(අත්භූත වලව්ව 2).....................ආච් චි මගාවට ආව. මොකද ඔතෙන්ටවෙලා ඉන්නෙ උඩට එහෙම යනව නෙවෙයි.....ආච්චි කිව්ව...ඇයි ආච්චි මම උඩතට්ටුවට යනවට මේ තරම් අකමැති...මගෙ ගැටලුව තවත් වැඩිවුනා.....ඊයෙ රෑ නින්ද ගියාද පුතේ ....මේ කලවැද්දො උඩතට්ටුවෙ දගලනකොට පුතාට නින්ද යන්නෙත් නැතිවෙන්න ඇති...අපිටනම් ඕක හොදට පුරුදුයි.....ආච්චි කිව්ව.....ආච්චිගෙ මේ කතාව ඇහුවට පස්සෙයි මගෙ ඇගට ලේටිකක් ඉනුවෙ. මම හිතාගෙන හිටියෙ උඩතට්ටුවෙ හොල්මන් තියනව කියල....කොහොම හරි ආච්චිට හොරෙන් උඩට යන්න ඕනැ..මම හිතාගත්ත...දැන්නම් බෑ....ආච්චි ඉන්නව.....මම උදේ කෑමකාල වත්තෙ අවිදින්න ගියා.....ලස්සන පරිසරය හින්ද වටපිටව්ව බලමින් ඇවිද්ද....උඩු රැවුල ගනව වවාගත්ත කෙට්ටු උස මැදිවියේ කෙනෙක් මාගාවට ආව....ආ මේ බේබි මහත්තයනෙ මම බැලුව කවුද කියල ...කාලෙකින් දැක්ක හින්ද අදුනගන්නත් බැරිවුනා.....කවද්ද බේබි ආවෙ....එයා ඇහුව. ඊයෙ හවස...මම කිව්ව.....සර් ල මැඩම්ල ආවද...එයා ඇහුව...නෑ මම තනියම ආවෙ....තව කවුරු හරි යාලුවෙක් එක්ක ආවනම් හරිනෙ....එයා කිව්ව.....ඇයි එහෙම ඇහුවෙ....මම ඇහුව...නෑ මම කිව්වෙ මහත්තය පාලුවෙන් ඉන්න හින්ද....මෙයා කිව්ව.....මමට පාලුවක් නෑ අන්කල්....මම කිව්ව....ඒකට කමක් නෑ ටිකක් කල්පනාවෙන් ඉන්න....ඔය ගේ ඇතුලෙ සබ්ද ආවට ගනන් ගන්න එපා නෑහුනාවගේ ඉන්න....පීටර්මාම කිව්ව.... එයා තමයි වත්ත මුරකරන පීටර් මාම .එයත් හිටියෙ අච්චිගෙ ගේ ලග කාමරේක....ආච්චි කිව්වෙ ඒ සබ්ද එන්නෙ කලවැද්දො දගලන හින්ද කියල ඒත් මෙයා කියනව සබ්ද ආවට ගනන් ගන්න එපා කියල....ඇත්තටම මේ ගෙදර හොල්මන් තියෙනවද.....තාත්ත මම මෙහෙ එනවට අකමැති වුනේ ඒ හින්දද....මම නැවත ගේ ඇතුලට ගිහින් කල්පනා කලා. සමහර විට පීටර් මාම කියන්නත් ඇත්තෙ කලවැද්දො සබ්ද කරන හින්ද ගනන් ගන්න එපා කියල.....මට හිතුන...මට උඩ තට්ටුවට යන්න හිතුනත් ආච්චිට අහුවෙයි කියල බය හිතුන....මම දැක්ක පීටර් මාම එයාගෙ කාමරේට යනව...මම එයාව හම්බවෙන්න ගියා....පීටර් මාමෙ මේ ගෙදර උඩතට්ටුවෙ කලවැද්දො ඉන්නවද මම ඇහුව....උනුත් එක්කෙක් දෙන්නෙක් ඇති...අපි කවුරුවත් උඩට යන්නෙ නැති හින්ද දන්නෙ නෑ....එයා කිව්ව....ඇයි උඩට කවුරුවත් යන්නෙ නැත්තෙ.....මම ඇහුව. පොඩි සිද්දියක් උනා බේබි ..ඊට පස්සෙ කවුරුවත් උඩට ගියෙ නෑ....ඒ මොකක්ද මම ඇහුව....ඕව කියල බේබිව බයගන්වන්න ඕනැනෑ.....මාම කිව්ව...මම බයවෙන්නෙ පොඩි එකෙක් නෙවෙයිනෙ මාමෙ...කියන්නකො....මම ඇහුව......දැන් අව්රුදු ගානකට ඉස්සෙල්ල...එතකොට බාබිගෙ තාත්ත බැදල හිටියෙනෑ. ඒ උඩතට්ටුවෙ බේබිගෙ තාත්තගෙ යාලුවෙක්වෙන පව්ලක් නැවතිලා හිටිය....එහෙ හිටියෙ නෝනයි මහත්තයයි අවුරුදු දාසයක විතර එයාලගෙ පුතයි විතරයි....මාස කීපයක් එයාල හිටිය.....දවසක් පුතාට ගෙදර ඉන්න කියල එයාල කොහේද ගිහින් තියෙනව. එයාල එනකොට ගැහැනු ලමයෙක් බාල්කෙක එල්ලිලා මැරිල....පුතත් ආගිය අතක් නෑ.....මේ මැරිච්ච ගැහැනු ලමය කාගෙ කවුද කියල දන්නෙත් නෑ....අපි හිතන්නෙ මේ කොල්ල ගැහැනු ලමයෙක් එක්ක ඇවිත් මොකක් හරි නරක වැඩක් කලාට පස්සෙ කෙල්ල ලැජ්ජාවට එල්ලිලා කියල...ඊට පස්සෙ කොල්ලත් බයට ගෙදරින් පැනල ගිහින්කියල....එදා ඉදන් කොල්ල ගැන ආරන්චියකුත් නෑ..මැරුන කෙල්ල කාගෙ කවුද කියල දන්නෙත් නෑ...මේක ලොකු අභිරහසක් උනා....ඊට පස්සෙ කවුරුවත් ඔය සොල්දරේට ගියෙ නෑ......පීටර් මාම කිව්ව.
No comments:
Post a Comment