Sunday, July 10, 2016

(ජීවිතය සුන්දරයි 63)..................................................මම ඔලුව උස්සල වටපිට බැලුව මත්තයයිටයි පුතාටයි හොදටම නින්දගිහින් කියල කාමරයේ දල්වල තිබුනු අඩු ආලෝකය විහිදවන බල්බ් එලියෙන් දැක්ක...වෙලාව පහයි කියල බිත්තියෙ එල්ලල තිබුන ඔරලෝසුවෙන් දැක්ක.....දැන් එලිවෙන්නත් කිට්ටුයි ...මම කල්පනා කලා......ඒ එක්කම තද බල මූත්‍රා බරක්ද දැනුන.....බාත්රූම් එකට යන්න ඇදෙන් නැගිට්ට. ....ඊයෙ රැමට ඇදෙන් නැගිටින්න බැරි තරමට අමාරුවක් දැනුන....මට හිතුන මාව මැරෙයි කියල...ඒත් දැන් ඇගට හරිම සැහැල්ලුයි.....නැගිටල බාත් රූම් එකට ගියා.....මම මහත්තයගෙ බාත්රූම් එකට නොගියත් ...මට අසනීප උනාට පස්සෙ මේ කාමරේ ඉන්නකොට මහත්තයමයි කිව්වෙ එයාගෙ බාත්රූම් එකට යන්න කියල....ඒ සිද්දිය වුනේ ..එදා මට අසනීප හැදිල මහත්තය එයාගෙ කාමරේ නිදා ගත්ත දවසෙ.....එදා...මට බාත්රූම් යන්න ඕනැවෙලා.....මහත්තය පොඩ්ඩක් මට මගෙ කාමරේට යන්න ඕනැ....මම කිව්ව....ඒ මොකටද මොනවහරි ඕනැනම් මම ගෙනත් දෙන්නම්....මහත්තය කිව්ව....මොකුත් ගේන නෙවෙයි මහත්තය.....එහෙනම් එහාට යන්නෙ මොකටද...මහත්තය ඇහුව....මට බාත්රූම් එකට යන්න ඕනැ.....මම කිව්ව.....එහාට යන්නෙ මොකටද මේකට යන්න...මට කිව්ව.....ඒක මහත්තය පාවිච්චිකරන එකනෙ ඒක හරිනෑනෙ මහත්තය....මම උත්තරදුන්න.....මේ ඕක මම පාවිච්චි කලාට කමක් නෑ ඔයා යන්න....ඔයාටයි පුතාටයි මේ බාත්රූම් එක ඕනැ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්....මහත්තය එදා කිව්ව.....ඒ හින්ද මට මේක පාවච්චි කරන්න ගැටලුවක් තිබුනෙ නෑ.....මම නැගිටල මද ආලෝකයෙන් බාත්රූම් එක ගාවට ගියා මගෙ බඩකොරවෙලා ඇවිදගන්නවත් බැරුව හිටිය මම්ට දැන් කිසිම ගැටලුවක් තිබුනෙ නෑ....පුදුම වැඩක් නෙ එක පාරම මගෙ ලෙඩේ හොදවෙලා....මම බඩ අතගෑව....අත දෙක හොදට නවල දිගහැරිය ..ඒවයෙ තිබුන රිදිල්ල දැන් කෝ.....කකුල් වල තිබුන අම්මාරුවත් නෑ....පපුවෙ මස් පිඩු වේදනාවෙන් කීරි ගැහි ගැහි තිබුනෙ ඒ ගතියත් දැන් නැහැ....පුදුම වැඩේ දැන් ඉස්සරට වඩා ඇගට අමුතු සැහැල්ලුවක් දැනෙනව.....මට කවදාවත් මේතරම් සැහැල්ලුවක් දැනිල තිබුන නෑ....ඒක තමා ඩොක්ට කිව්වෙ ...බයවෙන්න එපා තව දවස් දෙක තුනකින් සනීප වෙයි කියල....ඩොක්ට කිව්ව වගේම මට දැන් සනීපයි....මට සනීපයි කියල මහත්තයයි නෝනයි දැනගත්තොත් ඒ දෙන්න කොච්චර සතුටුවෙයිද ..මම කල්පනා කලා....බාත්රූම් යන එක පැත්තකින් තියල මට සනීපයි කියල මහත්තයට කියන්නත් හිතෙනව.....ඒත් එයාට හොදටම නින්ද ගිහින් ....ඊයෙ රෑ එයා මට නින්ද යනකන් මා ගාවනෙ හිටියෙ....එයා කොයිතරම් රෑවෙනකන් නිදිමැරුවද දන්නෙත් නෑ....මම හිතන්නෙ ගොඩක් රෑවෙලා නිදාගන්න ඇත්තෙ....එයාට ඇහැරවන එක පව් කියල හිතුන....කොහොමත් මහත්තය ඇරෙනකොට හය විතර වෙනව....මහත්තය ඇහැරුනාට පස්සෙ තමා මම....පුතාව ඇහැරවගෙන මොන්ටිසෝරි යන්න ලෑස්තිකරන්නෙ....මේ දවස් ටිකේ මට අසනීප හින්ද ඒ වැඩටික කලේ නෙලුම්....නෙලුම් කම්මැලි නැති කඩිසර කෙල්ලෙක් කියල මට තේරුනේ එයා ආව මුල් දවසෙමයි....අහින්සක පෙනුමක් තියෙන ඇය තුල ගැමි ගතිය හොදට තියෙනව....මත් හරි කැමතියි ඒවගෙ ගැමි ගතිය තියෙන කෙල්ලන්ට......නෙලුම්ට ගමේදි පුරුදුවෙලා තියෙන ඒ හොද ගතිගුන මහාට ආවට පස්සෙ වෙනස්වෙයිද කියල මට බයක් හිතුන....එයා දැන් ආස්සරේ කරන්නෙ කුස්සියෙ වැඩකරන ගැහැනු ටික. එයාල මොනවගේ දකියල මම දන්නෙ නෑ....මමත් එයාවගේ නියම කෙල්ලෙක් උනොත් මම නෙලුම්ව කුස්සිය පැත්තට දාන්නෙ නෑ එයාටත් මගෙ කම්මරේ නිදාගන්න දෙනව.....ඒත් මට තාම එහෙම කරන්න බෑනෙ...මම තාමත් එයාවගේ කෙල්ලෙක් නෙවෙයිනෙ.... ....මමත් නියම කෙල්ලෙක් උනොත් මාත් නෙලුම් වගේ ගතිගුන හදාගන්න ඕනැ....අහින්සක තන්පත් හොද ගතිගුන තියෙන කෙල්ලෙක් වෙන එක කොයිතරම් වටිනවද....ඒවගෙම කොල්ලෙක් උනොත් එඩිතර සක්තිමත් හොරබොරු නැති කොල්ලෙක් වෙන්න ඕනැ....මහත්තය ගාවනම් හොද කොල්ලෙකුට තියෙන ඒ ගතිගුන හොදට තියෙනව....කවද හරි එයා බදින කෙල්ලනම් හරිම වාසනාවතියක් වෙන්න ඕනැ....චිත්‍රනෝනට මේවගෙ මහත්තයෙකුගෙ ආදරේ වැඩිකල් තියාගන්න බැරුවුනානෙ....මට ඇය ගැන දුකක් ඇතිඋනා...මහත්තය මට මෙච්චර ආදරෙන් සලකනවනම් චිත්‍ර නෝනට කොච්චර ආදරෙන් ඉන්න ඇතිද...මට කල්පනාවුනා.
මම බාත් රූමෙ එකේ ලියිට් එක දැම්ම....සින්ක් එකගාවට ගිහින් මුහුන ටිකක් හෝදල කන්නාඩියෙන් මුහුන බැලුව........

No comments: