(ජීවිතය සුන්දරයි 48)....................... .....................අපි ඉන්දියාවෙ නවදිල්ලියට ගියා . මේ යොගිය ඉන්නෙ හිමලෙ කිට්ටුව කියල මහත්තය කිව්ව....මෙහෙ ඉදන් එහාට කිට්ටු හින්ද . අපි හෝටලේක නැවතුනා.....අපිගියදවස්වල ඉන්දියාවෙ රස්නෙ වැඩියි..හොටලේ කාමරේ සීතල කරල තිබුන හින්ද ගැටලුවක් තිබුනෙ නෑ..තායි ලන්තෙදි ..අපි හිටියවගේ එකම කාමරේක හිටියෙ. මට කොච්චර ලස්සන ගහැනු පෙනුමක් තිබුනත් මහත්තය මගේ ඇගටවත් අත තිබ්බෙ නෑ....මන් තාම කොල්ලෙක්නෙ ඒක හින්ද වෙන්න ඇති....ඒත් මහත්තය ආශාවෙන් මාදිහා බලාසිටිනව මම කිහිපවරක් දැක්ක...මොනව වුනත් මහත්තය තමන්ගෙ නෝන නැතිවිච්ච පිරිමියෙක් නෙ ...එයාටත් ආශාවල් තියෙනව....ඒඅස්සව වැඩිවුනොත් සමහරවිට මහත්තය මා ගාවට එන්න පුලුවන් ඒත් කමක් නෑ....මමත් පිරිමියෙක් උනත් එයාගෙ ආශාවට ඉඩදෙනව...මම හිතාගත්ත.....පහුවදා මටතෙරුනා ඉන්දියාවෙ එලියෙ රස්නෙ වැඩියි කියල.....අනේ මහත්තය මටනම් මොනව වුනත් කමක් නෑ පුතා පරිස්සම් කරගන්න ඕනෑ....මම මහත්තයට කිව්ව.....මෙහෙ රස්නෙ තිබුනට හිමලෙ කිට්ටුව රස්නෙ නැතුව ඇති....මහත්තය කිව්ව...මහත්තයට පනිවිදේ දුන්න ඉන්දියානු පුද්ගලය මහත්තය හම්බවෙන්න හෝටලේට ආව....ඒ දෙන්න ඉන්ග්රීසියෙන් කතා කලා...මට ඒව එහෙන්මෙහෙන් තේරුනත් හොදට තේරුනේ නෑ....එයා ගියාට පස්සෙ මන්ගාවට ආව මහත්තය.....මොකක්ද පොඩි ගැටලුවක් හින්ද අපිට සතියක් වෙතර මෙහෙ ඉන්නවෙනව....ඊටපස්සෙ තමා නේපාලෙට යන්න වෙන්නෙ.....එතකොට යෝගිවරය ඉන්නෙ නේපාලෙද.... මම ඇහුව. ......ඔව් ඒ හරිය නේපාලෙටලු අයිතිවෙන්නෙ....නේපාලෙ ඉන්දියාව අතර....මම හිතන්නෙ ඒ හරියෙත් පොඩ්ඩක් රස්නෙ ඇති.....මහත්තය කිව්ව....අනේ අපේ චූටි පුතා ..පුතාට එහෙයන්න අමාරුවෙයි...මම පුතාව තුරුලුකරගෙන දුකෙන් කිව්ව......බයවෙන්න එපා සදුනි මම ඔය දෙන්නට කිසිම කරදරයක් වෙන්න ඉඩතියන්නෙ නෑ...මහත්තය කිව්ව.....මට නම් මොනව වුනත් කමක් නෑ මහත්තය.....මට ඉතින් කවුද ඉන්නෙ.....ඒත් මහත්තයයි පුතයි පරිස්සම් වෙන්න..මම මෙහෙම කිව්වම...ඔන්න ඔන්න එකක් කිව්ව....සදුනිට කවුරුත් නෑ?......මහත්තය ප්රශ්නාර්තව මට කිව්ව....මට මහත්තෙලගෙ පිහිට විතරෙනෙ තියෙන්නෙ...මම අසරනවකිව්ව.....මේ සදුනි ඔයාට කවුරුවත් නෑ කියල හිතන්න එපා හොදද වෙන කවුරුවත් නැතත් මම ඉන්නව....මගෙ පුතත් ඉන්නව නෙද පුතේ . කිව්ව මහත්තය මාගාව හිටිය පුතාගෙ කම්මුල සිපගත්ත...මේටිකේ...සිද්දස් තාන එහෙම වදින්න යන්න තිබුන ඒත් රස්නෙ තමා ගැටලුව...මහත්තය කිව්ව.....අපිට එන්න තිබුනෙ රස්නෙ අඩු කාලෙක.....මහත්තය කිව්ව.....අපි වැඩිය කොහේවත් නොගිහින් හෝටලේම හිටියා....අපි ආව දවස ඉදන් නෝන නිතරම මට කතා කලා....මෙහෙරස්නෙයි කිව්වම ...නෝන මහත්ත්යට බනින්න පටන්ගත්ත....අපේ මල්ලි මේ ලමයිව කොහේ එක්ක යනවද මන්ද....චිත්රා නංගිත් නැති විච්ච එකේ ඔයදෙන්නව පරිස්සම් කරගන්න ඕනැනෙ....මල්ලිට කොච්චර කිව්වත් අහන එකක්යෑ....මම නම් හිතන්නෙ නෑ සදුනි නැතිවුනොත් ආයෙත් පුතාට අම්මෙක් හම්බවෙයි කියල......නෝන මේ විදියට දිගටම බනින්න ගත්ත.....මොකක් ද සදුනි සෑහෙන වෙලාවක් කතා කලේ....මහත්තය මගෙන් ඇහුව.....මෙහෙ රස්නෙයි කිව්වම නෝන හොදටම බනින්න ගත්ත....මම කිව්ව..ඔයා මොකටද ඕව කියන්න ගියේ....මට නිකන් කියවුනා මහත්තය....ඕක තමා ගෑනුන්ගෙ ගතිය .පොඩ්ඩ ඇත්නම් ඔක්කොම කියනව.....මහත්තය මට දොස් කිව්ව....මහත්තය කියන එකත් ඇත්ත .....මම තාම ගතින් පිරිමියෙක් උනාට තියෙන්නෙ ගැහැනු ගති....මම ගැහැනු ගති වලට කැමති හින්දනෙ කෙල්ලෙක් වෙන්න මේතරම් කැමති.....මම කල්පනා කලා....අර යෝගියා හම්බවෙලා වැඩේ කරගන්න පුලුවන් උනොත්.....මගේ අදහස සාර්තක වේව කියල හිතෙන් ප්රාර්තනා කලා.....අපි හෝටලේ ඉන්න කම්මැලි හින්ද හින්දි චිත්රපටි බලන්න ගියා....ආදර කතා බලන්න මම ගොඩක් ආශකලා . ඒ නිලිය මම නම් කියල මට ඒවෙලාවට හිතුන...මාත් මේවගේ ලස්සන කෙල්ලෙක් වෙලා මහත්තයත් එක්ක නේපාලෙ හිම වැටුන කන්දක සින්දුවක් කියකියා නටන්න ඇත්නම්......මේ දෙන්නවගේ මහත්තය මාව තුරුලුකරගෙන ආදරේ කරනවනම්.....මහත්තය වෙනුවෙන් මේකෙල්ලට වගේ මටත් අඩන්න ඇත්නම්.....ඒ චිත්රපටි ලෝකය මගේ ලෝකය කරගෙන ජීවත් වෙන්න පටන් ගත්ත.....මම කාමරේ පුතා නිදිකරවන ගමන් ඒ නිලියගේ ලෝකේ කිමිදෙනවිට....සදුනි කියල හයියෙන් කතා කරනව මට ඇහුන....මම මහත්තය දිහා බැලුව....මම කීපාරක් කතා කලාද...කොහේද අප්පේ මෙච්චර වෙලා ගිහින් හිටියෙ..... මහත්තය ඇහුව.....මම මෙච්චරවෙලා නේපාලෙ හිමකන්දක නැගල මහත්තයත් එක්ක විනෝද උනා කියන්න බෑනෙ.....නෑ මහත්තය නෝන ගැන කල්පනා කලේ....ඕව අල්ලල දාන්න. මට ඕනැ මේ ආව වැඩේ ඉක්මනට කරගන්න....මහත්තය කිව්ව......මම කල්පනා කලේ ඔයාට සාරි ටිකක් ගන්න ඕනෙනම් යමු කියන්න.......ඕනෙ නෑ මහත්තය මට ඕනැතරම් ඇදුම් තියෙනවනෙ.....මම කිව්ව....ඉස්සර මට අදින්න පරන ගවුමක් වත් හොයාගන්න කොච්චර. කට්ටක් කෑවද. දැන් එහෙමද ඕනැ විදියක ඕනැතරම් ගැහැනු ඇදුම් තියෙනව............
No comments:
Post a Comment