Saturday, July 9, 2016



(ජීවිතය සුන්දරයි 60).................................................මම එනව පුතේ..... මම මහත්තයත් එක්ක වාහනේට නැග්ග. ඩොක්ට මාව පරීක්ෂාකලා... දැන ගන්නනම් මොකුත් නෑවගේ මේ ලේ රිපෝට් එක අරන් හෙට හවසට එන්න.....මට බෙහෙත් වගයක් ලියල දීල පැවසුව.....ගෙදර ගිහින් ඒව බීල ටිකක් වෙලා යනකොට වේදනාව ටිකක් අඩුවුනා.....මට නින්ද ගියා.....ඇහැරෙනකොට ටිකක් රෑවෙලා.....මම වටපිට බලනකොට මහත්තය මගෙ ඇදගාව වාඩිවෙලා හිටිය......දැන් කොහොමද සදුනි...මහත්තය මගෙ අතකින් අල්ලගෙන ඇහුව.....දැන් පොඩ්ඩක් අඩුයි වගේ මහත්තය....කිව්ව මම...කෝ මහත්තය පුතා...පුතාට නෙලුම් කෑම කවනව.....මම නැතුව කනවද ....මම ඇහුව.....පුතා නෙලුම් ට එකතුයි වගේ....මහත්තය කිව්ව....මහත්තය කෑම කෑවද..... මම ඇහුව...තාම නෑ කන්න ඕනැ.....දෙන්න එක්ක කමුද...මහත්තය ඇහුව.....මට කෑම කන්න හිතෙන්නෙ නෑ මහත්තය මහත්තය ගිහින් කන්න....මම කිව්ව....මාදිහා අමුතුවිදියට බලා හිටිය මහත්තය ....නැගිටල ගියා.....ටික වෙලාවයි ගියේ මහත්තය කෑම පිගානක් බෙදාගෙන කාමරේට ආව.....සදුනිත් කෑම ටිකක් කමුද....එපා මහත්තය කන්න...මම කිව්ව.....එපා කියල හරියන්නෙ නෑනෙ ලමයො....මාලගින් වාඩිවෙලා බත් අනන ගමන් කිව්ව....මේ බත් කට කන්න...මහත්තය අතේ තිබුන බත්කට මගේ මුව ලගට කිට්ටුකලා......අනේ මහත්තය නෙලුම්ට කියන්නම් මට පිගානකට බෙදල දෙන්න කියල...මම කිව්ව....පිගන් ඕනැනෑනෙ ඇයි මගෙ අතින් කන්න හිරිකිතද...මහත්තය ඇහුව....මම මහත්තය අතේ තිබුන බත් කට කෑව.....මහත්තෙයත් කන්නකො...මම කිව්ව....මහත්තය බත් කන ගමන් මටත් කටවල් කීපයක් කැවුව.....එතකොට පුතත් එක්ක නෙලුම් කාමරේට ආව.....මහත්තය මට කෑම කවනව දැකල පුතාව තියල නෙලුම් ලැජ්ජාවෙන් එලියට ගියා.....අම්ම අද බබෙක් වෙලානෙ....කියල පුතා ඇද උඩට නැග්ග.....අම්මට ඌයිය වෙලානෙ පුතේ.....මහ්ත්තය කිව්ව....අම්ම බේත් බිව්වෙ නෑනේ....පුතා කිව්ව....ඒකතමා මීටපස්සෙ පුතා බලන්න අම්ම බෙයියන් බොනවද කියල....මහත්තය කිව්ව.....නෙලුම්ට කතාකරන්න පුතේ.....පුතා නෙලුම්ට කතා කලා..නෙලුම් කාමරේට ආව නෙලුම් මහත්තයට බොන්න වතුරයි අත හෝදන්න වතුර කෝප්පෙයි අරන් එන්න....මම කිව්ව....නෙලුම් වතුරටික මේසෙ උඩින් තියල ගියා....සදුනිට කෑම කන්න බැරිවුනේ මොකද කියල මම දන්නව....මහත්තය කිව්ව....ඒ මොකක්ද මහත්තය...මම ඇහුව.....පුතාට වගේ අම්මටත් කවාගන්න හිතිල....මහත්තය හිනාවෙවී කිව්ව...අනේ නෑ මහත්තය...මම කිව්ව.....බේත්ටික බීල හොදට නිදාගන්න.....පුතා මම ගාව නිදිකරවගන්නම්....කාමරේ දොර ලොක් කරන්න එපා...මොකුත් අමාරුවක් උනොත් කතාකරන්න....මහත්තය කාමරේ දොර වහල එලියට ගියා....ඒ යනවත් එක්කම නෝනත් කාමරේට ආව....කෑම කෑවද සදුනි...චුට්ටක් කෑව නෝන ...බේත් ටික බිව්වම ටිකක් අඩුවුනා.....නෝන මගෙ ගාව වාඩිවෙලා මගේ අත අතගෑව.....බයවෙන්න එපා හෙට අනිද්ද වෙනකොට ඔයාට සනීප වෙයි......නෝන මගෙ හිස අතගාමින් කිව්ව.....මේ නෝනයි මහත්තයයි මට පුදුම ආදරයක් නෙ තියෙන්නෙ.....මම පුතාගෙ අම්ම හින්ද වෙන්න ඇති මේ තරම් මට ආදරේ.....අනේ නෝන මට තව ටික දවසයි තියෙන්නෙ නියම අම්ම කෙනෙක් වෙන්න ඊට පස්සෙ අනිත් ගැහැනු වගේම මාත් අම්ම කෙනෙක්...මම නෝන දිහා බලාගෙන කල්පනා කලා.....නෝන ටිකවෙලාවක් මාගාව ඉදල ගියා.. ටික වෙලාවකින් නෙලුම් එක්ක නෝන කාමරේට ආව.....ඔය අදරෑ මැඩම් එක්ක මේ කාමරේ ඉන්න....අනේ නෝන එපා..මට කියවුනා....මේ කෙල්ලව මේකාමරේ තියාගන්න එක භයානක හින්ද කිව්ව......නෝන ගියාට පස්සෙ මම නෙලුම්ට කිව්ව ....නෝනට හොරෙන් යන්න කියල....ලොකු මැඩම් බනීනෙ....නෙලුම් කිව්ව....බනින්නෙ නෑ රෑට මහත්තය කාමරේට ආවහම ප්රස්නයක් වෙනව ඒකයි කියන්නෙ....එහෙනම් මම යන්නම්  මැඩම්...ඇය ආපහු ගියා....ඇගේ අමාරුව ටිකක් අඩුවුන හින්ද නින්ද ගියා......රෑ ඇහැරුනා ඉන්න බෑ ඇගරිදෙනව...මහත්තයට කතාකරන්නත් හිතනෑ.....කතා නොකරත් බෑ.....බැරින තැන මහත්තයට කතාකලා......මහත්තය ඇවිත් මගෙලග වාඩිවුනා.....ඇග රිදෙනව මහත්තය ඉන්න බෑ....මම කෙදිරිගගා කිව්ව....මහත්තය මට බේත්ටික දීල මගෙ අත අතගෑව.....මහත්තයට නිදාගන්නත් නෑ නේද....මම ඇහුව....පුතාගෙ අම්මට අසනීපයක් හැදුනම පුතගෙ තාත්ත නිදාගන්නෙ කොහොමද.....මහත්තය කිව්ව....සදුනි මගෙ කාමරෙට යමුද....මහත්තය කතාකලා....මම අමාරුවෙන් නැගිට්ට....හිමින් සැරේ මහත්තයගෙ කාමරේට ගියා ....මගෙ අස්නීපෙ බෝවෙනවද දන්නෙ නෑනෙ මහත්තය ඒ හින්ද පුතා ගාව නිදාගන්න එක හොදනෑ.....මම කිව්ව.....හොදවෙලාවට මහත්තයගෙ කාමරේ තව ඇදක් තිබුන මට ඒ ඇද හදල දුන්න.....මම ඒකෙ නිදාගත්තා.....ටිකවෙලාවකින් නින්ද ගියා....ඇහැරෙන කොට එලිවෙලා.....උදෙම්ම නෙලුම් මාව හොයාගෙන මගේ කාමරේට ගිහින් මම නැතිහින්ද බය වෙලා...මහත්තයට කියන්න එනකොට තමා මම ඉන්නව දැකල තියෙන්නෙ.....මැඩම් නැතිවුනානම් ලොකු මඩම් ගෙන් ඉන්න හම්බවෙන්නෙ නෑ එයානෙ මට මැඩම් ගාව ඉදගෙන මැඩම්ව පරිස්සන් කරන්න කිව්ව.....

No comments: