(ජීවිතය සුන්දරයි 85)....................... .......මම අක්කව හම්බවෙන්න යනබව අම්මට කිව්ව....මම නම් ඕකිව බලන්නවත් කැමතිනෑ....ඔයා දන්නෙ නෑනෙ එදා ඔයාට විරුද්දව අපිට කොච්චර ඒව කිව්වද කියල...අපිත් ඒව පිලිගත්ත...ඒකට අපිත් වැරදියි....ලමයෙකුගෙ අතින් මොකක් හරි වැරද්දක් උනාම හොයල බලන්නෙ නැතුව එකපාරටම දොස් කියන එක.......අම්ම කිව්ව...තාත්ත මොකද කියන්නෙ....මම තාත්තගෙන් ඇහුව....අනේ මම දන්නෙ නෑ දුවට කැමති දෙයක් කරන්න...තාත්ත කිව්ව....එයා මට මොන වැරැද්දක් කලත් එයා මගෙ අක්කනෙ .....එක අතකින් මට මේ හැමදෙයක්ම ලැබුනෙ අක්ක මට කල වැඩේ හින්දනෙ....මම කිව්ව...අපිනම් එන්නෙ නෑ ඔයාල යන්න....අන්තිමේදී තාත්ත කිව්ව....ඉරිද දවසෙ මමයි මහත්තයයි දරුවො දෙන්නයි ඇබිලි පිටියෙ යන්න පිටත් උනා. බබාල බලාගන්න නෙලුම් එක්ක ගියා....අනේ දුවේ චූටි දුව පරිස්සම් කරගන්න.....චූටි දුවගෙ මුහුන ඉබ්බ අම්ම කිව්ව...ඇයි ආච්චි අම්මෙ චූටි දුව විතරද පරිස්සම් කරගන්න ඕනැ...මාව ඕනෙ නැද්ද ...පුතා ඇහුව.....පුතත් ඕනෙ මගෙ පුතේ....කිව්ව අම්ම පුතාගෙත් මුහුන සිපගත්ත.....අපි පුතාටත් ආදරෙයි නෙ පුතේ...මමත් පුතාට කිව්ව.....පුතා සන්තෝසෙන් මහත්තය එක්ක ඉස්සරහ ආසනේට නැග්ග.....උදෙන්ම පිටත් වුන අපි ඇඹිලිපිටිය ට යනකොට දවල් උනා...මහත්තය අපිව දවල් කෑමට හෝටලේකට එක්ක ගියා....කෑම ගත්ත අපි.....අක්ක ඉන්නව කිව්ව ඉසව්ව හොයාගෙන යන්න පිටත්වුනා....කලෑවෙන් වටවුන ඒ පාර දුස්කර මාර්ගයක් උනා...අපි ගිය වාහනේ නවීන පන්නයේ ජීප් රතයක් හින්ද එතරම් ගැටලුවක් උනේ නෑ....පොඩි වාහනේක ආවනම් ලෝක අමාරුවෙ වැටෙනව නේද සදුනි.....පාරෙ වලවල් දැක්ක මහත්තය කිව්ව...අපි අමාරුවෙන් අක්ක හොයාගත්ත....ඇය හිටියෙ පොඩි මඩුවක් වගේ තැනක....මාදිහා බැලුව අක්ක කීප සැරයක් මාදිහා හොදින් බලා....මේ අපේ සදුනි නන්ගි නේද.....ඇහුව.....මට අක්කට උනදේ අරන්චි වුනා ඒකයි ආවෙ....මම කිව්ව. ....මම හිතාගෙන හිටියෙ අදුරන එක්කෙනෙක් එනව කියල...නන්ගි එනව කියල දන්නෙ නෑ....අක්ක කිව්ව...කොහෙද අක්කගෙ ගේ තියෙන්නෙ....මම ඇහුව....මෙහෙතමයි....කුඩා පල්පතක් වැනි නිවස පෙන්වා ලැජ්ජාවෙන් කිව්ව...අයිය කෝ අක්කෙ ගෙට යනගමන් ...ඇහුව.....එයා වැඩකට ගිහින් එනකොට රෑවෙයි....අපි ආවකියල දන්වන්න විදියක් නැද්ද....මහත්තය ඇහුව...කෝල් එකක් දීල බලන්නම්....කිව්ව අක්ක කෝල් එකක් ගත්ත....ගන්නෙ නෑ වැඩ ඇති....අක්ක කිව්ව...එයා එහෙ මොකද කලේ.....මම ඇහුව...බස් එකක් එලෙව්ව ....පොඩි ගැටලුවක් වෙලා මෙහෙ ආව.....අක්ක කිව්ව.....අපි කතා කරමින් සටිනවිට කවුද තරුනයෙක් අපි ආව වාහනය දෙස බලමින් ගේ දෙසට එනව දැක්ක....මෙයාව දැක්ක අක්ක...තාරුක අපේ නංගි ඇවිත්....අක්ක ඒ තරුනයට කිව්ව....අපිව දැකල නැති එයා අපිත් එක්ක හිනාවුනා....මේ ඉන්නෙ මම බැදපු කෙනා තාරුක....එයාව අපිට හදුන්වලා දුන්න.....අපි සෑහෙන වෙලාවක් අපේ විස්තර කතා කරමින් හිටිය.......අක්ක මෙහෙ ඉන්නෙ නැතුව එහෙ ඉන්නපුලුවන්නෙ. අම්මයි තාත්තයි දැන් ඉන්නෙ අපේ ගෙදරනෙ.....මම කිව්ව. ...ඒ උනාට එයාල අපිට එහෙ ඉන්න දෙන එකක් නෑ...අක්ක කිව්ව....එගෙ ගේ ඉඩම අක්කට ලියල දුන්නාම හරිනෙ...මම කිව්ව....එයාල මට ලියයිද.....ඒක මම කරවල දෙන්නම් මම පොරොන්දුවුනා....මල්ලි කැමතිනම් මම මල්ලිට බස් එකක් අරන්දෙන්නම් එතකොට ගැටලුවක් නෑනෙ...මහත්තය කිව්ව....අයිය මොකුත් නොකියා සිනාසෙනව දැක්ක.....අපි එයාලෙගෙන් සමුගෙන එනකොට ....ඔයාගෙ අක්ක.හරිම අසරන වෙලා නේද සදුනි....ඔයාට කල වෙනස්කම් වල විපාක තමා ඔය විදින්නෙ..මහත්තය කිව්ව....ඒ වුනාට මට හරි ගියෙ අක්ක හින්දනෙ...මම සිනාසෙමින් කිව්ව....ඔයාට විතරක් නෙවෙයි මටත් හරිගියෙ ඔයාගෙ අක්ක හින්දනෙ....මහත්තය කිව්ව. අපි ගෙදර ඇවිත් අක්කගෙ අසරන තත්වය කිව්ව...තාත්ත...තරහෙන් හිටියත් අම්මගෙ හිත උනුවුන බව තේරුනා......අපි ඕව අමතක කරල ලොකු දුවට ගෙදර එන්න කියමු. අපි එයාට ඒ ගේයි ඉඩමයි ලියල දෙමු.....ඒකනම් ලොකු දෙයක් අම්මෙ...අම්මලට පින්සිද්දවෙනව.....මම කිව්ව....
අපි අක්කලව ගෙදර එක්ක ආව....මහත්තය අයියට අලුත්මබස් එකක් අරන් දීල....මහත්තයගෙ වැඩ පලේ සේවකයන් ගෙනියන රැකියාව එයාට දුන්න.....තාත්තගෙ ගේ පරාන බුක්තිය ඇතුව අක්කගෙ නමට ලියල දුන....අක්ක ඉස්සර මට කල වෙනස්කම් ගැන පස්චත්තාප වෙනව කියල මට තේරුනා....ඔය පරන දේවල් හිතෙන් අයින් කරන්න අක්කෙ....මම නිතරම කිව්ව.....
No comments:
Post a Comment