Sunday, July 3, 2016

(ජීවිතය සුන්දරයි 47).........................................අපි ගෙදර ආවට පස්සෙ නෝන මගෙන් ඇහුව තායි ලන්තෙ ගියේ ඇයි කියල ...මම කිව්ව මහත්තයට පුතාව එක්ක යන්න ඕනැවෙලා මාවත් එක්ක ගියා කියල.....මට ඕනැවුනේ ඔපරේසන් එක කර ගන්නකන් මාව කොල්ලෙක් කියල පේන එක හන්ගගන්න.....තව මාස තුනක් කොහොම හරි ගෙවාගන්න ඕනැ.....මම කල්පනාකලා.....අපි තායිලන්තෙ ගිහින් ඇවිත් මාසයක් විතර ගියාම ...මහත්තය බිස්නස් වැඩකට ඉන්දියාවෙ ගියා....එයා ගිහින් දවස් තුනක් විතර ගතවුනා....එදා හවස මාත් එක්ක වෙනද වගේ කතාකලා.....සදුනි මට මෙහෙදි පොඩි ආරන්චියක් ආව....මම ඇවිල්ල ඔයාට විස්තර කියන්නම්.....මහත්තය එහෙම කිව්වත් මම මහත්තයගෙන් මොකුත් අහන්න ගියෙනෑ.....එයා අවිත් කියන්නම් කිව්වෙ මොකක් හරි හේතුවක් ඇතිනෙ....ඒක හින්ද වැඩිය අහන්න යන්න ඕනැනෑ.... මම හිතාගත්ත.....ඊටපස්සෙත් මහත්තය මා එක්ක කතාකලත් මම ආරන්චිය මොකක්ද කියල ඇහුවෙනෑ....වෙනද වගේ පුතාගෙ විස්තරයි මගේ විස්තරයි කියල නැවැත්තුවා...මොකක්ද දන්නෙ නෑ ආරන්චිය නිතර මම හිතන්න ගත්ත....මොකක්හරි මගේ ගැටලුව ගැන ආරන්චියක් වෙන්න ඇති......මහත්තය ගෙදර එනකන් ඇගිලි ගැන.හිටිය.එයා සතියක් විතර ඉන්දියාවෙ හිටිය.....සදුනි මම හෙට එනව.....මහත්තය එහෙම කිව්වම මට විශාල සතුටක් ඇතිවුනා..මම ගිහින් මේ ආරන්චිය නෝනට කිව්ව......මොකද සදුනි අද වෙනද නැති සතුටක්.....මහත්තය හෙට ගෙදර එනව කිව්ව කින්දද...නෝන ඇහුව....අනේ නෑ නෝන....මම කිව්ව....මේ මට බොරුකරන්න එපා....ඔයා දිහා බලනකොට තේරෙනව.....නෝන කිව්ව.....නෝනට සාත්තර කියන්නත් පුලුවන්නෙ එහෙනම්.....මම විහිලුවට කිව්ව....මට සාත්තර කියන්න බැරිවුනාට....ඔයාල දෙන්න දිහා බැලුවාම කිව්වෑකි.....මම මොකුත් නොකියා හිනාවුනා......මේ නෝන හදන්නෙ මාවයි මහත්තයවයි කොහොම හරි කසාද බන්දන්න....හිතුව මම....ඒකට තව ටික කාලයක් ඉන්න ඕනැ නෝන....මම හිතෙන් කිව්ව.... 
මාව කෙල්ලෙක් උනාට පස්සෙ මහත්තය මාව බදියිද....සමහර විට මාව බදින එකක් නෑ...මේවිදියට තියා ගනී.....ඔපරේසන් කරල කෙල්ලෙක් උනා කියල. නියම ගැහැනු ලිංගය හදන්න බෑනෙ ඒක ගැහැනු ලින්ගයක් වගේ එකක් විතරනෙ ඒක මහත්තය දන්න හින්ද කසාද බදින්න කැමතිවෙන එකක් නෑ....මොනව කරන්නද එන දේකට මුහුන දෙනව ...මම හිතාගත්ත..පහුවදා මහත්තය ගෙදර ආව ... මාත් එක්ක කතාකලත් ආරන්චිය මොකක්ද කියල කිව්වෙනෑ....මේක වැදගත් එකක් වෙන්න බෑ...නැත්නම් ආවගමන් කියනවනෙ....මම අහන්න ගියෙත් නෑ.....එදා රෑ මහත්තයගෙ කාමරේට ගියාම....සදුනි මට ඉන්දියාවෙදි අමුතු ආරන්චියක් ආවනෙ....ඒත් මට ඕව විස්වාස නෑ.....මහත්තය කිව්ව.....මොකක්ද මහත්තය මම ඇහුව.....සදුනි දන්නවනෙ ඉන්දියාවෙ අමුතු යෝගිවරු ඉන්නව කියල....ඔව් මහත්තය මාත් අහල තියෙනව....අවුරුදු ගනන් කැලේ ඉදගෙන භාවනා කරන යෝගීවරු ඉන්නව කියල මම අහල තියෙනව.....මම කිව්ව....ඔව් එහෙම යෝගි වරයෙක් ගැන මට ඉන්දියන් කාරයෙක් කිව්ව....ඒ යෝගියට ඕනැ එකක් කරන්න පුලුවන් කියල ඒ මනුස්සය කිව්ව....මම නිකමට ඇහුව පිරිමියෙක් ගැහැනියෙක් කරන්න පුලුවන්ද කියල.....ඒ මනුස්සය හිනාවෙලා මගෙන් ඇහුව මටත් ගෑනියෙක් වෙන්න ඕනැද කියල.....මම කිව්ව එහෙම කැමති කෙනෙක් එක්ක ආවොත් පුලුවන්ද කියල....එයා කියනව පුලුවන්කියල.....මම එච්චර විස්වාස කලේ නෑ ඒත් මට හිතුන ඒ යෝගිය මුනගැහෙන්න...ඒ මනුස්සය කියනව ඒක ලේසි නැතිලු කැලේ යන්න ඕනැලු දවස් ගානක් ඉන්න ඕනැලු....කොහොම හරි දුක් විදල එතනට ගියොත් වැඩේ කරගන්න පුලුවන් කියල කිව්ව....ඉතින් මම ගියෙ නෑ...මගෙ බිස්නස් වැඩ හින්ද කොහොමද එහාට යන්නෙ......ඒක තමයි මහත්තය මම හින්ද මහත්තයගෙ වැඩ පාඩුකරගන්න එපා....මම කිව්ව....ඒක මට අවුලක් නෙවෙයි සදුනි.....මේ වැඩේ හරයන එකනම් මාසයක් ගියත් කමක් නෑ....මහත්තය කිව්ව.....ඒත් මට ඕව ගැන විස්වාසයක් නෑ සදුනි...කිව්ව මහත්තය කල්පනාකලා.
මම කාමරේට ගිහින් මහත්තය කිව්ව එක ගැන කල්පනාකලා. එහෙම යෝගියෙක් ඉන්නවනම් මට ඔපරේසන් කරගෙන දුක්විදින්න වෙන්නෙ නෑ....ඒවුනාට මහත්තය කියන්නෙ ඒව නිකන් බොරු කතා කියල....මහත්තය ඒකට කැමතිනෑ වගේ.....මහත්තය කැමති දෙයක් කරනව....මම හිතා ගත්තා.....සදුනි අනිද්ද ඉන්දියාවෙ යන්න ලෑස්තිවෙන්න.....මහත්තය මෙහෙම කිව්වම මට පුදුම හිතුන.....පුතත් එක්ක යනවද මහත්තය....මම ඇහුව....ඔව් නැතුව බෑ නෙ.....මහත්තය කිව්ව....මම නෝන එක්ක ඉන්දියාවෙ යන කතාව කිව්ව......අනේ මන්ද මල්ලි ඔයාල කොහේ එක්ක යනවද කියල....නෝන කිව්ව. ඒත් නෝන අකමැත්තක් හැගෙව්වෙ නෑ.....පුතාගෙ ඇදුම් මගෙ ඇදුම් බෑක් එකේ අසුරගන්න මට සිද්දවුනා.....අපි නෝනට වැදල නෝනගෙන් සමුඅරගෙන පිටත්වුනා.....

No comments: