Thursday, July 21, 2016

(ජීවිතය සුන්දරයි 88)..අවසන් කොටස..........................පෝය නිවාඩුවක් එක්ක තිබුන දිග සති අන්තයක් අල්ලගෙන අපි අනුරාදපුරේ ගියා...තාත්ත ගෙදර නැවතුනත් අම්ම අපිත් එක්ක යන්න සූදානම් උනා.....අපේ හැම ගමනකටම නෙලුම් එක්ක යන එක පුරුද්දක් උනා....නෙලුම් දැන් වැඩකාරියෙකුට වඩා මගේ සහෝදරියෙක් වගේ මගේ ලගින්ම ඉන්නව....උදෙම්ම ගිය ගමන දවල් වෙනකොට අනුරාදපුරේට ළඟා වුනා......ශ්‍රී මහා බෝදීන්වහන්සේ රුවන් වැලි මහාසෑය වන්දනා කරගත්ත අපි කෑම කන්නත් එක්ක මම වැඩකල හෝටලේට ගියා...හෝටලේ ඒතරම් වෙනසක් වෙලා නෑ කියල පෙනුන...එහෙත් ඉස්සර හිටිය පිරිමි ලමයි හිටියෙ නෑ....ජෝන් මාම ඉන්නවද මුදලාලි...කෑම කාල ඉවරවුනාට පස්සෙ මම මුදලාලිගෙන් ඇහුව....අසනීපයි කියල අද ආවෙ නෑනෙ නෝන....එයාගෙ ගෝලය තමා අද ඉව්වෙ.....ජෝන් බාස්වුන්නැහෙව අදුනනවද....ඔව් මුදලාලි....කිව්ව මම මගේ අතේ සූදානම් කරගෙන හිටිය රුපියල් ලක්ශයක පමන මුදලක් මුදලාලිට දීල ....මුදලාලි එදා මට ඉගැන්නුව පලවෙනි පාඩම වන ගනන්කරල ගන්න මුදලාලි කිව්ව....මෙච්චර සල්ලි මට දුන්නෙ මොකටද නෝන....මුදලාලි පුදුමෙන් ඇහුව....මුදලාලි මට ලොකු වුදව්වක් කලා....මුදලාලිට මාව මතක නැතිවුනාට මට ඒ වුදව්ව මතකයි.....මම ඉතින් කාටත් උදව් කරනව තමා ඒවුනාට නෝනට කල උදව්වනම් මට මතක නෑ....නෝනට වැරදිලාද කොහේද....ඔහු කිව්ව....මට වැරදිලා නැහැ....මට හොදට මතකයි..මම කිව්ව..අනේ මම දන්නෙ නෑ නෝන.... කල වුදව් මතක තියාගෙන මේවගෙ දේවල් කරන අය වෙන ඉන්නවද කියල..කිව්ව මුදලාලි....ජෝන් බාස්වුන්නැහැ හම්බවෙන්න ඕනැනම් ගෙදරට යන්න වෙනව...මුදලාලි කිව්ව.නෝනල ගේ දන්නවද මුදලාලි තවදුරටත් ඇහුව.....යන්තන් මතකයි හරියට මතක නෑ....මම කිව්ව....මුදලාලි කඩේ ලමයෙකුට බයිසිකලයක් දීල අපිට පාර පෙන්වන්න කිව්ව....අපි ජෝන් මාමගෙ ගෙදර යනකොට පුටුවක්උඩ වාඩිවෙලා. ඉස්සරහ හිටිය....... ඔහු අපිව දැකල පුටුවෙන් නැගිටල හොදට බැලුව....ඔහු අසලට ගිය මම ජෝන් මාම අසනීපෙන් කියල ආරන්චි වුනා ඒකයි මෙහාට හොයාගෙන ආවෙ...මම කිව්ව....නෝන කවුද. මගෙන් ඇහුව...අදුනන්න බෑ නේද....මම ඇහුව.....මට හරියට මතක නෑ නෝන....ජෝන් මාම කිව්ව. මාමට මතකද මීට කාලෙකට ඉස්සෙල්ල. මාම ගාව වැඩකල හසිත.......ඔව් මට හොදට මතකයි..ඒ ලමය හරිම හොද ලමයෙක් මට තාම හම්බවුනේ නෑ ඒවගෙ හොද ගෝලයෙක්....මේ නෝන එයාගෙ නෑයෙක් ද?.....මගෙන් ඇහුව....එයා තමයි මම...අම්මට නෑහෙන්න කිව්ව.....මට විස්වාසකරන්න බෑනෙ....නෝන කොල්ලෙක් විදියටනෙ එහෙ වැඩකලේ.....මම කීයටවත් හිතුවෙනෑනෙ හසිත කියන්නෙ ගැහැනුලමයෙක් කියල....හැබැයි කෙල්ලෙක් වගේ ඇදගෙන පෝයට පන්සල් යනකොට ටිකක් සැක හිතුන...ඒත් විස්වාස කලේ නෑ.....එක අතකට නෝන එහෙම හිටිය එකත් හරි නැත්නම් ලොකු ගැටලු ඇතිවෙන්න තිබුන....මාම කිව්ව....බබෙක් බලාගන්න තියෙනව කියල නේද ගියේ...මගෙන් ඇහුව....මේ ඉන්නෙ ඒ බබා තමා.....ඒ බබාගෙ තාත්තව තමා මම කසාද බැන්දෙ.....මේ චූටි දුව තමා මට හම්බවෙච්ච බබා....මම හදුන්වලා දුන්න....නෝනට ලොකු වාසනාවක් පෑදිලා තියෙනව....මාම සතුටින් කිව්ව......මගෙ ඇගට හරි නෑ වගේ හින්ද වැඩට ගියෙ නෑ....මාම කිව්ව.....මාම කැමතිනම් අපේ නුවර එලියෙ හෝටලේ කෝකියෙක් විදියට වැඩකරන්න පුලුවන්නෙ....මම හොද පඩියක් දෙන්නම්....මහත්තය කිව්ව....අනේ එච්චර දුර යන්නෙ කොහොමද මහත්තය....නෝනත් තනියමනෙ....ඉතින් එයත් එක්ක එන්න මම ඔයාලට වෙනම කාමරයක් .දෙන්නම්......මහත්තය කිව්ව.....ටිකක් වෙලා කල්පනාකල මාම අපේ නෝන ගමනක් ගිහින් එයත් එක්ක කතාකරල දන්වන්නම්.....ජෝන් මාම කිව්ව....මාම බයවෙන්න එපා අපි ඕනැ උදව්වක් මාම වෙනුවෙන් කරන්නම්...මම කිව්ව.....මාම සතුටින් සිනාසුනා......
අපි ගෙදර ගියාට පස්සෙ ජෝන් මාමගෙන් පනිවිඩයක් ආව මහත්තය කිව්ව දේට කැමතියි කියල.....ඒ හින්ද අපි ඒදෙන්නව හෝටලේ රැකියාව දුන්න.....හෝටලේ සේවකයො ඉන්න හින්ද ජෝන් මාමට ඒතරම් මහන්සිවෙන්න ඕනැ නැති හින්ද ජෝන්මාම සතුටින් ඉන්නව කියල මට තේරුනා.....
දුවට අවුරුදු එකහමාරක් විතර වෙනකොට මට තවත් දරුවෙක් හම්බවෙන්න ලකුනු පහල වුනා....සදුනිට මම හින්ද හරි කරදරයක් නේද....මහත්තය ඇහුව....එහෙම හිතන්න එපා මහත්තය.....එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මහත්තය කැමති තරමක් බබාල මම හදල දෙන්නම්...මට ඒක සතුටක් මහත්තය මම කිව්ව.....ඔයා කොල්ලෙක් වෙලා උපන්න හින්දද මගෙ කෙල්ලෙ ගැහැනු කමට මේ ත්රම් කැමති...මහත්තය මගේ මුහුන සිපගනිමින් ඇහුව.....අනේ මන්ද මම ගැහැනු කමට ගොඩක් කැමතියි...මම පිලිතුරුදුන්න......මගෙ දෙවෙනි බබා පුතෙක් උනා..එයත් ලැබුනෙ සාමාන්ය විදියට හින්ද. දරුවෙක් ලැබෙනකොට විදින්න ලැබෙන වේදනාව සතුටින් විදගන්න පුලුවන් උනා.....මෙගේ කුසෙන් බිහිවුන දරුවො දෙන්නෙක් හිටියත් ලොකු පුතාට තියෙන ආදරේ පොඩ්ඩක් වත් අඩුකලේ නෑ ...එයාට මම එයාගෙ අම්ම නෙවෙයි කියල හැගෙන විදියට කටයුතු කලේ නෑ....මගෙ පුතේ ඔයා තමයි මට ඉස්සෙල්ලම හම්බවුනේ...ඒ හින්ද මගෙ පුතාට තමා මම ගොඩක්ම ආදරේ.....මම එයාට නිතර කිව්ව.....පුතා කවදාවත් එයාගෙ මල්ලි නන්ගි එක්ක රන්ඩුවෙනව දැක්කෙ නෑ...එයා ඒ දෙන්නට ආදරෙයි කියල අපිට තේරුනා......
ගැහැනියෙක් වෙනව කියන්නෙ අවාසනාවක්.... වැඩක් නැති කරදරකාරී ජීවිතයක් කියල හුගදෙනෙක් පිලිගත්තත් ඒ පිලිගැනීම වැරදියි කියල මම තේරුම් ගත්තෙ මම නියම කෙල්ලෙක් උනාට පස්සෙ....ඒ හින්ද කවදාවත් ආයෙත් පිරිමියෙක් වෙන්න හිතන්නෙ නෑ...මම හැමදාම ප්‍රාර්තනා කරන්නෙ මෙවැනි ගුනයහපත් ගැහැනියෙක් වෙන්න.............සමාප්තයි............

No comments: