Thursday, July 21, 2016


(ජීවිතය සුන්දරයි 86)................................දුවගෙ වයස අවුරුද්දක් විතර උනා. මේ වෙනකොට පුතා පාසැල් යන්න පටන්ගත්ත. එයාව දැම්මෙ ජාත්‍යාන්තර පාසැලකට. මගෙ තාත්ත පුතාව පාසැල් ගෙනියන්න බාරගත්ත හින්ද ...මට යම් අස්වැසිල්ලක් උනා.....සදුනි ඔයත් එක්ක මට වැදගත් දෙයක් ගැන කතාකරන්න ඕනැ....දවසක් මහත්තය කිව්ව....ඉතින් කියන්නකො...මම කිව්ව....මෙතැන ඉදගෙන කියන්න බෑ....නිදාගන්න ගියාම කතාකරමු....දුව හම්බවෙන්න ඉස්සෙල්ල මායි පුතයි මහත්තයයි නිදාගත්තෙ එකම ඇදේ. දුව හම්බවුනාට පස්සෙ දුව මගෙ තුරුල්ලෙ ඉන්න හින්ද....පුතා අනිත් ඇදේ නිදාගන්න පුරුදුවුනා..එයා අනිත් ඇදට ගියේ එයාගෙම කැමැත්තෙන් බව අපිට තේරුනා....ඒත් එයාට නින්දයනකන් මම පුතාව තුරුලුකරගෙන හිටිය........මගෙ අම්මල ආවට පස්සෙ එයා අම්මගාවත් නිදාගත්ත....මගෙ අමයි තාත්තයි පුතාට ගොඩක් ආදරේ හින්ද පුතා එයාලට වැඩිපුර එකතුවුනා කියල මට තේරුනා.....ඔයා කියන්න ඕනැ කිව්ව වැදගත් කතාව කියන්නකො....මහත්තය ගාව ඇලවුන මම කිව්ව....සදුනි ඔයා දැන් චූටි දුවෙකුගෙ අම්ම කෙනෙක්....මහත්තය කිව්ව...එතකොට පුතාගෙ අම්ම නෙවෙයිද....මම ඇහුව....අමතක උනානෙ පුතාගෙත් අම්ම තමා.....මහත්තය මගෙ හිස අතගාමින් පැවසුව..ඉතින් කතාව කියන්නකො...මම කිව්ව.....ඔන්න එකමත්තෙක කාලෙක.....මහත්තය කියනවිට....රජ කතාවක් කියන්නද මෙච්චර උවමනාවෙන් පටන්ගත්තෙ...මම ඇහුව.....මේ කත් එක්තරා රජකතාවක් තමයි....පෙරදිග එකක්ද අපර දිග එකක්ද මම සිනාසෙමින් ඇහුව....ඒ කොහේවත් නෙවෙයි අපේ ගෙදර එකක්......මහත්තය කිව්ව..අපේ ගෙදර ඉන්න කෙනෙක් රජිනියක් වෙන කතාවක්......අනේ මන්ද වැල්වටාරම් නැතුව කියන්නකො කවුද ඒ රැජිනි.....මම ඇහුව.....රජින ගැන කියන්න ඉස්සෙල්ල මගෙ කතාව කියන්නම්කො....කිව්ව මහත්තය....සදුනි දන්නවනෙ මගෙ වියාපාර කීපයක් තියෙනව කියල....ඒ වුනාට ඔයා ඒ එකක් ගැනවත් දන්නෙ නෑනෙ....හදිස්සියෙ මට අස්නීපයක් හැදුන....වෙන මොකක් හරි ගැටලුවක් උනා.....මගේ වියාපාර ගැන ඔයා දැනගන්න ඕනැනෙ....දැන් දුවටත් අවුරුද්දක් විතර වෙනව....පුතයි දුවයි බලාගන්න ඔයාගෙ අම්මයි නෙලුනුයි ඉන්නවනෙ...මම ඔයාව අපේ වැඩපලට එක්ක යනව....ඔයා ඒ හැමදෙයක්ම දැනගන්න ඕනැ. මම ඔයාට අද්යක්සක තනතුර දෙනව....ඔයා ඒක බාරගන්න ඕනැ....ඔයාගෙ තාත්තටත් දැන් හොදයිනෙ......තාත්ත කැමතිනම් එයාට මැනේජ තනතුරක් දීල අපේ වැඩවලට සම්භන්ද කරගන්න හිතාගෙන ඉන්නෙ.....අනේ මහත්තය මම ඔය වියාපාර ගැන මොකුත් දන්නෙ නෑ....මහත්තය එහෙම කියනවිට බියට පත්වුන මම කිව්ව....ඔයා බයවෙන්න එපා කරන්න ඕනැ ඔක්කොම මම කියාදෙන්නම්......ඔයාට හොද බුද්දියක් තියෙන හින්ද මේවැඩ අල්ලගන්න එක අමාරු වෙන්නෙ නෑ.....මට පිටරටකට ගියත් ඔයා වැඩපල බලාගන්නවනම් මට බය නෑ....මහත්තය කිව්ව......කවද්ද මම එන්න ඕනැ...මම ඇහුව....හෙට ඉදන් උනත් කමක් නෑ.....මහත්තය කිව්ව.....අනිද්ද බ්‍රහස්පතින්දා එදාට හොදයි ...හෙට බෝධි පූජාවක් කරල බාරයක් වෙලා එන්නම්..ඉස්සල්ලම වැඩකට අතගහන හින්ද.......මම කිව්ව...අම්මෝ කෙල්ල බයවෙලා තියෙන තරමක්...ඔච්චර බයවෙන්න එපා මම ලග ඉන්නවනෙ......මගෙ මහත්තය ලග ඉන්නකන් මම මොකටවත් බයනෑ මහත්තය....කිව්ව මම එයාගෙ පපුවට මුහුන තදකර ගත්ත......තාත්තට මේ කතාව කිව්වම අපි එක්ක වැඩකරන්න තාත්තත් කැමතිවුනා......කම්මැලි කමට ඉන්න එකේ ඒකත් හොදයි..තාත්ත කිව්ව...අපි බ්‍රහස්පතින්දා වැඩ පටන්ගත්ත මහත්තය අපිව වැඩපලේ ඉහල නිලධාරීන්ට හදුන්වලා දුන්න.. ..මටත් තාත්තටත් වෙනවෙනම කාමර දෙකක් වෙන්කරල දුන්න.....වැඩ පලේ කෙරෙන්න ඕනැ දේවල් මහත්තය අපිට කියල දුන්න......සමහර දේවල් මට වැරදුනාම මහත්තය මගෙ හිසට හිමින් ටොක්කක් අනින්න පුරුද්දක් උනා....මමත් මහත්තයගෙන් හිමින් ටොක්කක් ඇන ගන්න ඕනැවට බොරුවටත් වරද්දනව.....මේ අතර මගෙ නැන්දගෙ පුතා උපාධිය අරගෙන කැම්පස් එකෙන් පිටවුනා කියල ආරන්චිවුනා.....එයා මට හුගක් උදව් කල කෙනෙක් මමත් අයියට උදව්වක් කරන්න ඕනැ.....මම හිතාගත්ත.

No comments: