Thursday, July 14, 2016



(ජීවිතය සුන්දරයි 77)..................................මම ඉක්මනට මේ ගමන ලෑස්ති කරන්නම් මහත්තය කිව්ව....දැන් කවුද මහත්තය යන්නෙ මාත් එන්න ඕනැද ...මම ඇහුව....ඔයා යන්නෙ නැතුව කොහොමද ඔයානෙ මේ අදහස දුන්නෙ....පුතා එක්ක යන්න ඕනැ හින්ද නෙලුම්වත් එක්ක යමු.....මහත්තය කිව්ව...නෙලුම්ගෙයි නෝනගෙයි පාස්පෝට් හදන්නත් වෙනව.....මහත්තය කිව්ව.....සදුනිගෙ පාස්පෝට් එක නිකම්ම වෙනස්වුනානෙ....මහත්තය හිනාවුනා.....මම සතුටින් එලියට ගියා පුතා නෙලුම් එක්ක මිදුලෙ සෙල්ලම් කරනව ..නෝන බන්කුව උඩ වාඩිවෙලා පොතක් බලනව....මම එතැනට ගියා....මොකද මහත්තය කියන්නෙ..ඔයාට ඊයෙ මහත්තය බැන්නලු නේද....මාව දැක්ක නෝන ඇහුව..කොහොමද නෝන දන්නෙ....මට නෙලුම් කිව්ව...මහත්තයට වැඩපලේ පොඩි ගැටලුවක් නෝන....ඒ මොකක්ද...නෝන ඇහුව. මේ කතාව ඇහිල නෙලුම් ආව....මම ඒ ගැටලුව විසදන .හැටි කියල දුන්න....හැබැයි ඒකට අපි ඔක්කොම ඉන්දියාවෙ යන්න ඕනැ....මම කිව්ව.....ඉතින් අපි යන්නෙ මොකටද ...නෝන ඇහුව....නෝන යන්නෙ නෝනගෙ අසනීපෙ හොදකරගන්න. මහත්තය යන්නෙ මහත්තයගෙ ප්‍රශ්නෙ ලෙහාගන්න . මම යන්නෙ ඔක්කොගෙම සපෝට් එකට පුතා යන්නෙ මම යන හින්ද. නෙලුම් යන්නෙ පුතාව බලා ගන්න...මම මෙහෙම කියාගෙන යනකොට....කුස්සියෙ උයන එක්කෙනා යන්නෙ අපිට උයල දෙන්න .ඩ්රයිවර් යන්නෙ වාහනේ එලවන්න. ගෙදර බල්ල යන්නෙ...හොදවෙලාවට මෙහෙ බල්ලෙක් නෑ.......නෝන ඒටික එකතුකරල හිනාවුනා....මටයි නෙලුම්ටයි හොදටම හිනා ගියා.....මොකද මේ කට්ටිය හිනාවෙන්නෙ ....අපි ගාවට ආව මහත්තය ඇහුව.....මොකද මේ සදුනි කියන්නෙ....නෝන ඇහුව....ඉන්දියා යන්න ලෑස්තිවෙන්න කිව්ව නේද....මගෙ අසනීපෙට හැම තැනම ගියානෙ මල්ලියෙ ඒත් වඩක් උනේ නෑනෙ...නෝන කිව්ව....මේ සැරේ බලමුකො...මහත්තය කිව්ව.....මහත්තය නෝනගෙ නෙලුම් ගෙ පාස්පෝට් හැදුව හොද වෙලාවට නෙලුම් උප්පැන්නෙ ගෙනත් තිබුනෙ. නැත්නම් එයාගෙ ගමේ යන්න වෙනව......ඉන්දියාවෙ දේවාලෙකටද යන්නෙ නෝන මගෙන් ඇහුව...නෑ නෝන යෝගී වරයෙක් ඉන්නව එතුමා හම්බවෙන්න....හැබැයි කලේ මැද්දෙ යන්න ඕනැ...ගමන ටිකක් දුස්කරයි....මහත්තයත් එක්ක ඉන්දියාවෙ ගියවෙලාවෙ ගියානෙ.....මම කිව්ව.
මහත්තය ඉන්දියා ගමන දින නියම කරගත්ත....ගෙදර බලා ගන්න මැනේජර් කෙනෙක් පත් කරල අපි ඉන්දියාවෙ ගියා..මහත්තය බයේ හිටියෙ මගේ පාස්පෝට් එක ඉබේ වෙනස්වුන හින්ද ගැටලුවක් වෙයි කියල.. ඒත් එහෙම දෙයක් උනේ නෑ ඒ ඔක්කොම යෝගීවරයගේ බලෙන් වෙනස්වෙලා......එදා මම වගේ අද නෙලුම්ගෙත් පලවෙනි විදේස ගමන වුනා.....අපි ගිය සැරේ හිටිය හෝටලේම හිටිය.නෙලුනුයි නෝනයි එකකාමරේක හිටිය මායි පුතයි මහත්ත්යයි එක කාමරෙක හිටිය.....ඈ සදුනි ඔයාට බය නැද්ද මහත්තයත් එක්ක එක කාමරේ ඉන්න නෝන ඇහුව....ඇයි නෝන මහත්තයට මොකටද බය වෙන්නෙ කසාද බදින්නෙ නැතුව ඔහොම ඉන්නවද ලමයො...මට කිව්ව...මහත්තය ඒවගෙ නරක කෙනෙක් නෙවෙයි නෝන ...මම කිව්ව....මගෙ මල්ලි වුනත් පිරිමි ඕනැවට වඩා විස්වාසකරන්න එපා...අවසානයේ නෝන කිව්ව...එදා අපිට දවස් කීපයක් හෝටලේ ඉන්න උනත් මේසැරේ කාල ගුනය හොද හින්ද දවසින් නේපාලෙට යන්න පුලුවන් උනා.....කැලේ ග්මන තමා ටිකක් දුස්කර වුනේ....නෙලුම්ට මේ ගමන එච්චර අමාරුවුනේ නෑ ගමේ හැදුන අයට දුස්කර ගමන් පුරුදුයි...නෝනට තමා අමාරුවුනේ....අවසානයේදී යෝගීවරයා හම්බවුනා.....මට දවස් පහක් ආසීර් වාද කලත් අද ආසීර්වාද කලේ දවස් දෙකයි....මම හිතන්නෙ මගෙ වැඩේ බැරෑරුම් හින්ද වෙන්න ඇති....මහත්තය මා ගැන යෝගිවරයට කිව්ව....එතුමා ආයෙත් මට ආසීර්වාද කලා.... මට ආයෙත් ආසීර්වාදකලේ මොකද දන්නෙ නෑ මහත්තය...ආයෙත් මාව හිටපු වෙදියට පත්වෙයිද....මම බයෙන් ඇහුව....මහත්තය ඒ ගැටලුව අපේ පරිවර්තකයට කිව්ව...එයා යෝගිවරය ගෙන් ඒ ගැන ඇහුව....යෝගිවරය කිව්වලු ඒ වුන දේ ස්තිර කරන්නයි එහෙම කලේ කියල....ආයෙ කවද හරි වෙනස් කරගන්න ඕනැ කියල මෙහාට ආවත් වෙනස්කරගන්න බැරිවෙන්නලු එහෙම කලේ.....මහත්තය මාව කවුරුත් නැති තැනකට එක්ක ගියා.....ඔයා මොකටද ආයෙත් ආසීර්වාද කරව ගත්තෙ....ඔයාට ආයෙත් පිරිමියෙක් වෙන්න හිතුනත් වෙන්න බෑනෙ....මහත්තය කිව්ව.....මට මොකටද ආයෙත් පිරිමිමියෙක් වෙන්නෙ මම ආයෙත් පිරිමිකම බලාපොරොත්තුවෙන්නෙ නෑ මහත්තය....මම කිව්ව....එහෙනම් කමක් නෑ...මහත්තය කිව්ව.....අපි ඔක්ක්ම කරගෙන ආපහු ආව....

No comments: