Saturday, July 9, 2016


(ජීවිතය සුන්දරයි 59)............................................මොන්ටිසෝරිය ඇරුනු ගමන් පුතා වෙනද වගේ මාගාවට දුවගෙන ආව....මම ඔහුව වඩාගෙන නෙලුම් අතට දුන්න ....පුතා නෙලුම් අතටගියා....දැන් පුතා නෙලුම්ට කැමතියි වගේ....මට හිතුන. මේ විදියට පුතා නෙලුම්ට කැමති උනොත් පුතාව ගෙදර තියල මට තායිලන්තෙ යන්න පුලුවන්....මම කල්පනාකලා. සතියක් විතර යනකොට පුතා නෙලුම් එක්ක හොදට යාලුවුනා......පුතා කැමති දේවල් නෙලුම් කරනහින්ද පුතා එයාට කැමතිවෙන්න ඇති....මට හිතුන. මගෙ ඔපෙරාසන් එක ලග හින්ද මට හෝමෝන් ප්‍රතිකාර කරන ඩොක්ට කිව්ව ඔපරේසන් එකට මාසයකට ඉස්සෙල්ල බෙහෙත් නවත්තන්න කිව්ව....ඒ හින්ද බෙහෙත් ගැනීම නැවැත්තුව......මහත්තය මගේ ගමනට අව්සය දේවල් සූදානම් කලා....දැන් ඉන්දියාවෙ ඉදන් ඇවිල්ල සති දෙකක් විතර උනා....දවසක් මගෙ ඇගට අසනීප ගතියක් දැනුන.....උදේ නැගිටින කොට හරිම අමාරුයි....මම අමාරුවෙන් ටොයිලට් එකට ගිහින් ඇදුම් මාරු කරගෙන මහත්තයගෙ කාමරේට ගියා මොන්ටිසෝරි යන්න පුතාව ලෑස්තිකරන්න......මොකද සදුනි අමාරුවෙන් වගේ සනීප නැද්ද ....මහත්තය මා දිහා බලල ඇහුව.....උන ගැනෙන්නද මන්ද ඇගට අමාරුයි..... මම කිව්ව. කෝබලන්න මහත්තය මගෙ හිසටයි බෙල්ලටයි අතතියෙල බැලුව ඇගරස්නෙද කියල....උන ගතියක් නම් දැනගන්න නෑ.....කොයි එකටත් කාමරේට ගිහින් රෙස්ට් එකක් ගන්න.....පුතාගෙ වැඩවලට නෙලුම් ඉන්නවනෙ.....මහත්තය කිව්ව....මම නෙලුම්ට කිව්ව පුතාගෙ වැඩටික බලාගන්න කියල....නෙලුම් පුතාගෙ වැඩටික පවරල මම ඇදේ හාන්සිවුනා.....මගෙ මුලු ඇගම රිදෙන්න ගත්ත.....නෝන මගේ කාමරේට ඇවිත් මගෙ ඇගට අත තියල....මොකද සදුනි....ඇහුව....ඇග ටිකක් රිදෙනව නෝන...මම කිව්ව....ඔයා ඔහොමම නිදාගන්න...මම කියන්නම් කසාය ටිකක් හදල දෙන්න කියල....පුතාව එක්ක යන්නත් තියෙනව නෝන....මම කිව්ව.....ඔයා නිදාගන්න මම නෙලුම් එක්ක ගිහින් පුතාව ඇරලවල එන්නම් ...නෝන කිව්ව...සදුනි මොකක් හරි අමාරුවක් උනොත් මට කතාකරන්න....මහත්තය යන්න ඉස්සෙල්ල කිව්ව.....ටික වෙලාවකින් කසාය කෝප්පයක් හම්බයුනා....වෙනිවැල් ගැට දාලද කොහේද හරිම තිත්තයි.....ඒක අමාරුවෙන් බීල හකුරු කෑල්ලක් කෑව.....මොන්ටිසෝරි ගිය නෙලුම් මාගාවට ආව.....මැඩම්ට දැන් කොහොමද නෙලුම් ඇහුව.....ඇග රිදෙනව නෙලුම්.....කශාය වගයක් දුන්න අම්මෝ හරිම තිත්තයි අමාරුවෙන් බිව්ව...ඒත් අඩුවක් නෑ.....මම කිව්ව.... බේත් බිව්ව ගමන් හිදවෙන්නෙ නෑ මැඩම් ....ටිකක් වෙලා යනකොට හොදවෙයි....නෙලුම් කිව්ව.....මම ටිකක් නිදාගන්න උත්සාහකලත් ඇගරිදෙන එක අඩු නැති හින්ද නිදාගන්න බැරිවුනා.....මම ඇදේ ඇලවෙලා කෙදිරි ගාන්න පටන්ගත්ත.....මැඩම් ට අමාරුයි මැඩම් මහත්තයට කියන්න.....නෙලුම් කිව්ව...මහත්තයට කරදර කරන්න ඕනැ නෑ....දවල් වෙනකොට හොදවෙයි...මම කිව්ව.....ටික වෙලාවකින් නෝන ආව....සදුනිට අමාරුනම් මහත්තයට කියල ඩොක්ට කෙනෙක් හම්බවෙන්න යන්න......නෝන කිව්ව......ඕනැ නෑ නෝන හොදවෙයි.....මහත්තයට කරදරයිනෙ එන්න ගියහම....මම කිව්ව.....හරි ඔහොම ඉන්න හොදවුනේ නැත්නම් මහත්තයට කතා කරමු.....නෙලුම් මැඩම්ව බලාගන්න කිව්ව නෝන කාමරෙන් ගියා......නෙලුම් මගෙ කාමරේ ඇතුලට වෙලා හිටිය.....මම ටොයිලට් එකට යන්න නැගිට්ට....යන්නත් බෑ බඩ කොරවෙලාවගේ......මම කොර ගසමින් හිමින් සැරේ යනකොට නෙලුම් මාව වත්තම් කරගත්ත....ඇය මාව දොර ගාවට එක්ක ගිහින් දොර ගාව හිටිය.....මට කොච්චර අමාරු වුනත් මේකෙල්ලට මගෙ ඇග අතගාන්න දෙන්න හොදනේ විසේසයෙන්ම යටි බඩෛ පපුවයි.....මම අමාරුවෙන් ඇදේ දිගාවුනා.......මහත්තයගෙන් කෝල් එකක් ආව...මොකද සදුනි අසනීපෙ...මගෙන් ඇහුව....මගෙ තියෙන අමාරු මහත්තයට කිව්ව....අපි හවසම ඩොක්ට හම්බවෙමු.....මහත්තය කිව්ව. උදේ කෑම කන්න ගියත් අමාරු හින්ද බිස්කට් එකක් විතරක් කෑව.....නෝන නෙලුම් එක්ක පුතාව එක්කගෙන එන්න ගියා....මම එයාල එනකන් නිදාගත්ත......අම්මේ ...මට පුතාගෙ කටහඬ ඇහුන ..කාමරේ දොර දිහා බැලුව....පුතා සතුටින් මාගාවට එනව දැක්ක....පුතාගෙ අම්මට ඌයිය වෙලා පුතේ...මම කිව්ව....බබ ගෙන් බේරෙන්න බැරුව ගියා අම්ම කෝ අහල....නෙලුම් කිව්ව.....මම පුතාගෙ හිස අතගෑව......පුතා දැන් ඇදුම් මාරුකරගෙන බයියන් ටිකක් කන්න.....මම කිව්ව....අම්මත් එන්න....පුතා කිව්ව....අම්මට අමාරුයි නෙ පුතේ .....මම කිව්ව......මට දවල් කෑම කන එකත් අප්පිරිය උනා....නෝන මට සුප් එකක් හදවල දුන්න.....නෙලුම් පුතාව බලාගන්න අතරෙ මම ඇදේ ඇලවෙලා හිටිය....හවස මහත්තය ආව....සදුනි අපි යමු ඩොක්ට ගාවට....මහත්තය කිව්ව.....මම හිමින්සැරේ ගවුමක් ඇදගත්ත.....පුතා ඉන්න අපි ඩොක්ට අන්කල්ව හම්බවෙලා අම්මට බෙයියන් ටිකක් අරගෙන එන්නම්....මම කිව්ව....අම්ම එන්න ඕනැ කොහේවත් යන්න එපා....පුතා කිව්ව....

No comments: