(අත්භූත වලව්ව 5).....................................දවල් කෑම ගත්ත මම වත්තෙ ටිකක් ඇවිදින්න ගියා..පීටර් මාමත් මාත් එක්ක එකතුවුනා...අව්ට පරිසරයෙ තිබුන සුන්දර බවත්...විටින්විට හමා එන සීතල සුලගත් නිසා....මෙසේ ඇවිදීමට මම බෙහෙවින් ඇලුම් කලා....අර කන්ද ට අපිට නගින්න පුලුවන්ද මාමෙ.....අපේ වත්තට එහා තුබුන ...ගල්කන්දක් පෙන්නල ඇහුව.....ඕකට යන්න ටිකක් අමාරුයි...ඔය කන්දට කියන්නෙ යකා බැන්ද ගල කියල....ඉස්සර ඔයකන්දෙ හේන් ගොවිතැන් කරල තියෙනව....බේබි මහත්තයගෙ තාත්තගෙ තාත්තගෙ මල්ලි කෙනෙක් ඒ කියන්නෙ බේබිමහත්තයගෙ පොඩි සීය....එයා එහෙ යකෙක් බැදගෙන හේන් කොටාගත්ත කියල ..ඉස්සර අය කියනව....ඔයකන්ද උඩ දේවාලයක් තියෙනව...මම දැකල තියෙනව...බේබි මහත්තයගෙ සීයත් ඒ දේවාලෙට යනව කියල යනව....පීටර් මාම කිව්ව...එතකොට සීයල මන්තර දන්නවද....යක්කු බැදගෙන වැඩ ගන්න මන්තර ඕනැ කියල දන්න හින්ද මම ඇහුව....ඔව් බේබි සීයල මන්තර දන්නව...එයාල නැතිවුනාම ඒ මන්තර මොකක් උනාද දන්නෙ නෑ....මෙහෙ ලොකු නෝනත් එච්චර ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි හින්ද ...ඒව ගැන දන්නෙ නෑ....බේබිගෙ තාත්ත ඉස්සර ඉදන්ම හිටියෙ කොලඹ හින්ද මේවගැන උනන්දුවක් දක්වල නෑ....අපාරාදෙ බේබි... මේ වටිනා මන්තර ගුරුකම් අභාවයට යනව.....පීටර් මාම කනගාටුවෙන් කිව්ව......එතකොට අපේ සීයත් හොදට මන්තර දන්න කෙනෙක්...මම කල්පනා කලා....ආච්චිගෙන් සීය ගැන විස්තර ටිකක් දැනගන්න ඕනැ...මට හිතුන....හවස මම ආච්චි ගාවට ගියා.....ආච්චිගෙ සීය මොකද කලේ....මම ඇහුව....එයා ඉතින් මොනව කරන්නද මේ වතුපිටි දේපොල ඕනැතරම් තියෙන්නෙ...ආච්චි කිව්ව...නෑ ආච්චි මම අහන්නෙ සීයගෙ විනෝදාන්සයක් විදියටවත් මොකුත් කලේ නැද්ද කියල......දැන් උබලට වගේ සෙල්ලන් කරන්න අරව මේව තිබුනෙ නෑනෙ....එයා ඉතින් විනෝදෙට වගේ කලේ මන්තර වැඩ තමා.....උබලගෙ තාත්තටත් ඒව උගන්නන්න හැදුව...එයාට ඒවයෙ උවමනාවක් තිබුනෙ නෑ.....ආච්චි කිව්ව...ඒ කලෙත් ආච්චිල මේ ගෙදර උඩතට්ටුවට ගියෙ නැද්ද...මම ඇහුව....මොකද නැත්තෙ බන් ඒ කාලෙ සීය ඔය උඩත්තට්ටුවෙ කාමරේක ඉදගෙන තමා...ඔය මන්තර වැඩ කලේ....එහෙනන් දැන් යන්නෙ නැත්තෙ?.....මම ඇහුව....ඒවයෙන් උබට වැඩක් නෑ....උබ පල්ලෙහාට වෙලා හිටහන්....ආච්චි ඒ ගැන කිසිවක් නොකියා.....මට සැරකලා.....මොකක් හරි මේකෙ රහසක් තියෙනව....හිතුන මම....සීය නැතිවුනාට පස්සෙ ...කවුරුත් ගියෙ නැද්ද...මම ඇහුව....කට්ටියකට උඩතට්ටුවෙ කාමරයක් දීල තිබුන එයාලට පොඩි ප්රස්නයක් වෙලා ගියා...ඒ මොකක්ද මම ඇහුව...ඒකෙන් උබට වැඩක් නෑ.....ආච්චි ආයෙත් මට සැරකලා.....සමහර විට ආච්චි කාටවත් උඩට යන්න දෙන්නෙ නැත්තෙ අර මැරුන ගැහැනු ලමයගෙ හොල්මන ඇති කියල හිතාගෙන වෙන්න ඇති....මම කල්පනා කලා....ආයෙත් උඩට ගිහින් බලන්න ඕනැ..මට හිතුනත් දැන් රෑවෙලා හින්ද යන්න බය හිතුන....ආයෙත් හෙට උදේ යනව ....මම හිතාගත්ත....මට රෑ නිදාගන්න කොටත් අර ගැහැනු ලමය මැරිල හිටිය හැටි මැවිල පෙනුන....උඩ තට්ටුවෙන් ඇහෙන දගලන සබ්දයි යටිගිරියෙන් කෑගහනව වගේ ඇහෙන සබ්දයි...අර කෙල්ල මැරිල හිටිය හැටි මතක් වෙනකොටයි....මම නිදාගත්තෙ සෑහෙන බයෙන්.......කීපවාරයක් බයවෙලා ඇහැරුනා....මගේ හිතට කොයිතරම් බයක් ආවත් ...උඩතට්ටුව පරීක්ශා කිරීමේ ආශාව අඩුවුනේ නෑ...හෙට උදේට ආයෙත් බලන්න ඕනැ....මම හිතාගත්ත......
No comments:
Post a Comment