(අත්භූත වලව්ව 9)........................ .......කවුද කතාකරන්නෙ කියල මම නිස්සබ්දව අහගෙන හිටිය. ඊට පස්සෙ කිසි සබ්දයක් ආවෙ නෑ...හිතේ තියෙන බය හින්ද ඒවගේ ඇහෙන්න ඇති...හිතුව මම....අර ගෑනුලමය මැරුන කාමරේට ආයෙත් ගියා....අදත් මම උඩ ඉන්න ආරන්චිය ආච්චිට කියයි කියල සැකෙන් ඉන්න වුනා.....ඒ හින්ද සෑම සුලුසබ්දයක් ගැනම මම අව්දානයෙන් හිටිය.....කාමරේට ගිහින් බාල්කෙ දිහා බැලුවම මැවිල පෙනුනෙ මම බාල්කෙ එල්ලිලා ඉන්නව වගේ...ඒ වෙලාවෙ මම කල ක්‍රියාවල් එකින් එක මතක්වෙන්න ගත්ත....මේසෙ මෙතෙන්ට ඇද්ද ඊටපස්සෙ පුටුව ඒක උඩින් තිබ්බ. ඊට පස්සෙ බොහොම අමාරුවෙන් බාල්කෙ අම්මගෙ සාරිය ගැටගහ ගත්ත.....බෙල්ලට තොන්ඩුව ඩාගෙන පුටුවට පයින් එකක් ගැහුව....මගෙ බෙල්ල තදවුනා....හුස්මගන්න බැරිවුනා....මට මේටික මතක් වෙනකොට මගෙ බෙල්ල අත්දෙකෙන් අල්ලගෙන එලියට ගියා.....මේ සිද්දිය වුනේ මටද....මම අහල තියෙනව සමහරුන්ට පෙර ආත්ම ගැන මතක තියෙනව කියල....මට මේ මතක් වෙන්නෙ මගේ පෙර ආත්මෙද....ඒකාලෙ මම ගැහැනු ලමයෙක් ද....මට ගැටලුවක් ඇතිවුනා....මේක ඇත්තනම් ඒකාලෙ මම ලස්සන ගැහැනුලමයෙක් වෙලා ඉදල තියෙන්නෙ....මෙච්චර ලස්සන ගැහැනු ලමයෙක් වෙලත් ඇයි මම එල්ලිලා මැරුනෙ....අපරාදෙ කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබුනද....මම කල්පනා කලා.....මට ඒ සිද්දිය මතක් වෙන්නෙ නැති උනත් අර කොල්ල මට මොකක් හරි කරල තියෙනව ඒකෙ හිතේ අමාරුවට වෙන්න ඇති මේ වැඩේ කරගන්න ඇත්තෙ....මට ඒ භයානක සිද්දිය මත වෙන හින්ද ආයෙත් ඒ කාමරේට ගියෙනෑ.....මම ආයෙත් ගියෙ පොත් තියෙන කාමරේට.....මම පොත් කබඩ් එක අරිනකොට....පුතේ...කියන ගොරෝසු කට හඩ ආයෙත් ඇහුන....මම එලියට ගිහින් බැලුව ...කවුරුවත් පේන්න නෑ....වෙනද මම උඩ ඉන්නකොට ආච්චි කියව කියව උඩට නගිනව. ඒත් අද ආවෙ නෑ....අද ඒ මනුස්සය මාව දැකල නැතුව ඇති...ඒත් පුතේ කියන හඩ එන්නෙ කොහෙන්ද....මට හිතාගන්න බෑ...මම ආයෙත් කබඩ් එක අරින්න ලෑස්තිවුනා.....තරප්පු පේලිය නගින සබ්දෙ අදත් ආව.....අදත් ආච්චිට ආරන්චි වෙලා වගේ ...දොර වහල ඊයෙ වගේ කනුවට මුවාවෙලා යන්න ඕනැ.....කොච්චර කිව්වත් ඔහේට තේරෙන්නෙ නෑනෙ...ඔහේට පෙනුනට මටනම් පේන්නෙ නෑ ඒ ලමය මෙහෙ ඉන්නව....ඉන්නවනම් මට අල්ලල දෙනවකෝ....ආච්චි ලග ඉන්න නොපෙනෙන කෙනෙක් එක්ක කතා කරකර යනව දැක්ක....මම ඉක්මනට මිදුලට පැනගෙන..නාන්න ගියා.....මම නාගෙන ගෙදර ආව....පුතේ ඔහොම හිටහන්....ආච්චි මට කතා කලා...උඹ අද උඩට ගියාද...මම නාන්නනෙ ගියෙ ආච්චියෙ...උඹ දැන්නෙ නාඅන්න ගියේ....නාන්න යන්න ඉස්සෙල්ල ගියා නේද....මට ඇත්තම කියහන්.....ආච්චි අනකරන විලාසෙන් කිව්ව....මට බය හිතුන...මම උඩතට්ටුව පොඩ්ඩක් බැලුව රෑට මොක්කුද දගලන්නෙ කියල...ඕකනෙ කියන්නෙ ඒ මනුස්සය බොරු කියන්නෙ නෑ.හයියෙන් කිව්ව ඇය.... එයා ජීවත් වෙලා හිටිය කාලෙත් මට බොරු කියල නෑ එහෙම එකේ දැන් බොරු කියයිද. ආච්චි හිමින් කියනව මට ඇහුන.....කවුද ආච්චි ඕක ආච්චිට කිව්වෙ...මම අදත් ඇහුව....කවුරු හරි කිව්වනෙ උබට ඒකෙන් වැඩක් නෑ....ආච්චි කිව්ව. මම හිතන්නෙ මරුන සීය තමයි ආච්චිට මේව කියන්නෙ...එයා ඒ ලෝකෙ ඉදන් කියන ඒව ආච්චිට ඇහෙනව අති.මම උඩ ඉන්න කොට පුතේ කියනව ඇහුනෙ...ඒකත් සීයගෙ හඩද දන්නෙ නෑ....මම කල්පනා කලා....මේ පුතේ උඩ මොකා හිටියත් උඩට යන්න එපා....ආච්චි අවසනයේ කිව්ව.....ආච්චි මොනව කිව්වත් උඩතට්ටුව කොච්චර භයන්කාර උනත් මට මේ අභිරහස ගැන හොයන්න තියෙන උනන්දුව වැඩි වුනා. මම හිතන්නෙ උඩ තට්ටුවෙ අබිරහසට මාවත් සම්භන්ද හින්ද වෙන්න ඇති මට මේතරම් උනන්දුව වැඩි වෙලා තියෙන්නෙ....මට දැන් හොයාගන්න ඔනැ ඒ කාලෙ මම කෙල්ලෙක් වෙලා හිටියනම් අයි මම දිවි නසාගත්තෙ කියල....මට එක වෙලාවකට හිතෙනව ඒ දිවිනසා ගනීමයි මම අරන් ආව මන්තර පොතයි අතර සම්භන්දයක් තියෙනව කියල...එතකොට ඒ කාමරේ හිටිය කොල්ල කොහොමද මේකට සම්භන්ද උනේ....ආයෙත් කාමරේට ගියොත් ඒකත් හොයාගන්න පුලුවන් වෙයි....අද හවසට ආයෙත් උත්සාහ කරන්න ඕනැ....හිතාගත්ත මම...දවල් කෑම කාල ඇදේ ඇලවෙලා හිටිය....මම දන්නව දැන්නම් ආච්චි ඉන්නෙ මා ගැන හොද කල්පනාවෙන් කියල....ඒ හින්ද මේ සැරේ යනකොට හොද කල්පනාවෙන් යන්න ඕනැ....ආච්චිට දැන් අවුරුදු අසූවක් විතර වෙනව...ඒත් වෙන ආච්චිල වගේ නෙවෙයි ..හොද නිරෝගී සක්තිමත් සරීරයක් තිබුනෙ....මම දැක්කෙනෑ එයා අසනීපයි කියල පැත්තකට වෙලා ඉන්නව....ඇවිදින්න ගියාමත් හයියෙන් ඇවිදිනව....නැත්නම් තරප්පු පේලිය ඔයතරම් ඉක්මනට නගින්න බෑ......මේවගේ නිරෝගී සම්පන්න ආච්චිල ආතල දකින්නත් වාසනාවක් තියෙන්න ඕනැ....මට හිතුනා....
No comments:
Post a Comment