Saturday, July 23, 2016



(අත්භූත වලව්ව 3).......................................පීටර් මාමා කිව්ව කතාව හින්ද මගේ හිතට බයක් ඇතිවුනා....ඒ මැරුන කෙල්ලගෙ අවතාරයද දන්නෙ නෑ උඩ හොල්මන් කරන්නෙ.....මට හිතුන.....කොයි එකටත් රෑට නිදාගන්න කොට කල්පනාවෙන් ඉන්න ඕනැ.....රෑ දහය විතර වෙනකොට තමයි....සබ්ද වැඩියෙන් එන්නෙ කියල තේරුනේ.....ඇත්තටම මේ එන සබ්දෙ මොකක්ද....මේක අවතාරයක් කියල හිතා හිටියට අව්තාරයක් නොවෙන්නත් පුලුවන්....හොදම වැඩේ තමයි. සබ්ද එන වෙලාවට ගිහින් බලන එක.....ඒත් ආච්චි කියල තියෙනව උඩට යන්න එපා කියල....දැන් ආච්චි කාමරේ නිදි ඇති....මාගාව තිබුන විදුලි පන්දම අරගෙන ....කාමරෙන් එලියට ගියා....ආච්චිගෙ කාමරේ ගාවට ගියා....ආච්චිගෙ කාමරේ වහල තිබුනට ආච්චි කා එක්කද කතාකරනව ඇහුන...මම දොරගාව ඉදන් ආච්චි කතා කරන ඒව අහගෙන හිටිය....ඔයා බය වෙන්න එපා ඒ ලමය මෙහෙ නවතින්න ආවට එයාට උඩ තට්ටුවට යන්න දෙන්නෙ නෑ....ආච්චි කියනව ඇහුන....අනිත් එක්කෙනා කතාකරන හඩ මට නෑහුනත් ආච්චි කතාකරන හඩ ඇහුන.....හරි මම හෙට ඒ පුතාව හොදට බයකරන්නම් කො එතකොට උඩට යන්නෙ නෑ....ආච්චි ආයෙත් කියනව ඇහුන....ආච්චි මම ගැන කතාකරන බව තේරුනා....ආච්චි තනියම කියවනවද....මට සැක හිතුන......උඩ තට්ටුවෙ මොකක් හරි වටින දෙයක් ඇති ඒකයි ආච්චි මට එහාට යන්න දෙන්නෙ නැත්තෙ....මම කල්පනාකලා....කොයි එකටත් අද උඩට යන්න හොද නෑ හෙට දවල්ට යනව....හිතාගත්ත මම මගෙ කාමරේට ගිහින් දොර වහගත්ත.....ඇදේ ඇලවෙලා ටික වෙලාවයි ගියේ....කවුද කලු මිනිහෙක් ඇවිත් මගෙ බෙල්ල තද කරල අල්ල ගත්ත බව තේරුනා.....තෝ උඩ තට්ටුවට එහෙම යන්නෙ නෑ ගියොත් තොගෙ බෙල්ල මිරිකනව....මම බයවෙලා කෑගහගෙන නැගිට්ට....වටපිට බලනනකොට කවුරුවත් හිටියෙ නෑ....හීනයක් දැකල තියෙන්නෙ කියල මට තෙරුනා....හැම තිස්සෙම හිතේ බයෙන් ඉන්න කොට ඔහොම දේවල් පේනව...මට හිතුන...මම නැවත නිදාගත්ත. ඒත් උඩිනෙන සබ්ද හින්ද විටින් විට ඇහැරුනා.....හෙටනම් කොහොමහරි උඩට ගිහින් බලනව......උදෙන් ඇහැරුනු මගෙ සැලසුම උනේ ආච්චිට හොරෙන් සොල්දරයට නැගගන්න.....මම ගේ ඇතුලෙ ඉන්නකොට ආච්චි මාගැන ඇහැගහගෙන ඉන්නබව තේරුන හින්ද ඒ කටයුත්ත ටිකක් අමාරුවුනා....මම ගෙයින් එලියට බැහැල පිටින් උඩට යන තැනක් තියෙනවද කියල පරීක්ශාකලා...ඒත් එහෙම තැනක් හමුවුනේ නෑ...දැන් කරන්න තියෙන හොදම වැඩේ....ආච්ච්ට හොරෙන් ගෙට ඇතුලුවෙන එක....මම ඒකට සැලසුමක් හැදුව.....ආච්චි මම ඇලට යනව නාගන්න....මගේ නාන ඇදුම් අරගෙන එලියට ගියා....පරිස්සමෙන් ඇලේ නාපන්....කිව්ව ආච්චි....ගේ ඇතුලට යනව දැක්ක.....මම ටිකක් එහාට ගිහින් පදුරකට මුවාවෙලා ඉදල ආපහු ආව.....ආච්චි පේන්න හිටියෙ නෑ මම හිමින් සැරේ ගේ ඇතුලට ගියා......හිමින් සොල්දරේට නැග්ග.......මකුලු දැල් පිරිල තිබුන ඒව කැඩිල මගෙ ඇග පුරාම පැටලුනා....උඩට නැග්ග ...දූවිල්ල පිරිලතිබුන..ඒවගෙම තමා වවුල් ගද.....කාමර කීපයක් තිබුන ඒව වහල තිබුනෙ.....දොරවල් කාලෙකින් ඇරල නොතිබුන හින්ද මකුලු දැල් වලිනුයි දූවිලිවලිනුයි වැහිල තිබුන.....මම කොරිඩෝ එක දිගේ ගියා.....කාමර වල දොරවල් අරින්න හිත තිබුනත් ඇතුලෙ මොක්කු ඇත්ද කියල බය හිතුන....කොයි කාමරේද දන්නෙ නෑ අර කෙල්ල එල්ලිලා හිටියෙ...පීටර් මාමගෙ කතාව සිහිවුනා.....ඒ කාමරේ නම් සුවර් එකටම ඒ කෙල්ලගෙ හොල්මන ඇති...මට බයක් දැනුන. ඒත් දැන් දවල් හින්ද හොල්මන් නැතුව ඇති ...මට හිතුන..කාමර ඇතුල බලන්න දොරවල් වල යතුරු කවුලුවක් වත් තියෙනවද කියල බැලුව...යතුරු කවුලු තිබුනත් ඒවයෙන් ඇතුල පෙනුනෙ නෑ . එක දොරක යතුරු කැරැල්ලක් තිබුන....මේ යතුරු වලින් දොරවල් අරින්න පුලුවන් ඇති...හිතුනු මම....ඒ යතුරු කැරැල්ල දාල තිබුන දොරේ යතුර කැරකෙව්ව...යතුර කරකවල දොර තල්ලු කලා..ඒත් ඇරුනෙ නෑ ඇගේ වීරිය දාල හයියෙන් තල්ලුකලා එක පාරට දොර ඇරුන. කාමරේ ඇතුලෙන් දඩාස් ගාල සබ්දයක් ඇහුන...ඒකෙ ඇතුලෙ තිබුන පැද්දෙන හාන්සිපුටුවක් ...ඒක එක පාරටම හයියෙන් පැද්දෙන්න ගත්ත.....මට මෙලෝ සියක් නැතිවුනා....මම දිව්ව පාර ...මිදුලටම දුවල තමා නැවතුනේ.....

No comments: