Monday, July 25, 2016


(අත්භූත වලව්ව 8)................................මේවගෙ මන්තර වැඩකරනකොට ටිකක් දැනගෙන කරන්න ඕනැ. නැත්නම් මොනව වෙයිද දන්නෙ නෑ......මම හිතන්නෙ අර කාමරේ හිටිය කොල්ලටත් මොකක්හරි මේවගෙ වැඩක් කරන්න ගිහිල්ල වැරදුනාද දන්නෙ නෑ....ඒ ගෙන්නුව කෙල්ලව එයාට ආපහු යවාගන්න බැරිඋන හින්ද මොකක්හරි උනාද දන්නෙ නෑ....තවටිකක් හොයල බලල මේක අත්හදා බලන්න ඕනැ මම හිතාගත්ත....මම තවදුරටත් ඒ පුස්කොල පොත කියෙව්ව.....තව මන්ට්රයක් තිබුන ස්ත්‍රී පුරුශ වශීබදනය කියල....ඒකත් කරන හැටි තිබුන....ඒකෙ තිබුනෙ කෑම එකකට මතුරල තමන් කැමති කෙනාට දෙන එකක්....තව තිබුන රාජ වශී වගේ ඒව....මම තරුන කොල්ලෙක් හින්ද මගෙ හිත ගියෙ මුලින් කිව්ව මන්තරයට.....ඒක කලොත් මම ආසකරන කෙල්ලෙක් ගෙන්න ගන්න පුලුවන් වෙයි.....ඒත් මේක දැම්ම කරන්න හොදනෑ....මම ඒ වැඩේ ටිකක් කල්දැම්ම.....ඒ කාමරේ තවත් මේවගෙ පොත් ඇති ....හෙට බලන්න ඕනැ....ඒත් එහාට ගිය ගමන් ආච්චි දැනගන්නව....කොහොම දැනගන්නවද මන්ද.....ඒක හින්ද හුගක් පරිස්සම් වෙන්න ඕනැ. කෑම කාල නිදාගන්න යනකොට.....පුතේ පොඩ්ඩක් මගෙ කාමරේට වරෙන්....ආච්චි කිව්ව....මට උබත් එක්ක පොඩි කතාවක් තියෙනව කරන්න....දොර වැහුව ආච්චි කිව්ව....උබලගෙ සීය මේ පලාත හොල්ලගෙන හිටිය කෙනෙක් එයාට වැරද්දක් කලොත් පොඩි මන්තරයි මතුරන්නෙ.....එයා නැතිවෙලා දැන් අවුරුදු ගානක් උනත් එයාගෙ බලය තාම මේ වලව්වෙ තියනව.....එයා කැමති නෑ ...එයාගෙ ඒව කවුරුවත් අල්ලනවට.....සීය නැති උනාට පස්සෙ උබලගෙ තාත්ත එයාගෙ අදුරන කෙනෙකුට උඩ කාමරයක් දුන්න....ඒ ගෙදර හිටිය කොල්ල උබේ වයස ඇති....ඒක කොලුකමට මොකක් හරි කරල ඒ ගෙදර ප්රස්නවගයක් ඇතිවුනා......ඊට පස්සෙ සීය මට කිව්ව කාටවත් උඩ තට්ටුවට යන්න දෙන්න එපා කියල....එතකොට සීය හිටියෙ නෑනෙ ආච්චියෙ ඉතින් කොහොමද කියන්නෙ....මම ඇහුව.....උඹට ඒ පැහිච්ච කන් වැඩක් නෑනෙ කොහොම හරි කිව්වනෙ....ආච්චි කිව්ව....ඒ හින්ද උබ එහෙම ඔය උඩ තට්ටුවට ගිහින් වැඩ වරද්ද ගන්න එපා.....ආච්චි මට අවවාද කලා.
මම කාමරේට ගිහින් ආච්චි පැවසූදේවල් කල්පනාකලා. එතකොට සීය එක්කද ආච්චි නිතර කතාකරන්නෙ...මම උඩ තට්ටුවට ගිය ගමන් ආච්චිට කියන්නෙ සීයද....මට මේ ගැන ගැටලුවක් උනා.....දැන් බලනකොට උඩට යන එක භයානක වැඩක්..සීය මට මොකක් හරි අනතුරක් කරයිද දන්නෙ නෑ....මට බය හිතුන...මොකක් හරි කරල සීයව යාලුකරගත්තොත් වැඩේ හරි....මම එයාගෙ මුනුබුරානෙ ඒහින්ද උදව්කරයි.....මට හිතුන....මට අම්ම කියල තියෙනව පින්කරල මලගිය අයට පින්දුන්නම එයාල අපිට උදව්කරනව කියල. මමත් එහෙම කරල බලන්න ඕනැ.....එයාගෙ උදව් ගත්තොත් මට මේ මන්තර මතුරන හැටි අහගන්න පුලුවන් වෙයි.....ආච්චියෙ සීය වෙනුවෙන් දානයක් වත් දුන්නෙ නැද්ද....පහුවදා මම ආච්චිගෙන් ඇහුව....කොහේද බන් ඕව කරන්නෙ උබලගෙ තාත්තත් කොලඹට වෙලා ඉන්නව ...එයාට ඕව ඕනෙ නෑනෙ...ආච්චි කිව්ව....අපි සීය වෙනුවෙන් අද දවල්ට මොනව හරි පූජකරමුද.... මම කිව්ව....ඒකනම් හොද අදහස අද හවසට ගිලන්පස ටිකක් හදාගෙන පන්සලට යමු...ආච්චි කිව්ව....පන්සල තිබුනෙ කන්දක් උඩ...උඩට ගියහම අමුතු ලෝකෙකට ගියාවගේ දැනුන...නිස්කලන්ක පරිසරයක් තිබුනෙ.....මොකද උපාසක අම්මෙ .....ආච්චි දැක්ක ලොකු හාමුදුරුවො ඇහුව....අපි ලොකු හාමුදුරුවන්ට වැදල ආව කාරනාව කිව්ව.....හොදයි හොදයි විහරෙට ගිලන්පස පූජාව තියල එන්නකො...කිව්ව......අපි විහාරය වැදල ලොකු හාමුදුරුවන්ට ගිලන්පස පූජාකලා....අනතුරුව සීයට පින්දීල පැන් වැඩුව.....කාලෙකින් සීය වෙනුවෙන් මෙහෙමවත් පිනක් කලේ ..ලගදි සාන්ගීක දානයක් දෙන්න ඕනැ....ආච්චි කිව්ව....යන්තම් ඇති ආච්චි මම හින්ද පිනක් කරගන්නව....ඒකෙන් සීයත් පින් අරගෙන හොද තැනකට යයි...මට සතුටක් ඇතිවුනා.....
පහුවදා මම ආච්චිට හොරෙන් උඩට ගියා...පුතේ....මට කාගෙද ගොරෝසු කට හඩක් ඇහුන.....මම බයවෙලා වටපිට බැලුව....කවුරුවත් නෑ.....