Sunday, July 17, 2016


(ජීවිතය සුන්දරයි 82)...................................අපි මම හසිත විදියට ජිව්වත්වූ මගේ ගෙදරට ගියා....මහත්තය කතාකලත් ගෙදර කිසිකෙනෙක් නැතිබව තේරුනා...අර ගේ තමයි අපේ නැන්දගෙ ගෙදර ...මම නැන්දගෙ ගේ පෙන්නල කිව්ව....මහත්තය එහාට ගියා...මමත් පස්සෙන් ගියා....ගෙදර බෙල් එක ගැහුව...ඉස්සරහ දොර ඇරගෙන ආවෙ නැන්ද...ඇන්ටි අරගෙදර අය නැද්ද...මහත්තය අහුව. එයාල පොඩි ගමනක් ගිහිල්ල... කිව්ව නැන්ද මා දිහා හොදට බලා හිටිය....මේ අපේ සදුනි දුවනෙ කොහේද අප්පේ මෙච්චරකල් ගිහින් හිටියෙ..සාරියක් ඇදල හින්ද දුවව අදුනගන්නත් බැරිවුනා ..මා දිහා බලාගෙන...කිව්ව. මම පුදුමවෙලා මහත්තයගෙ මුහුන බැලුව මහත්තය මගෙ මුහුන බැලුව....එන්න එන්න දුවේ ගෙට...නැන්ද අපිට ගෙට අඩගැහුව.....මෙයල කොමද මම කෙල්ලෙක් උනා කියල දන්නෙ....මම හිමින්සැරේ මහත්තයගෙන් ඇහුව...අනේ මන්ද ගෙට යමුකො....මහත්තයත් එක්ක ගෙට ගියා....වාඩිවෙන්න දුවේ මේ දුවගෙ මහත්තය වෙන්න ඇති.....නැන්ද ඇහුව...මන ඔව් නැන්දෙ කිව්ව....දුවේ මේ කවුද ඇවිත් ඉන්නෙ කියල බලන්න....නැන්ද නන්ගිට අඩගහනව ඇහුන....කාමරේ හිටිය නන්ගි අපි ගාවට ආව....ඉස්සර පොඩියට හිටිය නංගි දැන් උසගිහින් හැඩවෙලා....අනේ අක්ක දැක්ක කල් ..නන්ගි මගේ අත්දෙකෙන් අල්ල ගෙන ඇහුව....මෙයාල ඔක්කොම මව පිලිගන්නෙ මම මේ ගෙදර සදුනි හැටියට හිටිය කියල මේක මහ පුදුම වැඩක්නෙ මේකනම් හැබැහින් වෙන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි...වාහනේ එනගමන් මට නින්ද ගිහින්ද...මට හිතුන...ඒත් මේ හැමදෙයක්ම ඇත්තට සද්ද වෙනව කියල මට තේරුනා.....අක්ක කොහේද අක්කෙ ගියෙ....නන්ගි ඇහුව....මම ඒකට උත්ත්ර නොදී කෝ අයිය ඇහුව...එයා කම්පස් තේරුනානෙ අක්කෙ....අද කම්පස් ගිහින්....නන්ගි කිව්ව....බලන්නකො දුවේ ඔයා නැතිවුනට පස්සෙ මගෙ අයියට විච්ච දේ...නැන්ද දුකෙන් කිව්ව.තාත්තට..මොකද උනේ...මම ඇහුව. එයාට පපුවෙ අමාරුවක් හැදුන ඊට පසෙ ටිකක් හොදවුනා දෙන් ආයෙත් හොස්පිටල් එකේ....අම්ම තාත්තව බලන්න ගියා.....එතකොට කෝ අක්ක....මම ඇහුව...මතක් කරන්න එපා ඕකි හින්ද තමා මේ ඔක්කොම උනේ...නැන්ද කේන්තියෙන් කිව්ව.....ඒකි කොල්ලෙක් එක්ක පැනල ගියානෙ....වැඩක් ඇති එකෙක්නම් කමක් නෑ බස් ඩ්රෛවර් කෙනෙක්....නැන්ද කිව්ව....අපි පස්සෙ දෙනගත්තෙ ඔයාව පන්න ගත්තෙත් ඕකි කියල...කමක් නෑ නැන්දෙ .අක්ක එහෙම කලා කියල මට නරකක් උනේ නෑනෙ....මම කිව්ව. මට තේරුනා මට දැන් මෙහෙ රගපාන්න වෙලා තියෙන්නෙ මෙහෙ මම සදුනි කියන කෙල්ලෙ විදියට හිටිය කියල....ඊට පස්සෙ..ඔයාගෙ තාත්ත ගොඩක් දුකෙන් හිටියෙ ඔයාවත් හෙව්ව...අන්තිමේදි තමා තාත්තට ඔය ලෙඩේ හැදුනෙ....නැන්ද කිව්ව......දැන් තත්ත ඉන්නෙ කොහේද නැන්දෙ..මම ඇහුව....ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ ඉන්නෙ ..දැන් සති දෙකක් විතර වෙනව...බයි පාස් එකක් කරන්න වෙනව කියල කියන්නෙ ..ඒකට ලක්ශ පහ හයක් යනවලු...ඒක කරන්න ගේ උගස් තියන්න ඕන කියල නැන්ද කිව්ව.....මේ දවස් වල ඒක ගැනත් හොයනව....මගේ තාත්ත අසනීපෙන් කිව්වම මට ගොඩක් දුක හිතුන....මගෙ ඇස්දෙකට කදුලු ඉනුව....අපි යමුද මහත්තය ටාත්තව බලන්න...මම ඇහුව....දැන් අම්ම එයි...ඉන්නකො මොනවහරි කාල යන්න....නැන්ද අපිට කෑමට කතා කලා.....අම්ම ආවට පස්සෙ කමු මම කිව්ව.....ටික වෙලාවයි ගියෙ නැන්ද එලියට ගිහින් කා එක්කද කතා කරනව දැක්ක....අක්කෙ මෙන්න ඔයාට නෑදෑයො ඇවිල්ල......මට කොහේද නන්ගි පැජරෝ ප්රාඩෝ වලින් එන නෑයො ඉන්නෙ....අපේ වාහනේ දැක්ක අම්ම එහෙම කියාගෙන ගෙට ආව....මම නැගිටල අම්ම ඉස්සරහට ගියා....මාව දැක්ක අම්ම මාව හැමදාම දැකල පුරුදු එයාගෙ දුව වගේ.....අනේ දුවේ ඔයා කොහේද ගියේ ...මාව බදාගෙන ඇඩුව....මම අම්මගෙ කකුල් දෙක අසල දනගහල වැන්ද..මහත්තයත් වැන්ද....බලන්නකො දුවේ ඔයා ගියාට පස්සෙ අපිට වුන දේ....අම්ම කියනකොට..මම මෙයාලට කිව්ව අක්කෙ....නැන්ද කිව්ව....දැන් කොහේද තාත්ත ඉන්නෙ මම අම්මගෙන් ඇහුව.....කොලඹ මහ රෝහලේ...තාම හොදනෑ දුවේ..බයි පාස් එකක් කරන්න ඕනැලු....කොහොමහරි සල්ලි හොයාගෙන ඒකත් කරන්න ඕනැනෙ දුවේ...අම්ම කිව්ව....අම්ම කිසි දේකට බයවෙන්න එපා ඒ හැම දේම මම බලාගන්නම් ...මහත්තය කිව්ව.....අනේ පින්සිද්දවෙනව පුතේ....අම්ම බැගෑපත්ව කිව්ව....අපි නැන්දගෙ ගෙදරින් කෑම කාල අම්මත් එක්ක මගෙ ගෙදර ගියා...මම හිටිය කාලෙ වගේම තමයි....මම වටපිට බලමින් කල්පනා කලා......සාලෙ තිබුන පොටෝ එකක් දැක්ක ඒකෙ හිටියෙ මම පොඩිකාලෙ පොටෝ එකක් ඒත් දැන් එතැන. තිබුනෙ පොඩි ගැහැනු ලමයෙකුගෙ පොටෝ එකක්.....ඉස්සර.මේ පොටෝ එකේ හිටියෙ මම... කමිසිකුයි කලිසමකුයි ඇදගෙනෛ හිටියෙ. දැන් ඒකෙ ඉන්නෙ ලස්සන ගවුමක් ඇදගෙන හිටිය බෝනික්කියෙක් වගේ ගැහැනු ලමයෙක්..... මේ කවුද කියල අම්මගෙන් අහනවද....මම මත්තයට පොටෝ එක පෙන්නල කිව්ව...මහත්තා එහෙම ඇහුව....මේ ඉන්නෙ මගෙ පොඩිදුව තමයි....මේ කත් මහ පුදුමයක් මගෙ පොටෝත් වෙනස්වෙලා.....මේ ඔක්කොගෙම මතකෙත් වෙනස්වෙලා...හැමෝම හිතන්නෙ මම උපන්නෙ කෙල්ලෙක් විදියට කියල.....අම්මෙ අම්ම මෙහෙ ඉන්න ඕනැ නෑ අපි ඉන්නෙ නුගේගොඩ එහෙ යමු .....අපි තාත්තව හොදට බලාගම්මු....මහත්තය කිව්ව.....අනේ ඔයාලට කරදරනෙ පුතේ.....අපිට මොන කරදරයක් ද අම්මෙ....අම්ම ලැස්තිවෙන්න යන්න....මම කිව්ව...මේ දැම්ම...අම්ම පුදුමයෙන් ඇහුව......

No comments: