Saturday, July 2, 2016

(ජීවිතය සුන්දරයි 44)...............................................පහුවදා උදෙන්ම මගේ ලේසාම්පල් දෙන්න ගියා.......ගියේ මහත්තයත් එක්ක හින්ද අපේ ගමන ගැන නෝනට කුතුහලයක් ඇතිවෙලා තියෙනව කියල මට තේරුනා....කොහේද සදුනි නිතර මහත්තයත් එක්ක යන්නෙ....නෝන ඇහුව.....අනේ මන්ද නෝන මහත්තයගෙ එක එක වැඩවලට මාව එක්ක යනවනෙ....මම කිව්ව.....ආ ඇත්තද?...ඇහුව නෝන මාදිහා අමුතු විදියට බලල හිනාවෙනව දැක්ක...මමත් මොකුත් නොකිය මොන්ටිසෝරි එක්ක යන්න පුතාව ලෑස්තිකරන්න ගියා......මම මොන්ටිසෝරියට ගිහින් ඇවිල්ල ලැප් එක බලන්න ඒක ඔන්කලා.....නෙට් එකට ලොග්වෙලා ඉන්නවෙලාවෙ නෝන කාමරේට ආව....මහත්තය සදුනිට ගොඩක් ආදරෙයි වගේ.....මගේ ඇද උඩින් වාඩිවෙලා කිව්ව......ඒ මොකද නෝන එහෙම කිව්වෙ මම ඇහුව.....මහත්තය එයාගෙ වැඩවලට එක්ක යනව. කොම්පිවුටර් ගෙනත් දෙනව පෝන් ගෙනත් දෙනව....ඒකයි එහෙම කිව්වෙ.....මට නෝනගෙ අදහස තේරුනා....අනේ එහෙම දෙයක් නෑ නෝන. මහත්තයගෙ හිත හොදයි....ඒකයි මේ......සදුනිගෙත් හිත හොදයිනෙ.....කියල නෝන හිනාවුනා....කමක් නෑ මහත්තයගෙ කැමැත්තනෙ ....කියල කාමරෙන් පිටවුනා....අපෝ ඇති යන්තම් මම හිතුව මහත්තයත් එක්ක එහෙමෙහෙ යනව කියල බැනුම් අහන්න වෙයි කියල......දැන් අද හවසටත් යන්න ඕනැනෙ....මම මෙසේ හිතමින් ගැහැනු බවට පත්වෙන එක ගැන හොයන්න පටන්ගත්ත...ලස්සන ගහැනු බවට පත්වෙලා හිටිය පිරිමි කීපදෙනෙකුගෙ පින්තූරත් දාල තිබුන. එයාල නම් පිරිමිවෙලා හිටිය කියල හොයන්නවත් බෑ...මම ඒ පින්තූර දිහා බලාගෙන කල්පනාකලා.....මම දැනටත් ගැහැනු ඇදුම් ඇන්දම කෙල්ලෙක් වගේමනම් මේවගෙ කරගත්තම කොහොම හිටීවිද.....එදාට මගේ ලස්සන ගැන හිතෙන් මවාගෙන සතුටුවුනා....මගෙ ප්‍රධාන ගටලුව වෙලා තියෙන්නෙ මට තියෙන පුරුෂ ලිංගය ඒක මට වදයක් වෙලා තියෙන්නෙ පේනකොටත් අප්පිරියයි....ඉක්මනට ඒක අයින්කරගත්තොත් ලොකු දෙයක් ...මම දැක්ක ඔපරේසන් කරල ඒක අයින් කරල ගැහැනු එක හදල තිබුන පින්තූර කීපයක්...මේක අයින් කලාම මෙගෙත් මේවගෙ වෙයි.....මම කල්පනාකලා.....මේකෙ කියන විදියටනම් අවුරුද්දක් විතර බේත් බොන්න ඕන ඇගවෙනස්වෙන්න..ඊට පස්සෙ තමා ඔපරේසන් කරන්නෙ....අම්මෝ තව කීකාලයක් ඉවසන්නද....මට දුකක් දැනුන...මේව බලනකොට දන්නෙම නෑ වෙලාව ගිහිල්ල මම ඉක්මනට මිදුලට ගියා...ඒ වෙලවෙම වාහනේ සූදානම් කරගෙන ඉන්නව දැක්ක....මම බැලුව මැඩම් ඇයි පරක්කු කියල....ඩ්රයිව අන්කල් ඇහුව....පොඩිවැඩක් කලා අන්කල්...මම කිව්ව....මායි පුතයි හවස මිදුලෙ ඉන්නකොට ...නෝන අපිගාවට ආව....පුතත් එක්ක ටිකවෙලාවක් සෙල්ලම්කල නෝන.....මහත්තය කතාකලද ඇහුව.....ඔව් නෝන එයා නිතරම කතාකරල පුතා ගැන අහනව...මටනම් පේනෙ දෙන්නම ගැන අහනව වගේ.....නෝනා හිනාවෙමින් කිව්ව....ඒකිව්වෙ නෝන....පුතා ගැනයි පුතගෙ අලුත් අම්ම ගැනයි....කියල හිනාවුනා....අනේ එහෙම එකක් නෑ නෝන...මම ලැජ්ජාවෙන් කිව්ව....මට පේන්නෙ පුතාගෙ නැතිවුන අම්ම චිත්‍ර නන්ගිටත් වැඩිය තාත්තටයි පුතාටයි දෙන්නටම සදුනි ගැන හිත ගිහිල්ල වගේ.....අනේ මන්ද නෝන....මම මොකුත් නොකිය බිමබලා ගත්ත.....මහත්තයල මට මේ විදියට සලකන්න ගිහිල්ල නෑදෑයො එක්කත් තරහවෙනව.....එදා සිද්දිය ගැන මතක්වෙලා කිව්ව....ඒ ගොල්ලොද ඒගොල්ලො මහ අමුතු ජාතියෙ මම එදා පාටියට ගියත් එච්චර කැමැත්තකින් නෙවෙයි ගියෙ.....නෝන කිව්ව....
අද හවස ඩොක්ට හම්බවෙන්නත් ඕනැ තුනට පුතාව නිදිකරවල නාගත්ත මම ඇදගෙන යන්න හොද ගවුමක් ලෑස්තිකර ගත්ත.....හවස පහවෙනකොට මහත්තය ආව .. මහත්තය ආවගමන්ම මම ලෑස්තිවුනා....පුතා තවම නිදි හින්ද අපිට කරදරයක් නැතුව ගෙදරින් යන්න පුලුවන් උනා.....ඩොක්ට හම්බවුනාට පස්සෙ මගේ රිපෝට් එක බලල....මගෙ ඇදුම් ගලවල සිරුරත් පරීක්ෂා කලා.....මේ බේත්ටික ගන්නකොට ඇගවෙනස්වෙයි.....මාව පරීක්ෂා කරන ගමන් කිව්ව...කොච්චරකල් ගන්න ඕනැද...මම ඇහුව. මාස තුනක් විතර බොනකොට වෙනස්වීම තේරෙයි.....දිගටම බෙහෙත්ටික ගන්න...මාසෙකට සැරයක් ලේ බලන්න ඕනැ...රිපෝට් එකත් අරගෙන එන්න....අපිට උපදෙස් දුන්න.....අපි ගෙදර ආවම නෝන මාදිහා බලල හිනාවෙනව මම දැක්ක....මගේ ඇගේ එල්ලුන පුතා අම්ම මාව දාල කොහේද ගියේ.....අම්මට ඌයිය වෙලා බේත් ගේන්න ගියා පුතේ....පුතා වඩාගෙන කිව්ව.....
මම වරදන්නෙ නැතුවම බෙහෙත් ගත්ත. ඒ බෙහෙත් ගන්නකොට සමහරවෙලාවට කැරකිල්ල වගේ හැදුන....ඕවගෙ පොඩිදේවල් වෙයි කියල ඩොක්ට කියල තිබුන හින්ද බයවුනේ නෑ....දවසක් උදේ මොන්ටිසෝරියට පුතා ඇරලවල ආවට පස්සෙ මට අප්පිරියක් වගේ ඇවිත් වමනෙ ගියා ....මොකද සදුනි....මාගාවට ආව නෝන ඇහුව. ඔයාල හොරෙන් හොරෙන් යනකොට මට සැක හිතුන....මෙච්චර හිටිය මටවත් කිව්වෙ නෑනෙ....නෝන මට දොස්කියනව ඇහුන.....එහෙම එකක් නෙවෙයි නෝන. මම කිව්ව.....බයවෙන්න එපා මම ඔයාලට මොකුත් කියන්නෙ නෑ ...ඔහොම ඉන්නෙ නැතුව දැන්වත් එක්තැන් වෙන්න බලන්න....ඉන්නකො මම මල්ලි ආවම කියන්න.....නෝනා කියන්නවුනා....නෝන හිතාගෙන ඉන්නෙ මම අම්ම කෙනෙක් වෙන්න යනව කියල.... පිරිමියෙක් උනමම කොහොමද නෝන අම්ම කෙනෙක් වෙන්නෙ...මගෙත් කුසට දරුවෙක් එනවනම් මාත් කැමතියි....මම මෙසේ හිතුව....අද හවස මහත්තය ආවම මොනව වෙයිද දන්නෙ නෑ මට බයක්
 ඇතිවුනා

No comments: