...යමු මහත්තය...කී ඔහු ....මා දෙස බලා... මේ අපේ නෝනට තමා ඒ පාරවල් වල යන්න ටිකක් අමාරු....පැවසුවේය.....මාත් කොහොමහරි එන්නම්....මා කීවෙමි......නිවසේ දොර වසා දැමූ ඔහු අපි සමග ගමන් කලේය...මැගිලින් නැන්ද වැඩට ගිහින්ද පීතර මාමෙ....යන අතරතුර ඇසුවෙමි.....එයා ඉතින් උදෙම්ම වත්තට යනවනෙ...ඔහු පිලිතුරු දුන්නේය...මෙහෙන් අඩිපාර තිබුනට මහත්තය....වත්තට වාහන යන්න පුලුවන් පාරක් තියෙනව.....ඒක ඉතින් පොඩ්ඩක් දුරයි.....පිතර මාමා කීවේය....ටිකක් දුර යනවිට ඇල පාර හමුවිය....ඉන්ගොඩවීම සදහා ඒ දන්ඩක් දමා තිබුණි. අපිට ඉන් ගොඩවීමට තිබුනේ අත් වැල අල්ලාගෙනය....මා නිමල් කල මේ ඒදන්ඩෙන් අඩියට දෙකට ගොඩවූවත් අද මට තරමක බියක් ඇතිවූවේ මා දැන් ගැහැණු ලමයෙක් නිසාදැයි  සිතුනි. ඉන් ගොඩවූ පීතර මාමා මාදෙස බලා.....බයවෙන්න එපා නෝන අත් වල අල්ල ගෙන හිමින් අඩිය තියතියා එන්න....මා බියෙන් මෙන් අඩිය තබන විට කීවේය....සුරන්ජිත් හුරු පුරුදු කෙනෙක් මෙන් ඒදන්ඩෙන් ගොඩවනු මා පුදුමයෙන් බලා සිටියෙමි......මහත්තය නගරෙ වුනාට මේවගෙ පාරවල් හොදට හුරුයි වගේ....පීතර මාමා සිනාසෙමින් කීවේය....අපි ඕනැ දේකට හුරුවෙන්න ඕනැ පීතර මාමෙ....මම හරි කැමතියි මේවගෙ තැන්වල ඇවිදින්න....නගරෙ වගේ නෙවෙයි මේ ගැමි පරිසරය හරිම හිතට සහනයක්...සුරන්ජිත් කීවේය.....මම නිමල් කාලෙ මේවගෙ තැන්වල කොච්චර ඇවිදින්න ඇද්ද ..කොයිතරම් කජුගස් වල අඹගස්වල නගින්න ඇද්ද.....සරුංගල් හදාගෙන මේ වෙලේ කොයිතරම් දුවන්න ඇද්ද..ඒ අතෙරෙ කොල්ලොත් එක්ක වලිදාගෙන ගහගන්න ඇද්ද.....දිනක් ඉන මට්ටමට මඩේ එරී ගොඩ ඒමට නොහැකිව දැගලූ ආකාරය මතක් විය.....ඒ පිස්සු නටපු නිමල් නේද අද ලස්සන සුන්දර කෙල්ලෙක් වෙලා මේ ඉන්නේ...මා කල්පනා කරමින් ගමන් කරනවිට එකවරම එරමිනිය කටු අත්තක සාය පැටලුනි....මා එය ගලවන විට සුර්න්ජිත් මට වුදව්වන්ටවිය......ඒ කාලෙ කලිසම් කොටේ ඇදගෙන ඔහේ පාරක් ගානෙ කැලයක් ගානෙ ඇවිද්ද.....ඒත් දැන් මම ගැහැනු ලමයෙක් ....ඒ දේවල් මට දැන් කිරීමට නොහැකි වුවද මා ගැහැණු ලමයෙකු බවට පත්වීම ගැන දැඩිසේ සතුටට පත්වන්නෙමි.
            අපි රබර් වත්තතුලට ගියවිට....කිරිකපමින් සිටි මැගිලින් නැන්දා.....අප්පේ මේ අපේ නෝනනේ....මාව දැක සතුටින් කීවාය....අපේ ලොකු නෝන නැතිවුනාට පස්සෙ පොඩි නෝනත් දකින්න නැතුව හරිම හිතට අමාරුවෙන් හිටියෙ....අපේ මනුස්සයටත් කිව්ව ගිහින් හරි නෝනව බලල එමු කියල....කොහේද ඉතින් මෙහෙ වැඩ වැඩිනෙ නෝන....මේව ඉතින් නෝනලගෙ උනාට අපේම ඒව වගේ බලා ගන්නවනෙ.....ඇය පවසන්ට වූවාය.....මැගිලින් නැන්දෙ මේ මහත්තය තමයි මම බදින්න ඉන්නෙ....මා කීවිට...ඇත්තද... අනේ වාසනාවක්....නෝනලාට වැඩිවැඩියෙන් හරියන්න ඕනැ....ඇය එසේ ආශීර්වාද කලේ හදපතුලෙන්ම බව අපිට දැනුනි.....
               මැගිලින් නැන්දෙ....මට මේවගැන එචර තේරුමක් නෑ...මම මේ මහත්තයට කිව්ව පොඩ්ඩක් බලන්න කියල....මා කීවිට.....ඒක තමයි නෝන....නෝනට ඉතින් මේ කැලැවල තනියම ඇවිදින්න බෑනෙ...දවසකුත් නෝන තනියම ගෙදර ආවහම මම හරියට බයවුනා....ඇය කීවිට.....සුරන්ජිත් මා දෙස පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: