Tuesday, July 12, 2016

(ජීවිතය සුන්දරයි 67).............................................මම අවිදින කොට අමුත්තක් දැනුන. මට තේරුනා වෙනද වගේ නෙවෙයි මගෙ උකුල ටිකක් වැඩිපුර පැද්දෙනව කියල....මම උකුලට අත තියාගෙන ඇවිද්ද අතට ඒවගේ තමයි තේරෙන්නෙ....පෝන් එකෙන් වීඩියෝ කරල බලන්න ඕනෙ....මම හිතාගත්ත....අපි මේ බලාගෙන හිටියෙ ඔයාල එනකන් ....කෑම මේසෙ වාඩිවෙලා හිටිය නෝන කිව්ව...පුතා කෑවද නෙලුම්...මම නෙලුම්ගෙන් ඇහුව......පුතා මම ගාවට ඇවිත් වාඩිවෙලා....මට අම්මගෙන් ඕනැ....පුතා කිව්ව. අපි කෑම කාල පන්සලට ගියා....මාව කෙල්ලෙක් උනාට පස්සෙ ඉස්සෙල්ලම පන්සලකට යන්න වාසනාව ලැබුන එක මගේ පිනක් කියල මට හිතුන....මම නෝනලත් එක්ක ගොඩක් වෙලා වන්ද....මහත්තය පූජාවට සම්බන්ධ උනත් වැඩිවෙලාවක් ගතකලේ පුතත් එක්ක.....මහත්තයට අපිත් එක්ක ඉන්න බැරිවුනේ මහත්තය ජනප්‍රිය වියාපාරිකයෙක් හිනද නොයෙක් දෙනා මහත්තය එක්ක කතා කලනිසා කියල මම දැක්ක......අපි ගෙදරට ගියාට පස්සෙ....මට මහත්තයගෙ කාමරෙට එන්න කිව්ව....ඉස්සරනනම් ගැටලුවක් නෑ දැන් මාව කෙල්ලෙක් හින්ද යන්නත් බයයි....ඒත් මොනව කරන්නද යනව..පුතත් එක්කගෙන ගියොත් ගැටලුවක් නෑ.....මම පුතත් එක්ක කාමරේට ගියා......පුතා නෙලුම්ට දීල තනියම එන්න....මහත්තය කිව්ව. මම තනියම කාමරේ ඇතුලට ගියා. ගියාට පස්සෙ කාමරේ දොර වහල ලොක් කරනව දැක්ක ...මහත්තය මේ මොකටද එන්න හදන්නෙ....කෙල්ලෙකුට ඇතිවෙන සැකය සහ බය මගෙ හිතටත් දැනුන....මහත්තය එයාගෙ ඇදෙන් වාඩිවුනා....මටත් එයා ලගින් වාඩිවෙන්න කිව්ව.....මම වඩිවුනාම මහත්තය මගේ අතකින් අල්ල ගත්ත....මට මොකක්ද කරන්න හදන්නෙ ....කෙල්ලෙක් උනා විතරයි....මට බයක් ඇතිවුනා.....දැන් ඔයාට මොකද හිතෙන්නෙ....මහත්තය ඇහුව....මොකක් ගැනද මහත්තය ...මම ඇහුව....දැන් ඔයාගෙ පිරිමි ජීවිතේ සම්පූරනයෙන්ම නැති වුනානෙ.....ඔයාට ඒක ගැන කනගාටුවක් ඇතිවෙන්නෙ නැද්ද.....ඇහුව....අනේ නෑ මහත්තය මට ඕනැවුනේ මේ ජීවිතේ තමයි...මම කිව්ව....ඔයා ඔය ගැහැනු ජීවිතේට ඔයතරම් කැමතිඇයි.....ආයෙත් ඇහුව...මාව ගහැනියෙක් උනාට පස්සෙ සැහැල්ලුවක් දැනෙනව...මට ඉස්සරත් හිතිල තිබුන කෙල්ලෙක් උනාම මේවගෙ සනීපයක් දැනෙයි කියල....මම කිව්ව.....අපිට සැක හිතුනට...යෝගී වරයගෙ වැඩේ හරිගියා නේද....අපි හිතුවෙ එදාම වෙයි කියල නේද....මහත්තය ඇහුව.....ඔව් මහත්තය මම හීනෙකින්වත් හිතුවෙ නෑ මෙහෙම වෙයි කියල.....තායි ලන්තෙ ගිහින් ඔපරේසන් කරගත්තනම් කොයිතරම් දුක්විදින්න වෙනව නේද? අනිත් එක කොයි තරම් මුදලක් වියදම් වෙයිද...මම කිව්ව....මට සල්ලි ගැටලුවක් නෑ සදුනි....ඔපරේසන් කරල විදවන එක යන්තම් නැවතුනා....මහත්තය කිව්ව....ඒ උනාට පොඩ්ඩක් වේදනාව වින්ද නේද....මහත්තය ඇහුව....ඕක මොකක්ද මහත්තය...ඔපරේසන් කලානම් දවස් කීයක් විදවන්න වෙයිද....මම කිව්ව.....ඒක තමා නේද...මහත්තය කිව්ව.....මහත්තය මෙහෙම කතාකරන අතර තුර මගේ අත මහපට ඇගිල්ලෙන් හිමින් පිරිමදින බව මට තේරුනා....මහත්තය දැන් මට මොකුත් කලත් මේක සමලින්ගික වෙන්නෙ නෑනෙ..කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර වෙන දෙයක්නෙ..මට හිතුන....සදුනි දැන් තව ලොකු වැඩක් තියෙනව නේද....මගෙන් ප්‍රශ්නකලා.....ඒ මොකක්ද මහත්තය මගෙන් ඇහුව....දැන් ඔයාගෙ අයි ඩී එකයි උප්පැන්නෙයි වෙනස්කරගන්න ඕනැ නේද....මගෙන් ඇහුව....අපිට දැන් ඩොක්ට හම්බවෙලා මේක ගැන බලාගන්න ඕනැ....ඩොක්ට කෙනෙක්ගෙ සහතිකේ ඕනැ ඒව වෙනස් කරන්න....මම හිතගෙන හිටියෙ ඔපරේසන් එකෙන් පස්සෙ ඒ ටික කරන්න....ඔයා ව ඩොකට දැක්කොත් කොහොමද මෙහෙම උනේ කියල පුදුම වෙයි.....එයා අහයි කොහොමද උනේ කියල...දැන් මොකද එයාට කියන්නෙ.....මහත්තය මෙසේ පැවසුවා.....යෝගිවරය ගැන කියමුද ....මම ඇහුව....ඩොක්ට විස්වාස කරයිද......දන්නෙ නෑ මහත්තය අපි කියමු...මම කිව්ව...අපි කවද්ද ඩොක්ට ගාවට යන්නෙ....ඉක්මනට යමු නේද මහත්තය මම කිව්ව....දැ ඔයාගෙ උප්පැන්නෙ තියෙන නියම නම මොකක්ද....මහත්තය ඇහුව....හසිත...මම කිව්ව...උප්පැන්නෙ ලගතියෙනවද....මගෙන් ඇහුව.....මහත්තයට පෙන්නන්න්නද ...මම ඇහුව.....ගේන්නකො බලන්න.....මහත්තය කිව්ව.....මම දොර ඇරගෙන එලියට යනකොට නෙලුම් මා ගාවට දුවගෙන එනව දැක්ක.....මොකද නෙලුම් මම ඇහුව.....ලොකු මැඩම් නෝනව හොයල නෝන නෑ කියල කලබලවෙලා......නම දැක්ක නෝනත් මා දිහාට එනව....කොහේද සදුනි ගියෙ....ඔයාගෙ කාමරෙත් බැලුව...නැතිහින්ද නෙලුම්ට කිව්ව ටිකක් බලන්න කියල......මහත්තය එන්න කිව්ව ඒ හින්ද මෙහාට ආව.....මම දන්නෙ නෑනෙ ඔයාල දොරත් ලොක් කරගෙන ඕක ඇතුලෙ ඉන්නව කියල....කොහේ ගියත් කමක් නෑ මහන්සිවෙලා ආයෙත් අසනීප හදා ගන්න එපා..මල්ලිටත් සදුනිට සනීප වෙනකන් ඉන්න බෑනෙ ...නෝන මා දිහා අමුතු විදියට බලල කිව්ව.....නෝන අදහස් කලදේ වැටහුන මට හිනායන්න ආවත් අමාරුවෙන් යටපත් කරගත්ත....

No comments: