Wednesday, July 6, 2016


(ජීවිතය සුන්දරයි 51)..............................................එයාකියල තියෙන්නෙ හෙට උදේ යොගිවරය හම්බවෙන්න පුලුවන් ඒ හින්ද අද නවතින්න කියල තියෙන්නෙ....ඒ ආව එක්කෙනා යෝගිවරය නෙවෙයි යොගිවරය ගාව ඉන්න ගෝලයෙක්......අද රෑ අපිට ඉන්නවුනේ කූඩාරමේ ....වැඩකරන අය අපිට තෝසෙ වගේ කෑමක් හදල දුන්න ....ඉන්දියන් කෑමක් උනත් රසට හදල තිබුන. පුතත් බඩපිරෙන්න කෑව.....අපි තුන්දෙනා එක කූඩරමක හිටිය ....රාහුල් මහත්තය එක්ක වැඩකරන දෙන්න අනිත් කූඩාරමේ නිදාගත්ත.....සත්තු එයි කියල ගිනිගොඩක් ගහගත්ත.......රෑවෙනකොට ගොඩක් සීතල දැනුන...පුතාට සීතලට ඔරොත්තු දෙන ඇදුමක් ඇන්දුව. එයාව හොදට පොරවල නිදිකෙරෙවුව.....මම පුතාව තුරුලුකරගෙන නිදාගත්තත් මහත්තය එලියට වෙලා රාහුල් මහත්තය එක්ක කතාකරකර ඉන්නව දැක්ක.....මහත්තය එලියෙ සීතලයි නේද එන්න ඇතුලට වැවිත් නිදාගන්න.....මම මහත්තයට කිව්ව.....ඔයා නිදාගන්න....මම ටිකක්වෙලා ඉදල එන්නම්....මහත්තය කිව්ව......මහත්තය නින්ද්ට එනකොට රෑදොලහ විතර උනා...ඔහු එනකන් මටත් නින්ද ගියෙ නෑ....නොදන්න රටක මහ කැලෑව මැද්දෙ ඉන්න එක කොයිතරම් භයානකද....මට බය හිතුන. පොඩි සබ්දයක් ආවත් මාව ගැස්සිලා ඇහැරුනා....කොයිවෙලේ එලිවෙයිද කියල බල බලා හිටියෙ..... මට නින්දගිහින් තිබුනෙ..පාන්දර කිට්ටුව..පුතා ඇහැරිලා මට කතාකරන කොටයි මට ඇහැරුනේ.....ටිකක් පල්ලෙහා පොඩි පොකුනක් තිබුන හින්ද අපේ වතුර උවමනාව පිරිමහගන්න පුලුවන් උනා......උදේට කෑවෙත් ඉන්දියන් කෑම.....සැහෙන කාලෙකට බත් කන්න බැරිවෙයි මට හිතුන....බත් නැතිවුනාට පුතාට මේ කෑම හොදට හිතට අල්ලල කියල තේරුනා....පුතා ඉස්සර ආත්මෙ ඉන්දියන් කාරයෙක්ද දන්නෙ නෑ....මහත්තය සිනාසෙමින් කිව්ව....ඒකනම් ඇත්ත මහත්තය ඒකනෙ ඉන්දියන් කෑම වලට මේ තරම් කැමති....මම කිව්ව...උදේ දහයට විතර යෝගීතුමා අපිට අඩගැහුව.....එයා හිටියෙ පොඩි ගල්ගුහාවක.....තිකක් වයස පෙනුමක් තිබුන....කොන්ඩෙ රැවුල දිගට වවාගෙන හිටිය ඔහුගේ බෙල්ලේ ඇට මාල කීපයක් පැලදගෙන හිටිය.....නලලේ අලු තවරගෙන හිටිය ඔහුගේ මුහුන චේදවන්ත පෙනුමක් තිබුන....කහ පැහැති රෙඩ්ඩක් ඇදගෙන හිටියත් ඉනෙන් උඩ කිසිදෙයක් ඇදගෙන හිටියෙ නෑ....එරමිනිය ගොතගෙන හිටිය ඔහු ගාවට අපි ලන්වුනා.....අපිට වාඩිවෙනලෙස අතින් සංඥා කලා... අපි ඔහු අසල බිම වාඩිවුනා....ඇස්දෙක බාගෙට පියාගෙන හිටිය යෝගීතුමා...මා දෙසට අත දික්කරල.....මොනවද කිව්ව.....එයා මගෙන් අහල තියෙන්නෙ....මට මගේ කුසෙන් දරුවෙක් හම්බවෙන්න ඕනැද කියල....මම ඔව් කිව්ව....ඒකට මගේ මුලු ශරීරෙම වෙනස් කිරන්න ඕනැ බවත්...එය ඉතා බැරැරුම් කටවුතක් හින්ද දින කීපයක් ආසීර්වාද කිරීමට සිදුවෙන බවත් පැවසුවා....අනතුරුව එතුමා....මා දිහාට අතදික් කරගෙන ඇස්දෙක වහගෙන ටික වෙලාවක් හිටිය.....අනතුරිව අපිට යන්න කියල පසුදිනද උදේ එන්න කිව්ව......මේ දවස් ටිකේම අපිට මෙහෙ ඉන්න වෙන්නෙ මහත්තය....මහත්තයටයි පුතාටයි ලොකු කරදරයක්නෙ....අපි ආපහු යමු...මම කිව්ව......මෙච්චර දුරක් ආවෙ හිස් අතින් ආපහු යන්න නෙවෙයි ...ඒ හින්ද මොන දුකක් හරි විදගෙන ආව වැඩේ කරගෙන යමු......මහත්තය පැවසුවා...ම්හත්තයටත් ඕනැ කොහොම හරි මගේ වැඩේ කරවගන්න කියල මට තේරුනා......ඊට පස්සෙ ඒ ගැන මොකුත් කියන්න ගියෙ නෑ.....
යෝගීවරයා අපෙන් කිසිදෙයක් නොඅසාම මට අවශ්‍යය දේ කෙලින් පැවසීම ගැන මහත්තයතත් මටත් පුඩුම හිටුන....මට හිතෙන්නෙ..මේ යෝගී තුමාට අපේ හිතේ තියෙන දේ පේනව...මහත්තය....කිව්ව......ඔව් මහත්තය මෙයාට ලොකු බලයක් තියෙනව වගේ මම කිව්ව......අපි සතියකට පමන ඇතිවෙන්න කෑම ගෙනත් තිබුන හින්ද..ගැටලුවක් මතුවුනේ නෑ....පහුවදත් යෝගී තුමා ඉසෙල්ල දවසෙ වගේ මට ආසීර්වාද කලා......අපි කොයිතරම් අමරුවෙන් උනත් දවස් පහක් විතර කැලේ හිටිය ...පස්වෙනි දවසෙ...අපිට ආපහු යන්න කිව්ව....ඒත් මාව වෙනස් වෙලා තිබුනෙ නෑ තාම ආව විදියමයි.....වෙනස් වෙන්න ඉස්සෙල්ල ඇයි මහත්තය අපිට යන්න කිව්වෙ.....මම මහත්තයගෙන් ඇහුව.......අනේ මන්ද සදුනි...මේ වැඩේ හරියන්නෙ නෑවගේ....මහත්තය බලාපොරොත්තු කඩකරගෙන කිව්ව.....ඔයා බයවෙන්න එපා සදුනි තව මාස දෙහෙකින් ඔයාගෙ ඔපරේසන් එක තියෙනවනෙ ...ඒක කරත්තම හරි....මහත්තය කිව්ව.....අපි බඩුත් අකුලගෙන ආපහු එන්න පිටත්වුනා....අපරාදෙ..මහත්තයගෙ කාලෙයි මහන්සියයි...මට දුක හිතුනා.....ගියාවගේම ආපහු එනකොටත් ගොඩක් මහන්සිවෙන්න උනා......අපි කැලෑවෙ පටන්ගන්න තැනට එනකොට ටිකක් හවස්වුනා.....ජීප් දෙක අපි එනකම් එතැනම තියෙනව දැක්ක.....ආව වගේම ජීප්වලට නැග්ග.....නවාතැන් පලේ ජීප් නවත්තන කොට රෑවෙලා තිබුන.....අපි ඒ නවාතැන් පලේ එදා රෑ නැවතුනා....මම හිතුවෙ ආපහුයනකොට සදුනි කෙල්ලෙක් වෙලා ඉදී කියල....අපරදෙ ඒ බලා පොරොත්තු ඔක්කොම වතුරෙ ගියානෙ...කිව්ව මහත්තය....එක අතකට මේව මිත්යා මත....කිව්ව.....මට මන් ගැන වඩා මහත්තය ගැන දුක් වුනා.....මාත් හිතාගෙන හිටියෙ ඉන්දියාවෙ යෝගීවරු කියන්නෙ මහා බලගතු පුද්ගලයන් කියල...ඒත් දැන් බලන කොට එයාල ගාව කිසිම හාස්කමක් නෑනෙ.....මම කල්පනා කලා......

No comments: