(ජීවිතය සුන්දරයි 83).......................................ඔව් අම්මෙ අදම යමු...මම කිව්ව. එහෙම එකපාරටම යන්න බෑනෙ ..තාත්තගෙන් එහෙම අහල ඕනැනෙ යන්න. අනික එකපාරට මේ ගෙවල් වහල යන්නත් බෑනෙ....අම්ම කිව්ව...එහෙනම් අම්මෙ දවසකට දෙකකට යමු...ඊටපස්සෙ මොකක් හරි පිලිවෙලක් කරමු....මම කිව්ව....අනේ මන්ද කිව්ව අම්ම....පොඩ්ඩක් ඉන්නකො නැන්දගෙන් අහල එන්න...අම්ම නැන්දගෙ ගෙදර ගියා...ටික වෙලාවකින් අම්ම නැන්දත් එක්ක ආව....සදුනි දුව කියනවනම් අක්ක යන්න....එහෙ ඉදන් අයියව බලන්නත් පුලුවන්නෙ....මේ දවස් ටිකේ ගෙදර ගැන අපි බලාගන්නන්...නැන්ද කිව්ව.....ඔයාල කියනවනම් එන්නම්...කිව්ව අම්ම...ඇදුම් කිහිපයක් ලෑස්තිකරගෙන යන්න ලෑස්තිවුනා....නැන්දලගෙන් සමුගත්ත අපි අම්මවත් එක්ක ගෙන ගෙදර ගියා.....අපේ ගේ දැක්ක අම්ම පුදුම වෙලා වගේ ගේදිහා බලාගෙන හිටිය...මේ පුතාලගෙ ගෙදරද...අම්ම ඇහුව....ඔව් අම්මෙ මේ අපේ ගේ....මම කිව්ව....අපි ගෙදරයන් අකොට පුතා නෙලුම් එක්ක ගෙදර ඇවිත් හිටිය ...මාව දැක්ක පුතා මාලගට දුවගෙන ඇවිත අම්මෙ කියල මගෙ ඇගේ එල්ලුනා...මම පුතාව වඩාගෙන හුරතල් කරන කොට ...අම්ම පුදුම වෙලා මා දිහා බලා ඉන්දල...කාගෙද දුවේ පුතා......මගේ අම්මෙ...මම කිව්ව...මෙච්චර ඉක්මනට ලොකුපුතෙක්?.....අම්ම පුදුම වෙලා ඇහුව බව මට තේරුනා.....පස්සෙ අම්මට විස්තරේ කියන්නම්කො.....කිව්ව මම අම්මවත් එක්කගෙන....මහත්තයගෙ අක්ක නිදාගත්ත කමරේට ගියා....එතෙන්ටත් ආව අම්ම පුදුම වෙලා වටපිට බලනව දැක්ක....කාමරේ ඒ සී කරල තියෙන්නෙ අම්ම....මම කිව්ව...මේ කතමා අම්මගෙ ඇද...කිව්ව මම ...නෙලුම් අතේ කමරේ සකස්කරන්න සේවිකාවකට පනිවිඩ ඇරිය....ඇයි මැඩම් ....සේවිකාව මගෙන් ඇහුව....මේ ඉන්නෙ මගෙ අම්ම....මේ මැඩම්ට ඕනැ විදියට මේ කාමරේ පිළියෙල කරල දෙන්න....මම කිව්ව....අම්මෙ අම්මට ඕනැ එකක් මෙයාට කියන්න....මම කිව්ව....අපි ඉන්නෙ අර කාමරේ ..මම අම්මට අපේ කාමරේ පෙන්නුව....මේ ඉන්නෙ නෙලුම් මෙයා තමයි පුතාව බලාගන්නෙ...මෙයා දැන් මගේ සහෝදරියක් වගේ තමයි...මම අම්මට නෙලුම්ව හදුන්වල දුන්න....මට මේ මොකුත් තේරෙන්නෙ නෑ දුවේ...හීනයක් වගේ...අම්ම කිව්ව. මම හිමින් සැරේ මට උන දේ කියන්නම්කො අම්මෙ මම කිව්ව....
මහත්තය කිව්ව හවසට තාත්තව බලන්න යමු කියල....දුව ගියොත් තාත්ත ගොඩක් සන්තෝසවෙයි....ඩොක්ට කිව්ව එයාව වැඩිය සතුටු කරන්නවත් දුක් දෙන්නවත් එපා කියල....දුව දැක්ක ගමන් ඒ කත් ගැටලුවක් වෙයි....අම්ම කිව්ව....ඒකත් ඇත්ත කිව්ව මහත්තය....එහෙනම් සදුනිට කියමු එයාට නොපෙනෙන්න ඉන්න කියල....යෝජනා කලා....අපි යනකොට තාත්තගෙ හිටියෙ පපුව පුරා වයර් දාල ඊ සී ජී වලට සවිකරල තිබුන....මට කනගාටුවක් ඇතිවුනත් තාත්ත ගාවට ගියෙනෑ.....අපි තාත්තව හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නමු...මේ කෙ ඉන්න බෑ සදුනි....ප්රයිවට් එකකට එක්ක යමු....මා ලගට ආව මහත්තය කිව්ව.......පහුවදා මහත්තය තාත්තව ඩොක්ට කෙනෙක්ට පෙන්නල .ප්රධාන පෙලේ පුද්ගලික රෝහලක නැවැත්තුව. අම්මට නිතර තාත්තගාව ඉන්න පුලුවන් හින්ද අම්ම ගොඩක් සතුටුවුනා....එහෙත් මට තාත්ත ගාවට යන්න බැරිවීම ගැන දුක හිතුන....දවස් දෙකකින් පමන තාත්තට මුල් සැත්කම වෙනුවට වෙනත් සුලු සැත්කමක් කල බව දැනගන්න ලැබුන....මේ නිසා ඔහුට සුවය ලැබුනු බව තේරුනු මම තාත්ත ගාවත් ගියා....මම ලගට ගියගමන් මාව හදුනා ගත්ත තාත්ත දුවේ කියල මට කතාකලා....සුවවුනාට පස්සෙ අපි තාත්තව එක්ක ගියේ අපේ ගෙදර....මම ඉන්න තත්වෙ දැක්ක තාත්තත් පුඩුම උනා......මම කෙල්ලෙක් උන හැටි නොකිය ...අනුරාද පුරේ හෝටලේක වැඩකල බවත් ඊටපස්සෙ මහත්තෙය හම්බවුන බවත් මගෙ කතාව එයාලට කිව්ව....එයාල මට කිව්වෙ අක්කයි නන්ගියි රන්ඩුවෙලා අක්ක නන්ගිව ගෙදරින් පන්න ගත්ත කතාවක්....ඒකෙන් මට තේරුනා එයාලගෙ දැන් හිතට ගිහින්තියෙන්නෙ මම එයාලගෙ දුවෙක් විදියට හිටියෙ කියල..මමත් ඒයලගෙ මතකය වෙනස්කරන්න ගියෙනෑ....මගෙ උප්පැන්නෙ බැලුවත් ඒ විදියට තමා ලියවිලා තියෙන්නෙ...ඉතින් කාටද කියන්න පුලුවන් මම කොල්ලෙක් විදියට උපන්න කියල....මම කල්පනා කලා....
No comments:
Post a Comment