Thursday, July 7, 2016



(ජීවිතය සුන්දරයි 53)..........................................අපි ගෙදරට එනකොට පාන්දර හතර විතර උනා...නෝන අපි එනකම් බලාගෙන ඉදල තිබුන.....අපි ආවගමන්ම නෝන මගෙ අතේහිටිය පුතාව වඩාගෙන සිපගන්න පටන්ගත්ත....පුතා එනකම් මම බයේ හිටියෙ....ඒ මොකද කියල ලොකුඅම්මගෙන් අහන්න පුතේ....මහත්තය පුතාට කිව්ව..ඔයාගෙ තාත්ත..පුතත් එක්කගෙන කොහේ යනවද කවුද දන්නෙ ඒකනෙ ඇහුවෙ.....නෝන කිව්ව.....කිසිගැටලුවක් උනේ නෑ නෝනා.....මම කිව්ව....ඒ උනාට මම බයේනෙ හිටියෙ අන්තිම දවස්වල කෝල් ගන්නත් බැරිවුනානෙ....නෝන කිව්ව.....අපි හිටපු පලාතට සිග්නල් නෑ ....කොහේ ගියත් මම පුතාබලාගන්නව නෝන....මම කිව්ව.....සදුනි හින්ද තමයි මට පුතාගැන බයක් හිතුනෙ නැත්තෙ....නෝන කිව්ව...මම පුතත් එක්ක කාමරෙට ගිහින් ඇදුම් මාරුකර ගත්ත.....රෑ හරියට නින්දක් නැති හින්ද ටිකක් වෙලා ඇදේ ඇලවුනා....පුතත් මාගාව නිදාගත්ත....දොරට තට්ටු කරනකොට ඇහැරුනා....දොර ඇරියම දැක්ක සේවිකාවක් තේ ගෙනත් තියෙනව....පුතාගෙ තේ එකයි මගෙ එකයි ගත්ත.....පුතත් ඇහැරුනා.....මේ කොහේද අම්මෙ.....පුතා ඇහුව....පුතාගෙ හිතේ තාම අපි ඉන්නෙ ඉන්දියාවෙ කියල.....මේ පුතාගෙ ගෙදරනෙ පුතේ.....මම කිව්ව....එහෙනම් තාත්ත බලන්න ඕනැ.....කාමරේ දොර ඇරගෙන එලියට ගියා....මාත් එයා පස්සෙන් ගියා...පුතා මහත්තයගෙ දොර අරින්න හදනව....මම දොරට තට්ටු කරල මහත්තයට කතා කලා....මහත්තය දොර ඇරල මොකද කියල ඇහුව.....පුතාට මහත්තය ගාවට එන්න ඕනැ කිව්ව......මම පුතාව කාමරේ ඇතුලට ඇරලවල අනිත් පැත්තට හැරුන....දැන් පුතාගෙ අම්ම කොහේද යන්න හදන්නෙ....මහත්තය ඇහුව....ඇයි මහත්තය..මම ඇහුව....පුතා තනිකරල යන්න එපා....මහත්තය මටත් කාමරේ ඇතුලට එන්න කිව්ව.....මහත්තය ඇදේ වාඩිවුනාම පුතා මහත්තයගෙ උකුලෙ වාඩිවුනා......එන්න සදුනි මෙතැනින් වාඩිවෙන්න....මහත්තය මට එයාගෙ ඇදෙන්ම වාඩිවෙන්න කතා කලා....මම කාමරේ පුටුවෙන් වාඩිවෙලා..මෙතැන හොදයි මහත්තය කිව්ව.....ඔතැන නෙවෙයි මම කිව්වෙ මෙතැනින් වාඩිවෙන්න කියල...මහත්තය අනකරන විදියට කිව්ව.....මහත්තය කියන එක කරන්න ඕනැ නැත්නම් මහත්තයට තරහ යනව...මම පුටුවෙන් නැගිටල ඇද උඩින් වාඩිවුනා.....දැන්නම් අම්ම ලස්සනයි නේද තාත්තෙ....පුතා ඇහුව.....පුතාගෙ අම්ම කොහොමත් ලස්සන තමා...මහත්තය කිව්ව .....ඒ උනාට ප්ලේන් එකේ එනකොට අම්ම කැතයිනෙ....පුතා කිව්ව.....ඒ මොකද පුතේ...මහත්තය ඇහුව....අම්ම තාත්ත අදින ඇදුම් ඇදගෙනනෙ හිටියෙ....පුතා කිව්ව.....ඉතින් අම්ම ලස්සනට හිටියනෙ..මහත්තය කිව්ව..ඒ වුනාට කැතයි.....පුතා කිව්ව......මීට පස්සෙ අම්මට තාත්තගෙ ඇදුම් අදින්න දෙන්න එපා.....පුතා කිව්ව.....මහත්තය හිනාවුනා....පුතා කියන එක ඇත්ත.....මහත්තය මාදිහා බලල කිව්ව.....සදුනි ඔයා දැන් පිරිමි ඇදුන් වලට ගැලපෙන්නෙ නෑ....ඔයාට හරියන්නෙ ගැහැනු ඇදුම්....පුතාට ඒක හොදට තේරිලා තියෙනව...මහත්තය මට කිව...මම තාම පිරිමි යෙක් හින්ද ඉදහිට හරි අදින්න වෙනව මහත්තය.....මම කිව්ව...අපිට ඒක වෙනස්කරගන්න පුලුවන්.....මහත්තය කිව්ව.....සදුනිගෙන් පොඩි දෙයක් අහන්න කතා කලේ....ඒ මොකක්ද මහත්තය....මම ඇහුව.....මහත්තය මොකුත් නොකිය කල්පනා කරනව මම දැක්ක.....ඒත් එහෙම දෙයක් සදුනිගෙන් බලාපොරොත්තුවෙන එක හරි නෑ.....මහත්තය කිව්ව...කමක් නෑ මහත්තය කියන්න පුලුවන්දෙයක් නම් කරල දෙන්නම්....මම කිව්ව.....ඒත් ඕනෙ නෑ සදුනි....මහත්තය මොකුත් නොකිය නිකා හිටිය.....පුතාව අද මොන්ටිසෝරි එක්ක යන්නද....මම ඇහුව....පුතාට මහන්සි ඇතිනෙ...හෙට ඉදන් එක්ක යන්න..... මහත්තය කිව්ව. මහත්තය වැඩට යනවද....මම ඇහුව...මේ දවස් ටිකේ යන්න බැරිවුනානෙ ඒ හින්ද යන්න ඕනැ.....කෑම ලෑස්තියි කියල සේවකයෙක් කිව්ව අපි කෑම කන තැනට ගියා....නෝනත් ඇවිත් හිටිය.....ඉදිආප්පයි අප්පයි තිබුන....ලන්කාවෙ කෑම කාලෙකින් දැක්ක....මට සතුටක් ඇතිවුනා....පුතාටත් ආප්ප ඕනැ කිව්ව හින්ද එයාටත් මම ආප්ප කෑවුව.....පුතාට මේවද එහෙ කෑමද හොද.....මම නිකමට ඇහුව....ඒවත් හොදයි...ඒ වුනාට මේව රසයි.....පුතාකිව්ව.....පුතා ඉන්දියාවෙ ගිහින් චපාති කාල හිතට අල්ලල වගේ .......නෝන කිව්ව.....ඔව් නෝන එහෙකෑම පුතාට හොදට අල්ලලගියා.......මම කිව්ව....කෑම ගත්තට පස්සෙත් මට පුතත් එක්ක මහත්තයගෙ කාමරේට එන්න කිව්ව.......ඒ වෙලාවෙත් මට ඉදගන්න කිව්වෙ පුතත් එක්ක මහත්තයගෙ ඇදේමයි...ඉන්දියාවෙ හෝටලේ එකම කාමරේ ඉන්න කොට ඇදුම් මාරුකරනව වගේ මහත්තය වැඩට යන්න ඇදුම් මාරුකරගත්ත......මහත්තය යන්න එලියට යනකොට මාත් පුතාව වඩාගෙන මහත්තය පස්සෙන් ගියා...මහත්තය..මගේ අතේ හිටිය පුතාගෙ මුහුන සිපගන්න කොට එයාගෙ මුහුනෙ රැවුල් කොට මගේ මුහුනෙ ගෑවුනා....මට දැන් තියෙන්නෙ සිනිදු මුහුනක් හින්ද අමුතු හිරියක් දැනුන.....මහත්තය ඕනැවට මගේ මුහුන එයාගෙ මුනෙ ගෑවුවද නැත්නම් ඉබේ ගෑවුනාද...මට හිතුන. මහත්තයට එහෙම උවමනාවක් තියෙනවනම් හොරෙන් මගෙ මූන අතුල්ලන්න ඕනෙ නෑනෙ.....මම දිගටම එයා ගාවමනෙ හිටියෙ.....මම කල්පනා කලා....අද මොන්ටිසෝරි එක්කයන්නෙ නැද්ද සදුනි...නෝන මාගාවට අවිත් ඇහුව.....අද පුතාට මහන්සි හින්ද මහත්තය කිව්ව හෙට ඉදන් එක්ක යන්න කියල.....මම කිව්ව.....ඒක හොදයි දරුවට තෙහෙට්ටු ඇති.....නෝන කිව්ව................

No comments: