(අත්භූත වලව්ව 15)....................... ........අපි ඒ සබ්දෙ මොකක්ද කියල බැලුව....සුදු පාට නාගයෙක් අපේ පැත්තෙ ඉදල ගුහාව ඇතුලට ඇදෙනව...මට බයහිතුන පාරට එලියට දුවන්න හැදුව...බයවෙන්න එපා බේබි ඒ උත්තමය අපිට කරදරයක් කරන්නෙ නෑ....පීටර් මාම කිව්ව....මමත් සුදු පාට නාගයෙක් දැක්කෙ අදමයි...මම කල්පනා කලා....මම නැවත පඩුර බඩින්න ලෑස්තිවුනා...මම ඊයෙ රෑ මතුරපු මන්තරේ වැඩකලේ නෑ ඒක වැඩකරවල දෙන්න...හිතාගෙන දෙවෙනි පඩුර ගැටගැහුව.....අපි නැවත ගෙදර එනකොට ආච්චි දවල් කෑම සූදානම් කරල තිබුන...කෑම කාල මන්තරේ ගැන අහගන්න සීයට කතා කරන්න ඕනැ හින්ද උඩ තට්ටුවට ගියා....උබ දේවාලෙට ගියා නේද...මම කතානොකරම සීයගෙ කටහඩ ඇහුන....ඔව් සීයෙ භාරයක් උනා....මම කිව්ව....මම ඊයෙ රෑ මන්තරයක් අත්හදා බැලුව හරිගියෙ නෑනෙ සීයෙ....මම කිව්ව....ඔය මන්තරේ වචන්යක් තියෙනව තූ කියල ඒක උඹට කරගන්නවනම් ම කියල කියහන් ...නැත්නන් හරියට වැඩකරන්නෙ නෑ....උබ ඒක වරද්ද ගත්ත නේද...සීය කිව්ව....මම කාමරේට ගිහින් මන්තරේ බැලුව ඇත්ත තමයි මේ වචනෙ ම කියලනෙ ශබ්ද වෙන්න ඕනැ කියල සීය කිව්වෙ.....අද රෑට ආයෙත් මේ වැඩේ කරන්න ඕනැ...කන්දෙ දේවාලෙට ගිහින් භාරයක් වෙලානෙ ආවෙ ගැටලුවක් වෙන එකක් නෑ මම හිතා ගත්ත.....මන්තරේ මතුරන්න ඕනැ දේවල් ලෑස්ති කරගත්ත මම හවස ඇලට ගිහින් නාගත්ත....දෙවියො සම්බන්ධ වැඩ කරනකොට පිරිසිදුව කරන්න ඕනැ කියල මම අහල තිබුන....රෑ කෑම කාල ඊයෙ රෑවගේ ආච්චි නිදාගන්නකන් ඉදල....කමරේට ගිහින් දොර වහගත්ත....සුදු සරමයි කමිසෙයි ඇදගත්ත මම මතුරන්න පටන්ගත්ත....මතුරලා ඉවරවෙලා වීදුරුව අතට ගත්ත මම වතුර ටික බිව්ව.....ටිකවෙලාවක් ගියා..ඒත් ඒ කෙල්ල මා ඉදිරිපිට පහල වුනේ නෑ..ඊයෙ වගේ ඇග ඇතුලෙ නලියනව වගේ දැනුන...ඒවගේ ම සුදු සරමෙ පාටවෙනස්වෙන්න පටන්ගත්ත.....අදත් ඊයෙ වගේම වෙයිද දන්නෙ නෑ...මම ඉක්මනට ගිහින් ඇදේ වාඩිවුනා.....අවුලක් උනොත් ඊයෙ වගේ ඇදේම නින්ද යයිනෙ...මම හිතාගත්ත....මගෙ හමපුර නලියන බව තේරුනා.....ටික වෙලාවක් ගියා ඒත් ඊයෙ වගේ තද අමාරුවක් දැනුනෙ නෑ...දැනුන එකම දේ ඇගපුර නලියනව වගේ තේරෙන එක....ඇදගෙන ඉන්න සරමයි කමිසෙයි රතුපාටට හැරෙන්න ගත්ත....බෙල්ල තදවෙනව වගේ දැනෙන්න ගත්ත....ඒත් ඊයෙ වගේ බෙල්ල මිරිකනව දැනුනෙ නෑ...සුලුවසයෙන් තදවෙනව දැනුන....උටිබඩ පෙදෙසෙ ඇතුලෙන් අමුත්තක් වෙනව වගේ තේරුනා....මට මේ දේවල් වෙනව මිසක් මම හිතාගෙන ඉන්න කෙල්ලව මා ඉස්සරහ මැවෙන්නෙ නෑ කියල තේරුනා....අදත් මොකක් හරි වැරැද්දක් උනා ද දන්නෙ නෑ කියල මට හිතුන....මේ මන්තර ලියන කොට එක එක ගුරුමුස්ටි තියාගෙන ලියන්නෙ කියල මම අහල තිබුන...තව මොකක් හරි ගුරුමුස්ටියක් තියනව ඒකයි මට මෙහෙම වෙන්නෙ....මාව මැරෙන එකක් නෑ ඔන්නම් ඊයෙ වගේ මට නින්ද යයි.....මට ඊයෙ වගේ එච්චර බයක් හිතට ආවෙ නෑ....උඩට ගිහින් මේ මන්තරේ මැතුරුවනම් වැරැද්ද උනොත් සීයගෙන් අහගන්න තිබුන...ඒත් පොත අරගෙන උඩට යන්න බෑනෙ...ඒ පොත උඩට ගෙනිච්චොත් සීය ඒක ආයෙත් පහලට ගෙනියනවට තරහයි කියල මට තේරුනා....මේකෙ වසී මන්තර තියෙන හින්ද මේ පොත මට හුගක් වටිනව.....ඒත් මේකෙ මන්තර වැඩ කරන්නෙ නැත්නම් මේ පොතෙන් ඇති වැඩක් නෑ.....මම කල්පනා කලා......මගෙ ඇගේ නලියන ගතිය ක්රමයෙන් අඩුවෙන්න ගත්ත ඇගට සැහැල්ලුවක් ආව....ඒ එක්කම නිදිමතක් දැනුන.....මම හිසට කොට්ටෙ තියාගෙන ඇලවුනා......මට නින්ද ගියා....ආයෙත් නිකම්ම් ඇහැරුනා....වැඩිවෙලා නින්ද ගිහින් තිබුනෙ නෑ කියල වෙලාව බලපු මට තේරුනා.....ඇගට වෙනද නොතිබුන අමුතු සැහැල්ලුවක් දැනුන මම ඇදේ වාඩිවුනා....මොකද මේ වෙලාතියෙන්නෙ......
No comments:
Post a Comment