(ජීවිතය සුන්දරයි 54)..............................................මහත්තය ගියාට පස්සෙ පුතාට ඕනැවුනා එයාගෙ සෙල්ලම් කාරෙක එලවන්න ඒකට නැගල ස්විච් එක දැම්මම එලවන්න පුලුවන් වැඩකරන්නෙ බැටරි වලින්. චාජ් කරල ගත්තම ටිකක් වෙලා පදින්න පුලුවන් එයා ඒක මිදුලට අරන් එහාට මෙහාට එලවනව.....මිදුල ඉඩ තියෙන හින්ද පුතාට හොදට සෙල්ලම් කරන්න පුලුවන් එයා සෙල්ලම් කරන අතරෙ මම අඹ ගහයට තිබුන කොන්ක්රීට් බන්කුවෙ වාඩිවුනා.....නෝනත් ඇවිත් මාගාව වාඩිවුනා....දැන් නෝන අහන ඒවට උතර දෙන්නෙ කොහොමද ...මට බයක් ඇතිවුනා....සති දෙකක් විතර ගිහින් හිටිය නේද....මගෙන් ඇහුව....ඔව් නෝන ...මම කෙටියෙන් කිව්ව.....ඔයාල දඹදිව වදින්නද ගියේ.....අනේ නෑ නෝන වදින්න යන්න බ් ඇරිවුනානෙ....මම කිව්ව....අපරාදෙනෙ දබදිව ගිහිල්ලත් වදින්න බැරිවුනා කියන්නෙ වැඩක් නෑනෙ....මම ගියානම් වැදලම තමා එන්නෙ....නෝන කිව්ව....අපිත් වදින්න තමා හිටියෙ නෝන....එහෙ මේදවස්වල හරියට රස්නෙ.....එලියෙ පිච්චෙනව වගේ....පුතාව එක්ක යන්නත් බෑනෙ ඒ හින්ද ගියෙ නෑ....එහෙනම් කමක් නෑ...පැවසූ ඇය....වන්දනාවෙ යන්න සුදුසු කාල තියෙනව ඒ කාලෙට යන්න ඕනැ....ගිහින් හිටියෙ කොහේද.....දිල්ලියෙ හෝටලේක හිටිය ඒක ඒ සී හින්ද ගානක් නෑ.....මම කිව්ව. ඉතින් මේ දවස් ටිකේම හෝටලේට වෙලාද හිටියෙ....මායි පුතයි නම් හෝටලේ තමා හිටියෙ .මහත්තය බිස්නස් වැඩ වලට ගියා....ඉතින් එහෙ ඉදන් මට කතාකරන්න බැරිවුනේ මොකද....මුල් දවස් වල කතාකලාට පස්සෙ කතාකලේ නැතිවුනාම මට බය හිතුන.....නෝන කිව්ව....අපි ගියානෙ නෝන නේපාලෙ පැත්තෙ ගමකට එහෙ සිග්නල් නෑ.....ගම්වල මොනවද කරපු බිස්නස් වැඩ...නෝන ඇහුව දේට මට කියන්න දෙයක් නැතිවුනා...මට එකපාරටම මතක් උනා රාහුල් මහත්තයව.....මහත්තයගෙ ඉන්දියාවෙ යාලුවෙක් ඉන්නවනෙ රාහුල් කියල එයාගෙ ගෙදර ගියා....එහෙ ගොඩක් කදු තියෙන පලාතක් හරි ලස්සනයි...මම කිව්ව....ඉතින් එහෙ රස්නෙ තිබුනෙ නැද්ද.....මේ නෝන එක්කනම් කතාකරල බේරෙන්න බෑ වගේ....කොයි වෙලාවෙ මම කියන බොරු අහුවෙයිද දන්නෙ නෑ....කල්පනාවෙන් කතාකරන්න ඕනැ....හිතුව මම....නේපාලෙ තියෙන්නෙ හිමාලෙට කිට්ටුවනෙ නෝන ඉතින් එහෙ සීතලයි.....මම කිව්ව.....ඔයාල හෝටලේ ඉන්නකොටත් සදුනි හිටියෙ වෙනම කාමරේකද....මගෙන් ඇහුව...මේකට මොකක්ද දෙන උත්තරේ....මම කල්පනාකලා.....කමක් නෑ ඇත්තම කියනව....මම හිතාගත්ත.....එකම කාමරේ නෝන....මම කිව්ව....එකම කාමරේ...නෝන පුදුමයෙන් වගේ ඇහුව....ඔයාල එහෙම හිටියට ක්මක් නෑ ගිය සැරේ වගේ මේ සැරෙත් බබානම් නැතිකරගන්න එපා ඔන්න....පුතාට මොකුත් උනේ නෑනෙ නෝන....මම කිව්ව....මම කිව්වෙ පුතාගැන නෙවෙයි.....සදුනිට බබෙක් හන්බවෙන්න හිටියොත් එයාව නැතිකරගන්න එපා ඕව සහගහන වැඩ....එහෙම උනොත් ඔයා බයවෙන්න එපා අපි ඔයාට උදවු කරන්නම් ඔයාව අතරමන් කරන්නෙ නෑ.....මේ මොකද නෝන කියන්නෙ....එදා මට වමනෙ ගිය වෙලාවෙ කිව්ව දේට දෙවෙනි නැති එකක් නේද අද මේ කියන්නෙ...දැන් මොනවද කියන්නෙ...මම කල්පනාකලා....අනේ නෝන මහත්තය අතින් එහෙම ද්යක් වුනේ නෑ....මම කිව්ව....මහත්තය රහත් වෙලානම් එහෙම දෙයක් වෙන එකක් නෑ.......නෝන මම කිව්ව දේවල් පිලිනොගෙන කිව්ව.....සදුනි මම මේ කිව්ව දේවල් වලට හිත නරක්කරගන්න එපා....ඔයා ගැහැනු ලමයෙක්නෙ ඔයාගෙ ආරක්ශාවටයි මම මේව කිව්වෙ.....නෝන අවසනයේ පැවසුව....මම මොකුත් නොකිය නිස්සබ්ද උනා.....
මට මහත්තයගෙන් කෝල් එකක් ආව....නෝන කිව්ව දේවල් මහත්තයට කිව්ව...මහත්තය එදාවගේම අදත් හිනාවුනා....හිනාවෙලා හරියන්නෙ නෑ මහත්තය... හවසට මහත්තයවත් අල්ල ගනියි. ........මම කිව්ව....හරි හරි ඒක මම බලාගන්නම්...මහත්තය කිව්ව......පුතා මොටිසෝරි ගිය නැති හින්ද මට ගොඩක් වැඩ තිබුන මට නිතරම එයා එක්ක සෙල්ලම්කරන්න උනා......දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට මටත් මේ දේවල් කරන්න ලැබුන එක කොයිතරම් වාසනාවක්ද....මාත් දැන් අනිත් අම්මල වගේ අම්ම කෙනෙක් නේද....මට හිතුන......ඉන්දියාවෙදි කරන්න ගිය වැඩේ හරිගියානම් මාව මෙලහකටත් අම්ම කෙනෙක් නෙ....එහෙනම් ඔපරේසන් කරගෙන දුක් විදින්න ඕනෙත් නෑනෙ...මම කල්පනා කලා....හවස මහත්තය ගෙදර ආවත් නෝන මාගැන මොකුත් කියන්න ගියෙ නෑ....මහත්තයත් කිසිදෙයක් ඇහුවෙනෑ කියල මට තේරුනා....දැන් හරි වැඩේ වෙන්නෙ මහත්තය....රෑ මහත්තයගෙ කාමරේට ගියහම මම කිව්ව.....ඒ මොකක්ද...මහත්තය ඇහුව....ඉන්දියාවෙ ගිහින් නෝන මේතරම් ප්රශ්න කලානම් තව මාස එකහමාරනෙ තායිලන්තෙ යන්න තියෙන්නෙ.... එහෙ ගිහින් සතිගානක් ඉන්න ගියාම කොහොම ප්රශ්න කරයිද....ඒ වෙලාවට අපි මොකක් හරි කියමු...මම කියන්නම් මහත්තය...මට මොකක් හරි අසනීපයක් කියල තායිලන්තෙ හොස්පිටල් එකකට යනව කියල යමු.....මම යෝජනා කලා.....ඒකත් හොද අදහසක් තමා....අපි මොකක් හරි ක්රමයක් හදාගෙන යමු.....නැත් නම් මෙහෙම වැඩක් කරන්න පුලුවන්....මහත්තය කිව්ව........
No comments:
Post a Comment