Thursday, July 14, 2016


(ජීවිතය සුන්දරයි 75).....................................මම වෙලාව ආවම කස්සාද බදින්නම්....මහත්තය කිව්ව....ඔය වෙලාව කවද්ද දන්නෙ නෑ එන්නෙ..නෝන අමනාපයෙන් කිව්ව. දවස් පහකට විතර පස්සෙ මගෙ මාස් සුද්දිය අවසන් උනා....ඒ දවස්ටිකේ ටිකක් කරදරයක් උනත් ...ඒ තරම් කරදරයක් උනේ නෑ....පිරිමින්ට මේවගෙ දේවල් වෙන්නෙ නෑ ..ඒත් මේක මට තවත් සුන්දර අත්දැකීමක් උනා....මාත් දැන් නියම කාන්තාවක් යන අභිමානය ඇතිවුනා. මේ ආකාරයට තවත් සති දෙකක් විතර ගතවුනා..මේ කාලෙ මහත්තය මගෙන් ගොඩක් විනෝදවුනා.....මටත් එයාගෙ උනුසුම ඕනැවුනා.. ඒත් මට මහත්තය අතින් වැරැද්දක් වෙන්න ඉඩතිබ්බෙ නෑ....දවසක් ලස්සන තරුන ගැහැනු කෙනෙක් මහත්තයත් එක්ක ගෙදරට ආව...එයා අලුත් විදියට කොටට ඇදගෙන හිටියෙ අපි වගේ ගැමි පෙනුම තිබුනෙ නෑ....සෙක්ශි පෙනුමක් තිබුනෙ....මහත්තය එයා එක්ක අමුත්තන් එන කාමරේට ගිහින් දොර වහගෙන ගොඩක් වෙලා කතාකර හිටිය. ඊටපස්සෙ එයත් එක්ක ආපහුගියා....ආවෙ හුගක් රෑවෙලා..කියල මට ඇහුන...මම පුතත් එක්ක කාමරේ නිදාගත්ත. එදා මට මහත්තය එක්ක කතාකරන්නවත් බැරිවුනා.....පහුවදත් මහත්තය ඒ කෙල්ල එක්ක ආව....මම පුතත් එක්ක කාමරේට ගියා ...ටික වෙලාවකින් නෝන කාමරේට ආව....කවුද සදුනි මහත්තයත් එක්ක එන ඒ කෙල්ල....දන්නෙ නෑ නෝන මම කිව්ව....මොන සක්කරවට්ටමක් උස්සන් එනවද දන්නෙ නෑ....දැක්කාමත් එපාවෙනවනෙ කිසිම සිරියාවක් තියෙනවද....නෝන දොස්කියන්න උනා....කමක් නෑ නෝන මහත්තයගෙ කැමැත්තනෙ...මම කිව්ව.....එහෙම එයාගෙ කැමැත්ත කියල විකාර වැඩ කරන්න දෙන්න පුලුවන්ද.....නෝන කිව්ව..අදත් මහත්තය ගිහින් රෑ වෙලා ආව....දවසකට තුන් හතර පාරක් මට කෝල් දෙන මහත්තය....එක පරක් විතරක් කෝල් දීල පුතා ගැන අහල පෝන් එක තියනව.....මහත්තයට මොකද මේ වෙලා තියෙන්නෙ...මට දුකක් දැනුන....ඒ කෙල්ල හම්බවුනාට පස්සෙ මාව එපාවෙලා වගේ...මම කල්පනා කලා.....දවස්තුනක් විතර ගියා මහත්තය තාමත් ඒ වගෙමයි.....මම මිදුලෙ බන්කුව උඩ වාඩිවෙලා මේ ගැන කල්පනා කරමින් ඉන්න කොට....නෝන මාගාවට ආව....මොනවද කල්පනා කරන්නෙ සදුනි....මොකුත් නෑ නෝන..මම කිව්ව....මොකුත් නෑ කිව්වට මූන දිහා දැක්කම මට හිතාගන්න පුලුවන් ....නෝන කිව්ව....මට සදුනි ගැන දුකයි සදුනි...සදුනි ආවට පස්සෙ අපි කියිතරම් සතුටින්ද හිටියෙ....මම ඇත්තම කියන්නම් සදුනි ..මට උවමනාව තිබුනෙ සදුනි අපේ පවුලට සම්භන්ද කරගන්න.....ඒත් මල්ලි ඒගැන සලකන්නෙ නෑනෙ....මට තේරෙනව එයාට ඕනැ ඔයාගෙන් සතුටුවෙන්න විතරයි...නෝන කිව්ව....අනේ මහත්තයට බනින්න එපා නෝන එයා ගොඩක් හොදයි......කාත් කවුරුවත් නැති මාව මහත්තයට ගැලපෙන්නෙ නෑනෙ නෝන...මහත්තයට ගැලපෙන කෙනෙක් මහත්ත්ය හොයා ගනී....මම කිව්ව....ඔයා කියන්නෙ ඒ එන එකී මහත්තයට ගැලපෙනව කියලද....නෝන තරහෙන් කිව්ව....කාත් ක්වුරුවත් නැති උනත් ඔයා රත්තරන් කෙල්ලෙක් සදුනි..ඔය කියන ලොකු එවුන්ට වඩා ඔයා කොච්චර හොදද.
මහත්තය ගෙදර ආවත් කා එක්කවත් වැඩිය කතාකරන්නෙ නෑ කියල මට තේරුනා.....දවසක් මම මහත්තය ගාවට ගියා.....මම මහත්තයගෙ කකුල් දෙක ගාව දනගහල වැඩල.....මගෙන් වැරැද්දක් උනානම් සමාවෙන්න මහත්තය.....මහත්තෙල කියනවනම් ඕනැ වෙලාවක මම මේ ගෙදරින් යන්නම් .......මම කිව්ව......සදුනි මගෙ මේ ඔලුව අවුල් වෙලා තියෙනවෙලාවෙ යනව යන්න මෙතැනින්....මහත්තය මට සැරකලා.......මම අඩ අඩා කාමරේට ගියා....

No comments: