Tuesday, July 12, 2016

(ජීවිතය සුන්දරයි 69).........................................මම මේවිදියට හිතමින් මහත්තයත් එක්ක නටනකොට මගේ හිතට නොයෙක් සුන්දර සිහින මැවෙන්න ගත්ත..මට හිතුන මම දැන් ඉන්නෙ දිවිය ලෝකෙ දිව්‍යාන්ගනාවක් වෙලා කියල...මම තුරුලුවෙලා ඉන්නෙ මගේ දීව්‍ය කුමාරය එක්ක කියල. හාත්පස මිහිරි සන්ගීතය...ශාලාවපුරා පාටපාට විදුලි බුබුලු....වටපිටාව ලස්සන මල්වලින් සරසල.බැලූ බැලූ තැන පාට පාට ඇදුම් වලින් සැරසුන ගැහැනු පිරිමි.... ...ඇත්තටම මේකනම් ද්ව්‍යලෝකයක්ම තමා....මට හිතුන.....මට තේරුනා මහත්තය මාව එයාගෙ ඇගට ටිකටික තදකරගන්නව......ටික වෙලාවකින් එයා අත්දෙකින්ම මාව බදාගත්ත....මට වඩා මහත්තය උසනිසා මගෙ මුහුන මහත්තයගෙ පපුවට තදවුනා.....මගෙ මුහුනට දැනුන එයාගෙ හදවත ගැහෙන රිද්මය....මහත්තය මගෙ පිට සුමටව අතගාන බව දැනුන....මට මහත්තය ගැන ආදරය සෙනෙහස වඩිවුනා....මට නොදැනුවත්වම මගේ ඇස්දෙක පියවුනා.....මට ඕනැවුනේ මහත්තයගෙ පපුවට තුරුලුවෙලාම ඉන්න....සන්ගීතය එකවරම නැවතිල සාලාව තුල නිස්සබ්දතාවයක් ඇතිවුනා....ඒත් මම ඇස්දෙක පියාගෙනම මහත්තයගෙ පපුවට තුරුලුවෙලාම හිටිය.....මට තේරුනා මහත්තය මාව එයාගෙන් ටිකක් ඈත්කරනව...ඒත් මම ඇස් පියාගෙන සුන්දර සිහින ලෝකෙ හිටිය....මහත්තය මාව හොල්ලමින් සදුනි සදුනි...කියල කතාකලා....මම සිහින් කෙදිරියක් එක්ක ඇස්දෙක බාගෙට ඇරිය...මොකද සදුනි.....මගේ මුහුන දිහා බලාගෙන ඇහුව....මාව සිහින ලෝකෙන් මේ ලෝකෙට ආවෙ දැන් කියල තේරුනා....මහත්තය දිහා හොදින් බැලුව....මොකද සදුනි...මහත්තය ආයෙත් ඇහුව....මොකුත් ගැටලුවක් නෑ මහත්තය....මම කිව්ව....ඇයි ඇස්දෙක පියාගෙන පන නෑවගේ හිටියෙ...මම බයවුනා කලන්තයක්වත් හැදිලද කියල.....මහත්තය කිව්ව.....එහෙම මොකුත් ගැටලුවක් නෑ මහත්තය.....මම කිව්ව....හරි හරි...ගැහැනුන්ට වැඩිපුර ආදරේ කරන කොට පන නැතුව වගේ ඉන්නව කියල මට අමතකවුනානෙ.... මහත්තය කිව්ව..මම හිනාවුනා....ඇත්තටම ගැහැනුන්ට මෙහෙම වෙනවද.....මම මහත්තය පැවසූ දේ ගැන කල්පනාකලා......මම පුතා ඉන්න තැනට ගියා.....පුතා නෙලුම් එක්ක සතුටින් ඉන්නව දැක්ක....හොදට නැටුව නේද....නෝන මගෙන් ඇහුව....මහත්තය අඩගැහුවනෙ නෝන....මම කිව්ව....කමක් නෑ කෙල්ලෙ මහත්තයට ඉතින් වෙන කව්ද ඉන්නෙ...ඕවගෙ විනෝදවෙන්න....නෝන කිව්වම මම මොකුත් නොකිය හිනාවුනා.....ආයෙත් සන්ගීතය පටන්ගත්ත ඒ සැරේ වේග රිද්ම ගීත....පිරිස හයියෙන් නටනව....නටමුද මහත්තය ඇහුව....මේ සැරේ ගියොත් හයියෙන් නටන්න වෙනව....හයියෙන් නටල ආයෙත් අසනිපවෙයි....තව දවස් දෙක තුනක් වැඩිය මහන්සි නොවී ඉන්න....නෝන කිව්ව.....නෝන කියන එකත් ඇත්ත මහත්තය....මම කිව්ව....එහෙනම් කෑම කමුද....මගෙන් ඇහුව....අපි බුපේ එකට ගියා....මොනව බෙදාගන්නද කියල හිතා ගන්නවත් බෑ...ඒතරම් කෑම ජාති....මෙච්චර කෑම ජාති මගෙ ජීවිතේටම දැක්කෙ අදයි....මම දැක්ක නෙලුම් මම වගේම පුදුමයෙන් ඒව දිහා බලනව...නෙලුම් මාලගට අවිත් කෑම ජාතිවල විස්තර අහන්න ගත්ත....මාත් දන්නෙ නෑ නෙලුම් මොනවහරි බෙදාගෙන කන්න....පුතාට මොනවද දෙන්නෙ....එයා කැමතියි කියන ඒව කවන්න..මම එයාට කවන්නම් වෙනම බෙදන්න එපා...මම කිව්ව...මම පුතාට කවනව දැක්ක මහත්තය මා ගාවට ඇවිත්....පුතාට විතරද කවන්නෙ....පුතගෙ තාත්තට කවන්නෙ නැද්ද ...මගෙ කනට කරල ඇහුව....පුතාට මේක ඇහුන.....තාත්ත බබෙක්යෑ....පුතා හයියෙන් කිව්ව....ඒක ඇහුන නෝන ඇයි පුතේ තාත්තට එහෙම කියන්නෙ....ඇහුව....

No comments: