Wednesday, July 6, 2016


(ජීවිතය සුන්දරයි 52).............................................උදේ නැගිට්ට අපි එදා හෝටලේ ඉදන් ආව වාහනයේ නැගල නවදිල්ලි හෝටලය බලා පිටත්වුනා....මේ ගමන හින්ද පුතාටත් අපහසිකියල තේරුනා...ඒ හින්ද මට ඕනැවුනේ ඉක්මනට ගෙදර යන්න.....මහත්තය අපි ගියගමන් ගෙදර යනව නේද....මම ඇහුව...ඒකතමා මාත් හිතගෙන ඉන්නෙ...මහත්තය කිව්ව.....අපි හෝටලයට ලගාවෙනකොට රෑවෙලා තිබුන.......හරි මහන්සියි...මේ දවස් ටිකේ හරියට නාගන්නත් නෑ නේද....කිව්ව මහත්තය බාත්රූම් එකටගියා....පුතාටත් නාවන්න හිතුනත් රෑවෙලා හින්ද එයාට නින්දගිහින් හිටියෙ.....ඒ හින්ද එයාව එහෙමම නිදිකෙරෙව්ව....මහත්තය නාල ආවට පස්සෙ මාත් නාගත්ත....ඇදුම් මාරු කරගෙන මම පුතා ගාවින් වාඩියුනා.....මහත්තයත් ඇවිත් මාගාවින් වාඩිවුනා.....මම දැක්ක මහත්තය මාදිහා බලාඉන්නව....ඒ බැල්මෙ තිබුනෙ ආදරයක්ද අනුකම්පාවක්ද කියල මට තේරුනේ නෑ....ඔයා දුක් වෙන්න එපා සදුනි..ඔයාට අව්සය දේ මම ඔයාට කොහොමහරි ලබාදෙනව....මහත්තය දුක් වෙන්න එපා අපි තව මාස එකහමාරකින් විතර තායිලන්තෙ යනවනෙ.....මෙහෙදි අපිට ඒ යෝගිවරය ආසීර්වාද කල හින්ද ඒ ඔපරේසන් එක සාර්තක වෙයි මහත්තය....මම කිව්ව....ඔව් රාහුල් කියල ගියේ ඒ යෝගිවරය ආසීර්වාදකලොත් ඒක සාර්තක වෙනව කියල...ඔයාව ඉබේම කෙල්ලෙක් නොවුනත් ඒකරන සැත්කම හරි සාර්තකවෙයිනෙ.....මහත්තය කිව්ව....ඔව් මහත්තය එහෙම වෙයි...මම කිව්ව.....හෙට යනවද මහත්තය...මම ඇහුව.....ඔව් හෙට උදේ ගිහින් සීට් බුක්කරනව......පුතාටනම් හොදට නින්දගිහිල්ල නේද...මහත්තය....පුතාගෙ හිස අතගෑව.....පුතාටත් මේදවස්ටිකේ හරි මහන්සිඇති...මට පවුකියල හිතෙනව මහත්තය.....මම කිව්ව....පුතාට විතරක් නෙවෙයි පුතාගෙ අම්මටත් මහන්සිඇති....මහත්තය මගෙ හිසත් ආදරෙන් අතගෑව....ඒ එක්කම මගෙ කම්මුලත් අතගෑව.....නිදගම්මුනේද...මහත්තය එයාගෙ ඇදේ ඇලවුනා....මමත් පුතාව තුරුලුකරගෙන නිදාගත්ත.....පහුවදා උදේ මහතය අපේ ටිකට් හදාගෙන ඇවිත් තිබුනා....අද රෑ තමා යන්න වෙන්නෙ....මහත්තය කිව්ව....මම මහත්තයගෙ අක්කට කතාකරල එනව කියල කිව්ව.....ඔයාල කොහේද ගියේ...කතාකලෙත් නැතිහින්ද මම බයේ හිටියෙ....නෝන කිව්ව...අපි ගිය පලාතට සිග්නල් නෑ නෝන....මම කිව්ව.....අනේ මන්ද මල්ලිට මොනව වෙලාද කියල මේ නොදරුවෙකුත් අරගෙන කොහේ යනවද මන්ද....නෝනා දොස්කියන්න පටන්ගත්ත.....මහත්තය ලග ඉන්නවද...නෝන ඇහුව.....මහත්තය කාමරේ හිටියත් ලග නෑ කිව්ව.....ආවහම කෝල් එකක් දෙන්න කියන්න...කිව්ව නෝනා....දුරකතනය තිබ්බ.....නෝනද කතාකලේ....මහත්තය ඇහුව....නෝන බනින්න ගත්ත...මහත්තයටත් බනින්නද කොහේද...මහත්තයට දෙන්න කිව්ව....ඒකයි මහ්ත්තය ලග නෑ කියල කිව්වෙ....අම්මෝ එහෙනම් දැන් කෝලෙකක් දෙන්න ඕනැ නැත්නම් ගෙදර ගිහින් ඉවරයි.....කිව්ව මහත්තය මගෙන් පෝන් එක ඉල්ලගත්ත......මහත්තය ටික වෙලාවක් අක්ක එක්ක කතාකරනව ඇහුන....මට තෙරුනා...මමත්තයගෙ අක්ක මහත්තයට හොදට බනින බව....ටිකක් වෙලා ගිහින් කෝල් එක නැවැත්තුව....මහත්තය නලලෙ අතතියාගෙන ...අම්මෝ....කිව්ව...මොකද මහත්තය මම ඇහුව....ඔය දෙන්නව අරගෙන කොහේ යනවද කියල මට හොදටම බැන්න....දැන් බලාගෙන යනකොට පුතාට විතරක් නෙවෙයි සදුනිටත් නෝන ආදරෙයි නෙ...ඒකෙල්ලව එහෙමෙහෙ එක්ක ගිහින් මහන්සිකරන්න එපාලු.....මහත්තය එහෙම කියල හිනාවුනා....මොනව කරන්නද නෝන හිතාගෙන ඉන්නෙ ඔයා කෙල්ලෙක් කියලනෙ......මහත්තය කිව්ව.....ලගදි ඇත්තම කෙල්ලෙක් උනාම ගැටලුවක් නෑනෙ මහත්තය...මම කිව්ව....ඒක ඇත්ත.....මහත්තය කිව්ව.....අද රෑට ගෙදර යන්න ඕනැ හින්ද අපේ ඇදුම් බඩුමුට්ටු බෑක්වල අහුරගෙන සූදානම් කරගත්ත.....මෙච්චර ආව එකේ දබදිව සිද්දස්තාන ටික වැදගන්න බැරිවුනානෙ නේද සදුනි.....ඒකට කමක් නෑ මහත්තය....පුලුවන් වෙලාවක එන්න පුලුවන්නෙ...මම කිව්ව.....ඔව් එතකොට වන්දනා කරන්න බලාගෙනමනෙ එන්නෙ......මහත්තය කිව්ව.....අද රැට මට ගුවන් තොටුපලට යන්න වුනේ පිරිමියෙක් වගේ....මට තාම තියෙන්නෙ පිරිමි විදේස බලපත්‍රයක්.....මෙහාට ආවෙත් පිරිමියෙක් වගේ...පිරිමියෙක් විදියට ඉන්න අකමැතිවුනත් මොනව කරන්නද....කලිසමකුයි කමිසෙකුයි ලෑස්තිකරගෙන කනට දාගෙන හිටිය කරාබු දෙකත් ගලවල වෙනම තියාගත්ත......රෑ අපි පිටත්වෙන්න ලෑස්තිවුනා....මා දිහා බලාහිටිය පුතා....අම්ම දැන් තාත්ත කෙනෙක් වගේනෙ....මගෙ පිරිමි රූපෙ දැකල පුතා කිව්ව...පුතා එහෙම කිව්වම මට ලැජ්ජ හිතුන....ප්ලේන් එකේනෙ යන්නෙ පුතේ ඒකෙ යනකොට මෙහෙම ගිහාම ලේසිනෙ....මම කිව්ව...පුතා මොකුත් නොකිය හිනාවුනා....අපි පිටත්වෙනකොට රාහුල් මහත්තයත් ඇවිත් හිටිය....එයා ආචාර කරල අපිට සමුදුන්න.....අපි ගුවන්තොටුපොලට ඇතුල් වෙලා ඒකෙ වැඩකටයුතු අවසන්කරල ගුවන් යනයට යන්න පුටුවල වාඩිවෙලා හිටිය....අම්මෙ අර ඇන්ටිල කලිසම් ඇඩගෙන නෑනෙ....ගවුන් ඇදගෙන හිටිය තරුනියන් දෙස බලුව පුතා මගෙන් ඇහුව....එයාලට ප්රස්නයක් නැතුව ඇති පුතේ....මම කිව්ව.....ඉතින් අම්මටත් ගවුමක් ඇදගෙන එන්නනෙ තිබුනෙ....ඔහු කිව්ව....ඇයි පුතේ....අම්ම ඔහොම ඇන්දම කැතයි...පුතා පැවසුව.....මට දැන් පිරිමි ඇදුම් ගැලපෙන්නෙ නෑ කියල චූටිපුතාටත් තේරෙනව.....මාව ලගදි කෙල්ලෙක් උනාම ආයෙ කවදාවත් පිරිමි ඇදුම් අදින්න ඕනෙ නෑ......එතකොට මේවගෙ ගැටලු ඇතිවෙන්නෙ නෑ...මම කල්පනා කලා.....

No comments: