Thursday, July 21, 2016

(ජීවිතය සුන්දරයි 87)...............................මම අයියගෙ නොම්මරේ හොයාගෙන එයාට කෝල් කලා....අයියෙ මම සදුනි නන්ගි කතාකරන්නෙ.....මම කිව්ව....සදුනි නන්ගි ඒ කවුද....අයිය ඇහුව.....ඇයි අයියෙ මතක නැද්ද.... ඔයාගෙ මාමගෙ ගෙදර....මම කිව්ව ....ඒ නන්ගිගෙ නම සදුනි නෙවෙයි.....වරුනි....අයිය කිව්ව. වරුනි කියන්නෙ මගෙ අක්කගෙනම. ඒ ..වරුනි අක්කගෙ නන්ගි කතාකරන්නෙ....මම කිව්ව. වරුනි අක්කට නන්ගිල හිටියෙ නෑ.....එහෙ හිටියෙ හසිත මල්ලි....අයිය කිව්ව....මට තේරුනා අයියට මාව සදුනි විදියට මතකය වෙනස්වෙලා නෑ කියල....ඒ හසිත මල්ලි තමා කතා කරන්නෙ...මම කිව්ව...ඔව් අම්ම කිව්ව දැන් මල්ලි කෙල්ලෙක් විදියට. සල්ලිකාර පවුලකට එකතුවෙලා ජීවත්වෙනව කියල...අයිය කිව්ව......ඒක දිග කතාවක් අයියෙ..මම අයියව හම්බවෙලාම කියන්නම්....මම කිව්ව......අයිය එන්නකො අපේ ගෙදර...මම අයියට ආරාධනා කලා.....මම වැඩ ඇරිල ගෙදර එනකොට අයිය ඇවිත් හිටිය.....මට අයියට මගෙ විස්තරේ කියන්න කවුරුවත් නැති තැනකට එක්ක ගියා....අයිය හිතාගෙන හිටියෙ මම තාමත් කෙල්ලෙක් විදියට ඇදගෙන ඉන්නෙ කියල....මගෙ විස්තරේ කිව්වට පස්සෙ තමයි එයා පිලිගත්තෙ...දැන් බලාගෙන යනකොට පුදුමාකාර වැඩ කරන්න පුලුවන් යෝගීවරුනෙ ඉන්දියාවෙ ඉන්නෙ...අයිය කිව්ව....... මගේ ඇත්ත විස්තරේ දන්නෙ අයියයි මහත්තයයි...මමයි විතරයි.....මට කෙල්ලෙක් වෙන්න උදව් කල දෙන්නම මාව කෙල්ලෙක් වුන හැටි මතක තියෙනව...අනිත් කවුරුවත් ඒක දන්නෙ නෑ.....මම දන්නව කවදාවත් මේ දෙන්න මේක කාටවත් කියන්නෙ නෑ කියල. කිව්වත් කවුරුවත් විස්වාස ගන්න එකකුත් නෑ.....මට හිතුන.....දැන් අයිය මොකද කරන්නෙ....මම ඇහුව. ජොබ් දෙක තුනකට දැම්ම තාම නෑ....අයිය කිව්ව....වෙන කොහේවත් යන්න ඕනැ නෑනෙ අයියෙ. මහත්තයගෙ කොම්පැනියට ජොයින්ට් උනානම් හරිනෙ...මම ඒකෙ අද්යක්සකෙනෙක්....තාත්ත ගෙනරල් මනේජ....ඉතින් අව්ලක් නෑනෙ....තමන්ගෙ තැන්වල වැඩකරන්න ගියාම ප්‍රශ්න වැඩියි නන්ගි....මම වෙන එකක් හොයාගන්නම්..අයිය කිව්ව...බය වෙන්න එපා මල්ලි මහ්ත්තය හරි හොදයි....මම ඔයාගැන මහත්තයට කියලත් තියෙනව...ඔයා කරපු වුදව්හිටන් කියල තියෙනව....අයිය අමාරුවෙන් එකතු කරගත්ත කිව්ව රුපියල් දාහ අරගෙන .ගෙදරින් දොට්ට බැහැපු මට අයියව අමතක වෙන්නෙ නෑ අයියෙ...මම කිව්ව.....ඔයාට ඔච්චර හතුරුකන් කරපු අක්කටත් ඔයා සැලකුව නේද....මට ඔහොමදෙයක් කලානම් සලකනව නෙවෙයි මූනවත් බලන්නෙ නෑ....එයාටත් ලැජ්ජ නෑනෙ ඔයාගෙන් උදව්ගන්න.....අයිය තරහෙන් කිව්ව....මට මොනව කලත් ඒ මගෙ අක්කනෙ අයියෙ....එයා හින්දනෙ මට මේ ඔක්කොම හම්බවුනේ......මම කිව්ව...ඒක නෙවෙයි නංගි මට නංගිගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතෙනව ඒත් ඕනැනෑ....අයිය කිව්ව....අහන්න අයියෙ ඕනැදෙයක් අහන්න.....මම කිව්ව. නංගි කෙල්ලෙක් උනාට පස්සෙ ගැහැනු ජීවිතේ ඉස්සර තිබුන පිරිමි ජීවිතේට වඩා කරදරයි කියල හිතෙන්නෙ නැද්ද....අයිය ඇහුව.....අපෝ නෑ අයියෙ මට කවදාවත් එහෙම හිතන්නෙ නෑ...ගැහැනු කෙනෙක් උනාම පොඩිපොඩි කරදර එනව තමයි. ඒත් මේ ජීවිතේ හරිම සුන්දරයි අයියෙ. මට අම්ම කෙනෙක් වෙන්න ලැබුනු එකම කොයිතරම් වාසනාවක් ද කියල දැන් හිතෙනව....ඒ කියන්නෙ පොඩි කනගාටුවක්වත් නෑ...අයිය ඇහුව...අයියෝ නෑ.... කිව්ව මම .......ඉස්සර ඉදන් මම ප්‍රාර්ථනා කලදේ ලැබුන කියල ගොඩක් සතුටුවෙනව...තවදුරටත් කිව්ව.
මම අයිය ගැන විස්තර මහත්තයට කිව්ව....සමහරු කැමති නෑනෙ තමන්ගෙ නෑදෑයො ගාව වැඩකරන්න....කමක් නෑ මම එයාට හොද තැනක් හොයල දෙන්නම්....මගෙ යාලුවන්ගෙ සොම්පැනි තියනවනෙ කතා කාරල බලන්නම්....ඇමති කෙනෙක්ව අල්ල ගත්තනම් රජයෙ එකකට හරි යන්න පුලුවන් වෙයි...බලමු...මහත්තය කිව්ව....වැඩිකල් ගියෙ නෑ . අයියට විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලැබුන....අයිය මහත්තයට ස්තූති කලා ඒක හදල දුන්නට.....මාත් එක්ක අපේ පවුලෙ හැමෝටම හරිගියේ මාව කෙල්ලෙක් උන හින්ද නේද මට හිතුන.....ඒ අතින් බලන කොට ගැහැනුකම කියන්නෙ කොයිතරම් වටිනා ජීවිතයක්ද....මම කල්පනා කලා....මේ අතරෙ මට වුදව්කල තවත් අය කල්පනා වුනා.....එයාල අනුරාද පුරේ මුදලාලියි ජෝන් මාමයි...මට එයාලටත් පුලුවන් උදව්වක් කරන්න හිතුන...එයාල හම්බවුනොත් හොදයි...ඒත් එයාල දැන් මාව අදුන ගනීද.මට ගැටලුවක් ඇතිවුනා ....මොනව උනත් මම එයාලවත් හම්බවෙන්න යනව...මම හිතාගත්ත....අපි අනුරාධපුරේ වන්දනා ගමනක් සැලසුම් කලේ ජෝන් මාම මුනගැසෙන්නත් බලාගෙන........

No comments: