(ජීවිතය සුන්දරයි 55).......................
පහුවදා මම බබත් එක්ක මොන්ටිසෝරි ගිහින් එයාව ඇරලවල ගෙදර ආව...කරන්න වෙන වැඩක් නැති හින්ද ලැප් එක ඔන් කටගෙන නෙට් යන්න හැදුව.....නෝන කාමරේට ඇවිත් මගේ ඇදේ වාඩිවුනා....අම්මෝ අද මොන මොන ඒව අහයිද දන්නෙ නෑ....මට බය හිතුන....සදුනිටනම් ඉතින් මහත්තය කොම්පිවුටර් එකක් ගෙනත් දීපු හින්ද පාලු නෑ නේද....මගෙන් ඇහුව.....නෝනත් එකක් ගෙන්න ගන්නකො...කිව්වොත් ගෙනත් දෙයි....අපෝ මට ඕව තේරෙන්නෙ නෑ...නෝන එකපාරටම කිව්ව....ගෙන්න ගන්න නෝන නන කියාදෙන්නම්....මටත් ලොකු වැඩ බෑ නෙට් යන්නයි ස්කයිප් යන්න වගේ ඒව විතරයි පුලුවන්. මොනව හරි චිත්‍රපටයක් බලන්න පුලුවන්....නෝනටත් ඒ ටික කියාදෙන්නම්....මට හරියන්නෙ නෑ සදුනි ඕව.....නෝනා කිව්ව....ඕව නෙවෙයි සදුනි මම මේ නිතරම කල්පනා කරන්නෙ මහත්තය ගැන....ඒ මොනවද නෝන...මම ඇහුව.....මහත්තයගෙ නෝන චිත්‍ර නන්ගි නැතිවෙලා දැන් අව්රුදකටත් වැඩ්යි . ඔහොම හැමදාම තනියම ඉන්න පුලුවන්ද. දැන් එයාට කසාදයක් කරගත්ත කියල ගැටලුවක් නෑනෙ...මට බය මම වගේ මල්ලිත් තනිකඩව ඉදියිද කියල.....මගෙ අසනීප හින්ද බදින්න බැරිවුනාට එයාට ගැටලුවක් නෑ නෙ....නෝන එහෙම කියනකොට එයාගෙ මුහුනෙ කනගාටුවකින් පිරිල තියෙනව කියල මට තේරුනා....මටත් නෝන ගැන ලොකු දුකක් ඇතිවුනා....නෝන බයවෙන්න එපා නෝන...පුතා ටිකක් ලොකුවෙනකොට මහත්තය කවුරු හරි නෝන කෙනෙක් බැදගනියි.....මම කිව්ව....පුතා ලොකු වෙනකම්ම ඉන්න ඕනැ නෑනෙ දැන් එයාට තියෙන ප්‍රස්නෙ මොකක්ද.......නෝන ඇහුව.....මහත්තය බයයි නෝන ඒ ගේන නෝන පුතාට සලකන එකක් නෑ කියල....පුතා ගැන බලන්න දෙයක් නෑනෙ....දැන් සදුනි අම්ම කෙනෙක් වගේ පුතාව බලාගන්නවනෙ.....නෝන කිව්ව.....මට ඉතින් හැම දාටම පුතාව බලාගන්න හම්බවෙන්නෙ නෑනෙ නෝන.....කවද හරි මෙහෙන් යන්න කිව්වම යන්න වෙනවනෙ.....මම දුකෙන් පැවසුව.....මම මෙහෙම කිව්වම නෝන මා දිහා අනුකම්පාවෙන් බලා ඉන්නව මම දැක්ක....මහත්තය මාව කොහොම හරි ගෑනියෙක් බවට පත් කරයි....ඊට පස්සෙ ටික දවසක් පුතාව බලාගෙන ඉන්න පුලුවන්වෙයි....මහත්තය කවදහරි කසාද බැද ගත්තොත් මම හිතන්නෙ නෑ මාව දිගටම මෙහෙ තියාගනී කියල.....මෙහෙම හිතන කොට මගෙ ඇස්වලට කදුලු පිරෙනව මට තේරුනා.....මම ගවුමෙ සායෙන් කදුලු පිහදාගන්නව නෝන දැක්ක.....ඔයා දුක්වෙන්න එපා සදුනි ඔයා ගුන යහපත් කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ...නෝන කිව්ව....
No comments:
Post a Comment